මේ thread වල ඉන්න හුඟාක් උදවිය සැහෙන ඉගෙන ගන්තු උගත් බුද්ධිමත් පිරිසක්. කතා කලොත් වාද කරලා, තර්ක කරලා නැත්නම් වෙන මොනවා මොනවා හරි කියවල තමන් හරිය කියල ඔප්පු කරනවා! තමන් නිවැරදියි කියල පෙන්වනවා!
පොඩි upset එකක් තියනවා... ඔය උදවියයි, අනික් හැම ආගමකම ආගම් සාස්තෘ වරුයි, මීට කලින් ලෝකේ ජීවත් වෙච්ච / දැන් ඉන්න / ඉදිරියේ ඉපදෙන මහා දාර්ශනිකයෝයි, මහා පඬිතයෝයි සේරමලට තිබුනේ / තියෙන්නේ / ලැබෙන්නේ මනුස්සයන්ට ස්වභාවිකව ලැබෙන ඇස්, කන් හා මනස්. ඒවාට ගම්‍ය වෙන්නේ බොහොම චුට්ටයි. ඉතින් ඒවාට අහුවෙන චුට්ට පදනම් කරගෙන කරන / කියන ඕනෙම දෙයක් හරි primitive. බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ එහෙමපිටින් වෙනස්!! උන්වහන්සේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට ඉපදිලා තමන් තුලින්ම උපද්දව ගත්තු විශිෂ්ඨ ඥානයෙන් (සම්මා සම්බුද්ධ) දෙවි මිනිස් සියලු ලෝක ඉක්මවා යන කෙනෙක් (මඩේ පිපුණු නෙළුමක් මඩෙන් ඉහලට විත් මඩේ නොගෑවී තියෙනවා වගේ...) එහෙම කරන්නේ කල්ප කාලාන්තර තිස්සේ එකම අරමුණක් ඔස්සේ වීර්ය කරලා රැස්කරගන්න පින් බලයෙන් ලැබෙන සුවිශේෂ හැකියාවල් වලින් (විජ්ජාචරණ සම්පන්න). ඒ හැකියාවල් වෙන කාටවත් නැහැ!! තිබුනොත් තවත් බුදු කෙනෙකුටම විතරයි!!
ඒ බුදුරජාණන්වහන්සේ නමක් උපදෙස් දෙන්නේ මේ ඔය උදවිය කර කර ඉන්න දේවල් කරන්න කියල නෙවෙයි!!! ඔයාල ඔය දැන් ගත කරන ජීවිතය පුංචි කාලයකට ලැබුණු, වටිනා අවස්ථාවක්! මොකද ශ්‍රී සද්ධර්මයත් හැමදාම ලෝකේ බබළන්නේ නැහැ!! මේ දැන් ඇවිල්ල තියෙන්නේ පෙර පිනින් ලැබුණු ක්ෂණ සම්පත්තියක්! 'ක්ෂණ' කියන්නේ ඇසුරු සැනින් ගෙවිල ඉවරවෙලා යන නිසයි. බුද්ධිමත් කෙනෙක් කියල කියන්න නම් අඩුම ගන්නේ ඒකෙ වටිනා කම වත් තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. මොකද මේ පලවෙනි පාරට ඉපදිලත් නෙවෙයි, හැමදාම මෙහෙම ලැබෙන්නෙත් නැහැ, දිව්‍ය ලෝක වලට යනකම් ගියත් ආයෙත් පහලටම වැටෙනවා... ලොකු අනතුරක ඉන්නේ. ඒකෙන් ගැලවෙන එකයි මූලිකම අවශ්‍යතාවය විය යුත්තේ. හිස ගිනිගත් කෙනෙක්... ආයුධයකින් පහර කාපු කෙනෙක්... ඒවාට පිළියම් කරගන්න හදිස්සි නොඋනට කමක් නැහැ!! ඊට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සහ කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මම හැම තැනදීම ඒ කියපු මූලික දේට යොමු කරවන්නයි උත්සහ කලේ... ඒත් මේ ඉන්න උදවිය හුඟ දෙනෙකුට කියන දේ වත් හරියට තේරෙන්නේ නැති පිරිසක්!! ඔය... මට හිතෙන එක තමයි හරි! මම හරි එයා වැරදියි! එයා තේරුම් අරන් තියනවා වැරදියි... මම තේරුම් ගත්තු එක තමයි හරි! අදහස් සේරම completely wrong!! එක එකා එක එක විදියට දකිනවා. ධර්මයට දාල, ධර්මානුකූලව කල්පනා කරලා හරි වැරැද්ද තෝරාගන්න තරමට වත් බුද්ධිමත් කමක් නැති මිනිස්සු! මොකද ඉතින් කරන්නේ?? කැමැත්තක් කරගන්න... කියන දෙයක්වත් තේරුම් ගන්න බැරිකොට කියල වැඩක් නැහැ නේ.
ඒත් මම කියපු කරපුව බලල කියන්නේ මොකද්ද කියල හරියටම අල්ලගත්තු තේරුම් ගත්තු, ධර්මයට උනන්දු වෙච්ච නිහතමානී ගොඩ දෙනෙක්ව දැන ගන්න ලැබුන! මම මෙතනට ආපු ඒකෙන් ප්‍රයෝජනයක් උනා කියල මට ලොකු සතුටක් තියනවා... ඒ හොඳටෝම ඇති!!