හදුන් නුබ එසේ කල යුතුද...?
හදුන්නෙත්ති යනු උපාධිදාරියෙකි..ඔහු වසර ගණනාවක් පුරා ස්වෙජ්ජා දේශපාලනයේ නිරතවේ.. ඔහු කිසිදු වංචා දුෂණ චෝදනාවකට ලක්වුවෙක් නොවේ..ඔහුද අප මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය පවුලක මිනිසෙකි.. පසුගිය මහ මැතිවරණයේදී ඔහු තරග කලේ මාතර දිස්ත්‍රික්කයෙනි. අපි වැනි මෝඩයන් ටිකක් හැරෙන්නට මාතර බුද්ධිමත් ජනතාව මේ මිනිසා ජන්දයෙන් කුණු කූඩයට විසිකර දැමුවේ මංගල,සාගල,බුද්ධික,නිරෝෂන්,ඩලස්,මහින්ද යාපා වැනි අය ඔසවා තබමිනි... එහෙත් ජ.වි.පෙ ජාතික ලැයිස්තුවෙන් මොහු පාර්ලිමේන්තුවට ගත්තේ ඔහු ඒ තුල සිටිය යුතුම බැවිනි..
හදුන් කෝප් කමිටුවේ සභාපති වන්නේ එසේය.. එයට ඒ මොහොතේ රට තුල ගොඩනැගී තිබු සාකච්චාවද බලපෑමක් ඇති කරන්නට ඇත.. ඒ එම තනතුර ජ.වි.පෙ සාමාජිකයෙක්ට ලබා දෙන්නටය..අනුර පාර්ලිමේන්තුවේ රනිල් ප්රමුඛ යහපාලන ආණ්ඩුවේ මහා බැදුම්කර වංචාව හෙළි කිරීමෙන් අනතුරුව ඉන් එහා එය හෙළිකර ගැනීමේ මහා කාර්යභාරය වන්නේ කෝප් කමිටුව හරහාය.. හදුන් මෙහිදී කර කාර්යය අගනේය.. පාලකයන් එසේ තුජ්ජ ලෙස හොරා කෑවේ මේ රටේ එදා වේලට දුක්විදින මහ ජනතාවගේ මුදල්ය..හදුන් ප්රමුඛ කෝප් කමිටුව එදා හෙළිකළේ ඒ නිවට පාලකයන්ගේ සැබෑ නිරුවතයි...
හදුන් එතැනින් නැවතුනේ නැත.. මේ වනවිට කෝප් කමිටුව සජීවීව විකාශය කිරීමටද කටයුතු කර ඇත.. හරියට ඒ ඔන්න.. ජනතාවනි.. රටත් නුබලාත් දිගින් දිගටම අපහසුවේ ඔබාදමන නුබලා තේරු තුජ්ජ පාලකයන්ගේ සැබෑව වටහා ගනිල්ලා කියන්නා මෙනි.. මේ වනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය හා සුර්යවැව ක්‍රීඩාංගනය ඉදිකිරීම ආශ්රිත වංචා,ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව ආදී බොහෝ දේ ජනතාව ඇස් ඉදිරිපිට දිගහැරෙමින් ඇත..සැබවින්ම ඒ දිගහැරෙමින් පවතින්නේ ලෝකයට කරවටක් ණය වූ මේ අසමත් රාජ්‍යයේ කේදනීය කතාව ලෙසය..
ඇත්තටම හදුන්.. පාලකයන්ට නිවට භක්තිමත් ජනතාවක් වසන රටක නුබ කරන්නේ ඔවුනගේ ආතල් කුඩු කිරීමක්ද ඇතැම් විට සිතෙයි.. එහෙත් නුබ තම රට වෙනුවෙන් සැබෑ යුතුකම කරමින් ඇති බව අපිට දැනෙයි.. ජනතාව සත්‍ය කවදා හෝ තේරුම් ගන්නා බව අප විශ්වාස කරමු.. අපි ජ.වි.පෙට හා නුබට දුන් ජන්දය අපට කිසිදු පසු තැවීමක් ඉතිරිකර නොමැත..හදුන් නුබ නුබගේ යුතුකම් කොටස ඉටුකර ඇත.. දැන් ඉතුරුව ඇත්තේ ජනතාවගේ මට්ටම තේරුම් ගැනීමය..
(උපුටා ගැනීමකි)