අනිච්ඡාවත සංඛාරා
හම්බන්තොට දී සිදුවූ හදිසි අනතුරකින් “ ප්රජාතන්ත්රවාදය“ අභාවප්රාප්ත විය. පසුගිය වසර කිහිපය තුළ විවිධ අනතුරු රැසකින් බරපතල ලෙස තුවාල ලබා සිටි ප්රජාතන්ත්රවාදය, මෙවර සිදුවූ අනතුරේදී සදහටම සමුගත්තේය. මෙම අනතුරට වගකිව යුතු පිරිස අතර සහකාර පොලිස් අධිකාරි වරයෙකු, පොලිස් පරීක්ෂක වරයෙකු හා නගරාදිපතිවරයෙකුද සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. සිද්ධිය පිළිබදව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසියක් තෝරා ගැනීමට ද අයදුම්පත් කැදවා තිබේ. අවසන් කටයුතු සිදුකෙරෙන දවස පසුව( බොහො දුරට මීළග මහමැතිවරණ දිනය විය හැක) දැනුම් දෙනු ලැබේ.
මෙයට - ශොකයට පත් ..අවංකවම රටට හා ජනපතිතුමන්ට ආදරය කරන එජනිස පාක්ෂිකයෝ -