හතර කේන්දරේ

SiyathuAppu

Active member
  • Aug 24, 2012
    386
    76
    28
    කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
    mage wifegeth ehemai. apita nam kisi aualk na hondata innawa :D
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    හතර කේන්දරේ පාලුයි කියලා කියන්නේ හඳහනේ 1, 4, 7, 10 ස්ථාන වල ග්‍රහයෝ පිහිටලා නෑ කියන එක. මේ ස්ථාන වලින් පෙන්වන්නේ හඳහන් හිමියාගේ රූප ස්වභාවය, ගතිගුණ, යාන වාහන ඉඩකඩම් මිල මුදල් විවාහය රැකීරක්ෂා වගේ ලෞකික දේවල් ගැන ලු. ඉතින් මේවා හිස් කියන්නේ ලෞකික සැප ලැබීම තරමක් අඩුයි කියලා කියන්නේ. ඒත් මේ ස්ථාන වලට වෙනත් ග්‍රහයන්ගේ බැල්ම තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ.

    අනේ මන්දා ඉතින් මම නම් හරියට කියන්න දන්නේ නම් නෑ. ගොඩක් මෙහෙම අය මහන කරවනවා. ලෞකික සැප නැතත් ලෝකෝත්තර සැප ලබන්න පින තියෙනවා.

    ඒත් හතර කේන්දරේ පාලු වෙලා උනත් හොඳ ජීවිතයක් ගත කරන අය මම ඕනි තරම් දැකලා තියෙනවා.

    අන්තිමට ඉතින් මට කියන්න තියෙන්නේ අසුභ කියන දේ පේන්නේ අපි බලන විදියෙන්. ලෞකික දේ සැප කියලා දකින අයට ලෝකෝත්තර සැප දුකක්. ලෝකෝත්තර සැප සැපක් විදියට දකින අයට ලෞකික සැප කියන්නේ දුකක්.
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?
    කොල කෑල්ලක ඉරි ටිකක් ගහලා කොටු ඇඳලා වචන ටිකක් දාලා පුලුවන්ද යකෝ මනුස්ස ජීවිතයක වටිනාකම තීන්දු කරන්න. තොපි වගේ කාලකන්නි ගොබ්බයෝ. තොපි මේ රටටත් ලෝකෙටත් පවට බිහිවෙච්ච එව්න්. නූගත් මූසල කාලකන්නි. තුහ්.. නොදකින්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?
    හතර කේන්දරේ පාළු අයට ඉක්මනින් කලකිරීම් ඇති වෙනවා ,ගිහි ජීවිතයක් ගත කරන්න අපහසුයි කියලා පොත් පත් වල දැකලා තියෙනවා. හැබැයි මගේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නෑ.
    එච්චරටම හිතන්න දෙයක් නෑ කියලා මම විශ්වාස කරන්නේ.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    හතර කේන්දරේ පාලු අය මහණ වෙන කතාව බොරු. ඒකෙන් කියන්නේ ලෞකික දේවල් වලට එච්චර ඇලීමක් නැති කියන එක. ඕන වෙලාවක දෙයක් අතහරින්න පුලුවන්. ලොකු දුකක් ඇති වෙන්නෙ නෑ. මං අහලා තියෙන විදිහට එහෙමයි. 😊
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ දන්නවාද ඉස්සර සමහර රාජ්‍ය නායකයොන්ගෙන් හතර කෙන්දරේ පාලුයි. වන්දනිය මහා පඩිවරුන් වන හිමිවරුන්ගෙත් එහෙමයි. නමුත් එතුමන්ලා කර සේවාව පොඩි නැනේ. අනේ ඔය විකාර අතැරපං.
    මට රාජ යෝගයක් තියෙනවලු:rolleyes:
    kohmd eka hoynne ban
    1,4,7,10 කොටු හිස්වෙන්න ඕන.
    mage wifegeth ehemai. apita nam kisi aualk na hondata innawa :D
    දෑවැද්ද මොනාද හම්බුනෙ?
    කේන්දරේ කවදාවත් නොබලවපු ඒත් 4ර කේන්දරේ පාලුයි කියන අය රටේ ඉහල තැන් වල ඇති අපි නොදන්නව උනාට.
    True
    හතර කේන්දරේ පාලුයි කියලා කියන්නේ හඳහනේ 1, 4, 7, 10 ස්ථාන වල ග්‍රහයෝ පිහිටලා නෑ කියන එක. මේ ස්ථාන වලින් පෙන්වන්නේ හඳහන් හිමියාගේ රූප ස්වභාවය, ගතිගුණ, යාන වාහන ඉඩකඩම් මිල මුදල් විවාහය රැකීරක්ෂා වගේ ලෞකික දේවල් ගැන ලු. ඉතින් මේවා හිස් කියන්නේ ලෞකික සැප ලැබීම තරමක් අඩුයි කියලා කියන්නේ. ඒත් මේ ස්ථාන වලට වෙනත් ග්‍රහයන්ගේ බැල්ම තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ.

    අනේ මන්දා ඉතින් මම නම් හරියට කියන්න දන්නේ නම් නෑ. ගොඩක් මෙහෙම අය මහන කරවනවා. ලෞකික සැප නැතත් ලෝකෝත්තර සැප ලබන්න පින තියෙනවා.

    ඒත් හතර කේන්දරේ පාලු වෙලා උනත් හොඳ ජීවිතයක් ගත කරන අය මම ඕනි තරම් දැකලා තියෙනවා.

    අන්තිමට ඉතින් මට කියන්න තියෙන්නේ අසුභ කියන දේ පේන්නේ අපි බලන විදියෙන්. ලෞකික දේ සැප කියලා දකින අයට ලෝකෝත්තර සැප දුකක්. ලෝකෝත්තර සැප සැපක් විදියට දකින අයට ලෞකික සැප කියන්නේ දුකක්.
    Mata Ara udin kiyapu okkoma tynwa
    Eth kalakirila inne
    හතර කේන්දරේ පාළු අයට ඉක්මනින් කලකිරීම් ඇති වෙනවා ,ගිහි ජීවිතයක් ගත කරන්න අපහසුයි කියලා පොත් පත් වල දැකලා තියෙනවා. හැබැයි මගේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නෑ.
    එච්චරටම හිතන්න දෙයක් නෑ කියලා මම විශ්වාස කරන්නේ.
    Ow kalakirim depression , OCD etc..
    මගේ 3/4 පාලුයි බන්.. :yes: :yes: :yes: තව 1 කොටුවයි ඉතුරු..
    Ela ela
    ehema kenek bandoth godak depala labenawalu..
    කව්ද කීවෙ????
     
    • Like
    Reactions: b.tharindar

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    [QUOTE="Mohowk, post: 25846786]

    Mata Ara udin kiyapu okkoma tynwa
    Eth kalakirila inne

    [/QUOTE]

    ඒක තමයි මම කලින් කිව්වේ. තමන් විඳින විදිය අනුවයි ඒක තීරණය වෙන්නේ.
    ලෝකෝත්තර සැප ලබන්න පින තියෙන කෙනාට ලෞකික ජීවිතේ දේවල් වලින් කළකිරීම් ඇති වෙන්න පුළුවන්.
    මගෙත් හතර කේන්දරේ පාලුයි ලු. ඒත් මටත් මේ වෙනකන් නම් කිසිම දේකින් අඩුවක් පාඩුවක් වෙලා නෑ.
    ජීවිතේ ගැන කළකිරීම මටත් තියෙනවා. ඒත් මම ඒ ගැන හිතලා ඕනවට වඩා දුක් වෙන්නේ නෑ. හතර කේන්දරේ පාලු වීම පැත්තකට දාලා ඉතුරු ටික අරං බැලුවත් මහණ යෝගයක් මට තියෙනවලු. ඒ වගේම රාජ යෝගයකුත් තියෙනවලු. 😂
    (මම හිතන්නේ මහණ වෙනවද රජ වෙනවද කියන දේ තීරණය කරන්න ඕනි මම ම තමයි)

    කොහොමත් මේ වෙනකන් නම් මට හතර කේන්දරේ පාලුයි කියලා කිසිදෙයක් නොලැබී ගිහින් නම් නෑ. 🙂
     
    • Like
    Reactions: Mohowk

    හදිසි ධනලාභ ලැබිලා තියෙනවද?
    දෑවැද්ද, ටිකට්
    ඒවගේ දේවල්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රාජයෝග තිබ්බට ඒවා පල දෙන්න ගොඩක් වෙලාවට රජ පවුලක ඉපදිලා තියෙන්න ඕනේ.උදාහරණයක් විදියට උඹ නාමල් උනා නම් ජනාධිපති වෙන්න පුළුවන් ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන්.
    මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ කොහොමත් දුක් විඳින්නනේ.
    ගොඩක් දේවල් අපේ ජීවිතවල තීරණය වෙන්නේ අපි බලන කෝණය ,කණ්ණාඩිය අනුව.
    කලකිරෙන්නේ නැතුව කරන්න තියෙන වැඩේ හරියට කරලා ඉඳපන්.
     
    • Like
    Reactions: Mohowk and vinky

    රාජයෝග කියන්නෙ රජවෙන එකම නෙවෙයි බං, ලොකු දේපලක්, බිස්නස් එකක්, සල්ලියක් හම්බෙන එකත් පෙන්නුම් කරන්නෙ රාජයෝගයෙන් තමයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හරිම රාජයෝග කියන්නේ රජවෙන මචන්. ඔය විපරීත රාජයෝග ,නීච බංග රාජ යෝග තියෙන එවුන් අම්බානක ඉන්නවා. වැඩක් නෑ පලදීම අඩුයි. සමහර එවුන්ට කසාදවලින් ,ළමයින්ගෙන් ඒවා සක්‍රීය වෙනවා.උදාහරණයක් විදියට රණසිංහ ප්‍රේමදාසට රාජ යෝග නෑ.හේමාට තිබ්බේ.ගෝටාබයට වඩා මහින්දගේ රාජයෝගය ප්‍රබලයි.
    දැන් 1,4,7,10 කියන හැම කොටුවකම ප්‍රබල ග්‍රහයෝ ඉන්න එක සිංහාසන යෝගය.උඹේ එකේ අනික් පැත්ත. එහෙම පිහිටීම් තියෙන දෙන්නෙක් මම දන්නවා තාම නම් රජ වෙනවා තියා හිතලවත් නෑ.බොහොම සාමාන්‍ය ජීවිත ගත කරන්නේ.
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ඒක තමයි මම කලින් කිව්වේ. තමන් විඳින විදිය අනුවයි ඒක තීරණය වෙන්නේ.
    ලෝකෝත්තර සැප ලබන්න පින තියෙන කෙනාට ලෞකික ජීවිතේ දේවල් වලින් කළකිරීම් ඇති වෙන්න පුළුවන්.
    මගෙත් හතර කේන්දරේ පාලුයි ලු. ඒත් මටත් මේ වෙනකන් නම් කිසිම දේකින් අඩුවක් පාඩුවක් වෙලා නෑ.
    ජීවිතේ ගැන කළකිරීම මටත් තියෙනවා. ඒත් මම ඒ ගැන හිතලා ඕනවට වඩා දුක් වෙන්නේ නෑ. හතර කේන්දරේ පාලු වීම පැත්තකට දාලා ඉතුරු ටික අරං බැලුවත් මහණ යෝගයක් මට තියෙනවලු. ඒ වගේම රාජ යෝගයකුත් තියෙනවලු. 😂
    (මම හිතන්නේ මහණ වෙනවද රජ වෙනවද කියන දේ තීරණය කරන්න ඕනි මම ම තමයි)

    කොහොමත් මේ වෙනකන් නම් මට හතර කේන්දරේ පාලුයි කියලා කිසිදෙයක් නොලැබී ගිහින් නම් නෑ. 🙂
    හදිසි ධනලාභ ලැබිලා තියෙනවද?
    දෑවැද්ද, ටිකට්
    ඒවගේ දේවල්
    [/QUOTE]
    මචං ලොතරැයි, මැණික් වගේ හදිසි ධන ලාබ ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද. හතර කේන්දරේ පාලු අයත් මේ ලෝකේ බාගෙට භාගයක් නෑ නේ. ඉතින් ඔය දෙක එකට සමපාත වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි නේද? අනික එහෙම නොවුනා කියලා හතර කේන්දරේ පාලු අය මහ මූසලයි, අනික් අය වාසනාවන්තයි කියලා කියන්න බෑ නේද? මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ හතර කේන්දරේ පාලු නොවුන අය. ඒත් ඒ අය දුක් විඳින්නේ නැද්ද? ඊට වඩා අපේ ජීවිත සතුටින් නෙවෙයි ද?
    තමන්ට නැති දේ ගැන දුක් වෙන්න එපා. තියෙන දේ ගැන සතුටු වෙන්න.

    ළමයෙක් මහණ කරද්දී හඳහන් බලනවා තමා. එතකොට හතර කේන්දරේ පාලු අයට වැඩි තැනක් ලැබෙනවා. මොකද ඒ වගේ අයට ලෝකෝත්තර දියුණුව ලබන්න අවස්ථාව අනිත් අයට වඩා වැඩි නිසා. ඉතින් ඔයාම හිතලා බලන්න ඒක මූසල කමක් ද කියලා.

    හැම දේකම හොඳ නරක පේන්නේ අපි දකින විදියට.
    නිධානයක් ගන්න බිලිදෙන්න අරං එන කන්‍යාව කට්ටඩියගේ ගෝලයා අතින් ඉඳුල් වෙන එක කට්ටඩියට නරක අසුභ දෙයක් උනාට නිධානය රකින බහිරවයාට සුභ දෙයක්. මොකද බහිරවයාගේ නිධානෙ ආරක්ෂා වෙනවා. (මේ උදාහරණෙ ගත්තේ "සංසාරාරන්‍යයයේ දඩයක්කාරයා" පොතෙන් 😉 )
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @vinky පට්ට කතාව. ඕක හතර කේන්දරේ පාළු අයට නෙමෙයි අපි හැමෝටම අදාලයි.