සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන&
copyright : w3lanka
රනිල්ට ජනාධිපතිවරණය දිනන්නට බැරි බවත්, දිනන්නට පුළුවන් පොදු අපේක්ෂකයා තමන් බවත් මාදුළුවාවේ සෝභිත හිමි විශ්වාස කරන බව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ.
රනිල්ට දිනන්නට පුළුවන් ද, බැරි ද යන කරුණ පැත්තකින් තියමු.
මාදුළුවාවේ සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද?
මෙහිදී තිබෙන පළමු ප්රශ්නය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමි යනු කවුරු ද යන්නයි. ඔහු විසින් ඔහු ම පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගෙන ඇති බව පෙනේ. ප්‍රධාන විරුද්ධ පක්ෂ වන එජාප, දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ යන පක්ෂ තුන ම ඔහු පොදු අපේක්ෂක ලෙස පිළි ගෙන නැත. පිළි ගන්නා බවක් පෙනෙන්නට ද නැත. ජනාධිපතිවරණය දිනන්නට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් උත්සාහ කළ යුත්තේ විරුද්ධ පක්ෂයේ සහයෝගය දිනා ගන්නට ය.
ඔහුගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මුල් වටයේ ඔහු හැසිරුණේ එක්සත් ජාතික පක්ෂය කියා පක්ෂයක් රටේ නැති අන්දමිනි. එහෙත්, ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එජාපය සිය මුද්‍රාව තදින් තබා තිබේ.
මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වය යෝජනා කරන පාර්ශ්ව වනාහි පුද්ගලයෝ මිස දේශපාලන පක්ෂ හෝ බලවේග නො වේ.
ඔහු යෝජනා කිරීමේ එක ම අරමුණ පවත්නා ජාතිවාදී හා ආගම්වාදී රැල්ල සමග බද්ධ වී සිවුර විකුණා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම බව පෙනේ. හරියට විසෙන් විස නසනවා වැනි ය.
ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුත්තේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම පිණිස මිස මහින්ද රාජපක්ෂගෙන් පළි ගන්නට නො වේ.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ප්‍රබල ඉතිහාසයක් ඇති අයෙකු ය. සෝභිත හිමියන්ගේ දේශපාලනයේ කූටප්‍රාප්තිය තිබෙන්නේ ජාතික ප්රශ්නය විසඳීම සඳහා වූ ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් වූ 1987 ඉන්දු ලංකා ගිවිසුම කඩාකප්පල් කිරීම සඳහා කරන ලද මැදිහත්වීම තුළ ය.
එය එක් පැත්තකින් රෝහණ විජේවීරට සන්නද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීමට තිබූ ඇල්ම යළි අවදි කර දකුණේ පරපුරක් විනාශය කරා යොමු කරමින් තමන් ද විනාශ වන්නටත්, අනෙක් පැත්තෙන් කොටි සංවිධානයට සම්මුති මාර්ගයෙන් පිට පැන ජාතිවාදී ඊලාම් අරගලය ඉදිරියට ගෙන යන්නටත් දුන් තල්ලුවක් විය.
සෝභිත හිමියන්ට රාජ්‍ය පාලනයේ කිසිදු අත්දැකීමක් නැතිකම පැත්තකින් තබමු. ආගමික ව්‍යූහය තුළ හෝ ඔහු කැපී පෙනෙන නායකයකු නො වේ. ඔහු විසින් කලක් රඟ දක්වනු ලැබුවේ දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් රඟනු ලබන භූමිකාවයි.
සෝභිත හිමිගේ ප්රජාතන්ත්රවාදී දේශපාලන භාවිතාව ගැන දන්නා වෙනත් වැදගත් කරුණක් තිබේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.
තමන් ජනාධිපති වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යි කියූ ජනාධිපතිවරු දෙදෙනෙකු සමග අපි විසුවෙමු. තුන්වැනියකුත් අවශ්‍ය ද?
මීළඟට විමසන ප්රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ම ද?
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

)