සෝවියට් දැවැන්තයෙක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සෝවියට් දැවැන්තයෙක්

    R3dRfBS.jpg

    යුද ටැංකි වර්ගීකරණයේදී Heavy tank යනුවෙන් හඳුන්වන්නේ වඩා හොඳ සන්නාහයක් සහ සැහැල්ලු යුද ටැංකිවලට වඩා වැඩි වෙඩි බලයක් සහිත යුද ටැංකි විශේෂයකි.medium tanks , heavy Tanks අතර පැහැදිලි සීමාවක් නොමැති මුත් බරින් වැඩි,ප්‍රබල සන්නාහයක් සහිත සහ ප්‍රබල වෙඩි බලයක් සහිත යුද ටැංකි Heavy tank ලෙස හැඳින්විය හැකිය.දෙවන ලෝක යුද සමයේදී Heavy tanks බහුලව භාවිතා කලේ නාසි ජර්මනිය විසින්ය.ඔවුන්ගේ Tiger I , Tiger II යුද ටැංකි ඊට හොඳම උදාහරණ වේ.ඉන්පසු ඇරඹෙන්නේ සෝවියට් දේශයේ Heavy tank යුගයයි.

    SO9wn1S.jpg

    Object 279

    1959 වසරේදී සෝවියට් දේශය නිපදවන ලද Object 279 නම් heavy tank වර්ගයේ යුද ටැංකිය න්‍යෂ්ඨික බෝම්බයක ප්‍රහාරයකට ලක්වූ භූමියක මෙහෙයුම් කටයුතු සිදුකල හැකි අයුරින් නිර්මාණය කර තිබිණි.1960 වර්ෂයේදී සෝවියට් ජනපති නිකීතා කෘෂ්චෙව් විසින් බර ටොන් 37 වැඩි යුද ටැංකි නිපදවීම තහනම් කිරීමට පෙර නිර්මාණය කල අවසන් heavy tank යුද ටැංකිය වන්නේ මෙයයි.

    InVfylk.jpg

    ලෙනින්ග්‍රෑඩ් හි කිරෝව් කර්මාන්තශාලාවේදී Object 279 වර්ගයේ එක් යුද ටැංකියක් නිෂ්පාදනය කරන ලදි.එහි බර මෙට්‍රික් ටොන් 60ක් විය.ට්‍රැක් 4ක් සහිත මෙම යුද ටැංකිය අශ්වබල 1000හි 2DG-8M එන්ජිමකින් බලය ලබාගත් අතර ඊට කි.මී.300ක දුරක් පැයට කි.මී. 55ක වේගයෙන් ගමන් කල හැකිවිය.එහි කොතේ සන්නාහය මි.මී. 319 ගනකම් විය.මෙම සන්නාහය රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ඨික ආදී අවිවලින් එල්ල වන තර්ජනයන්ට මුහුණදෙන අයුරින් නිර්මාණය කර තිබිණි.සන්නාහයන් බිදගෙන යා හැකි උණ්ඩ[Armour-piercing discarding sabot (APDS)] , Shaped charge උණ්ඩවලින් සිදුවිය හැකි හානිය අවම කිරීමට ඊට ඉලිප්ප්සීය හැඩයක් ලබාදී තිබිණි.තවද මෙම හැඩය නිසා න්‍යෂ්ඨික පිපිරීමකදී නිකුත්වන කම්පන තරංගවලින් ඇතුලත සිටින පිරිස් රැකගත හැකි බව කියවේ.

    TgVkkTk.jpg

    මෙවැනි දැවැන්ත අධි බරැති යුද ටැංකි නිපදවීම 1960 දී නවතා දැමීමට සෝවියට් පාලනාධිකාරිය තීරණය කිරීමත් සමග Object 279 යුද ටැංකිය අතහැර දමන ලදි.Heavy tanks වර්ගයේ යුද ටැංකි මෙහෙයුම් වල යෙදවූ විට මතුවන ප්‍රශ්නද ඊට බලපෑවේය.පාලම් තරණය කිරීම,දුෂ්කර ප්‍රදේශවල ධාවනය කිරීමේදී ඇතිවන අපහසුතා ආදිය බරින් වැඩි යුද ටැංකිවලට තිත තැබීමට හේතුවිය.


    Object 279 යුද ටැංකිය සතු ප්‍රධාන අවිය මි.මී.130 එකක් විය.එහි ද්වීතියික අවිය වට 800ක් සහිත මැෂින් තුවක්කුවකි.ප්‍රධාන අවියට මිනිත්තුවකට උණ්ඩ 5-7 ප්‍රමාණයක් නිකුත් කල හැකියවිය.දැන් මෙම Object 279 යුද ටැංකිය කුබින්කා යුද ටැංකි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

    gN6xqAZ.jpg


    7xn5Pph.jpg


    wu7DUfc.jpg


    HcwRlpz.jpg


    gBoaJI5.jpg



    Source:warhistoryonline.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: WwW.lk

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:sorry: