විහිළුවක් කියල හිතන්න එපා. මට සෝෂල් ෆෝබියා තියෙනවා. කියන්න දේවල් නම් බොහොමයි. මේක ඔක්කොම කියවන්න. කියවලා වචනෙකින් හරි උදව් කරලා යන්න.
කොහෙන්ද පටන්ගන්නේ කියලවත් තේරෙන්නෙ නෑ මචන්. මම දැනට රස්සාවල් තුනකට ගියා. අවුරුද්දක් ඇතුලත. තුන්වෙනි රස්සාවෙනුත් අයින් වුනා. මොකද මට පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්න බැහැ. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හැබැයි මම මාර ආසයි අනිත් අය එක්ක කතා කරලා හොඳින් ඉන්න. මේ හේතුව නිසා මම යන යන රස්සාවල් මට එපා වෙනවා. එහෙම නැත්තන් මාව අස් කරලා දානවා. මම මෙහෙම හිටියට හොඳ මොළේ තියෙන කොල්ලෙක්. මේ හේතුව නිසා මම ඉගෙන ගන්නත් මැළි වුනා. කොටින්ම රස්සාවට ගිහින් මම ලන්ච් එක ගන්නෙ නෑ. මොකද ලන්ච් රූම් එකේදි කට්ටිය වැඩි වෙන නිසා මම කන්නේ නෑ. ගෙදර ඇවිත් අම්මට හොරෙන් බත් එක විසි කරලා දානවා. අනේ මගේ ජීවිතේ. කාත් එක්කවත් කතා කරන්නේ නෑ. උබලා වාසනාවන්තයි මචන්. කවදාවත් ජීවිතේ පස්සට යන්න එපා. මට මේ ලෙඩේ නිසා ජීවිතේ ගොඩක් දෙවල් අහිමි වෙලා තියෙනවා. මම මොකක් හරි වැඩක් කරොත් අනිත් අය මම ගගැන මොනා හිතයිද කියලා දෙගිඩියාවකින් කරන්නේ. මාව නෝන්ඩි කරයි, මෝඩයෙක් කියලා හිතයි කියල හිගෙනවා. කව්රුහරි දෙන්නෙක් කතා කර කර හිටියොත්මම හිතන්නේ මම ගැන තමයි කතා කරන්නේ කියලා. කියන්න දේවල් තව බොහොමයි.
මම බෙහෙත් ගන්න ඕනෙද ?
ඇයි මට මෙහෙම වුනේ ?
මට මේ ලෙඩේට ප්‍රතිකාර කරන්න ඕනෙ. කොහොමද කරන්නේ ? අනේ මට උදව් කරන්න ඔයගොල්ලන්ට බොහොම පින්. මට අනුකම්පා කරන්න එපා. මට ඕනෙ මේ ලෙඩේ හොඳ කරගන්න. හොඳ කරන්න කීයක් විතර යයිද ?![]()
I think this a a severe case.Better to take medicine mchn.Seems you're intelligent too that makes things worse.uba bila tiyenawada,biwwata passe social anxiety eka nedda?
මමත් මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ උබට තියන සීන් එකම මටත් තියනව. මටත් බෙහෙත් ගන්න හිතිල තියනව. ඒත් දැන් මන් හිතින් හිතලම ඕක පාලනය කරන් ඉන්නෙ,
මෙහෙම හිතහන් අනිත් උන් ගැන care කරන එක පොඩ්ඩක් අඩු කරපන්. ඒ කියන්නෙ අනිත් උන් ඕනෙ හු##ක් හිතාගත්තදෙන් මම මගේ ගමන යනව කියල හිතාගනින්.
හැම එකාත් එක්කම නිකන් කතාකරන්න පුරුදු වෙයන්. සමාජෙට බැහැලම තමයි ඕක නතර කරගන්න ඕනෙ. මුලින්ම තමන් කැමති කට්ටිය වැඩිපුර ආශ්‍රය කරන්න පටන් ගනින්.
උබට කෙල්ලෙක් නෑ නේද? කෙල්ලෙක් සෙට් උනාම ඕක හරියයි. ඕනෙවට වඩා කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා.
MeGusta මට නම් මචන් බිව්වම ඕක නැතිවෙනව. ඒ වෙලාවට පට්ටම ෆ්රී එකක් බන් එන්නෙ.
විහිළුවක් කියල හිතන්න එපා. මට සෝෂල් ෆෝබියා තියෙනවා. කියන්න දේවල් නම් බොහොමයි. මේක ඔක්කොම කියවන්න. කියවලා වචනෙකින් හරි උදව් කරලා යන්න. 
ඊට පස්සේ ඉතින් හතර වටෙන් ගැරහුම් එන්න ගන්නව
එච්චරයි කියන්න තියෙන්නේ .. ඊට අමතරව මේ වීඩියෝ එකත් බලන්න !
