මටත් නිකං කහනව කහනව වගේ බං නොලිය ඉන්න කොට.....ඔබගේ අදහස් දැක්වීමට නොවක් තුති දත් කිඹුලාණෙනි !![]()

ගීතයක් සිලෙක්ට් කර ගත්තා ලියන්න ඉන්නේ......

මටත් නිකං කහනව කහනව වගේ බං නොලිය ඉන්න කොට.....ඔබගේ අදහස් දැක්වීමට නොවක් තුති දත් කිඹුලාණෙනි !![]()


අවපස අහසට තරු ලකුණක් සේමමත් කැමතිම ගීතයක් ගැන පොඩි වියමනක් ලියන්නම්.
මේ ගීතයේ හැම වචනයක්ම, තනුව, කටහඩ බොහෝම තදින් හිතට දැනෙනවා. මේක ලියලා තියන්නේ කුලරත්න ආරියවංස මහත්තයා. ගායනය සුනිල් එදිරිසිංහ මහත්තයා. සංගීතය රෝහණ වීරසිංහ මහත්තයගේ කියලා අහනකොටම දැනෙනවා.
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ //
අවපස හෙවත් සද නැති පාලු අහසේ පායන තරුවකින් ලැබෙන්නේ අමුතුම සුන්දරත්වයක් නොවේද. ඉමක් කොනක් නැති සයුරක ඔබ නැවකින් සැරිසරන්නේ නම්, ඈත පෙනෙන ගොඩබිමක දර්ශනය සිතට කෙබදු හැගීමක්, අස්වැසිල්ලක් පමණක් නොව අගනා බවක් දැනෙන්නේද. දෑස් වසා තරමක් සිතින් සිතා බලන්න. එම සිතුවිල්ල වුවද කෙතරම් චමත්කාරජනකද?
මගේ දිවි ගමනට ඔබ පැමිනියේ ඒ ආකාරයේ චමත්කාරයක්. අගයක් එක් කරමින්ය. ඔබ පැමිණුන දා පටන් මගේ දිවියේ තිබුනු ඒකාකාරි බව පාළුව නැතිවූයේ ජීවිතයට නැව්ම් සැම දෙයක්ම එක්කරමින්ය. මෙවැනි හැගිමක් තරුණයෙකුට, තමන් ආදරය කරන තරුණිය මුණු ගැසුනු යුගයේ ඇති වෙන්නට පුළුවන්. මටත් එසේමයි. මගේ මුල්ම පෙම්වතිය වූ වර්තමානයේ මගේ දයාබර බිරිද වෙන ඇය මුල් වරට මුන ගැසැනු කාළයේ පටන් තවමත් එවැනි නැව්ම් හැගිමක් සිතට දැනෙන බව නම් ඔබට නොකියාම බැරිය.
මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා
ඈත පෙනුන ගොඩබිමට ලගාවෙත්ම චන්ඩ රල පෙල සියුම්වී ගොඩබිම මත සෙමෙන් වැතිරේ. ඒ වගේ ඔබෙන් මා ලබන සෙනෙහස හමුවේ ජීවිතයේ ඇති ප්‍රශ්න වේදනා තුනීවී සැනසුම ලැබෙනවා. ඔබෙන් ලැබෙන සෙනෙහස මගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම පාසාම ගමන් කර ජීවිතය සනසාලනවා.
දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා
සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම කාන්තාවක් සිටී යන කියමන සත්‍යයැයි හැගෙන්නේ ඔබ වැනි අය නිසාය. ජීවිතයේ සෑම දෙයක් සඳහාම ඔබ පෙරමග සිටින්නේ, ඒ කරුණු සුභ කිරීමට දැතට අසෙනිය මල් ගවසාගත්තා මෙන්ය. මගේ සිතේ උපදින සිහින සැබෑ කර ගන්නට සුබ ලකුණක් වී මග පාදන්නේ ඔබය. සැමදා ජීවිතයට සොදුරු ලකුණු එක් කරමින් ඔබ ප්රමුඛ අපගේ ආදර කතාව සුන්දරව ඉදිරියට ලියැවෙනවා.
කිඹුල් තුමෝ..
පුළුවන් නම්, විවේකයක් ඇති විට, මේ ගීතයේ මුල් පටිගත කිරිම උඩුගත කරලා දෙන්නැයි ඉල්ලමි.
මාගේ අත්දැකීමක් ඔබට පැවසීමට වර දෙන්න....විවරණයට තුති.[/CENTER]
මෙම ගීය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඉතා සරල ගීයක් යැයි මට හැගේ. සුළු වචන ප්‍රමාණයක් තුල ප්‍රේමයේ මිහිරියාවත්, සුන්දරත්වයත්, උතුම් බවත් කැටිකොට ඇත. සුනිල් එදිරිසිංහ ගායකයානන්ගේ සුමියුරු කටහඩට මැනවින් ගැලපෙන මෙම ගීය, එනම් එතුමාගේ ගායන විලාශය හා මැනවින අනුබද්ධ වන මෙමම් ගීය වත්මනෙහි රිනාකල්පිත හරසුන් ප්‍රේම ප්‍රලාප අතර මහරු මිණකි.




මාගේ අත්දැකීමක් ඔබට පැවසීමට වර දෙන්න....
මම සරසවි සිසුවෙක්ව සිටි අවධියේ එක්සත් ජාතීන් ගේ යම් වැඩසටහනක් හරහා ගිනි බිසව් නම් අප්‍රිකානු රාජ්‍යෙය් වෛද්‍යවරයෙක් අප සරසවියට පැමිණියේ ය. උහු ගේ කුදු මහත් කටයුතු සොයා බලා උන් ගේ පශ්චාත් භාගය සුරැකීම මා වෙත පැවරිණි.
උන් පසුව මා සමග ගජ මිතුරු වූවෙහියැ. ඌ ද සිංදු පික්සෙකි. ඌ හදුනා ගත් වනමැ මාගෙන් ඇසුවේ සිංහල ගීත ගැනය. උන් ගේ මනදොල සපුරනු වස් මා අමරදේවයන් ආදි සුභාවිත් කුළකයේ ගීත ද, වර්තමාන ගාන්ධර්ව පරපුරේ නාමල් උඩුගම ආදීන් ගේ ගීත ද උන් වෙත සැපයූවෙමි. ඒවායේ අරුත් ද ඉංගිරිසියෙන් උන් වෙත පැවසීමි.
වරක් ඌ වෙත ගොස් සවසෙක අක්ඛාසයෙහි යෙදී සිටිය දී මේ පුගුලා ඒ මොහොතට අනුචිත නාමල් උඩුගම ගේ ගී කීපයෙක් ධාවකයේ දුවවා, උන් ගේ මව් බසින් ගැයෙන ගී සමුච්ඡයෙක් ද මා හට ශ්‍රවනයට සැලැස්වීය.
මදක් බමන මතින් සිටි උන් මා බැණවා මෙසේ ඇසූ.....
“විජේ (ඌට මාගේ මුල් නම කියන්නට බැරිය. කීමට හැක්කේ වනමින් කොටසෙකි) කැන් යූ ටෙල් මී ද ඩිෆරන්ස් ඔෆ් අවර් මියුසික්?“
“වෙල්...“ මම පටන් ගතිමි.
“මෝස්ට් ඔෆ් දෙම් ආර් ඉන් ෆාස්ට්....ඇන්ඩ් අයී ෆිල් ඔන්ලි ද රිදම් ඔෆ් දෙම්“
“නෝ....“ උන් බිණිමට පටන් ගතු.
“ඔල් අවර් සොන්ග්ස් ආර් කෝරියොටික්ස්. නොවන් ඉස් සිගින්ග් අලොන්. ලයික් යුවර්ස්, නොවන් ඊස් ලැමෙන්ටින්ග් ටු ද මූන්, අලොන්.....“
අවංකව ම මට සිරිගි වළදා මියෙන්නට සිතුණි!!!!!!![]()






පිස්සු කොර! මේ එන්නේ මේ එන්නේ![]()
ආ ටොම් අයියා.
අන්තර්ජාලය තුළ මුල්පටිගතකිරීම පවතී.
විවරණයට තුති.[/CENTER]
මෙම ගීය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඉතා සරල ගීයක් යැයි මට හැගේ. සුළු වචන ප්‍රමාණයක් තුල ප්‍රේමයේ මිහිරියාවත්, සුන්දරත්වයත්, උතුම් බවත් කැටිකොට ඇත. සුනිල් එදිරිසිංහ ගායකයානන්ගේ සුමියුරු කටහඩට මැනවින් ගැලපෙන මෙම ගීය, එනම් එතුමාගේ ගායන විලාශය හා මැනවින අනුබද්ධ වන මෙමම් ගීය වත්මනෙහි රිනාකල්පිත හරසුන් ප්‍රේම ප්‍රලාප අතර මහරු මිණකි.

මටත් නිකං කහනව කහනව වගේ බං නොලිය ඉන්න කොට.....
ගීතයක් සිලෙක්ට් කර ගත්තා ලියන්න ඉන්නේ......![]()
ලියමු ලියමු, හෙළ සාහිත්‍යය රැකෙන්නේ ඔබතුමා වැනි රචකයන්ගේ අළුත් නිර්මාණ නිසා තමයිපණ්ඩිත් අමරදේවය්න්ගේ ගීත විවරණය කිරීම බුදුපිලිමයක නේත්‍රා තබන්නාක් මෙන් ඉතා විමසිල්ලෙන් කල යුතු කටයුත්තකි.එබැවින් මෙම විවරණයේ යම් දොසක් වීනම් අමරදේව ගුරුදේවයාණෝ කමත්වා !
පණ්ඩිත් අමරදේවය්න්ගේ ගීත විවරණය කිරීම බුදුපිලිමයක නේත්‍රා තබන්නාක් මෙන් ඉතා විමසිල්ලෙන් කල යුතු කටයුත්තකි.එබැවින් මෙම විවරණයේ යම් දොසක් වීනම් අමරදේව ගුරුදේවයාණෝ කමත්වා !
ඩෝල්ටන් අල්විස් ශූරීන් පද රචනා කල, අමරදේවයන් තනු නිර්මාණය කල මෙම ගීය මගේ මනසින් දකින්නට අවසර !
රන් දහඩිය බිංදු බිංදු ......//
ඉසුරු සුවද රැන්දු රැන්දු.....//
ගතිනි හලා..
ගයමු රන් ගොයමේ සිංදු සිංදු
රන් ගොයමේ සිංදු සිංදු ....//


පණ්ඩිත් අමරදේවය්න්ගේ ගීත විවරණය කිරීම බුදුපිලිමයක නේත්‍රා තබන්නාක් මෙන් ඉතා විමසිල්ලෙන් කල යුතු කටයුත්තකි.එබැවින් මෙම විවරණයේ යම් දොසක් වීනම් අමරදේව ගුරුදේවයාණෝ කමත්වා !
.
.
රන් ගොයම නෙලන්නේ පිට ප්‍රදේශයෙන් කොන්ද නවාගෙනය. කොන්ද නවා ගෙන සිටින යුවතියගේ පබලු වැල මන බදින්නේ කෙසේද? පබලු වැල දෙස බැලීමේදී තරුණයාට නැවී සිටින් තරුණියගේ පුන් පියයුරු දර්ශනය වේ. ආලයට නුරාව එක්වේ.

ගීතයකට අරුතක් සොයා...............
සංගීතයට කවුද අකමැති නේද ?ඒ තරමට සංගීතය මිනිස් සිත් එක්ක බැදිලා තියෙනවා .හැබැයි අද තියෙන බහුතරයක් ගීත දිහා බැලුවාහම එහෙම ආත්මීය බැදීමක් ඇති කරගන්න පුලුවන්ද කියලා හිතෙනවා .මොකද සමහර ගීත වලින් කියවෙන්නේ මොකක්ද කියන එක අහන අපි විතරක් නෙමෙයි එක කියන කෙනාවත් ලියපු කෙනාවත් දන්නේ නෑ,,,,,,,මහා ගෝසාවක් විතරයි ඇහෙන්නේ.......මනස කෙසේවෙතත් මුළු ඔළුවම අවසානේ අවුල් වෙනවා.........ගීතයට මිනිස් මනස සන්සුන් කරනවා වගේම දරුණු කරන්නත් පුළුවන් එක අද ඔප්පු වෙලා ඉවරයිනේ නේද......
ගීතයක් විතරක් නෙමෙයි ඕනිම දෙයක් බිහිවෙන්න වස්තු බිජයක් තියෙන්න ඕනි ......පහු ගියදා රසාස්වාද වැඩසටහනක් තිබ්බනේ.......එකේදී කියැවුණු ගීතයක් ලියවෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා රත්නත් ශ්‍රී මහතා මෙහෙම කිවුවා ඇත්තටම එකට හේතුව දැනගත්තම ඒ ගිතෙ ගැන මට පුදුම සංවේදී බවක් ඇති වුනා
එදා ඒ මහතා කිවුව විදිහටම මම එකේ තේරුම කියන්නම්
මට ඒ වෙනකොට මොනරාගල පැත්තට මාරුවක් ලැබිලා තිබුනේ ගුරුවරයෙක් විදිහට මට ඒ පළාතේ දුෂ්කර පාසලක දරුවන්ට උගන්වන්න ලැබුනා මගේ පන්තියේ හිටියා දක්ෂ ගෑනු දරුවෙක් හත වසරේ........මේ ළමය පාසල් එන්නේ දවසක් ඈර දවසක් වගේ මම මේ ගැන හොයලා බැලුවා..මේ ළමයට තාත්තා නැ ඉන්නේ අම්මා විතරයි අම්මත් කාස රෝගේ හැදිලා ලෙඩ ඇදෙ ඉන්නේ මේ ළමයා තමයි මේ අම්මත් ජිවත් කරවන්නේ ඒ මල් කඩල ඒ පැත්තේ තියෙන දෙමටමල් විහාරේ වදින්න එන අයට විකුණලා......ඒ පැත්තේ තිබුනේ පොඩි වැවු වලින් තමයි මේ දරුවා මල කඩාගෙන යන්නේ.....දවසක් ඉස්කෝලේ එනවා අනිත් දවස් වලට මල කඩලා විකුනනවා...........එක දවසක් හවසක මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා දන්නා කියන අය මේ දරුවා ගැන හොයලා බලනවා එහෙම බලනකොට පහුවද උදේ වැවු ඉවුරකට මේ ළමයාගේ මිය ගිය සිරුර ගොඩ ගහල තියෙනවා
ළමයා වැවේ ගිලිලා මැරිලා.....මෙලමයාගේ මිනිය තියන්න ගෙදර ඉඩ මදි ඒ හින්දා....එළියේ පොඩි පොල් අත්තක් එල්ලලා එතන මිනිය තියෙනවා මිනියට අන්දලා තියෙන්නේ ඉස්කෝලෙට ඇදපු ඒ ගවුම විතරයි.....මේ මල ගෙදර කටයුතු එහෙම ඉවර වෙනවා....රත්නත් ශ්‍රී මහතා මේක පද වැලක් විදිහට දිනපොතේ ලියා ගන්නවා ඊට අවුරුදු 10 පස්සේ ඔහු මේ ගීතය අමරදේවයන් ලවා ගායනා කරනවා B.M.C.H.I එකේදී එදා එක බලන්න ආපු සෙනග හැමෝම මේ ගීතේ ගයනා කරලා ඉවර වෙනකොට අඩනවා ඔහුට දැනෙන්නේ ඒ මළගම නැවත වුනා වගේ හැගීමක්.....මේ ගීතයේ කොතනකවත් ළමයෙක් ගැනවත්.මැරුණු ගැනවත් සදහන් වෙන්නේ නෑ...බලන්න ඔයාලටත් එහෙම සංවේදී බවක් දැනෙනවද කියලා
ගීතය පහල ලින්ක් එකෙන් බලන්න
සුදු නෙළුම කෝ ...........................
http://haraspara.blogspot.com/2012/08/blog-post_14.html
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවාඅපට පුංචි කාලෙ තිබුණ එක ම ජනමාධ්‍යය රේඩියෝ එක විතරයි. අපේ ගෙදර කලින් ම නැඟිටින්නේ අපේ තාත්තා. තාත්තා අපට ඇහැරවන්න හැමදාම උදේ රේඩියෝව සද්දෙට දානවා. අම්ම නැගිටලා තේ එකක් හදනකන් කම්මැලිකමට ගුලිවෙලා මං රේඩියෝව අහනවා. මගෙ කම්මැලිකම නැති කරල ඇඳෙන් නැගිට්ටවන සින්දුවක් ගැන තමයි අද මේ ලියන්නෙ. මේ ගීතයට ඇත්තට ම මං ණය ගැතියි.
![]()
![]()
![]()
![]()
තම තමන්ගේ පටි තද කරනවාට වඩා ජාතික වගකීමක් අප ඉදිරියේ පවතී. නැතිනම් අනාගතයේ බිහිවන සැබෑ රසිකයන් අපට ශාප කරනු ඇත. අද ගායක ගායිකාවන්ට ද විවිධ මානසික රෝග පවතී. එකකුට එකෙක් රුපියලකින් වත් බාල්දු වීමට අකමැති ය. සංදර්ශනයකට කැඳවා ගැනීමට ලක්ෂයකින් අඩු බැරි ය. අහවල් කෙනා මෙච්චරක් ගන්නවා නම් ඇයි මට විතරක් යනු ඔවුන්ගේ තර්කයයි. තව ටික කලකින් ගෘහස්ත වේදිකා හෝදා පාළු වනු ඇත. එසේ නැතිනම් සැබෑ රසිකයන් ශාලාවලින් පිටත සිටියදී දෙදාහේ තුන් දාහේ ප්‍රවේශපත් රැගෙන මුදලාලිලා පමණක් සංදර්ශන නරඹනු ඇත. මේ සියල්ල වළ කපා දෙන්නේ සුභාවිත ගීතයේ අනාගතයටයි. තමන්ගේ අභිමානයත් රැකෙන මධ්‍ය ලක්ෂයකට පැමිණෙන්නට ලාංකීය රසිකයෝ ඔබ සැමට අත දිගු කරති. ඒ අත සපා කෑමට පෙර දෙවරක් සිතන ලෙස, ගීත රචකයන් ගෙන් ද, සංගීතඥයන්ගෙන් ද ගායක ගායිකාවන් ගෙන් ද මම ඉල්ලා සිටිමි. මක් නිසාද?
“අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා.”
ධම්මික බණ්ඩාර

පණ්ඩිත් අමරදේවය්න්ගේ ගීත විවරණය කිරීම බුදුපිලිමයක නේත්‍රා තබන්නාක් මෙන් ඉතා විමසිල්ලෙන් කල යුතු කටයුත්තකි.එබැවින් මෙම විවරණයේ යම් දොසක් වීනම් අමරදේව ගුරුදේවයාණෝ කමත්වා !
පරිසමාප්ත කලා කෘතිය වූ කලී අෂ්ඨවංක මාණික්යයකැයි කියනු ලැබේ. එ් දෙස විවිධ කෝණය වලින් බලද්දී පෙනෙන්නේ විවිධ රටා සහ දිලියුම් ය. කලාකෘතිය ද විදින්නා විසින් සිය අත්දැකීම් මත පිහිටා සේවනය-වින්දනය කරන කල්හී ආත්මයට දැනෙන දේ ද එසේමය. ඔබ එය විදින ලෙස මම එය නොවිදිමි. ඒ වින්දනය පුද්ගලානුබද්ධ ද, අත්දැකීම්බද්ධ ද වෙයි.මෙම විචාරය ඉසුරු ප්‍රසංග නම් මගෙ මිත්‍රයා විසින් සගරාවකට ලියන ලද්දකි.
ඉසුරු ප්‍රසංග
මෙම විචාරය ඉසුරු ප්‍රසංග නම් මගෙ මිත්‍රයා විසින් සගරාවකට ලියන ලද්දකි.
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට…
දෝතට එක්කළ වැසි දිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම
සුන්බුන් නැව් බඳ දියබත් වී යයිහෙමිහිට
අතහල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට
ගායනය – විශාරද නන්දා මාලනී
පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – රෝහණ වීරසිංහ
ඉසුරු ප්‍රසංග

අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවාඅපට පුංචි කාලෙ තිබුණ එක ම ජනමාධ්‍යය රේඩියෝ එක විතරයි. අපේ ගෙදර කලින් ම නැඟිටින්නේ අපේ තාත්තා. තාත්තා අපට ඇහැරවන්න හැමදාම උදේ රේඩියෝව සද්දෙට දානවා. අම්ම නැගිටලා තේ එකක් හදනකන් කම්මැලිකමට ගුලිවෙලා මං රේඩියෝව අහනවා. මගෙ කම්මැලිකම නැති කරල ඇඳෙන් නැගිට්ටවන සින්දුවක් ගැන තමයි අද මේ ලියන්නෙ. මේ ගීතයට ඇත්තට ම මං ණය ගැතියි.
![]()
![]()
![]()
![]()
“අද පමණක් නොවේ අපට
හෙටක් තියෙනවා
අරුණලු කැන් හිනැහී නව
දිනක් ලබනවා
අඳුරින් බර ආකර තුළ
මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින්
එළිය වැටෙනවා"
මේ පදමාලාව නන්දා මාලනිය ලයාන්විතව ගායනා කරන කොට මට රට ගැන, භාෂාව ගැන, ආගම ගැන පුදුම ආදරයක් ඇතිවෙනවා. මං ඉස්කෝලෙ යන්නෙ මේ ආදරේ පපුවෙ පුරවාගෙන. ජීවිතේ ගොඩක් තැන්වලදී මගේ තීරණ වෙනස් කරන්න ඒ හැඟීම බලපෑවා.
අද කාලෙ නම් ගුවන් විදුලි යන්ත්‍රයක් ළඟ උදෑසනින් වාඩි උණොත් කී දෙනකුට ඒ වගේ හැඟීම් ඇතිවෙනවා ද කියල සැකයි. (මෑත කාලෙ දි නම් ගුවන් විදුලි නාළිකා කීපයක් වැරදි නිවැරදි කරගෙන තියෙනවා) ඔන්න නිවේදකයෙක් නිවේදිකාවක් ඇවිල්ල ‘හායි ගුඩ් මෝනිං ගම්මුද fun එකක් කියලා කිචි බිචි ගාන්න පටන් ගන්නවා. දෙන්නා කියවන ඒවට හිනායන්නැති නිසා හිනාවක් රෙකෝඩ් කරල දානවා. මට ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සිහිවෙනවා. ඔවුන් ඉන්නව නම් පපුව පැලිලා මැරෙයි දුක හිතිලම.
මේ බ්‍රොයිලර් නිවේදක නිවේදිකාවො පාවිච්චි කරන වචන දිහා බැලුව ම අපෙත් පපුව පැලෙනවා. ඒ තරමට ම දෙස බස රැස සුරැකෙනවා. කරුණාරත්න අබේසේකරලා වගේ ගීත රචකයො ළඟ දණ නමන්න හිතෙන්නෙ ඔන්න ඕවා ඇහෙනකොට. මක්කොරන්නද? එතුමන්ලා දිවංගත වෙලා නොවැ.
ප්‍රේමකීර්තිලා, ධර්මසිරි ගමගේලා, ඩෝල්ටන් ලත් ළඟ පාත නෑ නොවැ. සුනිල් ආරියරත්න මහත්තයලා අජන්තා රණසිංහ මහත්තයලා හොඳට ලියපු අය. ඒ අයටත් විවේකයක් එපායැ.
කරුණාරත්න අබේසේකරයන් එක පෑන් පාරෙන් අප ව අවදි කරනවා.
ක්‍රිකට් මැච් එකක් වෙලාවට ජාතික කොඩිය අලවා නොගන්නෙ ලිංගේන්ද්‍රියෙ විතරයි මගෙ සිතේ. ඒ තරම් ම දේශාභිමානෙ. ඒත් වැඩක් කරන කොට, වැඩේ බාගෙට කරල කොමිස් පාරක් පගාවක් ගහල සාක්කුව පුරවා ගන්නවා. එතකොට දේශප්‍රේමෙ ඉවරයි. කරුණාරත්න අබේසේකරයන් මේ අඬගසන්නෙ එවැනි දේශප්රේමෙකට නෙමෙයි.
"උදාසීන ජාතිය නිදි
කිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම්
නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින්
හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු
අපි ඉතිහාසේ"
මේ ගීතය ඇතුළෙ බොදු හැඟීමක් එක්ක දේශාභිමාන මිශ්රවෙලා තිබුණට කිසිම ජාතියකුට ආගමකට නිග්‍රහයක් සිද්ධ වෙලා නෑ.
“මුනි සිරිපා පියුම් පිපුණ
මේ මහ දෙරණයි
දිගන්තයේ ජය ධජ නැංගු
හෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන්
මුළු ලොව සුවඳයි
මෙම නිදහන් දිවි හිමියෙන්
අපහට උරුමයි"
ශ්‍රී ලාංකීය සරල ගීතය තුළ වෙනස්කම් ඇතිවිය යුතු සැබෑ වකවානුව මෙය යැයි සිතේ. සින්දු ඇහුවේ ඉස්සරයි. දැන් සින්දු බලන යුගයයි. සින්දුවල විෂුවල් තරම් ‘ගොන් පාට්’ දේශපාලන ලෝකයේ වත් නොමැත. රස වින්දනයේ ලිබරල් අයිතිය වෙනුවෙන් කටපියා ගෙන සිටින්නට වී ඇත. කට ඇරියත් වැඩක් නැත. එහෙත් අඳුරට ශාප කරනු වෙනුවට එක් පහනක් හෝ දැල්විය යුතු ය.
තම තමන්ගේ පටි තද කරනවාට වඩා ජාතික වගකීමක් අප ඉදිරියේ පවතී. නැතිනම් අනාගතයේ බිහිවන සැබෑ රසිකයන් අපට ශාප කරනු ඇත. අද ගායක ගායිකාවන්ට ද විවිධ මානසික රෝග පවතී. එකකුට එකෙක් රුපියලකින් වත් බාල්දු වීමට අකමැති ය. සංදර්ශනයකට කැඳවා ගැනීමට ලක්ෂයකින් අඩු බැරි ය. අහවල් කෙනා මෙච්චරක් ගන්නවා නම් ඇයි මට විතරක් යනු ඔවුන්ගේ තර්කයයි. තව ටික කලකින් ගෘහස්ත වේදිකා හෝදා පාළු වනු ඇත. එසේ නැතිනම් සැබෑ රසිකයන් ශාලාවලින් පිටත සිටියදී දෙදාහේ තුන් දාහේ ප්‍රවේශපත් රැගෙන මුදලාලිලා පමණක් සංදර්ශන නරඹනු ඇත. මේ සියල්ල වළ කපා දෙන්නේ සුභාවිත ගීතයේ අනාගතයටයි. තමන්ගේ අභිමානයත් රැකෙන මධ්‍ය ලක්ෂයකට පැමිණෙන්නට ලාංකීය රසිකයෝ ඔබ සැමට අත දිගු කරති. ඒ අත සපා කෑමට පෙර දෙවරක් සිතන ලෙස, ගීත රචකයන් ගෙන් ද, සංගීතඥයන්ගෙන් ද ගායක ගායිකාවන් ගෙන් ද මම ඉල්ලා සිටිමි. මක් නිසාද?
“අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා.”
ධම්මික බණ්ඩාර
මටත් නිකං කහනව කහනව වගේ බං නොලිය ඉන්න කොට.....
ගීතයක් සිලෙක්ට් කර ගත්තා ලියන්න ඉන්නේ......![]()


