හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය...
    හීන් හඩින් මට කියාවි...

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව ...

    නන්නාදුනනා ඔබගේ...

    නන්නාදුනනා ඔබගේ...
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව ...

    අඩ සද බැසගෙන යන සද
    සීතල අදුරු රැයක....

    අඩසද බැසගෙන යන සද
    රෑහි හඩන රැව් අතරින්

    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි .........

    ගේය පද : මහගම සේකර
    සංගීතය : සෝමදාස ඇල්විටිගල
    ගායනය : පණ්ඩිත් අමරදේව




    මගේ ජීවිත කාලය තුල මා වඩාත්ම ප්රිය කරන, මා වඩාත්ම සසල කල ගීය මෙයයි. මගේ මවගේ නිවසේ රාත්රි කාලයේ ඇති ඉතාම නිශ්චල් ස්වභාවය තුල, රෑහි හඩ පමණක් ඇසෙන, පිණි සිසිල කැටිවුන රැයක සිය දහස් වාරයක් මම මේ ගීය ආශ්වාදනය කර ඇත්තෙමි.සිතේ සංවේදනාවන්ට ගත හී ගඩු පිපුණ වාර ගනන අනන්තය, අප්රමාණය.ගීතයකට එවන් ලෙස භාවාතිශය වීමේ හැකියාවක් ඇත්දැයි මසිත විපිලිසර කර එම ගීය එම පසුබිමෙහි සිට යලි අසන්නට මම සිහින දකිමි. එතෙම්, ලියා නිමකල නොහැකි අසීමිත හැගීම් ප්රවාහයෙන් බිදක් මෙසේ පත් ඉරු මත තවරා තබමි.

    මෙම ගීය මුලින්ම පබැදී ඇත්තේ ගීයක් ලෙස නොව, පැදි පෙලක් ලෙසය. සේකරයන්ගේ බෝඩිම නම් වූ පැදි සංග්රහයේ 94 වෙනි පිටෙහි ඇති එම කව මෙලෙසය.​

    මා මිය ගිය දවසක
    සොහොන් කොතේ
    ලියන්න දුක් ගීයක්
    නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්..

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    රෑහි නඟන රැවු අතරින්
    එතකොට ඒ ගී හඬ මට ඇසේවි.

    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී හඬ මට කියාවි..

    මෙම ගීය ගීතයක් බවට පෙරැලීමේ මූලික කටයුත්ත සිදුකරැ ඇත්තේ අමරදේව සූරීහුය. සෝමදාස ඇල්විටිගල සූරිහු තනු නිමැවුම සිදුකර ඇත.
    ප්රේමය තෙයාකාරය. දෙමවුපියන් දරුවනට දක්වන ප්රේමය මෙත්තාව මුල් කොට පවතී. සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් අතර පවතින ප්රේමය කරුණාව හා මුදිතාව මුල්කොට පවතී. පෙවතුන්, අඹු සැමියන් අතර පවතින ප්රේමය රාගය මුල් කොට පවතී.යටකී ප්රේමය අතරින් යමෙක් වඩාත්ම පෙම් බදින්නේ රාගය මුල් කොටගත් ප්රේමය බව මගේ ඇදහීමයි. ප්රේමය රාගයෙන් තොරයැයි මම දැඩිව ප්රතික්ශේප කරමි. එම ප්රේමයට අප වඩාත්ම පෙම් බදින්නේ පසදුරන් එක් වර පින වියහැකි එකම අයුර එය නිසා බව තතු දන්නන් පවසා තිබේ.

    යව්වන මදය කිපුණු දා පටන් මියයන් තුරුම පිරිමියෙකු ප්රේමයට ඇලුම් කරයි. එය ලැබෙන තුරු දෑස් දල්වා ආශාවෙන් බලා සිටී.​

    ප්රේමය සියල්ලන්ටම ලැබෙන්නේ නැත. ඇතමෙක්ට තමන් ඇළුම් කරන්නා නොලැබේ. ඇළුම් කරන්නා/කරන්නිය ලදුවත් කාලාණුරූපීව පෙම පිරිහේ. ප්රේමය යනු හුදු රාගය යැයි සිතන්නෝද, රාගය අරමුණුකරගෙන පෙම් කරන්නෝද සමාජයේ වෙසෙති. සිතූ ලෙස ප්රේමය ආස්වාදනය කරන්නෝ සමාජයේ විරලය. එවැන්නන් ඉතා වාසනාවන්තය. ප්රේමය නොලැබීමෙන් හෝ බිදීමෙන් අත්දකින විරහව රසයක් ඇති කරයි. එම රසය සදාකාලික ප්රේම ප්රාර්තනාවන්ට බලාපොරොත්තු දල්වයි.​

    අපගේ භවුතික ශරීරය මිය ගිය පසු මෙලොවට ආයුබෝවන් කියමු. මෙලොවට යම් බැදීමක් වෙත්ද එය සොහොන් බිමෙන් අවසන් වේ. නාම කාය මෙහි තබා අප නික්ම යන්නෙමු. මෙම ගීයට පදනම් වී ඇත්තේ ප්රේමය අත් නොදැක මිය ගිය අයෙක්ගේ සුසානය දක්වාම රැගෙන යන අවසන් බලාපොරොත්තුවයි. මොලොව පෙම්කිරීම්ට කිසිවෙක් අහිමිව මියයෑම, කොතරම් ශෝක ජනකද? මෙම ගීයේ විරහව විදින්නා තවම මිය ගොස් නැත. එනමුදු, ඔහුගේ ප්රේමය පිලිභද බලාපොරොත්තුවෙන් ඉතිරිව ඇත්තේ අංශු මාත්රයක් පමණි. තමාට මේ ලොව යම් උරුමක්කරුවෙකු ඇති බවට ඔහු අදහයි. එම උරුමකරුවා මරණය තෙක්ම මුණ නොගැසෙන බව ඔහුට අවබෝද වී ඇත. එබැවින් මරණයෙන පසු හෝ ඔහුගේ නිසල සොහොනට පැමිණ ප්රේමය සොහොන් කොතේ දුක් ගීයක් ලෙස සටහන් තබන ලෙස ආයාචනා කරයි.
    එම දුක් ගීතයේ ස්වරය මහරෑක, රෑහි රාවයන් අතරින් අසා, මේ ලොව යම් කිසිවෙක් තමාට පෙම් කල බව දැන සැනසීම අරමුණු කොට ගෙන තිබේ.​

    හෙල කලා කෙත අස්වැද්දූ මහගම සේකරයන්ගේ නිර්මාණ ප්රතිභාව මැනවින් ප්රකට කරන ගීයක් ලෙස මෙම ගීතය හදුන්වාදිය හැකිය. කොතරම් ඇසූ පිරූ තැන් ඇති උගතෙකු වුවත්, එතුමා මනා සංයමයකින්, ඉතා සීමිත වචන පරාසයක් තුල අසන්නා තුල භාවාතිශය හැගීම් දනව න ආකාරයට ගීත ලිවීමේ සමත් කම් දක්වයි. මෙම යෙදුම් විමසා බලන්න.

    අඩ සද බැසගෙන යන සද
    සීතල අදුරු රැයක....
    එතකොට ඒ ගී රාවය...
    හීන් හඩින් මට කියාවි...

    මරණය අප අත්දකින්නේ ජීවිතයේ අන්තිම කෙලවරේදීය. එම අත්දැකීම් කිනම් අයුරුදැයි කුතුහලයත්, ආගමික දර්ශනත් හැර, එය පැහැදිලි කිරීමට සමතෙ නොවේ. මාණය සුන්දරව දැකිය නොහැකිද? මහගම සේකර තරම් මරණය විචිත්රව දුටු අයෙක් අපේ ගීත සාහිත්යය තුල නොමැත. අකල්හිම අපෙන් නික්ම ගිය එතුමානෝ මෙම ගීයේ පදනමට සමාන පදනමක් ඇති කවි පෙලක් මේ අයුරින් පරසතු මල් චිත්රපටයේ තේමා පාඨය ලෙස රචනා කර ඇත.​

    බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
    දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
    මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
    මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

    එතුමාගේ පලමුවන ආක්යාන කාව්යය වන නොමියෙමි කවි පොතේ එතුමා මෙලෙස මරණය පිලිබදව සමරයි.
    මන්ද ඔතන උඹ හැංගී කරන්නේ
    අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
    නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
    නින්ද සදාකාලික කොට දියන්නේ

    "නින්ද සදාකාලික කොට දියන්නේ" යනු මරණයට අත වැනීමයි.​

    මෙම ගීතයට සෝමදාස ඇල්විටිගල ශූරින් සිදු කල තනු නිර්මාණය ඉතාමත් විශ්ෂ්ඨය. මක් නිසාද යත් සත් සමුදුර ගීතයේ සංගීතයෙන් සමුද්ර ඝෝශය නැගෙන්නක් මෙන් මෙම ගීතයේ සංගීතය තුලින් මැවින්නේ රැහැයි හඩ පමණක් ඇසෙන පාළු සොහොන් පිටියක ඇති ගුප්ත නිහැඩියාවයි. ඉතා සරලව සිතාරය හා වයලීනය පමණක් යොදා ඇති එම නිර්මාණය සේකරගේ සියුම්, සරල පද මාලාවටත්, අමරදේවයන්ගේ භාව පූර්ණ ගැඹුරු කට හඩටත් මනාව ගැලපේ.​

    ප. ලි : මේ විචාරය ඉතා අසම්පූර්ණ විචාරයකි. මෙම ගීතය පිළිඹදව පොතක් වුවත් ලිවිය හැකි බව මගේ අතිශය පුද්ගලික මතයයි.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය...
    හීන් හඩින් මට කියාවි...

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව ...

    නන්නාදුනනා ඔබගේ...

    නන්නාදුනනා ඔබගේ...
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව ...

    අඩ සද බැසගෙන යන සද
    සීතල අදුරු රැයක....

    අඩසද බැසගෙන යන සද
    රෑහි හඩන රැව් අතරින්

    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි .........

    ගේය පද : මහගම සේකර
    සංගීතය : සෝමදාස ඇල්විටිගල
    ගායනය : පණ්ඩිත් අමරදේව


    11.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගායනය, වාදනය, සංගීතය කලාවක් ලෙස මෙරට පැවති බවට සාධක ලාංකේය ඉතිහාසයේ මූලාරම්භය තෙක් දිව ගියත් සංගීත ශිල්පීන් අපට නාමිකව හමුවන්නේ මහනුවර යුගයේදී ය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ගණිතාලංකාරත් රාජාධිරාජසිංහ සමයේ එසේ ආ අලගනායිදු හා ඔහුගේ ගුරු නාරසිංහත් නාමිකව හඳුනාගත හැකිය. ඉක්බිති ව නුර්ති යුගයේ ජෝන් ද සිල්වා සූරීන් ඉන්දියානු අනුකරණවාදයෙන් මිදෙනු වස් විශ්වනාත් ලෞජි නමැති ඉන්දියානු සංගීතඥයා ගෙන්වා කර්ණරසායන නව ගී තනු තැනීමට අනුබල දුන්නේ ය.

    1906 ග්‍රැමෆෝන් ගී යුගයේ ඇරඹුමත් සමඟ 1917 දක්වා නුර්ති ගී තැටිගත වීමත් 1917 සිට නුර්තියෙන් මිදුණු ප්‍රථම වෘත්තීය ග්‍රැමෆෝන් ගායන ශිල්පි ශිල්පිනින්ගේ ඇරඹුම සනිටුහන් වීමත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ (ග්‍රැමෆෝන් ගී යුගය ග්‍රන්ථය) පෙන්වා දෙති. 1908 ග්‍රැමෆෝන් තැටියකට ගී ගැයූ ප්‍රථම ගායිකාව ලෙස වාර්තා වනුයේ ග්‍රේස් මාග්‍රට් ද සිල්වා ය. 1917 සිට 1939 අතර ගෙවුණු කාලයේ ග්‍රැමෆෝන් යුගයේ දක්ෂ ගායක ගායිකාවන් රාශියක් පහළ වුවත් ඔවුන් ඉන්දියානු අනුකරණවාදයෙහි ගිලී සිටි හෙයින් ලාංකේය සුභාවිත ගීයෙහි ඇරඹුම සනිටුහන් නොවුණි.


    එහි සමාරම්භකයා වනුයේ 1939 සිට එය වර්ධනය කළ “කලාත්මක ගී” ගැයූ, ලංකාවේ ප්‍රථම ස්වතන්ත්‍ර ගී ගායකයා ද පළමු වාග්ගේයකාරයාද වූ ආනන්ද සමරකෝන් සූරීන් ය. (බලන්න - සුනිල් ආරියරත්නගේ “ආනන්ද සමරකෝන් අධ්‍යයනය) රබීන්ද්‍රනාත් ඨාකූරයන්ගේ සංගීත (වංග) ශෛලියෙන් වඩාත් සුපෝෂණය වූ සමරකෝන් අල්ප වශයෙන් හෝ භාරතීය රාගධාරී සංගීතයේ ද ඇසුර ලැබුවේ ය. (උදා:- කරුණා නදියේ - යමන් කල්යාණ රාගය / පුදමු මේ කුසුම් - දේශ් රාගය) ඔහු ග්‍රැමෆෝනයෙන් පුරෝගාමී ලෙස මෙරට සුභාවිත ගීතය වර්ධනය කරද්දී 1925 සිට ඇරඹුණු ගුවන් විදුලියට ගීතය සංක්‍රමණය විය. 1948 දී මෙරට ප්‍රථම ගුවන් විදුලි ගීතය ලෙස “ඕළු පිපීලා” ගයමින් සුනිල් සාන්තයන් ඊට උර දුන්නේ ය.


    මෙරට සුභාවිත ගීතය ඉහළ නැංවූ දෙවැන්නා ලෙස ඔහු එක් අතකින් හෙළ හවුලේ ඇසුර ලැබූ අතර (උදා:- දුඳනොද බිඳ / ලංකා ලංකා) අනෙක් අතින් අපරදිග සංගීත ආර (උදා:- කුරුලු ආදරේ) පළමුවරට සුභාවිත ගීතයට මුහු කළේ ය. රාගධාරී සංගීතයේ ඇසුර සුනිල් ලැබුවේ අල්ප (උදා:- මේ හෝපලු වනයේ - පහඩි රාගය) වශයෙනි. 1962 ආනන්ද සමරකෝනුන්ගේ අකල් මරණයත් මතභේදයක් හේතුකොට 1952 ගුවන් විදුලියෙන් එළියට බට සුනිලුන් කලකිරීමෙන් ගීත ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටීමට වෙර දැරීමත් නිසා එවකට නැඟ එමින් සිටි අමරදේවයන්ට සුභාවිත ගීතයේ අනාගතය පැවරිණ.


    sanath-victor.jpg
    1947 කථානාද සිනමාව ප්‍රාරබ්ධ වූයෙන් සුභාවිත ගීතයට ප්‍රාබල්‍ය බලපෑමක් මෙමඟින් එල්ල විය. චිත්‍රපට ගීතයෙන් පෙරට ආ මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, හරුන් ලන්ත්‍රා, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජයබණ්ඩාර, එච්.ආර්. ජෝතිපාල, ජී.එස්.බී.රාණි, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක යනාදීහු අති දක්ෂයන් වුවත් ඉන්දියානු අනුකරණ තනුවල ග්‍රහණයට හසු වූහ. එහෙත් වරින්වර ස්වතන්ත්‍ර විශිෂ්ට ගණයේ ගීත ගයමින් ඔවුහු සුභාවිත ගීතය පෝෂණය කළහ.
    අනුකරණවාදයෙන් සපුරා විනිර්මුක්ත වෙමින් සුභාවිත ගීතය සුපෝෂණය කිරීමේ වගකීම මුළුමනින්ම අමරදේවයන්ට පැවරිණ.

    භාරතීය සංගීතය මහා සම්ප්‍රදාය කොට ගෙන දේශීය ජන සංගීතය චූල සම්ප්‍රදාය කොට අමරණීය ගීත බිහි කරමින් ඔහු ගෙන ගියේ හුදෙකලා අරගලයකි. අමරදේව මඟ ගත් අනුප්‍රාප්තික ගායකයන් දෙදෙනෙක් 50 දශකයේ අග පහළ වූහ. ඒ නාරද දිසාසේකර හා දයාරත්න රණතුංග ය. සුභාවිත ගීතයේ පෝෂණයට ඔවුන් ද විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මුත් එය අඛණ්ඩ ධාවනයකට වඩා කඩින්කඩ දිස්වූවකි. යුව රජ කිරුළ ඔවුන්ට අහිමිවූයේ මේ නිසා යැයි මට සිතේ.


    60 දශකයේ මුල සිටම නන්දා මාලිනියද අමරදේව මඟ ගත්තී ය. සුභාවිත ගීතය රැක ගනු වස් අමරදේවයන් කළ හුදෙකලා සටනේදී 60 දශකයේ මැද භාගය වන විට ඔහුට එල්ලවුණු අභියෝග මේය.

    i
    විශිෂ්ට ගායන ශිල්පි ශිල්පිනින්ගේ ප්‍රතිභාව හේතු කොට ඉන්දියානු අනුකරණ ගීතය හිස එස වීම.


    ii 60 දශකයේ මුල සිට අපරදිග සංගීත ආරට වැඩියෙන් නැඹුරු වූ නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ ආදී තරුණයන් හරහා කණ්ඩායම් සංගීතයේ නැඟීම. (මේ තරුණයන්ට 50 දශකයේ නැඟී ආ සී.ටී. ප්‍රනාන්දුගේ ගායන, සංගීත ආරද බලපෑ බැව් පෙනේ.)


    iii වොලී බැස්ටියන්, එම්.එස්. ප්‍රනාන්දු ආදීන් හරහා බයිලා ගීත ශෛලිය ප්‍රකට වීම.


    iv 1956 සමාජ පෙරළියෙන් මතු වූ නව තරුණ පරපුර අතර රස වින්දන ශක්තියෙන් තියුණු පිරිස 60 දශකයේ මැද අමරදේවයන්ගේ ගීත වටා රොක්වුවත් මේ වන විට ඔහු මැදිවිය ඉක්මවා සිටියේ ය. එහෙයින් සුභාවිත ගීතය තරුණ පෙළට ගෙන යා හැකි තාරුණ්‍යයේ ගායකයන්ගේ අවශ්‍යතාව ප්‍රබලව, කාලීනව ඉස්මතු විය.


    මේ රික්තය පිරවූයේ කවුරුන් ද? පිළිතුර සනත් හා වික්ටර් ය. ලාංකේය සුභාවිත ගීතයේ රජු අමරදේවයන් බවට පත් වෙද්දී සනත්, වික්ටර් දෙපළ යුව රජවරු වූහ. මේ පින්වන්ත කලාකරුවන් දෙදෙනාම ජන්ම ලාභය ලැබුවේ 1942 වසරේ පෙබරවාරි මාසයේ වීම අහඹුවක් සේම පුදුමයකි. 15 වැනිදා සනත් ද 18 වැනිදා වික්ටර් ද උපන් හෙයින් දින තුනකින් සනත් වැඩිමහල් ය. මේ මහා කලාකරුවන් දෙදෙනාම පසුගියදා 70 වැනි වියට සැපත් වූහ. එදා මෙන්ම අදත් ඔවුහු ඡාත්‍ර ජනයා කන්කලු සුභාවිත ගීතයෙන් රංජනය කරති.


    සනත් යන්නෙහි අරුත් දෙකක් තිබේ. සනාථ, සර්වකාලීන යනු එක් අරුතකි. අනෙක මහ බ්‍රහ්මයාට යෙදෙන පර්යාය නාමයකි. (උදා:- කේවට්ට සූත්‍රය) නන්ද යන්නෙන් සතුට ද සිරි යන්නෙන් වාසනාව, සිරියාව යන අරුත් නංවයි. වික්ටර් යනු ජයග්‍රාහකයාය (ඉංගිරිසියෙහි Victory යන්න හා බැඳේ) රත්නායක යනු රත්නයක් බඳු නායකයාය. මේ දෙදෙනාම තම නාමකරණයට එළියක් දුන්හ.
    හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි කොලොන්නාව ගොතටුව ග්‍රාමයේ දී උපත ලබා ගොතටුව මැදි විදුහල, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල, ස්ටැෆර්ඩ් විදුහල ආදියෙන් අකුරු කළේය. රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර්



    කඩුගන්නාවේ උපත ලබා කඩුගන්නාව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හදාළේ ය. හේමතිලක දයාරත්නයන්ගෙන් සංගීතයේ අත්පොත තැබූ සහජ ප්‍රතිභාවෙන් හෙබි සනත් 1955 දී නන්දා ජයමාන්නගේ මඟ පෙන්වීමෙන් ගුවන්විදුලියේ ළමා ගායකයකු ලෙස දොරට වැඩියේ ය.
    “මාලා ගන්ධ විලේපන ධාරා” (පද - සූරියලතා කුරුප්පුආරච්චි/ සං- හේමතිලක දයාරත්න) එහිදී ඔහු ගැයූ ප්‍රථම ගීතය වේ. සංගීතය, වාදනය අරභයා සහජයෙන් ලැබුණු ප්‍රතිභාවෙන් යුත් වික්ටර් එය ශාස්ත්‍රයක් ලෙස උගත්තේ මහනුවර සිරිල් පෙරේරා ගුරුතුමාගෙනි. එහෙත් ඒ ශිල්පය නිසි මඟට යොමු කළේ ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය.


    වික්ටර් ගුවන් විදුලියෙන් ප්‍රථමවරට ගීතයක් ගැයුවේ 1963 වසරේදී ය. “දෙවඟන පරදන කොමළ කතා” නම් වූ ඒ ගීතය පියසේන කොස්තා විසින් විරචිත “මනිචෝර” ගුවන් විදුලි ගීත නාටකයට ඇතුළත් වූවකි. සංගීතවත් කළේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය. වාද්‍ය විශාරද ඩී.ආර්. පීරිස්ගේ පළමු ශිෂ්‍යයා ලෙස තබ්ලා වාදනය හැදෑරූ සනත් එකල අමරදේවයන්ගේ ගුවන් විදුලි වැඩසටහන්වල තබ්ලා වැයුවේ ය. සංගීත විද්‍යාලයේ මඳ කලක් සංගීතය ප්‍රගුණ කළ ඔහු 1959 දී එය වැඩිදුර හැදෑරීමට ඉන්දියාවේ ලක්නව් හී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයට ඇතුළත් විය.


    ආචාර්ය ජී.එන්. නාටු, උස්තාද් මොක් ශුද් අලි, පණ්ඩිත් හරිශංකර් මිශ්‍රා, උස්තාද් රහිමුඩීන්ඛාන් ඩාගර්, උස්තාද් අහමඩ් ජාන් තිරක්වා යනාදී විශිෂ්ට භාරතීය ගාන්ධර්වයන් එහිදී සනත්ගේ ආචාර්යවරු වූහ. 1965 දී ගායනය හා තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි යුගලම ඔහු ඉහළින් සමත් වූයේ ලංකාවේ එවකට ළාබාලතම සංගීත විශාරදවරයා වශයෙනි. 1966 දී සනත් ලංකාවට සැපත් වූයේ ය.


    60 දශකයේ මුල් භාගයේ පටන් වික්ටර් චිත්‍රපට රැසක වයලීන් වාදන ශිල්පියකු ලෙස දායක වූයේ ය. ඒ ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුසාමිගේ වාදක මණ්ඩලය හරහා ය. වික්ටර් සේම පසුකලක ප්‍රවීණයන් බවට පත් වූ ප්‍රේමසිරි කේමදාස (බටනලා), ධර්මදාස වල්පොල (බටනලා), එම්.කේ. රොක්සාමි (වයලින්), මොහොමඩ් සාලි (සර්පිනා), සරත් දසනායක (සිතාරය), ටී.එෆ්. ලතීෆ් (ක්ලැරිනට්) වැනි සංගීතවේදීහු එදා මුත්තුසාමි මාස්ටර්ගේ වාදන වෘන්දයේ සිටියහ. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස තේරී සිටි වික්ටර්, රජයේ සංගීතායතනයෙන් සංගීතය ශාස්ත්‍රයක් ලෙස ප්‍රගුණ කළේ ය. කේ.ඒ. දයාරත්න සිල්වා, එස්.ඩී.එස්. ජයසේකර, ගුණසේන ද සිල්වා, ගුණපාල පෙරේරා, ධර්මසිරි පෙරේරා, ප්‍රේමවංශ හපුවලාන වැනි සංගීත විශාරදවරුන් එහිදී ඔහුගේ ගුරුවරු වූහ. සනත් – වික්ටර් ගායන හා සංගීත ශිල්පීන් ලෙස කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ එකම කාලවකවානුවක ය.


    සනත් “නවදැලි හේන” ගීත නාටකයට “නයන භෘංගී” නමැති ගීතය ගැයීමෙන් පසුව තමාම සංගීතවත් කොට ගැයූ සරල ගී ත්‍රිත්වයෙන් (ඇවිළුණු ගිනිදැල්, පද – විමලධර්ම ජයවීර, මහද පෙම්විලේ - පද – බණ්ඩාර විජේතුංග, මිහිරාවී – පද - ප්‍රේමකීර්ති ද අල්විස් - මල්කාන්ති සමඟ) ඉහළම ජනාදරය දිනා ගත්තේ ය. එසේම ඔහු සරල, ශාස්ත්‍රීය හා තබ්ලා වාදනය පිළිබඳ ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණි ලබා සිටියේ ය.


    සරල ගී වැඩසටහන් සඳහා වික්ටර් ගැයූ ගීත අතරින් පළමුව වඩාත් ප්‍රකට වූයේ මීගොඩ විල්සන් ලියූ මර්වින් පෙරේරා සංගීතවත් කළ “පාවේ වලා” හා “සෝක සැනසුම්” යන ගීත ද්වයයි. තමාම සංගීතවත් කොට ගැයූ “සිහිල් සුළං රැල්ලේ” (පද - සේන වීරසේකර) ගීතය ඔස්සේ ඔහු ජනපි‍්‍රයත්වයේ මුදුනට පැමිණියේ ය. සනත් අම්පාර උහන මහා විද්‍යාලයේ සංගීත උපදේශකවරයකු වෙද්දී වික්ටර් බණ්ඩාරවෙල ඇත්තලපිටියේ පාසල, කුලියාපිටියේ නක්කාවත්ත මැදි විදුහල, නාවල දියවන්නා විද්‍යාලය ආදියෙහි සංගීත ආචාර්යවරයා විය. සනත් මල්කාන්තිය සමඟ ද වික්ටර් චිත්‍රාවන් සමඟ ද විවාහ වීමෙන් පසුව ඔවුහු වෘත්තිය ජීවිතයේ පහසුව සඳහා කොළඹට සේන්දු වූහ. .


    සිනමා සංගීතය ස්වතන්ත්‍රභාවයට නැඹුරු කළ මහා සංගීතවේදීන් දෙපළ තම අවධානය එකල මේ ගායක යුගල වෙත යොමු කළහ. ඒ අනුව අමරදේවයන්ගේ හඳුන්වා දීමෙන් “සැඩොල් කඳුළු” (1967) චිත්‍රපටයේ “තෙරක් නැති ආශා” ගීතය ගයමින් සනත් ද ප්‍රේමසිරි කේමදාසයන්ගේ හඳුන්වාදීමෙන් “හන්තානේ කතාව“ (1969) චිත්‍රපටයේ “සරා සොඳුරු” ගීතය (නන්දා මාලිනි සමඟ) ගැයීමෙන් වික්ටර් ද චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණාහ. “කටු කොහොලින් පිරුණු” (පද - සුනිල් ආරියරත්න) (සංගීතය - කේමදාස) සනත් – වික්ටර් යුගල එක්ව ගැයූ ප්‍රථම සරල ගීතය විය.


    සුභාවිත ගීතයෙන් බැහැරට යමින් අනුකරණ ගීතය වෙත නැඹුරු වූ රසික ප්‍රජාව යළිත් අමරදේවයන් ප්‍රමුඛ සුභාවිත ගීතය වෙත ඇද බැඳ තබා ගැනීමට ඔවුහු සමත් වූහ. අනෙක් අතට මේ දෙදෙනාගේ තනු නිර්මාණයෙන් විදග්ධ ගීතය හා පොදු ජන ගීතය අතර ශක්තිමත් පාලමක් ඉදිවිය. සනත් – වික්ටර්ගේ මඟ ගත් ප්‍රමුඛ අනුප්‍රාප්තිකයන් තිදෙනා වූ මිල්ටන් මල්ලවආරච්චි, ගුණදාස කපුගේ හා සුනිල් එදිරිසිංහට ඔවුන්ගෙන් ලැබුණු අඩිතාලම සුළුපටු නැත.


    ඒ කෙසේද යත් වික්ටර් මුල්වරට සංගීත අධ්‍යක්ෂණය කළ “මාතර ආච්චි” (1973) චිත්‍රපටයෙන් මිල්ටන් මල්ලවආරච්චි චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස (“රන්දේදුනු රන්පාටින්”) දොරට වැඩියේ ය. සුනිල් එදිරිසිංහ “සඳකඩ පහණ” ගීතය ගයමින් ගායන ලොවට පිවිසියේ ද ඒ චිත්‍රපටයෙනි. ගුණදාස කපුගේ ගායකයකු ලෙස දොරට වැඩි ප්‍රථම ගීතය වූ “දෑස නිලුපුල් තෙමා” හී සංගීත අධ්‍යක්ෂවරයා සනත්ය. ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ සිනමා ලොවට පිවිසුණේ මාතර ආච්චි චිත්‍රපටයේ සමූහ ගායනයෙනි. වික්ටර් සේම සනත් ද ඔහුගේ සංගීතාචාර්යවරු වූහ.


    මේ අනුව තමන්ගේ කාර්ය ඉහළින් ම සිදු කරමින් නව ගායන පරපුරකට, ගීත රචක පරපුරකට හා සංගීත පරපුරකට මඟ පෙන්වූ කලාකරුවන් දෙපළක් ලෙස සනත් – වික්ටර් ගරු බුහුමනට පාත්‍ර වේ. නිර්මාණ ජීවිතයේ ඔවුන් සිදු කළ අත්හදා බැලීම් කෙතරම්ද? සනත් රාගධාරී සංගීතයේ ඇසුර බහුලව ලැබූ ශිල්පියෙකි. එක් රාගයක් ඇසුරු වූ ගීත ද (උදා:- මා හද අසපුව - ජෝගියා රාගය, සහසක් පැතුමන් – කීර්වානි රාගය) රාග කිහිපයක් ඇසුරු වූ ගීත ද (උදා:- දිනෙන් දින ඔබ) ඔහුගේ නිර්මාණ භාවිතාවේදී හමුවේ. “රත්ති අරන්”, “කොහෝ කොහෝ” වැනි ගැමි නාද රටා අනුව තැනූ ගීත ද විරලව හෝ කර්ණාටක සංගීතයෙහි (උදා:- වීණා) හා අපරදිග සංගීතයෙහි ඇසුර (උදා:- ඔබේ ඇස්බැම) ලැබූ ගීත ද මේ අතර දක්නා ලැබේ.


    වික්ටර් ද තම නිර්මාණ භාවිතයේදී රාගධාරී සංගීතයේ ඇසුර ලැබූ අවස්ථා බොහෝ තිබේ. (උදා:- හෝපලු වනපෙත – භාගේශ්‍රී රාගය, ෆෙ‍්‍රඩී ගැයූ කුණ්ඩුමනී – භූපාලි රාගය) විටෙක අපරදිග සංගීතයේ ඇසුරෙන් ද (උදා:- අඳුර බිඳින්නට – මාතර ආච්චි), ජන ගී ආරෙන්ද (උදා:- බඹරිඳු බඹරිඳු - සරුංගලේ) කර්ණාටක සංගීත ආභාසයෙන් ද (ඉසුරු දෙවිඳු - සරුංගලේ) ඔහු තනු තැනුවේය. ශිල්පීය හා තාක්ෂණික අත්හදා බැලීම් වික්ටර්ගේ ගායන ජීවිතයේ කැපී පෙනේ.


    ගායන ශිල්පියා වාදක මණ්ඩලය සමඟම ගීතය ගයමින් පටිගත කිරීම එදා පැවති සිරිතකි. මෙය පළමුවරට වෙනස් කළේ වික්ටර්ය. ආර්.ඒ. චන්ද්‍රසේනගේ සංගීතයට ඔහු ගැයූ “ළිඳෙන් වතුර බීලා” ගීතය මෙහි මුල් පියවර වේ. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු මෙය සාර්ථක ලෙස අත්හදා බැලුවේය. උඩු සිතේ හා යටි සිතේ සංවාදයක් රැගත් වික්ටර් ගැයූ “මාලනියේ” (පද - සුනිල් ආරියරත්න) ගීතය ද මෙබඳුම අනර්ඝ තාක්ෂණික අත්හදා බැලීමකි. සනත් ඉඳහිට ගීත රචනයෙහි ද (උදා:- විජය ගැයූ “සීතලේ නිසංසලේ”) නියැළුණු අතර විරලව හෝ වාග්ගේයකාරයකු ලෙස ද කැපී පෙනේ.


    “බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි” ගීතයේ රචකයා ද සංගීත නිර්මාපකයා ද ගායකයා ද ඔහු වේ. මහවැස්සක පෙර, මේ ගුරු පාරේ, කඳුළු කතාවේ (අමරදේව), මුව දඩයම, කැලේ පීදී (නන්දා), උත්තම මුනි දළඳා (ධර්මදාස වල්පොල), මං නැතිදා (අබේවර්ධන බාලසූරිය), පායා සීත රැයේ (විජය කුමාරතුංග) යනාදිය සනත් අවශේෂ ශිල්පීන් වෙනුවෙන් නිර්මාණය කළ ගීතාවලියෙන් කැපී පෙනේ.


    “කුමරියක පා”, බඹර පැටික්කි (අමරදේව), මට මවු පදවිය (නන්දා), වෙරළු ගෙඩිය, පිනිබර යාමේ (සුනිල් එදිරිසිංහ), රාජ කිරුළු (ජෝතිපාල), අපි ආයෙත් හමු නොවුණා (සෝමතිලක ජයමහ) යනාදිය වික්ටර් අන්‍යයන්ට දායාද කළ නිර්මාණ අතර වේ. 1973 දී ලංකාවේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය ලෙස “ස” හඳුන්වා දෙමින් වික්ටර් සුභාවිත ගීතය ප්‍රචලිත කරනු වස් යෝධ පියවරක් තැබුවේ ය. වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය ලෙස අදත් “ස” පෙරමුණේ තිබේ. එදා තරුණියෝ වික්ටර්ගේ කොණ්ඩය කපා ගෙන යෑමට පොරකෑහ. අද ව්‍යාජ සුපිරි තරුවලට පොර කන ජනතාවට වඩා එදා රසික ජනයාගේ රසඥතාව ඉහළ මට්ටමක තිබූ බවට මෙය හොඳ සාක්ෂියකි.
    1974 සනත් “ස්වර්ණ කුණ්ඩල” ඒක පුද්ගල ප්‍රසංගය හරහා ද සහෘදයා පිනවාලූයේ ය. 70 දශකයේ නැඟී එන තාරුණ්‍යයේ හඬ බවට සනත් පත්වූ අයුරු ඔප්පු කිරීමට සාධක දෙකක් තිබේ.


    යොවුන් චිත්‍රපට රැල්ලට මුල පිරූ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව“ හී විජය කුමාරතුංගගේ හඬ බවට පත් වූයේ (අනන්ත වූ දෙරණ) සනත් ය. එසේම සිනමාවේ ප්‍රබල යොවුන් කැරැල්ල වූ ධර්මසේන පතිරාජගේ “අහස් ගව්ව“ චිත්‍රපටයේ “ඉරා අඳුරු පට” නමැති තාරුණ්‍යයේ ගීතය ගැයුවේ ඔහු ය.
    සනත්ට තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරී කටහඬකි. වික්ටර්ට ඇත්තේ දේශීයත්වය ඉස්මතු කරන්නා වූ කටහඬකි. ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස ද (උදා:- සංගීතාංගි, අමරණීය භාරතීය සංගීතවේදියෝ) සනත්ට භූමිකාවක් තිබේ. ලංකාවේ ගායනයට සංගීත් නිපුන් උපාධිය ලැබූ පළමුවැන්නාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු සංගීත පීඨාධිපතිවරයාත් එහි සංගීතය පිළිබඳ පළමු මහාචාර්යවරයාත් ඔහු වේ.



    වික්ටර්ගේ මහා කලා මෙහෙවර අගයනු වස් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඔහුට සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීම අගතීන්ගෙන් තොර නිවැරදි, උපාධියට වටිනාකමක් දුන් ඇගැයුමක් මැ විය.


    වික්ටර් 1968 හොඳම ගායකයා ලෙස (ආදරවන්තයෝ : “ඈත හිමාලේ”) සරසවිය සම්මානය දිනූ අතර සනත් 1987 හොඳම ගායකයා ලෙස (මංගල තෑග්ග - “වාසනා වේවා”) සරසවිය සම්මානයට පාත්‍ර විය. සනත් “මංගල තෑග්ග“ හි රඟපාමින් “වාසනා වේවා” ගීතය ගැයූ අතර වික්ටර් “පොඩි මල්ලි” චිත්‍රපටයේ රඟපාමින් “කොහේ සිට ඔබ” ගීතය ගැයූ බව අපට අමතක නොවේ. සනත් තම එකම දියණිය අනුරාධා ද වික්ටර් තම දූ දරුවන්ගෙන් ජයන්ත හා ලෙලුම් ද කලා ලොවට තිළිණ කළේ ය. මාතර ආච්චි, රජගෙදර පරෙවියෝ, හාරත හතර, හුලවාලි, ශ්‍රී මදාරා, අනුපමා, සරුංගලේ, පොඩි මල්ලී, සිරිබෝ අයියා, තවලම, සයුරු තෙර, වජිරා, අතුරු මිතුරු, අඹු සැමියෝ, ඉරැස්මා යන චිත්‍රපට වික්ටර්ගේ සංගීතයෙන් ඔප වැටුණු අතර අජාසත්ත, තුත්තිරිමල්, රන්මලීගේ වාසනාව, මිහිඳුම් සළු, කිවුලේගෙදර මොහොට්ටාල යන චිත්‍රපට සනත්ගේ සංගීතයෙන් හැඩ ගැන්විණ.


    ලස්සන නම් නෑ, අමුතු අමුතු අරුණලු (විස්මය), සීත රෑ යාමේ (දුලීකා), මේ නිහඬ නිල් (පෙම්බර මධූ), දේදුන්නෙන් එන, සඳ පෙම් යහනින් (වසන්තේ දවසක්), මට සමාවුව මැනේ (සළඹක් හඬයි), පතිනියයි ඈ (ඉන්ද්‍රකීලය) සනත් ගැයූ චිත්‍රපට ගීතාවලියෙන් ද රුං රුං රුං (මීමැස්සෝ), අඩවන් දෑසින් (වෙස්ගත්තෝ), පෙම් රස වෑහෙන (සදහටම ඔබ මගේ), මියුරු කල්පනා (දිනුම් කණුව), මල් වයසේ (කස්තුරි සුවඳ), නීල බිඟු කැල, හිනැහෙන්න රොමියෝ (රජගෙදර පරෙවියෝ), කොහේද කොහේද (මඩොල් දූව), ගහ කොළ මල් (ශ්‍රී මදාරා), පෙම්බර මධූ (පෙම්බර මධූ), ගැහැනු ළමයිනේ (ගැහැනු ළමයි) වික්ටර් ගැයූ චිත්‍රපට ගී ගඟුලෙන් බිඳකි.


    සුභාවිත ගීතය යළි නංවනු කැමැති නව පරපුර සනත් – වික්ටර් දෙදෙනා සමතික්‍රමණය කළ යුතුමය. ගාමිණි - ජෝ යන මහා කලාකරුවන් යුගල කලකදී මිතුරුකමෙන් දුරස් කළාක් මෙන් ඇතැම් අවස්ථාවාදීන් සනත් – වික්ටර් දෙදෙනා ද මඳ කලක් දුරස් කොට තැබූ බව මා මතකයට නැඟේ. ගාමිණි - ජෝ යුගල යළි පි‍්‍රය මිතුරන් කළ සේම සනත් – වික්ටර් යුගල ද නැවත ළබැදි මිතුරන් කිරීමට ප්‍රමුඛ වූයේ මා පියාණන් (ඒ.ඩී. රන්ජිත් කුමාර) බව මෙහිදී සඳහන් කළ යුතුය. එවකට ඔහු සරසවිය පුවත්පතේ ප්‍රධාන සකසුවාණන් ය. 1989 ජුනි 8 වැනිදා සරසවිය පුවත්පතෙහි පළ වූ අනුර බණ්ඩාර රාජගුරු ලියූ ඒ ලිපියෙහි වික්ටර් මෙසේ කීවේ ය.


    “අප වෙන්ව සිටි කාලයේ මට විශාල තනිකමක් දැනුණා. සමකාලීන වශයෙන් අප දෙදෙනා සංගීත ක්ෂේත්‍රයේ මේ තාක් දුර ගමනක් පැමිණ සිටිනවා. අප දෙදෙනාගේ ජනපි‍්‍රයතාව අඛණ්ඩව රැඳී තිබීමේ සතුට සනත් අයියාත් මමත් නිහතමානීව බෙදා ගන්නවා.” මේ ඊට සනත් පැවසූ දේය. “වික්ටර් අබිබවා ගොස් මට සොයා ගැනීමට ස්ථානයක් නැතුවා සේම මා අබිබවා ගොස් වික්ටර්ට සොයා ගැනීමට තැනකුත් නැති බව අප දෙදෙනා විසින් ම දැන ගැනීම අපේ මිත්‍රත්වයේ පදනමයි. එදා අප වෙන් කළ බලවේග අද දූවිලි බවට පත් වෙලා.”



    සනත් – වික්ටර්, වික්ටර් - සනත් ඔබ දෙපළට චිරං ජයතු.





    නුවන් නයනජිත් කුමාර
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ප. ලි : මේ විචාරය ඉතා අසම්පූර්ණ විචාරයකි. මෙම ගීතය පිළිඹදව පොතක් වුවත් ලිවිය හැකි බව මගේ අතිශය පුද්ගලික මතයයි.
    ඔබ මුනගැසී දෙඩූ පළමු අවස්ථාවේ ම මා හට තේරුම් ගියේ මා මෙන් ම තව මිනිසෙකු මේ මිහිමත බව වෙසෙන බවය. අනුන් වෙනුවෙන් තම සතුට කැප කරන, අප්‍රතිහත ධෛර්යයෙන් යුතු, තම දුක තමා ම විද ගෙන ජීවත් වන පහන් කන්දක් වැනි මිනිසුන් මා වැනි මිනිසුන් ලෙස මම සරලව දකිමි. පහන් කන්ද හාත් පස ආලෝකමත් කරන මුත් එහි පාමුල සදා කාලිකව ම වැතිර සිටින්නේ රුදුරු වු අන්ධකාරයයි.

    මේ විචාරය කියවා මම එය ස්ථිර කොට ගතිමි. එයට හේතුව, ඔබ සේ ම මා ද, මේ ගීතය තමා ගේ ගීතය යයි සිතන බැවිනි. එයින් කියවෙන දේ අත්විද ඇති හෙයිනි. තවමත් අත්විදිමින් සිටින හෙයිනි.

    අන්තිම කැමැත්ත ලෙස මාගේ සොහොනෙහි සොහොන් ගල නිර්මානය කරමි. එහි ඇත්තේ මේ ගීතයයි.

    ලංතාවට පැමිණි දිනක සායනයට පැමිණිය යුතු බව සිතමි. අප දෙදෙනා ගේ ජීවිත වල බොහෝ දේ බොහෝ සමාන බව දකිමි. අපිට බොහෝ දේ ගැන කතා කරන්නට තිබෙන බව සිතමි.

    ඔබ වැන්නෙක් හමුවීම පූර්වාත්ම කුශලයක් ලෙස සළකමි.
     
    • Like
    Reactions: shaminda peiris

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔබ මුනගැසී දෙඩූ පළමු අවස්ථාවේ ම මා හට තේරුම් ගියේ මා මෙන් ම තව මිනිසෙකු මේ මිහිමත බව වෙසෙන බවය. අනුන් වෙනුවෙන් තම සතුට කැප කරන, අප්‍රතිහත ධෛර්යයෙන් යුතු, තම දුක තමා ම විද ගෙන ජීවත් වන පහන් කන්දක් වැනි මිනිසුන් මා වැනි මිනිසුන් ලෙස මම සරලව දකිමි. පහන් කන්ද හාත් පස ආලෝකමත් කරන මුත් එහි පාමුල සදා කාලිකව ම වැතිර සිටින්නේ රුදුරු වු අන්ධකාරයයි.

    මේ විචාරය කියවා මම එය ස්ථිර කොට ගතිමි. එයට හේතුව, ඔබ සේ ම මා ද, මේ ගීතය තමා ගේ ගීතය යයි සිතන බැවිනි. එයින් කියවෙන දේ අත්විද ඇති හෙයිනි. තවමත් අත්විදිමින් සිටින හෙයිනි.

    අන්තිම කැමැත්ත ලෙස මාගේ සොහොනෙහි සොහොන් ගල නිර්මානය කරමි. එහි ඇත්තේ මේ ගීතයයි.

    ලංතාවට පැමිණි දිනක සායනයට පැමිණිය යුතු බව සිතමි. අප දෙදෙනා ගේ ජීවිත වල බොහෝ දේ බොහෝ සමාන බව දකිමි. අපිට බොහෝ දේ ගැන කතා කරන්නට තිබෙන බව සිතමි.

    ඔබ වැන්නෙක් හමුවීම පූර්වාත්ම කුශලයක් ලෙස සළකමි.

    එසේය. අනිවාර්යයෙන් හමුවිය යුතුය.

    ඔබගේ උපහැරණයට ආචාර කරමි. ජීවිතයේ මට හමුවූ ඉතා සුළුතරයක් වූ සැබෑ සහුර්ධයන් අතරට තවත් අයෙක් එක්වීමේ නිරාමිස ප්‍රීතිය ආස්වාදනය කරමි.:)
     
    • Like
    Reactions: Lionden

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගායනය, වාදනය, සංගීතය කලාවක් ලෙස මෙරට පැවති බවට සාධක ලාංකේය ඉතිහාසයේ මූලාරම්භය තෙක් දිව ගියත් සංගීත ශිල්පීන් අපට නාමිකව හමුවන්නේ මහනුවර යුගයේදී ය.
    සනත් – වික්ටර්, වික්ටර් - සනත් ඔබ දෙපළට චිරං ජයතු.





    නුවන් නයනජිත් කුමාර

    සෑහෙන වටිනවා මචන්.තෑන්ක්ස්.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....
    ඇය - හලෝ.... හැපි බර්ත්ඩේ....
    මම - තැන්ක්යූ තැන්ක්යූ... කව්ද මේ..............?
    ඇය - හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද....? හරි හරි කමක්නෑ ඔන්න මම විෂ් කලා... මාව අදුන ගත්ත වෙලාවක මැසේජ් එකක් දාල තියන්න.

    හරස්පද ප්‍රෙහේලිකාවකි... මතක් කරන්නට උත්සාහ කලෙමි... අද ගුරුවරයෙක් උවත් පාසල් සමයේ අපි සැවොම පෙම් කුරුල්ලන්ය ඉතින් මතක් කරන්නේ කෙසේද? නමුත් ඇය මට ඉගියක් දුනි... ඒ නම් “හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද” යන්නයි...
    මම මතක් කලෙමි බිරිද මුණ ගැසී වසර හයකි. වසර හයක් යනු හැම අවුරුද්දක්ම නොවේ.. අරය අදුනගෙන අවුරුදු 7යි ඒත් විෂ් කලේ නෑ... මේ ආකාරයට මම චරිත සොයන්නට වීමි... හත්දෙවියනේ යටිබඩේ සිට වේදනාවක් ඔළුව පසාරුකරගෙන යමින් මතක් විය... ඇත්තය 1995 සිට 2016 දක්වාම සෑම අවුරුද්දකම ඇය මට උපන්දිනයට සුබපතන්නීය... මට ඇයගේ උපන්දිනය තබා සම්පූර්ණ නමවත් මතක නැති වෙත්දී ඇය මේ අවුරුද්දෙදිත් මට සුභ පැතුවාය.... ඒ වෙන කිසිවෙක් නොව මාගේ ප්‍රථම ආදරයයි......

    ඒත් අරුමය ඇය දැන් දෙදරු මවකි... මා එක් දරු පියෙකි... අප තුල සිහිනෙනුදු වැරදි හැගීමක් නැත... ඇත්තේ උතුම් වූ කුළුදුල් ප්‍රේමය නාමයෙන් ඇති භක්තියයි... මා රිත්‍රියේ සිය දහස් වාරයක් කල්පනා කලෙමි... හදවත තුලින් සරාගික නොවන උතුම් සෙනෙහසක් ගලා එයි... ඒ වෙන කිසිවක් නොවෙයි වැඩිහිටි අපේ සිත් තවමත් හිරිමල් ආදාරයට දක්වන ගෞරවය පිළිබදවයි... ඒත් මෙය මාගෙ බිරිදට කෙසේ වටහා ගත හැකිවෙයිද?

    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා //


    දිනක් මාගේ පුතුට බෙහෙත් ගන්නට බිරිද හා ගිය වෙලාවක ඇයද ඇයගේ දියණියට බෙහෙත් ගන්නට පැමිණ සිටියාය... මා ඒ අසලටවත් නොගියෙමි... එහෙත් අම්මලා දෙදෙනා හරි හරියට දරුවන් ගැන කතාවය... දරුවාට වඩා ඇයගේ නෙත් මා අසලය... මාද එසේමයි... එනමුත් දැන් අප වැඩිහිටියන්ය අතීතය අගුලු දමා, ඒ යතුර කඩාදමා විසිකර ඇත්තේය. එකම නගරයක, හූවක මානයේ සිටින ඇය ඇයගේ දරුවන් දෙදෙනා සමග සිටිත්දී අනේක වාර වලදී මුණ ගැසේ. ඒත් ඇයත් මමත් හිත රිද්දන නොරිද්දන ගැටළුවක පැටලී ඇත.. එනම් අපගේ කාලත්‍රයන්ය... ඇය මුණ ගැසුණු ගස් වැල් අසල ඇය හමුවත්දී අප නිහඩය... ගස් වැල් හඩ නගති.. විලාප ගසති... මල්පෙති කොල සලති... එනමුදු ඇය මාද, මා ඇයද නොදන්නා සේ යත්..

    ගහ කොළද මල් පිපේ
    ඇළදොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ
    ඒ රුවට රැවටුනේ


    ස්පර්ශයකුදු නොකල පාසල් ප්‍රථම ප්‍රේමය නිකලැල්ය... එහෙත් ධෛවය පෙන්වන ගමන අප යායුතුමය... එබැවින් ආදරියේ... කල හැක්කේ එකම එකකි.. ඔබ මටත්, මා ඔබටත් කල නිර්මල ප්‍රේමය නිකලැල් පිවිතුරු උතුම් ඌ එකක්ම බව දන්නේ අප දෙදෙනාම පමණි.. මේ ලොව එය තේරුම් ගත හැකි කිසිවෙකුත් නැත... ඉන් අර්ථ ගැන්වෙන්නේ දැන් ඔබ හා මා සතු උන් දෙවැන්නැන් බව නොවේ... එයද ඔවුනට තේරුම් ගත නොහැක... ඉදින් කල යුත්තේ, කල හැක්කේ... මා කරනා දෙයම පමණි...
    එපා මට තවත් උපන්දින සුභපැතුම්... ඔබ මා ගැනත්, මා ඔබ ගැනත් තරම් දන්නා කෙනෙක් තවත් වෙත්ද? ඉතින් අපි මියැදෙන තෙක් ඒ හැගීම් සිරකරගෙන ඇස්කන් පියාන, හදවතින් අපි ගැන බලමු... ඒ ධෛවය අපට ලබා දුන් දෙය නොවැ.. ඒ නිසාවෙන්ම අපි ගැන නොව අපේ බිරින්දෑවරු, සැමියන්, දරුවන් වෙනුවෙන් අනිත් දවසෙදි...
    අපි නන්නාදුනන අය වගේ මුණ ගැහුණම වෙන්වෙලා යමු. අපි අපේ දුක අපි දෙන්නගෙ හිතේම තියාගෙන ... අපේ උන් වෙනුවෙන්....

    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා


    බුදු සරණයි ඔයාට
    මම සස්ලිට්

    (පෙර මෙන් ලියනට නොහැක , නමුත් කිඹුලා සහ සහෝල සියල්ලටම සහායක් වීම සදහා ලියූවෙමි.:sorry:)



    ඒ මා ප්‍රථම ප්‍රේමය හා ගණුදෙනු කල ආකාරයයි... ඒත් ඇතමෙක් මේ ලෙසින් සිතයි නම් එය අරුමයකැයි මා නොසිතමි.. එහෙත් නොකලයුත්තකැයිද සිතමි...
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    (මමත් තාත්තෙක්) ඒත් අද මහ පුදුම දවසක්?

    ඒ දිනය 2014 මැයි මස 13 වෙනි දින... මගේ බිරිදට දරුවා ලැබෙන වේදනාව දැනිනි...ඒයි මට අමාරුයි ඒයි.. ඇය කී විගසම වා වාහනය රැගෙන රෝහලට ඇය ගෙන ගියාය.. බයක් නැත සියල්ලම වෛද්‍යවරුන් කීපරිදි සූදානම් කර තිබූ නිසා ඇය රෝහලට ගෙන අවශ්‍ය ප්‍රතිකාල කලේය.. වේලාව පාන්දර 4.00ය ... තාත්තා ලෙස මාගේ හිත ලොකු යුද්ධයකි කොල්ලෙක් බව දනිමි... කොල්ල සුදු වෙයිද, මොනව හරි ප්‍රශ්ණයක් වෙයිද? මූණ කැත වෙයිද? කකුල් අත් හරියට තියේවිද? මට ප්‍රශ්ණ කෝටියකි... ඒ මැද බිරිද හොදින් ඉදීවිද... සිතමින් මා රෝහලේ ඇවිදිමි....

    මේ අතරේ මා හොදින් දන්නා ඇතැම් වෛද්‍ය යහාළුවන් පැමිණ මචං දැන්ම ළමය ලැබෙන්නෑ උඹ ගෙදර ගිහින් වරෙන්... මාව සනසා යයි.. උදේ 4ට පැමිණි මා සවස 2 වන තෙක්ම සිටියෙමි.. ලැබෙනා ලමුන් ගැන වාට්ටුව ඉදිරියේ පලවේ මගේ නම නැත එබැවින් මා ගෙදර පැමිණ මදක් විවේක ගත්තෙමි... හදිස්සියේම වෛද්‍ය මිතුරෙක් මා ඇමතුවේය.. මචං උඹට කොල්ලෙක් ඉන්නවා ඔන්න 4.05ට ලැබුනෙ දැන්ම වරෙන්... මා ගියා නොව ඉගිලුනාය... අත්දැකීම් නැති මා බෝල සූකිරි කොල්ලෙක් බලන්ට ඉගිලුනාය...ඒත්....

    රෝ්හලට ගිය විගස කෝ තාත්ත එන්න කියා මා රැගෙන දරුවා ලගට ගෙන ගියේය.. දෙවියනේ.. පපුව තුලින් වේදනාවක් පැමිණෙයි.. මේ මා සිතූ ලමයාද.. ඔලුව කුල්ලක් මෙනි , ඇග රතු ලප වලින් පිරිලාය සිතා ගත නොහැක.. ඒත් මගේ බිරිද දරුවා තුරුළු කරන් සෙනෙහසිනි... මා සිතුවිලි පසෙක දැමූ මා දෙදෙනාවම තුරුලු කර ගත්තෙමි....

    ඒ මාගේ බොලද නොදැනුවත් කමයැ... දරුවන් උපදින්නේ ඒ ලෙසින් බව මා දැන නොසිටියෙමි... ටිකෙන් ටික මා පුතු සුන්දර සෙනෙහෙබර විය.... ඔබ මෙලෙස දකින විටදි ආදරේ නැති වෙන්නේ කාටද පුතේ....
    WZD1HRk.jpg



    ඒත් ඊයේ දිනේදි අම්මා මා සමග රණ්ඩු උනා නොවැ.. පවුල් ජීවිතේ මේ වගේ දේවල් සාමාන්‍යයි පුතේ... ඒත් වැඩේ කියන්නෙ... අම්ම එහා කාමරේ තරහින් ඉන්දෙද්දිත් මයෙ පුතා ගියේ නෑ මාව දාල.... මේ ලෝකෙට ආපු වෙලේ මගේ හිත කැලඹුනා ඔයාගෙ හැටි දැකල මෝඩ කමට මගේ... ඒත් මගේ පොඩ්ඩ අම්ම කුක්කු එපා,මට අප්පච්චි ඕන කිය කිය මා ලගම හිටිය... ඉතින් මයෙ පුතේ... පුතාගෙ බඩ පුරවන කුක්කු වලට වඩා මාව වටිනවද පුතේ... මේව ඇහෙද්දි උඹ වෙනුවෙන් මැරෙන්න පුළුවන් මයෙ පුතේ....

    අම්ම ලගට යන්නෙ නැති... මයෙ පුතේ...දැන් මම කෝමද මගේ රත්තරන් නිදි කරන්නෙ... ඔයා මගේ උරහිසෙන් බහින්නෙ නෑ.. අද මම ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ... ඒත් ඔයා ඉන්න කොට පුදුම රසයක්, සතුටක් පුතේ... ඇත්තටම කියනවනම් මේක අම්මට කියන්න එපා හරිද?... අම්ම එපා කියල මගේ ලගට වෙලා ඉදිද්දි මට දැනෙන්නෙ මම සක්විති රජ්ජුරුවො වගේ මගෙ පුතේ....

    හා හා දැන් ඇති පුතේ...
    දැන් ඔන්න ඈත ආකාසෙ කලු වෙලා
    කෝ එක තරුවක්වත් නෑ පෙන්න...
    අම්මේ පු‍තෝ.... ඔන්න මටත් බයයි...
    කෝ මගේ පුතා නිදියන්න...
    මගේ උරහිස බදාගෙන දොයියන්න...
    උඹටත් මටත් අම්ම ඕන, ඔය කීවට රහසින් හරි ඒවි අම්ම අපි හොයාගෙන මයෙ අම්ම නිදියන්න....
    අපි බලමු අම්ම හෙට එයිද කියල අපි දෙන්න ලගට දූවගෙන...:D

    තරු පායන රැයේ තරින්දා
    තව නීලඹරේ නෑ පායා
    දැන් තාත්ත දෑතේ නාඬා
    නැළවී නිදියන්න පුතා මා
    .
    මේ යහනේ මින් පෙර පාවී
    පුතු නැළවූ ඒ සංගීතේ
    යළි ආයෙ ඇහෙන්නේ නැහැනේ
    හඬ ගොලු වී මැකුණා ඈගේ
    අඳුරේ තනි වීය ලොවේ මේ
    අප දෙදෙනා සෝක වියෝගේ
    දැන් තාත්ත දෑතේ නාඬා
    නැළවී නිදියන්න පුතා මා
    .
    මේ නිදනා සන්සුන් යාමේ
    පුතු දකිනා සෝක සිහිනේ
    රහසේ ම ඇවිල්ලා අම්මා
    ඔබ නළවා සනසා යාවී
    පුතුනේ පවසන්න එවේලේ
    අප විඳිනා සෝක වියෝගේ
    දැන් තාත්ත දෑතේ නාඬා
    නැළවී නිදියාවි පුතා මා

    කලකට පසු ඉඩක් ලැබුනු නිසා ලීවෙමි.. තවත් ඉඩක් ලැබුණු දිනෙක ආදරණීය මල්ලිලා සහ අපේ දතා වෙනුවෙන් පැමිණෙමි...සුරා

     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,378
    113
    ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....


    11.gif
     
    • Like
    Reactions: sasliit

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....
    ඇය - හලෝ.... හැපි බර්ත්ඩේ....
    මම - තැන්ක්යූ තැන්ක්යූ... කව්ද මේ..............?
    ඇය - හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද....? හරි හරි කමක්නෑ ඔන්න මම විෂ් කලා... මාව අදුන ගත්ත වෙලාවක මැසේජ් එකක් දාල තියන්න.

    හරස්පද ප්‍රෙහේලිකාවකි... මතක් කරන්නට උත්සාහ කලෙමි... අද ගුරුවරයෙක් උවත් පාසල් සමයේ අපි සැවොම පෙම් කුරුල්ලන්ය ඉතින් මතක් කරන්නේ කෙසේද? නමුත් ඇය මට ඉගියක් දුනි... ඒ නම් “හැම අවුරුද්දෙම විෂ් කරන මාව මතක නැද්ද” යන්නයි...
    මම මතක් කලෙමි බිරිද මුණ ගැසී වසර හයකි. වසර හයක් යනු හැම අවුරුද්දක්ම නොවේ.. අරය අදුනගෙන අවුරුදු 7යි ඒත් විෂ් කලේ නෑ... මේ ආකාරයට මම චරිත සොයන්නට වීමි... හත්දෙවියනේ යටිබඩේ සිට වේදනාවක් ඔළුව පසාරුකරගෙන යමින් මතක් විය... ඇත්තය 1995 සිට 2016 දක්වාම සෑම අවුරුද්දකම ඇය මට උපන්දිනයට සුබපතන්නීය... මට ඇයගේ උපන්දිනය තබා සම්පූර්ණ නමවත් මතක නැති වෙත්දී ඇය මේ අවුරුද්දෙදිත් මට සුභ පැතුවාය.... ඒ වෙන කිසිවෙක් නොව මාගේ ප්‍රථම ආදරයයි......






    ඒ තමයි ඇත්තටම "ආදරේ" කියන වචනේ ඇරුත කියල මට හිතෙන්නේ...:yes:




    නන්නාදුනන ලෙසේ මගතොට යළිත් හමුවෙලා - මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

    මගේ ජීවිතේ මං ආසම ගීත කණ්ඩය මේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....
    .
    .
    .
    .
    .
    කලකට පසු ඉඩක් ලැබුනු නිසා ලීවෙමි.. තවත් ඉඩක් ලැබුණු දිනෙක ආදරණීය මල්ලිලා සහ අපේ දතා වෙනුවෙන් පැමිණෙමි...සුරා


    [/CENTER]


    ස්තුති සසෝ.... :love::)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගුරුවරයෙක් ලෙස මා වගකීම් ඇත්තෙකි, හැසිරිය යුත්තෙකි.... පාසලේදී හිටිඅඩියේම දුරකතනය නාද විය... කාන්තා කටහඩකි....


    (මමත් තාත්තෙක්) ඒත් අද මහ පුදුම දවසක්?

    .....






    අම්ම ලගට යන්නෙ නැති... මයෙ පුතේ...දැන් මම කෝමද මගේ රත්තරන් නිදි කරන්නෙ... ඔයා මගේ උරහිසෙන් බහින්නෙ නෑ.. අද මම ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ... ඒත් ඔයා ඉන්න කොට පුදුම රසයක්, සතුටක් පුතේ... ඇත්තටම කියනවනම් මේක අම්මට කියන්න එපා හරිද?... අම්ම එපා කියල මගේ ලගට වෙලා ඉදිද්දි මට දැනෙන්නෙ මම සක්විති රජ්ජුරුවො වගේ මගෙ පුතේ....



    ade pattai.. supiriyata thiyenawa
    dewani eka nam bokkatama waduna..​