හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්&
හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ කර්මාන්ත ආරම්භ කිරීමට යෝජනා ලබාදීමට දී තිබුණු කාල සීමාව මාර්තු 15 වනදායින් අවසන් කරන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියා කියයි.
“සමාගම් වලට ගිහින් කර්මාන්ත සඳහා යෝජනා කර තිබෙන අදාළ ඉඩම් බැලීමට පුළුවන්. අදාළ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ගුවන් තොටුපොළ ආශ්‍රිතව අක්කර 150 ක් පමණ වෙන්කර තිබෙනවා.“යනුවෙන් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය නැව්ගත කරන්නන්ගේ ඇකඩමිය විසින් කොළඹදී පැවැත්වූ සමුළුවකට සහභාගී වෙමින් සඳහන් කළේය.
මෙම කර්මාන්ත වලදී ගුවන් යානා නඩත්තු කිරීම හා අළුත් වැඩියා කිරීමේ කර්මාන්ත, ගුවන් පාසැල් යන ව්‍යාපාර වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට සූදානම් වේ.
මෙම ගුවන් තොටුපොළේ පළමු අදියර මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුල් කාර්තුවේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.වික්‍රමසූරිය මහතා පැවසුවේ ගුවන් පථයෙන් සියයට 60 ක් පමණ මේ වනවිට අවසන් කර තිබෙන බවයි.
meya vimasuma web adaviyen uputagath lipiyaki