අපේ පැරණි ජන විඥානය දුටු සසර ගමනේ කථාව............
සකිය සගව්වට රෝදය කැරකෙනවා.........
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සත්සඳ[/FONT][FONT="]සත්සඳ[/FONT][FONT="]දිය පල්ලේ තිබෙයි අල
[/FONT][FONT="](දිය පල්ලේ තිබෙයි අල-[/FONT][FONT="][FONT="]දෙයියන්ගේ පිහිටයි ....[/FONT] )[/FONT]
[FONT="]සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ
[/FONT][FONT="](දිය මතුපිට තිබෙයි කොළ-[/FONT][FONT="][FONT="]ගාලේ ලිහන්ඤයි[/FONT])[/FONT]
[FONT="]වැස්සට පිණි බබා මෝරන කැකුළු මල[/FONT]
[FONT="]මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සකිය සගව්වට රෝදය කැරකෙනවා[/FONT]
[FONT="]සත්සඳ[/FONT][FONT="]සත්සඳ[/FONT][FONT="]අපි මහ පාරේ යනවා //[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සක්සඳ[/FONT][FONT="]සත්සඳ[/FONT][FONT="]සඳ[/FONT][FONT="]පානේ අපි යනවා[/FONT]
[FONT="] (සද පානේ අපි යනවා-[/FONT][FONT="][FONT="]දෙයියන්ගේ පිහිටයි ...[/FONT] )[/FONT]
[FONT="]මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
[/FONT][FONT="](ගොන් බානක් බැද යනවා-[/FONT][FONT="][FONT="]ගාලේ ලිහන්ඤයි[/FONT])[/FONT]
[FONT="]සකිය සගව්වට රෝදය කැරකෙනවා[/FONT]
[FONT="]දත් කැකුලට නාරංවල රසඑනවා...//[/FONT]
[FONT="]
[/FONT][FONT="]සකිය සගව්වට.....[/FONT]
[FONT="]සක්සඳ[/FONT][FONT="] සත්සඳ[/FONT][FONT="]සඳ [/FONT][FONT="]පොබයන සාවුන්ට
[/FONT][FONT="](සද පොබයන සාවුන්ට-[/FONT][FONT="][FONT="]දෙයියන්ගේ පිහිටයි...[/FONT])[/FONT]
[FONT="]මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට[/FONT]
[FONT="] (දුටු විගසට ගිරවුන්නට- [/FONT][FONT="][FONT="]ගාලේ ලිහන්ඤයි[/FONT])[/FONT]
[FONT="]පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට[/FONT]
[FONT="]වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//[/FONT]
[FONT="]සකිය සගව්වට.....[/FONT]
[FONT="]අපේ පැරැන්නෝ සිය නිර්මාණ සදහා බොහෝ කොට පාදක කොට ගත්තේ බුද්ධ දර්ශනය ඇසුරු කොට ගත් ජීවන දර්ශනයයි. බොහෝ ව්‍යාංගාර්ථ ද, උපමා උපමේය ද යොදා ගනිමින් වෙද ගැට කවි ලෙස ලියූ අතිශය ගැඹුරු නිර්මාණ ද මේ අතර පවතී. මෙවැනි එක් ගැඹුරු ජීවන දෘෂ්ඨියක් ගෙන එන ගීතයකි, හෙළ ගී පෙළ සම්ප්රදාය උත්කර්ෂයට නංවන අප ගේ ආදරණීය ගුරුතුමන් වන රෝහණ බැද්දගේ ඇදුරුතුමාණන් ගයන මේ ගීතය.......[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සත්සඳ[/FONT][FONT="]සත්සඳ[/FONT][FONT="]දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )[/FONT]
[FONT="]දෙයියන්ගේ පිහිටයි ....[/FONT]
[FONT="]සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)[/FONT]
[FONT="]ගාලේ ලිහන්ඤයි[/FONT][FONT="]
[/FONT][FONT="]වැස්සට පිණි බබා මෝරන කැකුළු මල[/FONT]
[FONT="]මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//[/FONT]
[FONT="]බැලූ බැල්මට ඇත්තේ ඉතා සරල වූ දෙයක් ගැන කථාවක් බව ඔබට හැගෙනු ඇත. නමුත් එහි ඇතුලාන්තය, උපමා උපමේය ගලපා නිර්මාණය කර ඇත්තේ සංසාරය නම් ප්රපංචය පිළිබදව අති විදග්ධ කියවීමකි.[/FONT]
[FONT="]අප හදවත් වල විඥ්ඥාණයේ කෙළවරය සිතිවිලි උපදින්නේ. දිය පල්ලේය එබැවින් අල පවතින්නේ. එම විඥාණය විසින් උපදනා සිතිවිලි අපේ සිතට ගෝචර වේ. ඒ දියපල්ලේ ඇති අල වලින් උපදිනා කොළය. මේ චිත්ත-චෛතසිකයෝ මේ මහ පොළොව මත අප ඇසින් දකින්, කනින් අසන, සිරුරින් ස්ඵර්ශ කෙරෙන දේ අරමුණු කොට විකසිත වෙති. මේ පසිදුරන්ට ඇදෙන සිතිවිල් වැස්සට ඇදෙන වැසි පින්නට මුහුණ දී මෝරන්නේ, තණ්හාව-ආශාව යන කැකුළු මලයි. ඇත්ත ඇති සැටියෙන් නොදකිනා දියෙහි ගැඹුර හෝ දිය ගලන අත නොදැන දියෙහි ඇලී සිටින මස්ටකයන්-මාළුන් බදු අපට මේ මල-තණ්හාව-ආශාව, මුතු කුඩයක් බදුය................[/FONT]
[FONT="]සක්සඳ[/FONT][FONT="]සත්සඳ[/FONT][FONT="]සඳ[/FONT][FONT="]පානේ අපි යනවා (සද පානේ අපි යනවා )[/FONT]
[FONT="]දෙයියන්ගේ පිහිටයි ...[/FONT]
[FONT="]මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)[/FONT]
[FONT="]ගාලේ ලිහන්ඤයි[/FONT]
[FONT="]සකිය සගව්වට රෝදය කැරකෙනවා[/FONT]
[FONT="]දත් කැකුලට නාරංවල රසඑනවා...//[/FONT]
[FONT="]අප මේ සංසාරේ ගමන් කරන්නෙමු. අප බැදට බැද ඇති ගොන් බානක් සේ අප ගේ කර්මය අප හඹා ඒ....ඒ බැදීත් අප දිගට ම මේ සසරේ ගමන් කරන්නෙමු. සකිය සගව්වට මේ විසම සංසාර චත්‍රය කැරැකැවෙන්නේ එබැවිනි. මේ සසර ගමනේ දී අප සියල් දුක්ඛ දෝමනස්ස උපායාස ඈ සියළු ම සිවේදන සුඛයක් කොට විදින්නේමු. දත් අතරට නාරාං වල රස, ඇඹුල් වුවත් රස එන්නේ එබැවිනි.......[/FONT]
[FONT="]සක්සඳ[/FONT][FONT="]සත්සඳ[/FONT][FONT="]සඳ[/FONT][FONT="]පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)[/FONT]
[FONT="]දෙයියන්ගේ පිහිටයි...[/FONT]
[FONT="]මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට )[/FONT]
[FONT="]ගාලේ ලිහන්ඤයි[/FONT][FONT="]
[/FONT][FONT="]පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට[/FONT]
[FONT="]වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//[/FONT]
[FONT="]මේ සියළු දෙයින් ම්දෙන්නට හැක්කේ කාට ද? සකෘදාගාමී වූවන්ටය....සද පොබයා යන සාවුන් ඔවුන් ය. මක්කොලි බදට නොබැදෙන ගිරවුන්ටය. අනාගාමි වූවන්ටය. එනිසාය ඔවුන් අප හිස් මතින් පියාඹන්නේ-එනම් අපට වඩා උසස් තලයක සිටින්නේ. අරහත්වයට පත් වූවන්ටය. බඹරුන්ව ඔවුන් වේගයෙන් යති. මෙහි නොඇලීම.....නමුත් ගැල පදවන ගැල් කරුවා ද, ඔහු ගේ වස්සා වන ටිකිරා ද මේ සසරේ ඇලී, මේ දීර්ඝ වූත් විඩාබර වූත් සසර සයුරෙහි පීනති. ඉම නොදැන ම...............[/FONT]
[FONT="]අද දිනයේ වියතෙකු සේ නොසැලකෙන, බුද්ධිමතෙකු සේ නොගැනෙන අපේ පැරණි ගැල් කරුවා මේ ජීවිතය දුටු හැටිය ඒ. සිද්ධාර්ථ ගෞතමයන් විසින් වදාරන ලද සසර සහ එහි ගමන් ගැන, ආශාව සහ තණ්හාව එය පදවනා බව ඔහු දුටු හැටිය ඒ. ඉතිං ඔහු වියතෙකු නොවන්නේ ද? බුද්ධිමතෙකු නොවන්නේ ද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපේ පැරණි සිරිතට විරිතට, අපේ කමට, අපේ අතීතයට, අපේ සිංහලකමට නොවක් ව ගරහන මූක මණ්ඩුකයන් බදු පුගුලන්හටය මේ වචනය. බලාපල්ලා අපේ ගැල්කරුවා සතු වූ ජීවන දෘෂ්ඨිය..........
මේ ගීතය පිලිබද ව මගෙන් යම් වින්දනාත්මක මතයක් විමසූයේ අප ගේ [/FONT][FONT="]RoshanSAMසොයුරාය. ඒ බොහෝ කලකට පෙරය. මාගේ පෞද්ගලික කම් කටයුත් නිසා එය ප්‍රමාද විය. ඒ ගැන මේ හුය වින්දනය කරන්නේකු වන එතුමාණන් ගෙන් සමාව අයදිමි.
[/FONT]





obata bohoma pin ita wada kiyanna wachana na me wenuwen.







) ඒත් එළිය දැනටමත් අඳුර නැමති සොඳුරිය තමන්ගේ ජීවිතයෙන් පලවා හරින්න පටන් අරන් අඳුරු සොඳුරිය මේ බව තවම දන්නේ නැහැ ඒ බව මේ තරුණයා විසින් තමන්ගේ අඳුර නමැති පෙම්වතියට එළිය ගැන කියනා නෝක්කාඩුවක් විලසින් කියනවා. 
