හම්බන්තොට සිද්ධිය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හම්බන්තොට සිද්ධිය

    කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.

    මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.

    උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.

    හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?

    මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.

    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් ආණ්ඩුවලට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..

    (උපුටා ගැනීමකි)
     
    • Like
    Reactions: RegularUser

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තරාතිරම කෙසේ උවද වැරද්දට දඩුවම් ලැබිය යුතුය
     
    waligamaya

    Well-known member
  • මුන් බූරුවෝ උද්ගොශ්නය කාරනාව කියලා කරන්න ඕන අන්තිම දේ ඉස්සෙලා කලහම වැඩේ නැට්ටේ ඉදන් ගොම. කොලබ උන්ගෙන් අහන්න තිබුනා කොහොමද වර්ජනයක් උද්ගොශ්න්යක කරනේ කියලා. නැව හිරකරන් ඉන්නවා කියන්නේ පැහැර ගත්තා වගේ තමයි. මුන්ට තිබුනේ ග්‍රන්ට්‍රිය බලා පැත්තකට වෙලා ඉන්න. නැවේ operation ප්‍රමාද කරන එතකොට අදිකරියට ප්‍රමාද ගස්ස්තු ගෙවන්න වෙනවා එකයි ක්‍රමේ, එකෙන් කේවල් කරනවා
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මුන් බූරුවෝ උද්ගොශ්නය කාරනාව කියලා කරන්න ඕන අන්තිම දේ ඉස්සෙලා කලහම වැඩේ නැට්ටේ ඉදන් ගොම. කොලබ උන්ගෙන් අහන්න තිබුනා කොහොමද වර්ජනයක් උද්ගොශ්න්යක කරනේ කියලා. නැව හිරකරන් ඉන්නවා කියන්නේ පැහැර ගත්තා වගේ තමයි. මුන්ට තිබුනේ ග්‍රන්ට්‍රිය බලා පැත්තකට වෙලා ඉන්න. නැවේ operation ප්‍රමාද කරන එතකොට අදිකරියට ප්‍රමාද ගස්ස්තු ගෙවන්න වෙනවා එකයි ක්‍රමේ, එකෙන් කේවල් කරනවා

    :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    15492052_1827845630829269_8272365529825300915_n.jpg
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුන් බූරුවෝ උද්ගොශ්නය කාරනාව කියලා කරන්න ඕන අන්තිම දේ ඉස්සෙලා කලහම වැඩේ නැට්ටේ ඉදන් ගොම. කොලබ උන්ගෙන් අහන්න තිබුනා කොහොමද වර්ජනයක් උද්ගොශ්න්යක කරනේ කියලා. නැව හිරකරන් ඉන්නවා කියන්නේ පැහැර ගත්තා වගේ තමයි. මුන්ට තිබුනේ ග්‍රන්ට්‍රිය බලා පැත්තකට වෙලා ඉන්න. නැවේ operation ප්‍රමාද කරන එතකොට අදිකරියට ප්‍රමාද ගස්ස්තු ගෙවන්න වෙනවා එකයි ක්‍රමේ, එකෙන් කේවල් කරනවා

    උන් නැව් හරි හිරකරන් හිටියා වරාය විකුනන ඒක උන්ගේ ජොබ් ඒකට කෙලවන ඒකට විරුද්ධව උන් නෙවයි බූරුවෝ මේවා බලන් රටේ ඉන්න උන් තමයි බූරුවෝ ලේවාය ගුවන් ෙතාටුපල අැතුලු රටේ සියලු සම්පත් වික්කම අායේ සිරි ලංකාව නැගිටිනවා බොරු කට්ටියට වන ගත වෙලා අැට ෙදක විකුනන් කාලා ජීවත් ෙවන්න තිෙයන්ෙන්
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උන් නැව් හරි හිරකරන් හිටියා වරාය විකුනන ඒක උන්ගේ ජොබ් ඒකට කෙලවන ඒකට විරුද්ධව උන් නෙවයි බූරුවෝ මේවා බලන් රටේ ඉන්න උන් තමයි බූරුවෝ ලේවාය ගුවන් ෙතාටුපල අැතුලු රටේ සියලු සම්පත් වික්කම අායේ සිරි ලංකාව නැගිටිනවා බොරු කට්ටියට වන ගත වෙලා අැට ෙදක විකුනන් කාලා ජීවත් ෙවන්න තිෙයන්ෙන්
    ඔව් ඉඳල හිටල එන නැවත් මූදුකොල්ලකාරයො වගේ බලහත්කාරයෙන් රඳවගත්තම උන් ආයෙ ඔය වරායෙ පැත්ත පලාතෙ එන එකක් නෑ.
    ලොව ලොව ඉන්න හරි තියන නැව් ටිකත් නතර වුණාම ආණ්ඩුවෙන් තව විකුණන්න තමා බලන්නෙ.
    එක්කො උං වරායෙන් ලාබ ලබන හැටි පෙන්නන්න ඕනෙ.
    නැත්තන් අහක යන නැවක් අල්ලං දඟලන්නෙ නැතුව වරාය අධිකාරිය වටලලා ඇමතියව අල්ලගන්න ඕනෙ.
    :angry:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔව් ඉඳල හිටල එන නැවත් මූදුකොල්ලකාරයො වගේ බලහත්කාරයෙන් රඳවගත්තම උන් ආයෙ ඔය වරායෙ පැත්ත පලාතෙ එන එකක් නෑ.
    ලොව ලොව ඉන්න හරි තියන නැව් ටිකත් නතර වුණාම ආණ්ඩුවෙන් තව විකුණන්න තමා බලන්නෙ.
    එක්කො උං වරායෙන් ලාබ ලබන හැටි පෙන්නන්න ඕනෙ.
    නැත්තන් අහක යන නැවක් අල්ලං දඟලන්නෙ නැතුව වරාය අධිකාරිය වටලලා ඇමතියව අල්ලගන්න ඕනෙ.
    :angry:

    Bump
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උන් නැව් හරි හිරකරන් හිටියා වරාය විකුනන ඒක උන්ගේ ජොබ් ඒකට කෙලවන ඒකට විරුද්ධව උන් නෙවයි බූරුවෝ මේවා බලන් රටේ ඉන්න උන් තමයි බූරුවෝ ලේවාය ගුවන් ෙතාටුපල අැතුලු රටේ සියලු සම්පත් වික්කම අායේ සිරි ලංකාව නැගිටිනවා බොරු කට්ටියට වන ගත වෙලා අැට ෙදක විකුනන් කාලා ජීවත් ෙවන්න තිෙයන්ෙන්

    උන්ට වාරාය විකුනුවත් එකයි නැනත් එකයි උන්ට ඕනෙ අධිකාරියෙ රස්සාවල් :baffled:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උන්ට වාරාය විකුනුවත් එකයි නැනත් එකයි උන්ට ඕනෙ අධිකාරියෙ රස්සාවල් :baffled:
    ඒකට ඉතින් ඕක විකුනනකං ඉන්න ඕනද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රඹා;21017123 said:
    ඒකට ඉතින් ඕක විකුනනකං ඉන්න ඕනද?

    මේ අය 2014 රැකියාවට අරගෙන තියෙන්නෙ යහපත් කල්කිරියාවෙන් යුතුව වසර 3 ක් සෙවය කරොත් අධිකාරියෙ රාකියාවක් ලබා දෙන බව කියලා අවුරුදු 3 සම්පූර්න වෙන්නෙ 2017 , 2017ට කලින් වරාය චීන සමාගමට විකුනුවොත් ඒ අයට අධිකාරියෙ රැකියාව සිහිනයක්ම වෙනවා එතකොට කවද හරි විශ්‍රාම වැටුපක් හම්බ වෙන්නෙ නෑනෙ. ඒ නිසා තමයි මේ වෙලාවෙ උද්ගොශනය කරන්නෙ නැතුව වාරාය රැකගන්න නෙමෙයි:(
     
    waligamaya

    Well-known member
  • මේ අය 2014 රැකියාවට අරගෙන තියෙන්නෙ යහපත් කල්කිරියාවෙන් යුතුව වසර 3 ක් සෙවය කරොත් අධිකාරියෙ රාකියාවක් ලබා දෙන බව කියලා අවුරුදු 3 සම්පූර්න වෙන්නෙ 2017 , 2017ට කලින් වරාය චීන සමාගමට විකුනුවොත් ඒ අයට අධිකාරියෙ රැකියාව සිහිනයක්ම වෙනවා එතකොට කවද හරි විශ්‍රාම වැටුපක් හම්බ වෙන්නෙ නෑනෙ. ඒ නිසා තමයි මේ වෙලාවෙ උද්ගොශනය කරන්නෙ නැතුව වාරාය රැකගන්න නෙමෙයි:(

    එහෙම ගත්තේ නැ. වසර තුනක පොබශ්න් කලේ ඇතුලත ගන්නේ ස්ථිර වරයා සේවකන් විදියට මේ කට්ටිය ගත්තේ කිසිම විදිමත් පත්වීම් ලිපියක්වට් නැතුව. එක නාමල් කට වචනෙට කියපු දෙයක්. ඔය කට්ටිය section වලට දන කොට මමත් සහබගිවුනා. ඔතන බහුතරය කොහොම අවත පස්සේ හොදට වැඩකලා.

    මගේ ජිවිතේ පුදුමා කර අද්දැකීමක් තමයි හම්බන්තොට වැඩකරපු කාලේ:)