හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

NoGod

Member
Feb 7, 2011
134
33
0
ආගම් කියන්නෙ මිත්‍යා දෘශ්ටි මත පදනම් වුණු දේවල්.
හැබයි ආගමික ශාස්තෘ වරුන් කියන්නේ තිබුන මිත්‍ය දෘශ්ටිකත්වයට එරෙහිව හිතන්න ධෛර්ය තිබුන කට්ටිය. ඔවුන් උපතින් දායාද කරපු මිත්‍ය දෘෂ්ටිත්වය බිය නැතිව එලියට දමලා අලුත් සංකල්පයක්, අලුත් දෙවි වරු හඳුන්වා දුන්නා.හැබයි හඳුන්වා දුන්න පුද්ගලයා හොඳින්ම දන්නවා තමන් හදුන්වා දුන්න දෙවිවරු ලෝකයේ නැති බව. හැබයි අපි හිතා ගෙන ඉන්නවා ඒ දෙවිවරු ඉන්නවා කියලා. අද දියුනු උගත් ලෝකයක ඉන්න අපි හිතා ගෙන හිටියට මේ දෙවිවරු මේ ලෝකයේ සිටිනවා කියලා, මේ දෙවියන් හදුන්වා දුන්න නොදියුනු, නූගත් සමාජයක සිටි පුද්ගලය දැනගෙන හිටියා මේ දෙවිවරු නෑ කියලා.මේක සරලව හිතලා තෙරුම් ගන්න පුලුවන්. එහෙම නැත්නම් ඔබ අදහන ආගම එලිකරපු මිනිසා මානසික රෝගියෙක් වෙන්නත් පුලුවන්. ඔහුට ඔහුගේ මානසික රෝගය නිසා දිස්වෙන , හිතෙන , ඇහුන දේවල් වලට අපි අද දණ ගහලා වදිනවා වෙන්නත් පුලුවන්.නමුත් මට හිතෙන්නේ මේ අය කපටි, වංචනික බොරු කාරයන්. අද ලෝකට අලුත් ආගමක් අරගෙන මිනිහෙක් ආවොත් අපි පිලිගන්නවා නේද ඔහු කපටියෙක් කියලා.මම හිතනවා හැමෝම තමන් අදහන ආගමට පක්ෂව විතරක් නෙවෙයි, විපක්ෂවත් සතියකට පැයක් දෙකක් වත් හිතන්න ඕනී.හැබයි හුඟක් අය අනුන්ගේ ආගමට එරෙහිව හිතනවා.තමන්ගේ ආගමට එරෙහිව හිතන්නේ නෑ. හැම ආගමිකයම කරන්නේ ඒක නේද? අගාමික ශාස්තෘ වරුන් කියන්නේ තමන්ගේ ආගම, වගේම අනුන්ගේ ආගම්වල වැරදි කියලා අලුත් දෙයක් හඳුන්වා දුන්න අයනේ.
 
Last edited:

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හැබයි ආගමික ශාස්තෘ වරුන් කියන්නේ තිබුන මිත්‍ය දෘශ්ටිකත්වයට එරෙහිව හිතන්න ධෛර්ය තිබුන කට්ටිය. ඔවුන් උපතින් දායාද කරපු මිත්‍ය දෘෂ්ටිත්වය බිය නැතිව එලියට දමලා අලුත් සංකල්පයක්, අලුත් දෙවි වරු හඳුන්වා දුන්නා.හැබයි හඳුන්වා දුන්න පුද්ගලයා හොඳින්ම දන්නවා තමන් හදුන්වා දුන්න දෙවිවරු ලෝකයේ නැති බව. හැබයි අපි හිතා ගෙන ඉන්නවා ඒ දෙවිවරු ඉන්නවා කියලා. අද දියුනු උගත් ලෝකයක ඉන්න අපි හිතා ගෙන හිටියට මේ දෙවිවරු මේ ලෝකයේ සිටිනවා කියලා, මේ දෙවියන් හදුන්වා දුන්න නොදියුනු, නූගත් සමාජයක සිටි පුද්ගලය දැනගෙන හිටියා මේ දෙවිවරු නෑ කියලා.මේක සරලව හිතලා තෙරුම් ගන්න පුලුවන්. එහෙම නැත්නම් ඔබ අදහන ආගම එලිකරපු මිනිසා මානසික රෝගියෙක් වෙන්නත් පුලුවන්. ඔහුට ඔහුගේ මානසික රෝගය නිසා දිස්වෙන , හිතෙන , ඇහුන දේවල් වලට අපි අද දණ ගහලා වදිනවා වෙන්නත් පුලුවන්.නමුත් මට හිතෙන්නේ මේ අය කපටි, වංචනික බොරු කාරයන්. අද ලෝකට අලුත් ආගමක් අරගෙන මිනිහෙක් ආවොත් අපි පිලිගන්නවා නේද ඔහු කපටියෙක් කියලා.මම හිතනවා හැමෝම තමන් අදහන ආගමට පක්ෂව විතරක් නෙවෙයි, විපක්ෂවත් සතියකට පැයක් දෙකක් වත් හිතන්න ඕනී.හැබයි හුඟක් අය අනුන්ගේ ආගමට එරෙහිව හිතනවා.තමන්ගේ ආගමට එරෙහිව හිතන්නේ නෑ. හැම ආගමිකයම කරන්නේ ඒක නේද? අගාමික ශාස්තෘ වරුන් කියන්නේ තමන්ගේ ආගම, වගේම අනුන්ගේ ආගම්වල වැරදි කියලා අලුත් දෙයක් හඳුන්වා දුන්න අයනේ.

    විශිෂ්ටයි මිත්‍රයා. ඒක තේරුම් ගන්න තරමෙ ඥානයක් නැති කමකින් හෝ කල්පනා කරන්න කම්මලි කමකින් අද කාලෙ මිනිස්සු පෙළෙන්නෙ ඇයි කියන එක මට හිතාගන්න බැහැ. ආගම් කාරයෝ ආගම් ශාස්තෘවරු කියන ඕනෙම දෙයක් කියන ඕනෙම විදියකට පිළි ගන්න ලෑස්තියි කියන්නෙ ඇත්තටම බුද්ධියට කරන නිගාවක්. මම නම් කියන්නෙ බුද්ධ දර්ශනය වුනත් අදහන පුද්ගලයා මෝඩයෙක්. එහෙම ඕනෙ දෙයක් අදහන්න නම් බුද්ධියක් ඕනෙ නැහැ. මම බුද්ධාගම් කාරයෙක් නෙමෙයි. හැබැයි ආගමෙන් වැහිල ඇතුලෙ තියන නිර්මල බුදු දහම ගැන විමසලා බැලුවම මට ආස හිතුන කමටහන් අරගෙන සිත දියුණු කරන්න ඔය කියන විදියට ඇත්තටම පුළුවන් නම්, ඒ කියන්නෙ මටම ඒක කරල බලන්න පුළුවන් නම් විතරක් ඒක පිළිගන්න පුළුවන් නෙ කියල. ඒ ගැන විස්තර මම පස්සෙ අවශ්‍ය වුනොත් කියන්නම්. මට හරි සතුටුයි එළකිරියෙ ඉස්සර තිබුණු තත්වය නෙමෙයි දැන්, අලුත් විදියට හිතන, බුද්ධියෙන් විමසන්න පුළුවන් පිරිසක් එකතු වෙලා ඉන්න එක ගැන. මම අත්දැකීමෙන් කියන්නෙ කොයි දර්ශනය වුනත් අවභෝධ කරගන්න නම් වියුක්ත මනසක් ඕනෙ (මෙතන මම මනස කිව්වෙ බුදුවරුන්ගෙ දර්ශනයෙ කියවෙන මනායතනය ගැනම නෙමෙයි ). එහෙම නැති වුනොත් ලෝකෙට බිහි වෙන්නෙ අන්ධ භක්තිකයො. ඉතින් උසස් චින්තනයක් නැතුව අවබෝධය ලබාගන්න අපහසුයි කියන එක තමයි මටත් කියන්න තියන්නෙ. මම දැකල තියනවා මහාචාර්ය නලින් ද සිල්වා මහත්මයා කියනවා බෞද්ධ චින්තනය වියුක්ත ගති ලක්ෂන වලට වඩා සංයුක්ත චින්තනයක ගති තමයි පෙන්නන්නෙ කියල. ඒත් ඕනෙම දෙයක් නිකන්ම අදහන්න නම් සංයුක්ත චින්තනයක් තමයි ඕනෙ වෙන්නෙ. භෞද්ධ චින්තනය කියල එහෙම සඳහන් කරන්නෙම තමා තුලින් අවබෝධ කරගත් අයගෙ චින්තනය නෙමෙයි එතුමා. බුද්ධාගම් කාරයන්ගෙ චින්තනය ගැනයි ඒ කියන්නෙ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread වල ඉන්න හුඟාක් උදවිය සැහෙන ඉගෙන ගන්තු උගත් බුද්ධිමත් පිරිසක්. කතා කලොත් වාද කරලා, තර්ක කරලා නැත්නම් වෙන මොනවා මොනවා හරි කියවල තමන් හරිය කියල ඔප්පු කරනවා! තමන් නිවැරදියි කියල පෙන්වනවා!

    පොඩි upset එකක් තියනවා... ඔය උදවියයි, අනික් හැම ආගමකම ආගම් සාස්තෘ වරුයි, මීට කලින් ලෝකේ ජීවත් වෙච්ච / දැන් ඉන්න / ඉදිරියේ ඉපදෙන මහා දාර්ශනිකයෝයි, මහා පඬිතයෝයි සේරමලට තිබුනේ / තියෙන්නේ / ලැබෙන්නේ මනුස්සයන්ට ස්වභාවිකව ලැබෙන ඇස්, කන් හා මනස්. ඒවාට ගම්‍ය වෙන්නේ බොහොම චුට්ටයි. ඉතින් ඒවාට අහුවෙන චුට්ට පදනම් කරගෙන කරන / කියන ඕනෙම දෙයක් හරි primitive. බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ එහෙමපිටින් වෙනස්!! උන්වහන්සේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට ඉපදිලා තමන් තුලින්ම උපද්දව ගත්තු විශිෂ්ඨ ඥානයෙන් (සම්මා සම්බුද්ධ) දෙවි මිනිස් සියලු ලෝක ඉක්මවා යන කෙනෙක් (මඩේ පිපුණු නෙළුමක් මඩෙන් ඉහලට විත් මඩේ නොගෑවී තියෙනවා වගේ...) එහෙම කරන්නේ කල්ප කාලාන්තර තිස්සේ එකම අරමුණක් ඔස්සේ වීර්ය කරලා රැස්කරගන්න පින් බලයෙන් ලැබෙන සුවිශේෂ හැකියාවල් වලින් (විජ්ජාචරණ සම්පන්න). ඒ හැකියාවල් වෙන කාටවත් නැහැ!! තිබුනොත් තවත් බුදු කෙනෙකුටම විතරයි!!

    ඒ බුදුරජාණන්වහන්සේ නමක් උපදෙස් දෙන්නේ මේ ඔය උදවිය කර කර ඉන්න දේවල් කරන්න කියල නෙවෙයි!!! ඔයාල ඔය දැන් ගත කරන ජීවිතය පුංචි කාලයකට ලැබුණු, වටිනා අවස්ථාවක්! මොකද ශ්‍රී සද්ධර්මයත් හැමදාම ලෝකේ බබළන්නේ නැහැ!! මේ දැන් ඇවිල්ල තියෙන්නේ පෙර පිනින් ලැබුණු ක්ෂණ සම්පත්තියක්! 'ක්ෂණ' කියන්නේ ඇසුරු සැනින් ගෙවිල ඉවරවෙලා යන නිසයි. බුද්ධිමත් කෙනෙක් කියල කියන්න නම් අඩුම ගන්නේ ඒකෙ වටිනා කම වත් තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. මොකද මේ පලවෙනි පාරට ඉපදිලත් නෙවෙයි, හැමදාම මෙහෙම ලැබෙන්නෙත් නැහැ, දිව්‍ය ලෝක වලට යනකම් ගියත් ආයෙත් පහලටම වැටෙනවා... ලොකු අනතුරක ඉන්නේ. ඒකෙන් ගැලවෙන එකයි මූලිකම අවශ්‍යතාවය විය යුත්තේ. හිස ගිනිගත් කෙනෙක්... ආයුධයකින් පහර කාපු කෙනෙක්... ඒවාට පිළියම් කරගන්න හදිස්සි නොඋනට කමක් නැහැ!! ඊට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සහ කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මම හැම තැනදීම ඒ කියපු මූලික දේට යොමු කරවන්නයි උත්සහ කලේ... ඒත් මේ ඉන්න උදවිය හුඟ දෙනෙකුට කියන දේ වත් හරියට තේරෙන්නේ නැති පිරිසක්!! ඔය... මට හිතෙන එක තමයි හරි! මම හරි එයා වැරදියි! එයා තේරුම් අරන් තියනවා වැරදියි... මම තේරුම් ගත්තු එක තමයි හරි! අදහස් සේරම completely wrong!! එක එකා එක එක විදියට දකිනවා. ධර්මයට දාල, ධර්මානුකූලව කල්පනා කරලා හරි වැරැද්ද තෝරාගන්න තරමට වත් බුද්ධිමත් කමක් නැති මිනිස්සු! මොකද ඉතින් කරන්නේ?? කැමැත්තක් කරගන්න... කියන දෙයක්වත් තේරුම් ගන්න බැරිකොට කියල වැඩක් නැහැ නේ.

    ඒත් මම කියපු කරපුව බලල කියන්නේ මොකද්ද කියල හරියටම අල්ලගත්තු තේරුම් ගත්තු, ධර්මයට උනන්දු වෙච්ච නිහතමානී ගොඩ දෙනෙක්ව දැන ගන්න ලැබුන! මම මෙතනට ආපු ඒකෙන් ප්‍රයෝජනයක් උනා කියල මට ලොකු සතුටක් තියනවා... ඒ හොඳටෝම ඇති!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අහලා තියෙන විදිහට රහත් වුනාට පස්සේ මහන වෙනවා.ඒ කියන්නේ සිවුරු දරනවා.එහෙම නැත්නම් මහන වෙලා රහත් වෙනවා.
    ඒ අහල තියන කතාව වැරදියි!!!

    දැන් අපේ මෙතන ඉන්න බෞද්ධයන් කියන්නේ රහත් වෙලා ගිහි ජීවිතයක් ගත කරන්නත් පුලුවන් කියලා.
    ඔව්! පුළුවන්!!! එච්චරට seriously කියන්නේ 100% confidence තියන නිසා කියලවත් තේරෙන්නේ නැද්ද?

    සමහරු කියනවා කලිසම් කමීස ඇඳගෙන වුනත් රහතුන් අපි අතර ඉන්න පුලුවන්ලු. කලිසම් ඇඳ ගත්ත රහතුන් මේ එලකිරි එකෙත් ඉන්නවා. අපිට කොට කලිසම් ඇඳගෙන පාරේ යන රහතන් වහන්සේලාත් ලඟදිම හමුවේවී.
    අපෝ ඒ ගැන කලබල වෙන්න එපා... එහෙම ඕනේ තරම් ඉන්න පුළුවන්. දැනටත් ඉන්නවා! වැඩේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු කිසිම කෙනෙකුට ඇහැට දැක්කට එයාලව අඳුනගන්න බැහැ!! කතා බහ කලොත් චුට්ටක් වෙනස් කියල තේරෙයි... ඒකත් හැබැයි එයා ඒ බව විද්‍යමාන කලොත් විතරයි! තමන් ඒ කියපු තත්වයට ආපු උදවියට විතරක් ටිකක් උවමනාවෙන් එහෙම කෙනෙක් ගැන අවධානය යොමුකරන් හිටියොත් දැනගන්න පුළුවන්. ඒ වගේම ලඟින්ම ආශ්‍රය කලොත් නම් කාලයක් යනකොට කොහොමත් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ ප්‍රදර්ශනය සඳහා තියෙන, ප්‍රසිද්ධිය ලබා ගැනීම පිණිස තියන දෙයක් නෙවෙයි!!

    මම නම් දැන් ඔය 'වචනයට' වත් කැමති නැහැ. ඇයි කියනවා නම් මෝඩ මිනිස්සු ඕක joke එකකට අරගෙන තියෙන්නේ!! ඒත් කොහොම කොහොම හරි උත්සහ කරලා තමනුත් ඔය තත්වෙට එන එකේ වටිනා කම තේරෙන්න දුක තේරෙන්න ඕනේ... දුක් විඳින එවුන් දකින්න ඕනේ... ඔය පිළිකා හැදිලා හැම තැනින්ම කපල කොටලා බට දාල තියෙන මිනිස්සු, මරන්න ඇදගෙන යනකොට බෙරිහන් දීල කෑගහන සත්තු... අන්න ඒ වගේ. ඊට පස්සේ මතක් වෙන්න ඕනේ මාත් ඕවයින් ගැලවිලා නැහැ නේද? මට කොයි වෙලේ මෙහෙම ඒවාට මුහුණ දෙන්න වෙයිද? කියන බව!! අන්න එහෙම සංසාර බය ඇතිවෙච්ච වෙලාවට, තමන් lost බව තේරිච්ච වෙලාවට, ඉතිපිසෝ... මතක් වෙච්ච වෙලාවට, සෑහෙන දේවල් තේරෙයි!!


    දැන් රහත් බවත් ගොන් පාට් එකක් කර ගත්ත අය, රහතන් වහන්සේ කෙනෙක් උඩින් යන එක ගැන ඇහුවම මෙතන මාව කන්න යනවා.
    මේක නම් මට අදාළ නැහැ! මම කොහෙදිවත්, වැරදිලා වත් එහෙම ගොන්කම් කරලත් නැහැ කරන්නෙත් නැහැ! හැබැයි එක එක styles වලින් කොහොම හරි ඇත්ත තේරුම් කරන්න, පෙන්වන්න full try කරනවා!! ඒ මගේ හැටි.

    හිත් රිද්ද ගන්න ඕනේ නැහැ... ඔය 'එක එක ජාතිවල වචන' පාවිච්චි කලාට හිතේ මොකවත් නැහැ.;)
     
    මම අහලා තියෙන විදිහට රහත් වුනාට පස්සේ මහන වෙනවා.ඒ කියන්නේ සිවුරු දරනවා.එහෙම නැත්නම් මහන වෙලා රහත් වෙනවා. දැන් අපේ මෙතන ඉන්න බෞද්ධයන් කියන්නේ රහත් වෙලා ගිහි ජීවිතයක් ගත කරන්නත් පුලුවන් කියලා.
    සමහරු කියනවා කලිසම් කමීස ඇඳගෙන වුනත් රහතුන් අපි අතර ඉන්න පුලුවන්ලු. කලිසම් ඇඳ ගත්ත රහතුන් මේ එලකිරි එකෙත් ඉන්නවා. අපිට කොට කලිසම් ඇඳගෙන පාරේ යන රහතන් වහන්සේලාත් ලඟදිම හමුවේවී.
    දැන් රහත් බවත් ගොන් පාට් එකක් කර ගත්ත අය, රහතන් වහන්සේ කෙනෙක් උඩින් යන එක ගැන ඇහුවම මෙතන මාව කන්න යනවා.:D:D:P:P

    ක්‍රියාවෙන් මිස ඇදුමෙන් පැලදුමෙන් මනින්නට බැහැ මිනිසා ;) උඩින් යන එක ඔච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා, දැන් ඔයටත් ඕනෙනං ප්ලේන් එකක නැගල උඩින් යන්න පුලුවන්නෙ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව චුටි දෙයක් කියන්නම්. ඔයාල හුඟ දෙනෙක් එකට පටලවාගෙන තියන ඉර්දී බල ලැබීම වගේ දියුණු කරගත හැකි දක්ෂතාවයනුයි, අරහත් ඵලයයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ!! ඒවා එකිනෙකට වෙනස් දේවල්. අරහත්වය swiming වගේ කියමු, ආයේ ඉර්දී බල karate වගේ කියමු. swimming ඉගෙන ගත්තට karate පුළුවන් වෙන්නෙත් නැහැ. karate ඉගෙන ගත්තට swimming පුළුවන් වෙන්නෙත් නැහැ. ඕනේ නම් ඒවා වෙන වෙනම ඉගෙන ගන්න, ප්‍රගුණ කරන්න ඕනේ. ඒත් අපි වැටිලා ඉන්න වලෙන් ගොඩ වෙන්න ඉර්දී මොකවත් ඕනේ නැහැ! නිකෙලෙස් වීම (රහත් වීම) විතරයි ඕනේ. ඒකට අවිද්‍යාව සහමුලින්ම... ආශ්‍රව වශයෙන් වත් ඉතුරු නැතුව... එහෙම්පිටින්ම දුරුවෙන්න ඕනේ!! අවිජ්ජායත්වෙව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ... සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ... විඥාන නිරෝධා නාමරූප නිරෝධෝ... කියල තමයි සිදුවීම් මාලාව සිද්ධ වෙන්නේ. ඉතින් අවිද්‍යාව සහමුලින්ම දුරුවුන දවසට ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස සේරම ඉවර වෙනවා. ඒක තමයි අපි ලබාගන්න ඕනේ විසඳුම.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මන් මේ රිප්ලයි එක ගැහුවෙ බුද්ධ ධර්මයට උපහාසයෙන් ‍ෆේක් අයි ඩී එකකින් ආපු අපි කවුරුත් දන්න කෙනෙක් දාලා තිබුන ත්රෙඩ් එකකටයි මන් රිප්ලයි එක දෙන්න යනකොට...
    කවුද ඒ දන්න කෙනා. මාත් එකට එකට පල්ලි යන එකෙක් වෙන්නත් පුලුවන්. අපි එස්ක් මුස්ලිම් ලා මේ දවස් වල මුස්ලිම් පල්ලිවලට බැහලා ගේම දෙනවා. හුඟක් බ්ලොග් කරන, එලකිරි ඉන්න එවුන්ව අපි දන්නවා. මට කරුනාකර පී එම් කරන්න.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    thanks for PM

    ආ ඌද? අපේ EX-Muslim සෙට් එකෙ දෙන්නෙක් ඌ යන පල්ලියට යනවා. ඌ ගැන ඇහ ගහගෙන ඉන්නේ. බලමුකෝ මොකද වෙන්නෙ කියලා
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    මම අහලා තියෙන විදිහට රහත් වුනාට පස්සේ මහන වෙනවා.ඒ කියන්නේ සිවුරු දරනවා.එහෙම නැත්නම් මහන වෙලා රහත් වෙනවා. දැන් අපේ මෙතන ඉන්න බෞද්ධයන් කියන්නේ රහත් වෙලා ගිහි ජීවිතයක් ගත කරන්නත් පුලුවන් කියලා.
    සමහරු කියනවා කලිසම් කමීස ඇඳගෙන වුනත් රහතුන් අපි අතර ඉන්න පුලුවන්ලු. කලිසම් ඇඳ ගත්ත රහතුන් මේ එලකිරි එකෙත් ඉන්නවා. අපිට කොට කලිසම් ඇඳගෙන පාරේ යන රහතන් වහන්සේලාත් ලඟදිම හමුවේවී.
    දැන් රහත් බවත් ගොන් පාට් එකක් කර ගත්ත අය, රහතන් වහන්සේ කෙනෙක් උඩින් යන එක ගැන ඇහුවම මෙතන මාව කන්න යනවා.:D:D:P:P

    anna umba eththa kiwwa... umba ahala thiyana wdiiya.... mbata ugannapu ekagei weredda... rahath una kiyala mahana wenna niyama karala nehe.. eth rahath bawa laba ganna yana gamanedi asawa atha arinawa.. ehema kena boho durata pewidi bawa labagannawa.. e nethath sakrudagami anagami wuna aya innawa gihi jeewitheth ... rahath una kenatath puluwan siwura daranne nethuwa gihiyek widiyata inna.. namuth samanya gihiyekta wada kriya kalapaya wenas... ashawa atha erala inne
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඕක උඹේ අදහසක් නේ. මම බුද්ධාගමේ එක පොතකවත්, එක ජාතක පොතකවත් අහලා නෑ ඉතිහාසයේ ගිහි රහතන් මහත්මයෙක් හිටියැයි කියලා. කවුද ඒ චම්පක රනවක රහතන් මහත්මයාද?

    :lol: පොලිටික්ස් වලට ගිහින් ඕෆ් ටොපික් වෙයි බං...
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බෞද්ධයන්ගේ දැනගැනීම සදහා මෙසේ පල කරන්නෙමු ‍

    achintheyya1.jpg
    achintheyya2.jpg
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මම අහලා තියෙන විදිහට රහත් වුනාට පස්සේ මහන වෙනවා.ඒ කියන්නේ සිවුරු දරනවා.එහෙම නැත්නම් මහන වෙලා රහත් වෙනවා. දැන් අපේ මෙතන ඉන්න බෞද්ධයන් කියන්නේ රහත් වෙලා ගිහි ජීවිතයක් ගත කරන්නත් පුලුවන් කියලා.
    සමහරු කියනවා කලිසම් කමීස ඇඳගෙන වුනත් රහතුන් අපි අතර ඉන්න පුලුවන්ලු. කලිසම් ඇඳ ගත්ත රහතුන් මේ එලකිරි එකෙත් ඉන්නවා. අපිට කොට කලිසම් ඇඳගෙන පාරේ යන රහතන් වහන්සේලාත් ලඟදිම හමුවේවී.
    දැන් රහත් බවත් ගොන් පාට් එකක් කර ගත්ත අය, රහතන් වහන්සේ කෙනෙක් උඩින් යන එක ගැන ඇහුවම මෙතන මාව කන්න යනවා.:D:D:P:P

    රහත් බව තියෙන්නේ දිග කලිසමේ වත්, කොට කලිසමේ වත් සරමෙ වත් නෙවෙයි බං. ඒක මානසිකව ලබන දෙයක්. ඒකට ඇඳුම බලපාන්නෙ නෑ.;):yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහත් බව තියෙන්නේ දිග කලිසමේ වත්, කොට කලිසමේ වත් සරමෙ වත් නෙවෙයි බං. ඒක මානසිකව ලබන දෙයක්. ඒකට ඇඳුම බලපාන්නෙ නෑ.;):yes:

    බුද්ධ දේශනා අහපු, කියවපු අයට ඇතිවෙන්නේ සසර බිය පිලිබඳ ප්‍රශ්ණයක්... ඒත් මේකාට තියෙන්නේ කලිසමක ප්‍රශ්ණයක්... :rofl::rofl: උපදෙස් දීල වැඩක් නැහැ!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    banned user මලයෝ, දාපු කැල්ල නම් නියමයි! ඕකේ බුද්ධ විෂයෝ අචින්තියෝ... කම්ම විපාකෝ අචින්තියෝ... කියන දෙක නම් මටත් හොඳට කටට හුරුයි. අනික් දෙක අහල තියනවද කියල මතකයක් නැහැ. ඔය ටික හැබැයි මේ අපි කතා කරන භාෂාවෙන් චුට්ටක් බැලුවොත් හොඳටම තේරෙයි නේද?

    බුදුහාමුදුරුවෝ කියපු කරපුව, (බුද්ධ විෂය, බුදු කෙනෙකුට පමණක් කල හැකි දේවල්) කරන්න තියා හිතන්නවත් එපා කිව්වා... මොකද පිස්සු හදාගෙන තමයි නවතින්න වෙන්නේ!

    ධ්‍යාන ලාභීන්ගේ වැඩ ගැන හොයන්නත් (අදහස් දක්වන්න / විග්‍රහ කරන්න වත්) යන්න එපා කිව්වා... පිස්සු හැදෙයි! දුකට පත්වෙන්න වෙයි! කියල...

    කර්ම විපාක ගැන, ඒවා සිද්ධ වෙන්නේ කොහොමද, වගේ ඒවා ගැන හොයන්න යන්නත් එපා කිව්වා පිස්සු හැදෙයි කියල...

    ලෝකය ගැනත් හොයන්න යන්න එපා කිව්වා ඔය ටිකම වෙයි කියල...

    හැබැයි හුඟාක් එවුන් කරන්නේ, කරන්න යන්නේ ඔය එපා කියපුව මයි! ඉතින් දැන් හුඟක් එවුන්ට වෙනවයි කියපුව වෙලා! දැන් ධර්මය තේරෙන්නෙත් නැහැ, කියන දෙයක් තේරෙන්නෙත් නැහැ... ඔක්කොම අනාගෙන.
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න...

    මටත් ඔය කොටස විතරයි ලැබුනේ සහෝ :( ඔය ටිකේ කියලා තියෙන දේ නම් හොදින්ම තේරෙනවා නේ අපි කාටත් නේද ?

    පෘතග්ජනයා තමන් තුල තියෙන කුතුහලයට අහුවෙලා කරන්නේ අතිශය වැදගත් කරුණුවලට දෙවැනි තැන දීලා ප්‍රධානවම කරගන්න ඕනා දේ වන තමන්ගේ ගැලවීම පැත්තකට දාලා බුදුවරුන්ගේ බුද්ධ විෂය සම්බන්ධව හිත හිත ඉන්න ගිහින් වෙන හ‍රිය ගැන අවබෝධයක් ගන්නයි දැම්මේ බුද්ධ ශක්තිය ‍කොහොමද කියන එක අවබෝධ කරගන්න ගියාට බොහොමයක් මිනිස්සු අවුරුදු 50 - 60 ක් වෙච්චි තමාගෙ මුළු ජීවිතේටම පැය පහක්වත් භාවනා කරලා නෑ විපතකින් ගැලවුන සමතා ඒකෙන් ගැලවෙන විදිහ කියාදුන්නම බහුතරයක් පෘතග්ජනයෝ කරන්නේ ගැලවෙන්න උත්සහ නොකර අඩු ගානෙ ගැලවෙන විදිහ පොඩ්ඩක්වත් ස්ටඩී කරන්නේවත් නැතුව ගැලවුනයින් පස්සේ තියෙන තත්වය ගැන හිත හිත ඉන්නවා තමන්ට ගැලවීම හදාගන්න තියෙන්නේ තව අවුරුදු 2500කටත් අඩු සංඛ්‍යාවක් ! :sorry: ඉන් පස්සේ මේ නිර්මල ධර්මය අන්තර්ධාන වූවායින් පසු නැවත මග පෙන්වන්නෙක් නොමැතිව ඉතා දීර්ඝ කාලයක් සසර සරන්නට සිදුවෙනවා යන්න වැට හෙන්නේ නැත්තේ මන්ද ! :sorry: :sorry: :sorry: නොපමාව අපගේ ගැලවීම සාදාගත යුතුව තිබෙනවා

    බුදු සරණයි

    මිනිසුනේ මේ පිරිසිදු ‍බුද්ධ ධර්මය පවතින්නේ වසර 5000 බව වැටහෙන්නේ නැත්තේ මන්ද ?
     
    Last edited:

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මිනිසුනේ මේ පිරිසිදු ‍බුද්ධ ධර්මය පවතින්නේ වසර 5000 බව වැටහෙන්නේ නැත්තේ මන්ද ?

    Hinduism is the oldest known spiritual tradition in the world and there is evidence that it flourished long before recorded history in ancient India.

    The ancient Vedic civilization practiced Hinduism in the Indus Valley over 7,000 years ago and it was already then an old established tradition.

    There is plenty of Evidence that its origin goes back into pre-historic times.



    Hinduism was developed 7,000 years ago but can be traced back to 5500-2600 BCE.
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මා අදය දුටුවේ සිදුවී තිබෙන විනාශය :sorry: :sorry: :sorry: මා විසින් කරන ලද අවසන් අදහස් ප්‍රකාශ කිරීම කුමක් හෝ අත්වැරදීමකින් සම්පූර්ණයෙන්ම ඉවත්වී ගොස් ඇත මා එය දුටුවේ අදය නැවතත් එය මෙහි පල කරමි එහෙත් මෙය ඒ පූර්ණ ප්‍රකාශය නොවේ මෙයද අහම්බෙන් මාගේ පරිඝණකයේ සේව් වී තිබූ කොටසක්ය :(:(:(

    පසුවදන

    මෙයින් මෙම ‍වාදය අවසන් වන්නේ මෙහි තවත් තර්ක කිරීමට කිසිදු දෙයක් නෝ ගෝඩ් හට නොමැතිවීම නිසාය :P මා පැමිණෙන විටත් ඔහුට දිය යුතු පිළිතුරු තවතවත් මනාවට ලැබී තිබුනේ ඩී‍ජේ හිරාන් ඇතුලු පිරිස විසිනි :lol:

    එහෙයින් තවත් මෙහි ‍ තවත් තර්ක කිරීමට කිසිදු දෙයක් ඔහුට ඉතිරිව නැත ඔප්පු කිරීමට තිබෙන සියල්ල අපි ඔප්පු කළෙමු :) මෙහිදී මොහුගේ අඥාණ තර්කවල ස්වරූපය පාඨකයන්ට වඩ වඩාත් හොදින් විස්තර කරදීමේදී ‍මා හට විශාල සහයක් වූ ඩී‍‍ජේ හිරාන් හට +Rep දීමට ඔබ අමතක නොකළ යුත්තේය :yes: :yes: :yes:
    untitledfffffffffffffffffffff.jpg

    වාද කිරීමේදී ඇතැම් අසමර්ථයන් භාවිතා කරන අසාර්ථක උත්සහයක් වෙයි මෙය අරමුණු දෙකක් සාක්ෂාත්කරගැනීම සදහා යොදාගැනේ ප්‍රධාන වශයෙන්ම ලෝක ලැජ්ජාවෙන් ගැලවීමට ‍මෙන්ම කුමක් හෝ කියමින් තමන්ගේ බිදවැටුන තර්කය පසු එය පිළිනොගනිමින් වෙනත් දේ කියවමින් ක්‍රියා කර ප්‍රතිවාදියා හට වාදය එපා කරවීමටත් යොදාගැනේ එනමුත් මෙය මෙම වාදය තුලදීනම් කරගැනීමට හැකියාවක් නොලැබින

    මෙම වාදය පුරාවට එකයි එකයි දෙකයි බව අප ඔප්පු කළත් මොහුට එය පිළිගැනීමට සිදුවූවත් එකයි එකයි තුනයි ලෙස ඔහු දිගටම කියවන්නට වූයේ මෙය අතහැර පලායාමටද නොහැකි තත්වයක්ද උදාවූ නිසාද වන්නට ඇත
    1-1-3.jpg

    :lol: :lol: :lol:

    මොහු තුල වූ තවත් කපට කමක් වූයේ තම අනන්‍යතාවය වසන් කිරීමය මා කතා කරන්නේ ඔහු තම නපුන්සක ලීලාව පාමින් ෆේක් අයි ඩී එකකින් පැමිණීමම නොවේ භෞතික වාදියෙකු වශයෙන් පෙනීසිට බෞද්ධ ධර්මයට පහර ගැසීමට ඕනෑ වූ නිසා තම තර්කවලට හානි පැමිණෙන කාරණයක් වූ තම‍ දේවවාදී ආගම මුල සිටම කපට ලෙස වසන් කිරීමය ඒ මක්නිසාද යත් ඔහු තමා මුස්ලිම් භක්තිකයෙක් ලෙස ප්‍රකාශ කළ පමණින්ම අප අසන පැණයන් හමුවේ අසරණ වීමට සිදුවනබව දන්නා නිසාය උදාහරණයක් ලෙස අල්ලාහ් සිටිනවා යැයි මහම්මත් කියූවද ඔහු කිසි දිනෙක දුටු අයෙක් නොවීම පිළිඹද සාධාරණ ප්‍රශ්ණයක් මුස්ලිම් ප්‍රජාව අතර පවතී :P

    පෙනී ගිය තවත් කරුණක්නම් මොහු තුල තමා විසින් ගබඩා කරගත් දැනුමක් නොමැති වීමය ගූගල් සර්ච් එකක ආධාරයෙන් පිළීතුරු දීමට යාමෙන් වරක් මොහු දුර්මුඛ වී ගියේ මේ හේතුව නිසාවන්නට ඇත :lol: ඇත්ත වශයෙන්ම මානම් මේ මුළු කතාව පුරාම මාගේ විස්තර කිරීම් කළේ මාගේ දැනුමෙන්‍ ය මොහුගේ තර්කය පිළිඹද ගතහොත් මොහු වාදය ආරම්හ කළේ බුදුන්ගේ ශ්‍රාවකයන්ට සෘද්ධි තිබුනානම් ඈත රටවල සංක්‍රමණික දිවියක් ‍ගෙවූ වැදි ජනතාවට දහම් දෙසන්නට නොගියේ මන්ද කියාය අප එයට ඍජුවම පිළිතුරු දීමෙන් අනතුරුව පිළිතුරදීමෙන් මොහු දුර්මුඛ විය මොහු නැගූ මේ ගොබ්බ ප්‍රශ්ණ කීපයට බුද්ධාගමට පිළිතුරු නොමැතියැයි සිතාන මොහු මෙතෙක් කලක් වෙනත් තැන්වලද ලොකුවට මෙය කියවමින් සිටින්නටද ඇත මෙම මතය මෙහි පල කරන්නට විත් මොහුට සිදුවූයේ කෙසෙල් ගසට කෙටු කොට්ටෝරුවාටද අන්ත පීචන් තත්වයකට පත්වීමටය මෙම අවස්ථාව දුටු පාඨකයන්ගේ උපහාසාත්මක ප්‍රතිචාරයන් වූයේ මේවන් ඒවායි මෙය කියවීමෙන් පසු නැවත මුළු ලිපියම කියවුවොත් සියළු පාඨක ප්‍රතිචාර ගැන හොද අවබෝධයක් ලැබිය හැක :lol: එමෙන්ම හොද විනෝදයක්ද ලැබිය හැක

    නියමයි මචන්..හොඳට ගොනු කරල..වල් පල් නැතුව point එකටම උත්තරේ දීල තියෙනව. ඒකට කර කියාගන්න දෙයක් නැතුව වියරුවෙන් වගේ ගොන් ප්‍රශ්න කීපයක් අහල තියෙනව දැක්කම අනිත් පැත්තෙනුත් හිනා යනව ඌ ඉන්න තත්වෙ මතක් වෙලා.

    untitled.jpg


    තමා ගොඩනැගූ තර්කය පැරද දුර්මුඛ වූවායින් අනතුරුව හිමින් සීරුවේ වෙනත් ප්‍රශ්ණයකට මාරුවන්නේ මේ අවස්ථාවේදීය එතැන් පටන් මොහු‍ගේ බලවත් ඉල්ලීම වූයේ රහතන් වහන්සේලා උඩින් යාම පිළිඹද 21 වන සියවසේ තාක්ෂණයට අනුව කළ පරීක්ෂණ ප්‍රථිඵලය :lol: :lol: :lol:මුරණ්ඩු ලෙස ඔහු කළ මේ ඉල්ලීම ඉ‍ටු කරන්නට උන්වහන්සේලා දැන් අප අතර නැත ඒබව දන්නා ‍නිසාය මොහු මෙසේ අසන්නට පටන් ගත‍්තේ කෙසේහෝ වේවා නූතන යේ ලොවම පිළිගන්නා සංකල්පවලට අනුව ඔහුගේ දොළ දුක වූ රහතන් වහන්සේලා උඩින් ඇති සම්භාවිතාවය 0% නොවන බව ඔප්පු කිරීම කරන ලද්දේ ඩී‍‍ජේ හිරාන් විසිනි
    එහෙත් හැම දේම තමන්ට නො‍පෙනී පිලිගන්න බෑ කිවු ‍ඔහු අප දුන් ඒ පිළිතුරද මගහරින්න උත්සහ කළේ ‍ය
    " මන් පැහැදිලිව වාද කරද්දි ඇහුවා උඹ ගොඩක් අවස්ථාවල ලොකුවට උදාහර‍ණෙට ගත්තේ ගුරුත්වාකර්ශණයනේ ඒකියන්නේ උඹ දෑහට නොපෙනෙන කවදාවත් දැකලා නැති ගුරුත්වාකර්ශණය කියන දේ පිළිඅරන් ‍තියෙන්නේ එහෙනම් ඇයි ඍද්ධිය පිළිගන්න බැරි කියලා ඒක කියලා ඇහුවම ඒකට තක්බීර් උන මූ කිව්වේ ලෝකේ බුද්ධිමතුන් පිළිගන්නා නිසා ගුරුත්වය පිළිගන්නවා කියා බුද්ධිමතුන් පිළිනොගන්න හින්දා ඍද්ධිය පිළිගන්න බැරි කියලා කිව්වා"

    untitled.jpg


    ගුරුත්වාකර්ශණය පිළිඹද ඔය ප්‍රකාශ කරන ලද්දායින් පසු නූතන යේ ලොවම පිළිගන්නා ගණිත සංකල්ප අනුව ඩී‍‍ජේ හිරාන් ඔහුගේ දොළ දුක වූ 0% ඔප්පු කිරීම කරන ලදී එහෙත් පුදුමය නම් එතැන් පටන් බුද්ධිමතුන් පිළිගන්නා ගණිතය පිළිගැනීමට නෝගෝඩ්ට ඇතිවූ නොහැකියාවය ඇතිවිය එතෙක් වේලා ඔප්පු ‍කළොත් පිලිගන්නා තැන සිටි ඔහුට ඔප්පු කළායින් පසු ගණිතය බොරුවිය එය පිළිගන්නට දැන් ඔහු සූදානම් නැත ගණිතය යනු ලෝකේ බුද්ධිමතුන් එකෙක් නෑර සියල්ලන් පිළිගන්නා සත්‍යයි එහෙත් නෝගෝඩ්ට පිළිගැනීමට නොහැකිය

    මෙවන් පිස්සන් සමග තර්ක කිරීමේ ප්‍රයෝජනයක් නැත කරගන්න‍ දෙයක් නැති වූ විට කටට ආ ඕනම දෙයක් කියා ගැලවීයන්නට හැදූ මොහුත් සමග අප ‍මහන්සි වී තර්ක කරන්නට වූ වෙහෙස අපතේය

    මේ අනුව මෙතෙක් වේලා මොහුගේ බලවත් ඉල්ලීම වූ රහතන් වහන්සේලා උඩින් යාම පිළිඹද වූ ඔප්පු කිරීමේ අවශ්‍යතාවය ඉටු කළායින් පසුවද මෙය පිළිනොගන්නා මොහු මන්දබුද්ධිකයෙකු විය යුතුය අපරාදේ වේලාව මාමේ සදහා වැය කළ . තමා වාදය පුරා ලොකුවෙන් ඇසූ ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු ලැබීමෙන් අනතුරුව අසරණ වී තමාගැනම ආත්ම අනුකම්පාවක් නෝගෝඩ් තුල ඇතිවූවානම් ඒගැන කනගාටු වන්නෙමු ඒ ඔහුද මනුෂ්‍යයෙක් ලෙස අප කල්පනා කරන බැවිනි

    මෙම ත්‍රෙඩ් එක මෙයින් නිමයි


    නෝගෝඩ්ට පිළිගැනීමට නොහැකි ගණිතය ගැන සවිස්තර වාර්තාව මෙතනින් ගන්න

    බුදු ස‍රණයි
     
    Last edited:
    • Like
    Reactions: cshapegt

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මුරණ්ඩු ලෙස ඔහු කළ මේ ඉල්ලීම ඉ‍ටු කරන්නට උන්වහන්සේලා දැන් අප අතර නැත ඒබව දන්නා ‍නිසාය මොහු මෙසේ අසන්නට පටන් ගත‍්තේ කෙසේහෝ වේවා නූතන යේ ලොවම පිළිගන්නා සංකල්පවලට අනුව ඔහුගේ දොළ දුක වූ රහතන් වහන්සේලා උඩින් ඇති සම්භාවිතාවය 0% නොවන බව ඔප්පු කිරීම කරන ලද්දේ ඩී‍‍ජේ හිරාන් විසිනි
    කවුරුවත් රහතන් වහන්සේ කෙනෙක් උඩින් යනවා කියලා ඔප්පු කරේ නෑ. නිකන් ගණිත සමීකරණ ලියලා උඩින් යනවා කියන එක මහ ජෝක් එකක්. ඒක ඌ කියපු එකක් මිස ඔය ගණිත සමීකරණය මගින් උඩින් යන්න පුලුවන් කියලා ලියලා තියෙන එක පිලිගන්න පුලුවන් වෙබ් සයිට් එකක් වෙත් පෙන්නුවාද?
    මිනිස්සු ඉබේම ඕන තැන් වලට ඉගිලුනා නම් මචන් මේ ලෝකය පරිනාමය වෙලා ඇති වුන එකක් නෙවෙයි.මොකෙක් හරි මවපු එකක්. මවපු ලෝකයක තමයි ඔය වගේ සුරංගනා කතා වෙන්න පුලුවන්. රහතන් වහන්සේලා උඩින් ගියා කියන එක ඔප්පු වීම කෙසේ වෙතත් රහතන් වහන්සේලා කොට කලිසම් ඇඳගෙන යනවා කියන මට්ටමට සමහරු වැ‍ටුනා.එක අතකින් මැවුම් වාදය බොරු කියන මිනිස්සු, තවත් අතකින් ඉස්සර හිටපු ඉංදියානුවන් ඉගිලුනා කියන එකම විකාරයක්. මේ උඩින් යන කතාව බුදු දහමේ එන සංකල්පයක් නෙවෙයි.මේක හින්දු විශ්වාසයක්. ඉපැරණි හින්දු විශ්වාසයක් තිබුනා භාවනා කරපු යෝගින් යම් බලයන් ලබා ගන්නවා.ඒ එකක් තමයි අහසින් ගමන් කිරීම.ඔච්චර යෝගීන් ආගම් තිබුන ඉංදියාවෙවත්, පුරාණ මිනිස්සු උඩින් ගියා කියලා කිසිම සාධකයක් නෑ.ඒ වගේ යෝගීන් එහෙ ඇත්තෙත් නෑ. උන් කියන්නේත් බලය තියනවා.ඒත් අපි බලය පෙන්වන්නේ නෑ කියලා.
     
    • Like
    Reactions: conservative