ආයෙත් අහලා....![]()
පොතක් කියවද්දි, හොඳ ගීතයක් අහද්දි ඇතිවෙන හැඟීම, චිත්තරූප ඔක්කොම අපේ මයි..අපි අපේම කියලා දෙයක් මවාගෙන රසවිඳින්නේ.. චිත්රපටියෙදි අපි වෙන කෙනෙක්ගේ චිත්තරූපයක් දිහා ඔහේ බලාගෙන ඉන්නවා..ගොඩක් චිත්‍රපටිවල හිතන්න වෙලාවක්/ දෙයක් තියෙනවා අඩුයි.
ඔය හේතුව හින්දම මම කවදාවත් කියවපු පොතකින් ගහපු චිත්‍රපටියක් බලන්නෙ නෑ..එතකොට මම කියවද්දි හදාගත්ත චිත්‍ර ඔක්කොම විනාස වෙනවා...
විරහ ගීත වලින් මට බොක්කට වැදුනේ කපුගේගෙ උන්මාද සිතුවම් සින්දුව. මොකද්ද මන්ද. මේක ඇහුවහම full upset
තව බොක්කටම වැදුණු එකක්.
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - මර්වින් පෙරේරා
http://helageepada.blogspot.ca/2012/05/blog-post_20.html





ප්‍රේමය විටක සුන්දරයි තවත් මොහොතක විරහාවක් පමණයි ..
සුළග වගේ වෙනස් වෙන සුළුයි.. නමුත් ජිවිතේට අවශයි එත් අන්තිමට දුකක්ම පමණයි ..
නමුත් මැද කාලේ ඉතාම රසවත්.. නමුත් අපි ආදරයකරන අය වෙන්න වෙලා යන දුක තරම් වේදනාවක් ලෝකේ නැති තරම් ..
අවබෝදයෙන් යුතුව පෙම් කරනවාට වඩා අන්වබෝදයෙන් කරන ප්‍රේමය රසවත් ඒ නිසාතමයි මුල්ම ආදරය කවදාවත් අමතක කරන්නත් බැරි ..![]()

මම නම් බූට් කාලා තියෙනවා හම්බේ 3 පාරක් එකම කෙල්ලගෙන්... පට්ට විචාරයක් සහෝ... හම්බේ අවුරුදු 5ක් පස්සට ගියා.. කියා ගන්න බැරි හැගීමක් ආවේ... මම ආස කරන සින්දුවක් මේක. ජය වේවා.![]()
තුන් පාරක් එකම කෙල්ලගෙන් 



ලස්සන ගීතයක්.
ඇත්ත තමයි. හැඟීම් කියන ඒවා කවදාවත් අමතක කරන්න බෑ. අපෙන් සමහර අය ඈත් වෙන්නේ අපේ ලැබීම අනුවයි. ඒ අයව අපේ ජීවිතයේ තියාගන්න අපිට බෑ.
මතකයන් අමතක වෙන තරමට පහසුයි. හැබැයි කොහොම ඒවා අමතක කරන්නද?![]()

කියන්ඩ හරි ලේසි නේද බන්ජිවිතේ හැගීම් වලට ඉඩ දුන්නොත් සැමදාම දුක තමයි මචං. බුද්දියට ඉඩ දීලා වැඩ කරන්න
සිරා කතාව බන්ලස්සන ගීතයක්.
ඇත්ත තමයි. හැඟීම් කියන ඒවා කවදාවත් අමතක කරන්න බෑ. අපෙන් සමහර අය ඈත් වෙන්නේ අපේ ලැබීම අනුවයි. ඒ අයව අපේ ජීවිතයේ තියාගන්න අපිට බෑ.
මතකයන් අමතක වෙන තරමට පහසුයි. හැබැයි කොහොම ඒවා අමතක කරන්නද?![]()


