හදිසියේ සමුගත් ලක් රූ රැජිණ: රමණී බර්තොලමියුස් - Ramani Bartholomeusz 💔

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    කතානම් ගොඩක් තියෙනවා මුගේ ගැන ඒ කාලේ ඉඳලම, දැන් හිනා වෙලා උපාසක මහතා වගේ හිටියට කළු අතීතයක් තියෙන්නේ මූට. මූ කාලයක් දේශපාලනයන්ට & ව්‍යාපාරිකයන්ට නිළියෝ සප්පායම් කරපු පිම්පි රස්සාවත් කරලා තියෙනවා කියලා සමහරු කියනවා.
    Ow mu hena chater porak dan upasakaya wage hitiyata
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    කමල් තමයි මැරුවේ සල්ලි තියන නිසා බේරගත්තා. ඕකා අමු සතා. ඔක්කොටම හපන් රමනිගේ අම්මලා ඌ එක්ක තාම සුහදව ඉන්නවා කියන එක.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    https://elakiri.com/threads/kamal-addararachchi-ramani-bartholomeuszwa-meruwada.1792368/

    https://elakiri.com/threads/රමණි-බර්තොලමියුස්-ඛේදවාචකය.1729298/

    රමණි බර්තොලමියුස් ඛේදවාචකය

    කමල් අද්දරආරච්චි
    රමණි බර්තොලමියුස්ගේ මරණයට
    සැකකරුවෙකු වූ හැටි


    පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ
    නොලියවුණ කතාව

    r1.jpg




    1985දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගෙන පසුව ටෙලි නාට්‍ය වලටද සම්බන්ධවූ 21 හැවිරිදි සුරූපි නිළි රමණි බර්තොලමියුස් හදිසියේ මරණයට පත්වූයේ 1987දීය.


    hqdefault.jpg



    එක්තරා රාත්‍රියක ඇයගේ නවාතැනට පැමිණි ඇයගේ පෙම්වතා බව කියූ ප්‍රකට නළු කමල් අද්දරආරච්චි ඈ සමග බහින්බස්වීමක් ඇති කරගත් බවත් පසුව කමල් කෝපයෙන් වාහනය එළවාගෙන එතැනින් පිටව යන්න හදද්දී එය වළක්වන්නට රමණී කමල්ගේ වාහනයට පැන්න බවත් වාර්තා වුණා. හිසේ ඇතිවූ තුවාලවලින් පසු ඇය දිනකට පසුව රෝහලේදී මරණයට පත්වුණා.


    මෙම මරණය සිදුවූ ආකාරය ගැන විවිධ මත ඒ කාලයේ පැතිරුණා. කමල්ගේ වාහනයට නැගීමට තැත් කිරීමේදී ඔහු ඇයව තල්ලු කර දැමූ බව සමහරු කී අතර කමල්ගේ වාහනයට නැගීමෙන් අනතුරුව බහින්බස් වීමක් නිසා ඇය රථයෙන් පැන ඇති බවත් සමහරු කිව්වා. කලහකාරී ස්වරූපය නිසා ඔහු ආපසු යෑමට සැරසීමේදී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදුවූ බව වැඩිදෙනෙකු විශ්වාස කළ අදහසයි.



    Ramani_Bartholomeusz_(1966-1987).jpg




    "මම වැඩ වගයකට ගිහින් රමණිව බලන්න එයාගේ ගෙදරට ආවා. මම එන්න හුගක් රෑ වුණා. ඒ ගැන රමණිට කේන්ති ගිහින් හිටියේ. ඒ පාර මම මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති. එක පාරටම වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටිලා හිටියා"
    කමල් මේ ගැන කියා සිටි අදහසයි.

    ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි රමණි බර්තොලමියුස් ටෙලිනාට්‍ය වැඩ සඳහා පහසු බැවින් කොළඹ රාජගිරිය ප්‍රදේශයේ කුලියට ගත් ඇනෙක්සියක තනිවම පදිංචිවී සිටියා. ඒවන විට 21 හැවිරිදි වියේ පසු වූ රමණි පිපෙන්නට වෙර දරන මල් කැකුළක් බඳු යුවතියකි.

    images



    කාලයක් ජනප්‍රියවූ භාග්‍යා නමැති ඒකාංගික ටෙලි නාට්‍යයේ ආජු තපර ලාහිලා ගීතයට කපිරිඤ්ඤා නැටුමක් රගදැක්වූ රමණි බර්තොලමියුස් 1985 වසරේදී ලක් රූ රැජින ලෙස කිරුළු පැළඳි පසුව ලෝක රූ රැජින තරගයටද ලංකාව නියෝජනය කළා. ආචාර්ය ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ සැලළිහිණි ගම්මානය සහ යුගාන්තය යන චිත්‍රපටවලත් හිමකුමාරි ඉරට හ~න මල් ටෙලිනාට්‍ය හා ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා වේදිකා නාට්‍යයේත් රගපෑ ඇය කමල්ගෙ පෙම්වතිය බවට පත්ව මාස ගණනාවකින් පසු මේ අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණපෑවා.

    1987 ජූනි 29 වැනි දින පාන්දර රමණි බර්තොලමියුස් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලැබුවේ කමල්ය. හිසෙන් ලේ ගලමින් ඒ වන විට ඈ සිහිසුන් තත්ත්වයෙන් පසුවූවා. ඒ මොහොතේම ඇගේ හිස සැත්කමකට භාජනය කිරීමට වෛද්‍යවරු කටයුතු කළා. රමණිගේ දෙපතුල තෙක් විහිදී තිබුණු දිගු වරලස කපා ඇගේ පෙම්වතාගේ අතට දීමෙන් අනතුරුව ඔහු එය බදාගෙන වැළපෙන්නට වූ බවද වාර්තා වුණා.

    ශල්‍යකර්මයෙන් පසු ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ඈ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා. සිද්ධිය සැලවී කලාකරුවන් රැසක් දැඩි සත්කාර ඒකකය අසල බලාපොරොත්තු සහගතව රැඳී සිටි මුත් වෛද්‍යවරුන්ට ඇගේ ජීවිතය බේරාගැනීමට අමාරු තත්වයක ඇය සිටියා.


    mqdefault.jpg


    මේ වන විට ඇගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු සහතික කළා. මොළය මියගිය අයකු කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවිකර තිබිමේ ඵලක් නොමැත. මන්ද මොළය මියගිය පසුව කිසිම රෝගියකු ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති බැවිණි. මේ අනුව රමණි බර්තොලමියුස්ව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය වුණා. ජූනි 30 වැනි දින රාත්‍රී 10.05 ට පමණ රමණි බර්තොලමියුස්ගේ අවසන් සුසුම් පොද වා තලයේ සැගව ගියා.

    ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බව ප්‍රකාශ වුවද ඇත්ත වශයෙන්ම ඇයව මරණයට පත් කළාද, ඇය මියගියාද යනුවෙන් බොහෝදෙනකු තුළ කුකුසක් ඇති වුණා.

    රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය විශේෂඥ පී.යූ. තෙලිසිංහට බාර විය. ඔහුගේ සහය පිණිස කටයුතු කළේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරය.

    ඒ වන විට 21 වැනි වියේ පසු වූ රමණි බර්තොලමියුස් අඩි 5, අ`ගල් 8ක උසකින් යුක්ත විය. ඈ සැරසී සිටියේ රාත්‍රී නිදන ගවුමකිනි. ඇගේ හිස මුඩුකර තිබුණේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර තිබූ නිසාය. සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවල සීරීම් තුවාල දක්නට ලැබිණි. විශේෂයෙන් දෑතේ වැලමිට ප්‍රදේශවල තුවාල දැකගත හැකි වුණා. ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. හිස් කබල බිඳී තිබිණි. මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. එනම් මොළයේ මර”ය තුවාල දක්නට ලැබිණි. ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිඛෙන බව පෙනිණි. ඇගේ හිසේ තුවාල අත් පාවල දැකිය හැකිව තිබූ තුවාල තවදුරටත් සියුම්ව විශ්ලේෂණය කිරීමේදී වාහනයක හැපීමෙන් පසුව වැටීමෙන් සිදු වූ තුවාලවලට එය අනුරූප විය. තුවාලවල ස්වභාවය සහ තුවාල පිහිටි ස්ථාන අනුව වාහනයෙන් තල්ලු කිරීමෙන් හෝ පැනීමෙන් සිදු වූ බවක් පෙනෙන්නේ නැත.

    මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරු නිගමනය කළා. අධිකරණ වෛද්‍ය වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කළා. ඇගේ පෙම්වතා වූ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්ච් ඒ අනුව පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන්ද පැහැදිලි කර තිබූ අතර එහි සිදුවූවා යැයි අනුමාන කළ හැකි එකම මතය වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසුව කමල් ආපසු යෑමට සැරසීමේදී ඇය ධාවනය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවය. ඔහු ලබාදී තිබූ කටඋත්තරය වූයේද එයමය. එය අධිකරණ වෛද්‍ය වාර්තාව සමග සැසඳී තිබුණා. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකි බව ඔප්පු වුණා.

    එහෙත් රටපුරා ඒ ගැන කතාවෙද්දී රමණීව කමල් මරා දැමූ බවට විවිධ චෝදනා පැතිරුණා. ඔහු අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුණා. ඒත් පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවැරීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී තිබුණේ නැත.

    මේ අනුව රමණි බර්තොලමියුස්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතාට නඩු පැවැරීම පිළිබඳව පියවර ගන්නට එවකට නීතිපතිවරයා මැළි වුණා.ඔහු දැක්වූයේ කමල්ට ඇය මරා දැමීමේ චේතෙනාවක් නොතිබූ බවය



    Kamal%2BAddararachchi.gif



    කිරියේ දැකපු පෝස්ට් එකක් නිසා මේක දාන්න හිතුනේ..

    කියවලා බම්ප් කරලා යන්න..

     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒකාලවල තමා සිරාවට ශර්ලොක් හෝම්ස්ලා වගේ සුපිරි skills තියන detective ලා ඕනම උනේ. බලපන් මේකෙත් ඒවගේ සුපිරි ඩයල් එකක් හොදට ඇනලයිස් එකක් කරලා සාක්ෂි එක්ක ගලපලා ගේමක් ගැහුවනං ඇත්ත හොයාගන්න තිබ්බා. දැන් කාලෙනං ඉතිං ගේමක්ම නෑනෙ CCTV ටික චෙක් කරා අල්ලගත්තා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සල්ලි තිබ්බ නිසා බේරුන කියක් නම් ඉන්නවද බන් මෑත ඉතිහාසේ....

    චැට්කොපි කරන එකාත් බිලා වාහනේ එලවල එකක් කරා... බින්දු සාර බිලා, එත් එහෙමයි වාහනේ එලවල එකෙක් නැති උනා... ඔය අපි උබලා නෙමේ මුළු ලෝකෙම දන්නා ප්‍රසිද්ද එව්වා නේ... එහෙම එකේ පොඩි පොඩි එව්වා කොච්චර යට යනවා ඇතිද.....
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මේ සිද්දියේ උබේ අදහස මොකක්ද ?
    Teenage Crime එකක්. Jealousy, Insanity නිසා කමල් කරපු මිනීමැරුමක්. සල්ලි + පවර් නිසා කේස් එක යට ගියා සතාසිවම් නඩුව වගේ.
    මතකද අර මෑතක කොළඹ කැම්පස් එකෙ කොල්ලෙක් උගේ කෙල්ලව පිහියෙන් ඇනලා මරලා තිබ්බා, අන්න ඒ වගේ කරපු මිනී මැරුමක්.

    මහදේවන් සතාසිවම් උගේ ගැණිව (රෙජිනා රාමනාදන් - පොන්නම්බලම් රාමනාදන්ගෙ මිනිබිරි) මරලා,
    වංගෙඩියකුයි ගෙදර වැඩ කාරයයෙකුයි සැක කරුවෝ කරලා, උගෙ හොර ගෑණි සුද්දිත් එක්ක පැනලා ගියා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ජේසුගෙ ගෝලයෙකුත් හිටිය මේ නම තියෙන
    Bartholomew
    නම කෙසේ වෙතත් ජේසු ඉපදුනු හැටි තමයි ෆුල් අඥ්ඥකොරොස්🤔
    මරියතුමී කන්‍යාවියක්නේ😀
     
    • Wow
    Reactions: Pol hora

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    ජේසුගෙ ගෝලයෙකුත් හිටිය මේ නම තියෙන
    Bartholomew
    මම හිතන්නේ මේ ගොල්ලෝ බර්ගර් කටියක් බං බර්ගර් අය ගොඩක් කැතලික් නේ