කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා. අනේ මන්දා ඒ හිනාවෙනුත් මට ඔච්චම් කරනවා වෙගේ දැනෙනවා. මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක හිනාවුනේ මේ විදිහට නෙවෙයි... ඒත්.... ආපහු ඒ දේවල් විදින්න, ඒ සතුට ලබන්න ඔයා මගේ ලග අදත් හිටිය නම්..... මේ වැටෙන පොද වැස්ස ඔයාටත් විදින්න පුලුවන් නම්.... ඔයාටත් ඒ කතාව මතක් කරාවි... සමහරවිට ඒ වැහිපොද අතර සුලගට පාවෙලා ආපු මගේ කදුළු බින්දුත් තියේවි.... සොදුරු අතීතය, ඔයාට ආපහු මතක් වේවිද........
ඔයාට මතකද........ ඉස්සර ඔයා මට විහිලු කරනවා "කොලු කමට කුඩයක් ගේන්නෙ නෑ හැබැයි වහින වෙලාවට තමයි බලාගන්න ඔන කොලු කම" කියල. ඇත්ත....... මම කුඩයක් ගේන්නේ නැති උනාට වහින වෙලාවට ඔයාගෙ පොඩි කුඩේ යටින් යන්තම් ඔලුව විතරක් නොතෙමි අපි තුරුල්වෙලා ගියහැටි ඔයාට මතකද......... අන්තිමේදි දෙන්නම් හොදටම තෙමිලා... ඒත් ඒ සීතල පොඩ්ඩක් වත් නොදැනෙන තරමට අපිට අපේ උනුසුම තිබුනා..... අපි ඒ තරමටම ලං වෙලා හිටියා.. ඔයාට මතකද......
ඔයාට මම දැන් කියන්නම්, වහින බව දැන දැනම තමයි මම කවදාවත් කුඩයක් ගේන්නෙ නැත්තේ.......
ඔයා මට තුරුල්වෙලා කුඩේ යටින් යනකොට මම ඔයාගේ කම්මුල් ඉබිද්දි මගේ කන මිරිකලා "පාරෙ මිනිස්සු දකියි, මෝඩ කොල්ලා" කියල හිනාවෙවී පොඩි ළමයෙක් වගේ ඉස්සරහට දුවගෙන යන හැටි........ ඊට පස්සෙ ආපහු කුඩේ අරගෙන මගේ ලගට ඔයාම ඇවිල්ල තෙමුනද කියල අහල ඔයාගේම පුංචි ලේන්සුවෙන් මගේ ඔලුව පිහිදාපු හැටි......... ඒවා ගොඩක් සුන්දර මතක විතරයි.. මොකද ඔයා අද මගේ ලග නෑ....... යන්නම ගිහිල්ල, ආයෙ මගේ ලගට නො එන්නම......