හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මම දන්න තරමින් මේ ගීතයේ රචකයා, රාගම රෝහලේ උරස් ඛන්තුක ශල්‍ය ​වෛද්‍ය රනිල් ජයසිංහ සර්. එතුමා ගේ පළමු ගීත එකතුවේ තිබ්බ ගීතයක්...........
වෙලාවක් ලැබුණාම දාන්නම්........නමුත් ටිකක් කල් යයි........
පරන හුටප්පර පැත්ක තියල එනව ද පුරුදු පරිදි MC-II පැත්තේ............!!!!

thanx alot DK....
11.gif

හලි .... හලී..... :P මේ දවස් ටිකේ මම ටිකක් bz :( , මගේ secret admirers ලාත් :rofl::love::oo:, විශේෂයෙන්ම ඔබ තුමා :yes: :love: කියන නිසාත් එන්නම්කෝ ළඟදීම MC II.... ;):D:rolleyes:
 
NTuffey

Member
Oct 23, 2008
931
33
0
37

:( :( :(

අතීතය සිහිනයක් පමණයි හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ

තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිදා ලැබූ දිනුමක් නෑ
 
Last edited:

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා. අනේ මන්දා ඒ හිනාවෙනුත් මට ඔච්චම් කරනවා වෙගේ දැනෙනවා. මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක හිනාවුනේ මේ විදිහට නෙවෙයි... ඒත්.... ආපහු ඒ දේවල් විදින්න, ඒ සතුට ලබන්න ඔයා මගේ ලග අදත් හිටිය නම්..... මේ වැටෙන පොද වැස්ස ඔයාටත් විදින්න පුලුවන් නම්.... ඔයාටත් ඒ කතාව මතක් කරාවි... සමහරවිට ඒ වැහිපොද අතර සුලගට පාවෙලා ආපු මගේ කදුළු බින්දුත් තියේවි.... සොදුරු අතීතය, ඔයාට ආපහු මතක් වේවිද........

    ඔයාට මතකද........ ඉස්සර ඔයා මට විහිලු කරනවා "කොලු කමට කුඩයක් ගේන්නෙ නෑ හැබැයි වහින වෙලාවට තමයි බලාගන්න ඔන කොලු කම" කියල. ඇත්ත....... මම කුඩයක් ගේන්නේ නැති උනාට වහින වෙලාවට ඔයාගෙ පොඩි කුඩේ යටින් යන්තම් ඔලුව විතරක් නොතෙමි අපි තුරුල්වෙලා ගියහැටි ඔයාට මතකද......... අන්තිමේදි දෙන්නම් හොදටම තෙමිලා... ඒත් ඒ සීතල පොඩ්ඩක් වත් නොදැනෙන තරමට අපිට අපේ උනුසුම තිබුනා..... අපි ඒ තරමටම ලං වෙලා හිටියා.. ඔයාට මතකද......
    ඔයාට මම දැන් කියන්නම්, වහින බව දැන දැනම තමයි මම කවදාවත් කුඩයක් ගේන්නෙ නැත්තේ.......

    ඔයා මට තුරුල්වෙලා කුඩේ යටින් යනකොට මම ඔයාගේ කම්මුල් ඉබිද්දි මගේ කන මිරිකලා "පාරෙ මිනිස්සු දකියි, මෝඩ කොල්ලා" කියල හිනාවෙවී පොඩි ළමයෙක් වගේ ඉස්සරහට දුවගෙන යන හැටි........ ඊට පස්සෙ ආපහු කුඩේ අරගෙන මගේ ලගට ඔයාම ඇවිල්ල තෙමුනද කියල අහල ඔයාගේම පුංචි ලේන්සුවෙන් මගේ ඔලුව පිහිදාපු හැටි......... ඒවා ගොඩක් සුන්දර මතක විතරයි.. මොකද ඔයා අද මගේ ලග නෑ....... යන්නම ගිහිල්ල, ආයෙ මගේ ලගට නො එන්නම......

    එහෙම යනකොට යාලුවො විහිලු කරපු හැටි...

    ඒ මන්දාරම් වැස්සට කාලෙකින් තෙමුනෙ නැතත් එහෙම තෙමෙන්න මට නම් තවමත් වාසනාව තියෙනව:love:

    අපි ඉන්නවා මචං ලියපන් දිගටම.:D:D

    මමත් දැන් දිගටම මෙහෙ ඉන්නවා..... දිගටම කරගෙන යමු.
     
    • Like
    Reactions: user52

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔයාට මතකද........ ඉස්සර ඔයා මට විහිලු කරනවා "කොලු කමට කුඩයක් ගේන්නෙ නෑ හැබැයි වහින වෙලාවට තමයි බලාගන්න ඔන කොලු කම" කියල. ඇත්ත....... මම කුඩයක් ගේන්නේ නැති උනාට වහින වෙලාවට ඔයාගෙ පොඩි කුඩේ යටින් යන්තම් ඔලුව විතරක් නොතෙමි අපි තුරුල්වෙලා ගියහැටි ඔයාට මතකද......... අන්තිමේදි දෙන්නම් හොදටම තෙමිලා... ඒත් ඒ සීතල පොඩ්ඩක් වත් නොදැනෙන තරමට අපිට අපේ උනුසුම තිබුනා..... අපි ඒ තරමටම ලං වෙලා හිටියා.. ඔයාට මතකද......
    ඔයාට මම දැන් කියන්නම්, වහින බව දැන දැනම තමයි මම කවදාවත් කුඩයක් ගේන්නෙ නැත්තේ.......

    තනියම වත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්.........
    යන්නට තිබුනා....... යන්නට තිබුනා......

    :(:(:(
    වැදුන බොක්කටම සහෝ...
     
    • Like
    Reactions: user52

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට රාත්‍රී 8.00 -10.00 අතර මේ හුය බදුම වින්දනීය වැඩසටහනක් එළකිරි රේඩියෝවෙන් ප්‍රචාරය වෙනු ඈත..........
    http://radio.elakiri.com/live/
    දිගුව ඔස්සේ පිවිසෙන්න..........................
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හෙට රාත්‍රී 8.00 -10.00 අතර මේ හුය බදුම වින්දනීය වැඩසටහනක් එළකිරි රේඩියෝවෙන් ප්‍රචාරය වෙනු ඈත..........
    http://radio.elakiri.com/live/
    දිගුව ඔස්සේ පිවිසෙන්න..........................
    :cool:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හෙට රාත්‍රී 8.00 -10.00 අතර මේ හුය බදුම වින්දනීය වැඩසටහනක් එළකිරි රේඩියෝවෙන් ප්‍රචාරය වෙනු ඈත..........
    http://radio.elakiri.com/live/
    දිගුව ඔස්සේ පිවිසෙන්න..........................

    :love::love::love:

    ලොකු අයියේ ගීතයක විචාරයක් කරන්න එහෙම අදහසක් නැතෙයි?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙට රාත්‍රී 8.00 -10.00 අතර මේ හුය බදුම වින්දනීය වැඩසටහනක් එළකිරි රේඩියෝවෙන් ප්‍රචාරය වෙනු ඈත..........
    http://radio.elakiri.com/live/
    දිගුව ඔස්සේ පිවිසෙන්න..........................

    ආඩම්බරයක් දැනේ.... අනිවා 8-10 කාලය වෙන්කර ගනිමි....:love::love::love::love:
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හෙට රාත්‍රී 8.00 -10.00 අතර මේ හුය බදුම වින්දනීය වැඩසටහනක් එළකිරි රේඩියෝවෙන් ප්‍රචාරය වෙනු ඈත..........
    http://radio.elakiri.com/live/
    දිගුව ඔස්සේ පිවිසෙන්න..........................

    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙට රාත්‍රී 8.00 -10.00 අතර මේ හුය බදුම වින්දනීය වැඩසටහනක් එළකිරි රේඩියෝවෙන් ප්‍රචාරය වෙනු ඈත..........
    http://radio.elakiri.com/live/
    දිගුව ඔස්සේ පිවිසෙන්න..........................
    :love::love::love::love::love::love:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    [FONT=&quot]ළසොවින් පතන නොලබන ප්‍රේමයේ සිහිලස..................[/FONT]

    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා.......................[/FONT]

    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා[/FONT]
    [FONT=&quot]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/FONT]
    [FONT=&quot]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/FONT]
    [FONT=&quot]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/FONT]

    [FONT=&quot]වියළුණු හෝපලු වනයේ[/FONT]
    [FONT=&quot]සුළගේ යන පරඩැල් මැද[/FONT]
    [FONT=&quot]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/FONT]
    [FONT=&quot]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/FONT]

    [FONT=&quot]ගිනි දැල්වෙන මරු කතරේ[/FONT]
    [FONT=&quot]පුපුරු ගසන වැලි කැට මත[/FONT]
    [FONT=&quot]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/FONT]
    [FONT=&quot]ඒ සිහිලම පතමින් මග බලන්නම්............................[/FONT]

    [FONT=&quot]විවාහයෙන් කෙලවර දකින සම්ප්‍රදායික ආදරයේ දුක්ඛප්‍රාප්ති මංගල්‍යය වන්නේ පෙම් කරන සමයේ විදි පෙමින් අංශුමාත්‍රයක්වත් විවාහයෙන් පසුව එහි උරුම කරුවන් අත්නොදැකීමයි. බොහෝ විට කාන්තාවෝ විවාහය හා ම සිය වෙස්මුහුණු ගලවා දමත්. එයින් පීඩනයට පත් වන්නේ සැමියන්ය. එවන් පීඩනයකට පත් සැමියෙකු ගේ ආත්ම කථනය වන්, මා “විවාහක සැමියන් ගේ සදාතනික ශෝඛාන්තය” ලෙස හදුන්වන ගීයයි මහාචාර්ය සමන්ත හේරත් විසින් විරචිත, ආචාර්ය කේමදාසයන් විසින් සංගීතවත් කල, විශාරද අමරසිරි පීරිස් විසින් ගයන “සොදුරිය, කාලය කොතරම් නපුරුද?” යන ගීතය.(මේ ගීතය පිළිබද ව විචාරයක් අප ගේ පළමු හුය වන “සුන්දර ගීයක ඇරඹුම” හුයේ මෙතන පළ කර ඇත. කියවනු රිසි සුධීහු එය ද කියවත්වා!!)[/FONT]

    [FONT=&quot]මෙය සිදුවන්නේ කාන්තා පාර්ශවයෙන් පමණක් ම නොවේ. කලාතුරකින් සැමියෝ ද සිය පෙම් කරන කල තුල රග දැක් වූ භූමිකාව විවාහයෙන් පසුව අත් හැර දමති. එයින් පීඩනයට පත් වන ආදරනීය බිරිදක ගේ ආත්ම කථනයයි, මේ විචාරයට පාදක වන්නේ.[/FONT]

    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා[/FONT]
    [FONT=&quot]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/FONT]

    [FONT=&quot]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/FONT]

    [FONT=&quot]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/FONT]

    [FONT=&quot]කාලයත් සමග සෙනෙහස වැළලී ඇත. ඒ පෙම් කරනා සමයේ වින්දා වූ වින්දනීය ප්‍රේමයයි. ඒ ප්‍රේමය, සෙනෙහස ඇය ැන් නොලබන්නීය. ඒ නිසා ය ඇය, ඇය ගේ නිය අග ගෙවී ලේ ගලනා තෙක් ම මේ කාලයේ වැලි තලාව පහුරු ගාන්නේ. ඒ කාලයත් සමගම වැළලි අතුරුදන් වූ ඒ ආස්වාදනීය ප්‍රේමය සොයන අටියෙනි. මේ කියන්නේ ප්‍රේමය ලැබෙන තුරු වැලි හෑරිමක් ගැන නම් නොවේ. නියග ගෙවී ලේ ගැලීම මගින් රචකයා මේ සිහිපත් කිරීම අතිශය කටුක අත්දැකීමක් බව පෙන්වයි. දැන් නොලැබෙන ඒ ප්‍රේමය, කලින් දිනයක ලද බවද, ඇය තවමත් ඒ සෙනෙහස ම පතන බවද, නොලැබෙන ප්‍රේමය මෙන් ම, ලද ප්‍රේමය පිලිබද සිහිකිරීම ද, අතිශය කටුක අත්දැකීමක් බව ද, එකම පදයකින් අප හදවත දැඩි ව ග්‍රහණය වන ආකාරයකින් කීමට තරම් මෙහිදී රචකයා විචක්ෂණශීලී ද. බුහුටි ද වී ඇත. ඇය හඩමින් ම යලි යලිත් ඒ සෙනෙහස ම ඉල්ලන්නේ එය හදවතට දැනෙන, හදවත ඉල්ලන ප්‍රේමය ම නිසා විනා අන් කවරක් නිසා ද?[/FONT]

    [FONT=&quot]වියළුණු හෝපළු වනයේ[/FONT]
    [FONT=&quot]සුළගේ යන පරඩැල් මැද[/FONT]

    [FONT=&quot]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/FONT]

    [FONT=&quot]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/FONT]

    [FONT=&quot]හෝපළු වනය පිළිබ ද ව ඔබ දන්නේද? හෝපළු වනය එදා ක්‍රිෂ්ණා සහ රාධා උනුන් හා ප්‍රේමයෙන් වෙළෙවිව, පළු ළපළු පත් සිරියහන කොට ගෙන රති කළහයෙහි යෙදුනු වනයයි. හෝපළු වනය වියැළී ඇති බව කියන රචකයා, එහි රාධා සහ ක්‍රිෂ්ණා රති කෙළියෙහි යෙදුනු පළු පත් වියැළී පරනලා ව ඇති බව කියයි. මෙය, මේ කියන අඹු සැමි දෙපල ගේ වර්තමාන ලිංගික ජීවිතය ගැන කියන ප්‍රබල ව්‍යංගයක් ධ්වනිත කරන්නකි. ප්‍රේමය මෙන් ම රති සුවය ද රහිත ජීවිතයක් තමා ගෙවන බවට විරහිනියක මුවින් නැගෙන විලාපයක් නොවේද? මෙවැනිම වලපක් රාධාව ගේ මුවින් නංවන ගීතයක් මේ ගීතයේ රචක මහැදුරු සුනිලුන් විසින් ම ලියා ඇති නන්දා ම ගයන ගීතයක් මෙසේය.[/FONT]

    [FONT=&quot]ගොවිදුණි මේ සිරි යහනේ - විරහී වැළහින්නකි මා[/FONT]
    [FONT=&quot]රති කෙළි රමණි - සිහි කර පැරණී[/FONT]

    [FONT=&quot]යමුනා නදිය ද කැළඹේ.........[/FONT]

    [FONT=&quot]එය තරමක් ඕලාරික ස්වරූපයේ විලාපයක් මුත්, මේ ගීතයේ එන විලාපය අතිශය සියුම් භාවයන් කුළුගන්වන්නකි. මා දැක්වූ ගී පද පෙළ මොහොලින් අනින්නාක් බදු පදවැලකි. නමුත් මේ ගීතයේ පදවැල, සිතේ භාව විරේචනයන් පෙන්වන එකකි. පළමුව විදි ඒ රති සම්භෝගය ද ගුණයෙන් පිරි එකක් බව ඇය කියයි. එයින් අදහස් වන්නේ දැන් ඇය විදින රති සම්භෝගය හුදෙක් කායික අවශ්‍යතාවය මත සිදුවන්නක් පමණක් ම බව නොවේද? යලිත් එවැනි උණුහුමක් බලාපොරොත්ුවෙන් ඇය ගේ සිත මුර ගසනා ආකාරය නොවේද, “ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්” යනුවෙන් ඇය දක්වන්නේ?[/FONT]

    [FONT=&quot]ගිනි දැල්වෙන මරු කතරේ[/FONT]
    [FONT=&quot]පුපුරු ගසන වැලි කැට මත[/FONT]

    [FONT=&quot]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/FONT]

    [FONT=&quot]ඒ සිහිලම පතමින් මග බලන්නම්[/FONT]

    [FONT=&quot]ජීවිතය නම් විදවන මරු කතරේ, නොයෙක් විදවුම් වන් පුපුරු ගසන වැලි කැට වලින් දැවෙද්දී, ඇය කලින් ලද සෙනෙහස, ඒ සියළු ම දාහයන් නසා සනසා ලූ එකකි. ඒ ළතෙත් බව දැන් ඔහු ගෙන් නොලැබේ. තමා තනිවම, එකළාව ම ජීවිතය විදවන බව නොවේද මේ පැමිනිල්ල? තවමත්, වෙනත් සෙනෙහසක් නොපතා ම සිය සැමියාණන් ගෙන් ඒ සිහිලස, ඒ සෙනෙහස ම පතමින්, අයදිමින්, ආදරය අයදින, ආදරය වෙනුවෙන් හඩන, සිය සැමියා හට තවමත් ආදරය කරන, ආදරය ඔහු ගෙන් ම පමණක් පතන සාදාදරණීය බිරිදක ගේ වැළපිල්ල නොවද මේ?[/FONT]

    [FONT=&quot]කලාකෘතිය වූ කලී විදින්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවන්නක් බව කියැවේ. ගීතයේ ද්වනිතාර්ථය තුලින් විදින ආනන්දය තුළින්, අපේ පියඹුන් වෙත පිදිය යුතු ආලයද, දැක්විය යුත් සෙනෙහස ද, පෙම් කරන සමයේ ම මෙන්ම, විවාහයෙන් පසුත් ලබාදිය යුතු බව, දැක්විය යුතු බව පෙන්වන, ප්‍රඥාව නොවේ ද මේ ගීතයේ අරටුව?

    මේ ගීතයේ සංගීතය පිළිබ ද ව ද වෙසෙසි දැනවීමක් ලඛ යුතු යයි සිතමි. අපට සිටි කෘතහස්ත ම සංගීතඥයෙකු වන ස්ටැන්ලි පීරිස් මේ සංගීතයේ නිර්මාපකයාය. ඔහු මෙහි දී සිත කීරි ගැසෙන ලෙස යොදවා ඇති වයලීන වාදනය සහ, ගීතයේ භාවයන් හද වෙත පොම්ප කරන සැක්සෆෝන් වාදනය නම් හදෙහි සදාකාලික ව ම රැදෙන්නකි.
    [/FONT]

    Grei8 rep +