සෞදියේ_හුනියමක් කරලා
සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා
සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බවත් ඇය වැරදිකාරිය වූවහොත් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම පැමිණිය හැකි යැයි සෞදි ආරාබියේ පුවත්පතක් කියයි.
ශ්රී ලංකාවේ ගැහැනිය තම දියණිය ළඟට පැමිණීමත් සමග ඇය හිටි ගමන් අස්වාභාවික ලෙස හැසිරෙන්නට පටන් ගත් බව දැරියගේ පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළැයි සෞදි අරාබියේ ඔකාෂ් පුවත්පත වාර්තා කරයි.
පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කරමින් ලංකා කත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ බවත් වහා ඇය අත්අඩංගුවට ගත් බවත් එම පුවත්පත වාර්තා කරයි.
සෞදි මානව හිමිකම් ක්රියාදරයකු හා සෞදි නීතිඥයකු වන වලීඩ් අබුඅල්කයිර් පවසනුයේ හදි හූනියම් සඳහා හැම විටම පණවන දඬවම හිස ගසා දැමීම බවයි.
ලන්ඩනයේ අන්තර් ජාතික ක්ෂමා ආයතනය කියනුයේ හදි හූනියමක් කළ බවට වැරැදිකරු වූ සුඩාන ජාතිකයකු ගිය වසරේ හිස ගසා දැමූ බවයි.
lankadeepa.lk

කොන නැතිදා සගරාව කියෙව්වේ නැද්ද?
paw bn ea gani mun harak minissu maranwa