හඳුන්කුරු 84,000 ක් සිරිපාදේට ...

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔබ සැමගේ අදහස් දැනගැනීම පිණිස


    ඊයේ රාත්‍රියේ මට හාමුදුරු නමකගෙන් ඇමතුමක් ලැබුනා ලබන වාරේ මාර්තු මස සංවිධානය කිරීමට යන පින්කමක් සම්බන්දව. මේ වගේ පින්කම් අනුරාධපුර, කැලණිය වගේ වන රක්ෂිත වලින් බැහැර බෞද්ධ ස්ථාන වල කොතෙකුත් දැක ඇතත් මෙය සමනල කන්ද ආශ්‍රිතව මෙලෙස කල පින්කමක් පිලිබඳ මින් පෙර අසා දැක නොමැත. එහෙයින් පහත කරුණු පිලිබඳ ඔබගේ අවධානය සහ නිවැරදි අදහස් දක්වන මෙන් බලාපොරොත්තු වෙමි.

    මෙය හඳුන් කූරු පිංකමකි. සතියේ දිනක පවත්වන්න යෝජිත මෙයට ගල්පොත්තාවල පන්සලේ සිරිපාද භාරකාර හිමියන්ගේ අවසරය ලැබී ඇති මුත් මෙය සංවිධානය කරන්නන් වනජීවී අංශය දැනුවත් කල යුතුද නැද්ද කියා කෙසේවෙතත් වනජීවී දෙපාර්තමේන්තුව ගැනවත් දන්නේ නැත.

    උඩ මළුවේ කොන් සතරේ අඩි 10ක උසින් යුතු යෝධ හඳුන්කුරු සවි කරන අතර මෙහි භයානකම සහ පරිසරයට වඩාත්ම හානි දායක දෙය වනුයේ නල්ලතන්නිය මාර්ගයේ මුල සිට උඩ මලුව තෙම හඳුන්කුරු 84,000 ක් දල්වාගෙන යාමයි. මෙලෙස හඳුන්කුරු 84,000 ක් කි.මි.6ක් පමණ දුරැති නල්ලතන්නිය මග දෙපස සවි කර දැල්වීමෙන් මට හිතෙන විදිහට මේ වගේ බලපෑමක් වෙන්න පුළුවන්.
    1. සමනල වගේ රක්ෂිතයක මෙලෙස ඉතාමත් ආගන්තුක ලෙස එක්ව හඳුන්කුරු 84,000 ක් දැල්වීම හේතුවෙන් මාර්ගයට සමීපම ගහ කොළ වලට ගිනි ඇවිලීමේ තර්ජනයක් වෙන්න පුළුවන්, මොකද මාර්තු කියන්නේ සාමාන්යෙන් හොඳට පායන කාලේ. ඒ හින්දා හඳුන්කුරු 84,000 ක් දල්වද්දී යම් වැරදීමකින් හෝ ගිනි කුරු විසිකිරීමෙන්, ගිනි පුපුරු විසිවීමෙන් අපි නොසිතන පරිදි ගින්නකට මුලාරම්භය වෙන්න පුළුවන්. මොකද ඔච්චර හඳුන්කුරු ප්‍රමානයක් දල්වද්දී ගින්දර මෙම රක්ෂිතයේ වියලුනු ගහකට කොලෙකට හෝ පඳුරකට ඇවිලුනොත් වෙන්න පුළුවන් විනාශය අපිට හිතන්නවත් බැහැ.

    2. 84,000 ක් පමණ හඳුන්කුරු දුම අපිට හුරුපුරුදු වුනාට මේ රක්ෂිතේ දිවිගෙවන වන ජිවින්ට නම් නුහුරු දෙයක්. එක පාරටම මෙච්චර ප්‍රමාණයක දුමක් රක්ෂිතයට මුසු වෙද්දී ඒ දුම ගව ගානක් දුරට රක්ෂිතේ ගහකොළ සිසාරා පැතිරෙන්න පුළුවන්. මේ නුහුරු ආගන්තුක දුම හින්දා සමනලුන්, කුරුල්ලන්, වඳුරන්, කෘමි සත්තුන්, කටුස්සන්, සර්පයන් ආදී සත්තුන්ගේ චර්යාවන්ට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අනික කොටියා, මුව, වල් ඌරා, මීමින්නා වගේ සත්තුන්ට මේ දුම අග්‍රහණය වීමෙන් නොයෙක් සංකුලතා නැත්නම් උන්ගේ හැසිරීම් රටාවේ වෙනසකට මුල පුරන්න පුළුවන් නේද? මොකද මෙපමණ සුවඳ දුමක් ආග්‍රහණය කිරීම උන්ගේ චර්යා රටාවේ නැති හින්දා. විශේෂයෙන් මෙවැනි බලපෑමක් එල්ල වෙන පුළුවන් දෙයක් සත්තුන්ට උනොත් එක්කෝ උන් එයින් මිදී තම සුපුරුදු වාසස්ථාන වලින් පන යන්න උත්සහ දරයි නැත්නම් මේ දුම අග්‍රහණය වීමෙන් සත්තු ප්‍රකෝපකාරී වෙන්න පුළුවන්.

    3. ස්වභාවික උත්පාදනයක් ඇති ප්‍රධාන මර්මස්ථානයක් බඳු සංවේදී පරිසර පද්ධතියක් සහිත සමනල රක්ෂිතයට හෝරා කීපයක් තුල හඳුන්කුරු 84,000ක් සහ ආදී 10 උසැති උඩ මළුවේ හඳුන්කුරු 4 සහ නල්ලතන්නියේ පටන් ගැන්ම ළඟ සවි කරන්න ඉන්න අඩි 50ක් උසැති හඳුන්කුර හේතුවෙන් පරිසරයේ සමතුලිතතාවයට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද රක්ෂිතයේ ගහ කොළ හො ඒ පරිසර පද්ධතිය මෙවැනි විශාල කෘතීම රස්නයක් සහ විශාල කෘතීම දුමක් දරාගන්න පුළුවන් වෙයිද? විශේෂයෙන්ම නල්ලතන්නිය මග දෙපස වැවෙන විවිධ ඕකිඩ් වර්ග, මල් වර්ග, පැළෑටි වර්ග වලට මෙය නිතැතින්ම තර්ජනයක් වෙනවා. එක දවසකින් කරලා ඉවර කරන දෙයක් වුනාට කි.මි.6ක දුරක් නල්ලතන්නිය මග දෙපස හඳුන්කුරු 84,000ක් දැල්වීම නිසා පරිසර පද්ධතියට වන බලපෑම වසර ගණනක් වෙන්න පුළුවන් නේද?

    4. මග දෙපස සිටවන හඳුන්කුරු 84,000 සහ උඩ මළුවේ සවි කරන අඩි 10 උසැති හඳුන් කුරු 4 දැල්වී අවසන් වෙන අළු ටික රක්ෂිතයේ ඇති සුළගත් එක්ක පරිසරයට නිකන්ම මුසු වෙනවා. ඊටත් වඩා හඳුන්කුරු 84,000 අළු පරිසරයට මුදා හැරීම කොපමණ හානියක්ද මන්ද මෙම අළු එක්රැස් කොට ඉවත් කිරීමටත් නොහැක. හුළගට අළු විසිවීම් වෙන්න පුළුවන් නිතැතින්ම, ඒවා කුඩා කෘමි සත්තුන්ට මල් වර්ග වලට අනෙකුත් වන ජිවින්ට සහ විශේශයෙන්ම ජලයට මුසු වෙන්න පුළුවන්, එකෙන් වෙන්නේ තවත් හානියක් නොවේද? අනෙක හඳුන්කුරු දුම පිලිකකාරක නොවේද?

    5. කොපමණ සැලසුම් තිබුනත් මෙම කර්තව්‍යයේදී නිතැතින්ම අප ද්‍රව්‍ය පරිසරයට බැහැර වීමක් වෙන්න පුළුවන්. හඳුන්කුරු 84,000ක් දල්වන්න ගින්දර භාවිතය සහ ඒවා සවි කිරීමට කෙසෙල් බඩ හෝ වෙනත් යමක් භාවිතා කිරීමේදී නොයෙක් නොයෙක් ද්‍රව්‍ය එහෙම්මම කැලේට විසි කරන්න පුළුවන් කාටත් නොපෙනීම. අනික මෙම පිංකම ඉවර වුනාට පස්සේ ඒ ශ්‍රද්ධාවෙන්ම මේවා ඔක්කොම පිළිවෙලට සුද්ධ කරලා නල්ලතන්නියේ පාලම අසලට රැගෙන ඒවිද? නැත්නම් ශේප් එකේ කැලේට හෝ කැලේ ටිකක් තුලට වෙන්න විසිකරලා දාලා අළු කරලා දාල ඒවිද? මෙපමණ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිසි පරිදි බැහැර කරනවයි කියලා සහතික වන්නේ කෙසේද?

    මෙය පිංකමකි, බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවන්ත කර්තව්‍යකි. මෙය සංවිධානය කරන හමුදුරුවන් මට කතා කර මෙය පැවසුවද මෙය මා මෙලෙස ඔබ වෙත පැනයක් ලෙස ඉදිරිපත් කරන්නේ සමනල රක්ෂිතය මට ගොඩක් වැදගත් ඉසව්වක් වන හෙයිනි. මෙවැනි පින්කමක් එක වරක් පවත්වනවා යනු තව දහස් වරකට මෙවැනි පින්කම් වලට මග විවර වෙනවා යන්නයි.එසේ වුවහොත් භාරකාර හාමුදුරුවන් නිතැතින්ම අවසර ලබා දෙමින් සිටින අතර රක්ෂිතයට වෙන හානිය දෙස බලා කවි ගී වැල් ලියලා පලක් නොවනු ඇත. රක්ෂිතය සහ එහි භාරකාරීත්වය අතර ඇති පරස්පර තත්ත්වයන් පිලිබඳ දන්නෝ දනිතියි කියා ම සිතමි.

    - ⓒShaminda Ranshan fb : සමනල කන්ද රසික එකතුව
    https://www.facebook.com/groups/SripadayaFans

    ඇයි බන් බහුජ්ජයො මෙච්චර ගොං... හාමුදුරුවොත් එහෙයියා කියන්නෙ ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    hamuduruwanta kiyapan oka amisa poojawak witharai kiyala. prathipaththiya rakinna kiyapan. oken wenne parisarayata loku aulak.
     
    • Like
    Reactions: dilann

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    අල්ලාගෙ ලෙවකන ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්..
    Umba hena gon comment bung danne,kamak naha mewa kiyawala api mara athal ekak ganne 🤣🤣🤣
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    Blind faith
    What people don't understand is religion and politics are nothing but same.
    Both is based on one person's ideology
    Both tries to grow their Follower base
    Both contains majority of blind Followers
    Both act as they are correct and rest are wrong


    Applicable to all political parties and religions
     
    • Like
    Reactions: rakitha9 and dilann

    HellooWorldd

    Junior member
  • Feb 28, 2018
    34
    8
    8
    Aiyo pansal saha hamuduruwo gana katha karanna epa ban. Ge ehapatte pansalak thiyanawa hamadama hawasatai, poya dawasatai gedara inna ba loudspeaker sadde. Adu karala daanna kiwwata ahanneth na decibel 90 - 100 saddeta danawa. Thamange wada walin anith minissunta karadarayak wenawa neda kiyala hithannawath molayak na.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,094
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එක පාරකට ඕක කරා කියල නම් ලොකු පරිසර හානියක් වෙන්නේ නැති වෙයි.
    ප්‍රතිපත්ති සීන් එක වැඩිය සෙට් නැති හින්ද ආමිස සීන් එකෙන් ගොඩ යාමක් තමා තියෙන්නේ සිංහලුන්ට :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවෝ හිටියනං "මුන් හැම අවුරුද්දෙම පෝලින් ගැහිලා ඇවිත් කුණු පුරවල යනව මදිවට තව හඳුන්කුරු ගහන්නත් එනව හපොයි මේ අගේට තියෙන ලස්සන කන්දක් උඩ සිරිපතුලක් තියල මම කරපු මෝඩකමක්" කියල හිතයි :baffled:
     
    • Like
    Reactions: stasia and dilann

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අපේ ඉන්න මොන්ගල් බෞද්ධයන් කියන හරක් රුලයි හාමුදුරුවෝ කියන හිගන හැත්තයි එකතුවෙලා කරන ගොන් වැඩ ආණ්ඩුවේ වගකියයුත්තනට කියලා තහනම් කරන්න ඕනේ. මුන් අපේ උරුමය වනසනවා.දෙතුන් වතාවක් රුවන්වැලි සෑය කනවා. ඊළඟට තව කොහේ හරි කනවා. අඩුවකට තිබ්බේ සිරීපාදේ විතරයි එකක් කන්න හදනවා.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකේ originalපෝස්ට් එකට ගොඩක් අය බැනලා තිබුනා. සිරීපාදේ කියන්නෙ අධි සංවේදි පරිසර කලාපයක්. හදුන් කූරු 84000ක් පත්තු කරාම කොච්චර දුමක් පරිසරයට එකතු වෙනවද. අනික දැන් කාලේ හදුන්කූරුවල සුවද ගන්නේ කෙමිකල්වලින්. මේවා පරිසරයට තියා මිනිස්සුන්ටවත් හොද නෑ. මම නම් මේවගේ වැඩවලට විරුද්ධයි.
     
    • Like
    Reactions: dilann

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ප්‍රතිපත්ති සීන් එක වැඩිය සෙට් නැති හින්ද ආමිස සීන් එකෙන් ගොඩ යාමක් තමා තියෙන්නේ සිංහලුන්ට
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බුදුහාමුදුරුවෝ හිටියනං "මුන් හැම අවුරුද්දෙම පෝලින් ගැහිලා ඇවිත් කුණු පුරවල යනව මදිවට තව හඳුන්කුරු ගහන්නත් එනව හපොයි මේ අගේට තියෙන ලස්සන කන්දක් උඩ සිරිපතුලක් තියල මම කරපු මෝඩකමක්" කියල හිතයි :baffled:

    සිරිපතුල තියන්න තිබ්බේ ලෝකාන්තේ මරුමුස් පොට් එකක. එතකොට ඔය වගේ විකෘති කරන උන් ටික අඩුවෙනවානේ. පල්ලෙහායින් එකතු කරගන්න එකයි තියෙන්නේ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Elakiri eke owata wirudda gobbayangen ahanna deyak naa. Amisa poojawa Budurajanan wahanse anumatha karala tiyenne. One tharam pooja thiyanna katawat karadara nokara.

    Tripitakayet thiyenawa amisa pooja wala anisansha one taram.

    Habai amisa poojawatat wada pratipatti poojawa important bawa mataka tiyaganna.