හම්බයින්ගේ අළුත්ම(පරණම) ජාවාරම - හොර සිගරට#

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හම්බයින්ගේ අළුත්ම(පරණම) ජාවාරම - හොර සිගරට#

    හම්බයින්ගේ අළුත්ම(පරණම) ජාවාරම - හොර සිගරට්...

    දුම් වළලූ‍ නැගෙමින් දුම්වැටිය දැවෙන්නේය. දුම්වැටියට විරුද්ධව ද රට පුරා ගිනිදැල් නැගෙන්නේය. ගිහි පැවිදි සංවිධාන පාරට බැස සිගරට්‌ අලෙවිය නතර කරන්නැයි වෙළෙඳසල්වලට ඉල්ලීම් කළහ. ඒ අවවාද අනුශාසනා පිළිගත් ඇතැම් වෙළෙඳසල් පාඩුව නොතකා සිගරට්‌ පුළුස්‌සා දැමූහ. එය යහපත් ප්‍රවණතාවයකි. එමෙන්ම දුම්වැටිය තරුණ දෑඟිලි අතරින් ගිලිහී යන බවද සැබෑවකි. එසේ දුම්වැටිය ප්‍රතික්‌ෂේප වන රටේ හොර සිගරට්‌ අලෙවිය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින්නේය කීවොත් එය පිළිගන්නේද? පුදුම නොවන්නට සත්‍ය එයයි.

    මේ කතාව කියන්නේ අප නොව, කාලයක්‌ හොර සිගරට්‌ zඩීල්z කළ පුද්ගලයෙකි. ජීවිත ආරක්‍ෂාව පතා නම් ගම් හෙළිකිරීමට අකමැති මේ මිනිසා කියන කතාව අතිශය භායනකය. බුද්ධිමත්ව අසා සිටින්නටි දැන් අපි කතාව පටන් ගනිමු.

    කොළඹමද පදිංචිය...? නැහැ. මම දකුණේ.:eek::eek:

    කොළඹට ඇවිත් දැන් කොච්චර කාලයක්‌ වෙනවද?

    අවුරුදු විස්‌සක්‌ වෙනවා. මම ඉස්‌කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ආමර්වීදියේ ගල්වලේ හාඩ්වෙයාර් එකක වැඩට ආවා. එතැන වැඩ කරගෙන ඉන්නකොට තමයි මම බිස්‌නස්‌ ලයින් එකට බැස්‌සේ.

    මොනවද බිස්‌නස්‌ කළේ...?

    කුඩු නැතුව :) වරායෙන් පන්නන හැම දේම බිස්‌නස්‌ කළා. වැඩියෙන්ම බිස්‌නස්‌ කළේ හොර සිගරට්‌. ඒකෙන් හොඳ ආදායමක්‌ ආවා. ඒ නිසා කාලයක්‌ මම හොර සිගරට්‌ විතරක්‌ බිස්‌නස්‌ කළා. දැන් නම් සිගරට්‌ බිස්‌නස්‌ එක නවත්තලා තියෙන්නේ.

    ඇයි සිගරට්‌ බිස්‌නස්‌ එක නතර කළේ...?

    හොර සිගරට්‌ ජාවාරම යට ඉන්නේ නැගෙනහිර ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන. මේ හොර ජාවාරම්වලින් ලැඛෙන ආදායම් කුට්‌ටි පිටින් යන්නේ ඒ සංවිධානවලට. මම දකුණේ හොඳ සිංහලයෙක්‌. බිස්‌නස්‌ කරන එක වෙනම කතාවක්‌. ඒත් දැන දැනත් මේ අන්තවාදී සංවිධානවල ෆන්ඩ් එකට සල්ලි එකතු කරන්න කඩේ යන්න මට බැහැ. අන්තිමේ ඒ සල්ලිවලින්ම අපිටම ගහනවා. සිගරට්‌ එකෙන් රටට වෙන විනාශයට වඩා අති විශාල විනාශයක්‌ හොර සිගරට්‌ ජාවාරමෙන් වෙනවා. ඒක මිනිස්‌සුන්ට තවම තේරෙන්නේ නැහැ.

    හොර සිගරට්‌ කොහෙන්ද එන්නේ....:baffled::baffled:

    වැඩියෙන්ම හොර සිගරට්‌ එන්නේ ඩුබායිවලින්. ඩුබායිවල ඉඳලා එන ගොඩක්‌ කන්ටේනර්වල හොර සිගරට්‌ එනවා. ඒ වගේම එයාර්පොට්‌ එකෙනුත් සිගරට්‌ එනවා.

    වරාය ගුවන් තොටුපළෙන් බඩු එළියට දාන්නේ හොඳට පරීක්‍ෂා කරලා. කොහොමද ඉතිං හොර බඩු එළියට ගන්නේ...?

    ඒක වෙන්නේ මෙහෙමනේ... ඔය හොර බිස්‌නස්‌ කරන්නේ පාතාලයට සම්බන්ධ, දේශපාලන හයිය තියෙන අය. ඒ අය කස්‌ටම් එකේ මහත්වරුන්වත් අල්ලගෙන ඉන්නේ. එයාර්පෝට්‌ එකෙත් එහෙමයි. වරායෙත් එහෙමයි. ඒ හිතවත් අයට කීයක්‌ හරි දීලා බඩු ටික එළියට ගන්නවා. සමහර මහත්වරු ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බලන්නේ නැතුවම පොඩි ගානක්‌ අරගෙන බඩු එළියට දානා වෙලාවලූ‍ත් තියෙනවා. :shocked::shocked: ඒත් සිගරට්‌ ටිකක්‌, ඔය වෙන දෙයක්‌ එළියට ගන්න පුළුවන්් වුණාට කුඩු නම් කොහෙත්ම එළියට ගන්න බැහැ. හැබැයි වරායෙන් වාහනත් හොරාට එළියට ගන්න අවස්‌ථා තියෙනවා. මම ඉන්දියාවට ගිහින් එකොළස්‌ වතාවක්‌ සිගරට්‌ අරගෙන ඇවිත් තියෙනවා. ඉන්දියන් එයාර්පෝට්‌ එකෙන් හොර බඩු ගෙන්න කිසිම ගේමක්‌ නැහැ. රුපියල් දාහ-පහළොස්‌ දාහක්‌ දුන්නහම කිසිම කරදරයක්‌ නැතිව බඩු ටික ඇතුළට ගන්න පුළුවන්. අපේ එයාර්පෝට්‌ එකෙන් එහෙම කරන්න අමාරුයි. කීයක්‌ හරි දීලා ඔය සිගරට්‌ ටිකක්‌ එළියට ගන්න පුළුවන් වුණාට කුඩුවලට නම් කිසිම ඉඩක්‌ නැහැ. කුඩු මාට්‌ටු වුණොත් ඉවරම තමයි.

    වරායෙන් හෝ එයාර්පෝට්‌ එකෙන් එළියට ගන්න බඩු වෙළෙඳපළට එන්නේ කොහොමද?

    ලංකාවට හොර සිගරට්‌ ගෙන්වන්නේ මුස්‌ලිම් අයනේ. ඒ අය බඩු ගෙන්නුවට බිස්‌නස්‌ කරන්නේ වෙන අය. සිංහල අයත් මේ ඩීල් එකේ ඉන්නවා. මේක ඉතාම සුක්‍ෂමව කෙරෙන බිස්‌නස්‌ එකක්‌. එක පාරටම ගිහින් සිගරට්‌ බන්ඩල් පහක්‌ ඉල්ලූ‍වට කොහෙත්ම ගන්න බැහැ. අපිට බඩු දෙන අයට කලින් ඕඩර් එක දාලා තියන්න ඕනා. ඊට පස්‌සේ ඒ අය අපිට එන්න තැනක්‌ කියනවා. සමහරවෙලාට බඩු දෙන්න ඉස්‌සර වෙලා අපිව චෙක්‌ කරන්න වෙන ටීම් එකක්‌ එතැනට එවනවා. අපිව චෙක්‌ කරන්න ආපු අය කිව්වොත් ඇවිත් ඉන්න අය අවුට්‌ ඩයල් ටිකක්‌ කියලා එතකොට බිස්‌නස්‌ එක වෙන්නේ නැහැ.
    පහුගිය දවසක රුපියල් ලක්‍ෂ 17 1/2 ක්‌ අතට දීලත් මිනිස්‌සු අදුරන්නේ නැහැ කියලා බඩු දෙන්නේ නැතිව සල්ලි රිටන් කරලා තිබුණා. බිස්‌නස්‌ එකට සම්බන්ධ වෙන මුල් කාලේ එහෙම වෙනවා. ඒත් කාලයක්‌ ගනුදෙනු කරනකොට ඒ ගැටලූ‍ නැති වෙලා යනවා. එහෙම ගන්න සිගරට්‌ ටික ඕපන් එකේ ගිහින් කඩවලට දාන්නෙත් නැහැ. කෑම අස්‌සේ, එළවළු අස්‌සේ තමයි කඩවලට ගෙනියන්නේ. ඩිල්වරි වෑන්වලත් හොර සිගරට්‌ ගෙනි යන අය ඉන්නවා.

    හොර සිගරට්‌ වැඩියෙන්ම රට පුරා ඛෙදාහරින්නේ කොහෙන්ද?

    අලූ‍ත්කඩේන් තමයි ඛෙදාහරින්නේ. ඈත පළාත්වලට ගෙනියන්නේ එළවළු ලොරි, පළතුරු ලොරි අස්‌සේ. සිගරට්‌ කියන්නේ මහ ලොකු දෙයක්‌ නෙමෙයිනේ. සිගරට්‌ දාහක්‌ දෙදාහක්‌ ෂොපින් බෑග් එකක ගෙනියන්නත් පුළුවන්. ඒ නිසා මේක ඛෙදාහරිනවා කියන එක මහ ලොකු දෙයක්‌ නෙමෙයි.

    කොළඹ අලූ‍ත්කඩේ ඇරෙන්නට වෙන කෙහේද හොර සිගරට්‌ ජාවාරම කෙරෙන්නේ...?

    වරකාපොළ පල්ලිය ළඟ මුස්‌ලිම් ගෙදරක මහා පරිමානෙන් හොර සිගරට්‌ විකුණනවා. එතැනින් හැම කෙනාටම බඩු දෙන්නේ නැහැ. ඒත් කොහොමහරි රටේ හැම තැනටම එතැනින් බඩු යනවා. අපේ සිංහල කෙනෙක්‌ එතැනින් බඩු අරගෙන රාජගිරියේ කඩවලටත් දානවා. ඊට අමතරව මීරිගම, තිහාරිය, බේරුවල, මල්වාන වගේම මුස්‌ලිම් අය වැඩියෙන්ම ජීවත් වන ප්‍රදේශවල හොර සිගරට්‌ ජාවාරම අනිවාර්යයෙන්ම ජයටම කෙරෙනවා. කැලණියේ කැම්පස්‌ එක ළඟ කඩයක්‌ තියෙනවා ඒකෙ විකුණන්නෙම හොර සිගරට්‌.

    එතකොට හොර සිගරට්‌ බන්ඩලයක්‌ ඔයලාගේ අතට එන්නේ කීයකටද?

    සිගරට්‌ විස්‌සේ පෙට්‌ටි දාහයේ කාටූන් එක අපිට දෙන්නේ රුපියල් 3400 කට. අපි කඩවලට දාන්නේ 4000 කට.

    හොර සිගරට්‌ එකයි ඔරිජිනල් සිගරට්‌ එකයි හඳුන ගන්නේ කොහොමද?

    සිගරට්‌ බොන කෙනා රසෙන් හඳුනගන්නවා. හොර සිගරට්‌ එක සැර වැඩියි. අනිත් එක තමයි හොර සිගරට්‌ එක ඔරිජිනල් එකට වඩා කොටයි. ඔරිජිනල් සිගරට්‌ පැකට්‌ එකේ දුම්බීම ශරීරයට අහිතකරයි කියලා සිංහලෙන් ගහලා තියෙනවා. හොර සිගරට්‌ පෙට්‌ටිවල එහෙම නැහැ. ඒක නිසා තමයි කඩවලින් හොර සිගරට්‌ පෙට්‌ටි පිටින් විකුණන්නේ නැත්තේ. කඩකාරයෝ හොර සිගරට්‌ විකුණන්නේම පෙට්‌ටි කඩලා.

    එතකොට කඩවලට හොර සිගරට්‌ට ඉල්ලගෙනම එන අය නැද්ද?

    නැහැ... කවුරුවත් හොර සිගරට්‌ බොන්න කැමති නැහැ. මොකද හොර සිගරට්‌ එක සැරයි. කඩවලින් පාරිභෝගිකයන්ට හොර සිගරට්‌ දෙන්නේ හොරාට.

    කොළඹ හොර සිගරට්‌ වෙළෙඳාම කොහොමද?

    රෑ කඩවල වගේම හැම මුස්‌ලිම් කඩේකම තියෙන්නේ හොර සිගරට්‌. ඒ වගේම කොළඹ නයිට්‌ ක්‌ල්බ්වල තියෙන ඛෙන්සන් හෙජස්‌ සිගරට්‌ එක හොර සිගරට්‌ එකක්‌. කොළඹ වතුවල හැම කඩේකම හොර සිගරට්‌ තියෙනවා. බීච් සයිඩ් එකේ ගොඩක්‌ කඩවලින් හොර සිගරට්‌ ගන්න පුළුවන්. දැන් එස්‌ටීඑෆ් එකෙන් සර්ච් කරන නිසා සිංහල වෙළෙඳුන් වැඩිය හොර සිගරට්‌ විකුණන්නේ නැහැ. ඒත් මුස්‌ලිම් මිනිස්‌සු ඔරිජිනල් සිගරට්‌ කඩවලට ගන්නෙම නැහැ. විකුණන්නෙම හොර සිගරට්‌. හොර සිගරට්‌ එකෙන් ලැඛෙන ලාභයට වඩා ඒ අය බලන්නේ හොර සිගරට්‌ බිස්‌නස්‌ එක වැඩි කරගන්න.

    හොර සිගරට්‌ විකුණන වෙළෙඳසල් පොලිසිය වටලන්නේ නැද්ද?

    සමහර වෙලාවට අල්ලනවා. ඒත් අලූ‍ත්කඩේ පැත්තේ ඉන්න හොර සිගරට්‌ ඩීල් කරන අය කියන්නේ පොලිසිය නම් ගැටලූ‍වක්‌ නැහැ. එස්‌ටීඑෆ් එක තමයි ප්‍රශ්නය කියලයි. මොකද පොලිසියෙන් පැනලා හොර සිගරට්‌ මාට්‌ටු වුණොත් කීයක්‌ හරි දීලා බේරෙන්න පුළුවන්. ඒත් එස්‌ටීඑෆ් එකට මාට්‌ටු වුණොත් බේරීමක්‌ නැහැ. පොලිසියේ සමහර නිලධාරීන් හොර සිගරට්‌ ඩීල් එක යට ඉන්නවා. දවසක්‌ අපි සිගරට්‌ තොගයක්‌ ගන්න මීරිගමට ගියා. අන්තිමේ බිස්‌නස්‌ එක කෙරුණේ මහාබාගේ පල්ලිය ළඟදී. සිගරට්‌ තොගය අරගෙන ඕනර් ආවේ තරු තුනක්‌ ඇඳපු පොලිස්‌ නිලධාරියෙක්‌ එක්‌ක.:shocked: ඔයාලට සිගරට්‌ බන්ඩලයක්‌ විකුණුවා කියලා ලොකු ලාභයක්‌ නැහැනේ. ඔව්... පස්‌ හය දෙනෙකුගේ අතින් අතට ගනුදෙනුව ගියාට මේ බිස්‌නස්‌ එකේ ලාභය ගෙඩියටම ගන්නේ බඩු ලංකාවට ගෙන්වන අය. සිගරට්‌ එකක්‌ ඩුබායිවලින් ගන්නේ ලංකා මුදලින් රුපියලකටත් අඩු මුදලකට. ඒක මම විශ්වාසයෙන් කියන්නේ.

    හොර සිගරට්‌ වර්ග මොනවද?
    හොර සිගරට්‌ වර්ග තිහක්‌ විතර තියෙනවා. ඒත් ලංකාවේ වැඩියෙන්ම එන්නේ වර්ග දහයක්‌ වගේ. ටොප් මවුන්ටන් ගෝල්සීල්, ඛෙන්සන් ඇන්ඩ් හෙජස්‌, වෙට්‌රා රේට්‌, ගෝල්ඩ්ලීෆ්, ඩන්හිල්, ටීන් සහ වේරාස්‌. මේ වර්ගවලිනුත් වැඩියෙන්ම ඩීල් වෙන්නේ ගෝල්සීල්, ගෝල්ඩ්ලීෆ් සහ ටොප් මවුන්ටන්. ඛෙන්සන් පැකට්‌ එක පොඩි කඩවලට වැටෙන්නේ නැහැ. ඒක කෙළින්ම යන්නේ නයිට්‌ ක්‌ල්බ්වලට. ලොකු හෝටල්වලට.

    ඔයලාට තේරෙන විදිහට දැන් සිගරට්‌ බීම අඩු වෙලාද?


    එහෙම කියන්න බැහැ. බොන කෙනා හොරාට කොහොම හරි සිගරට්‌ එකක්‌ බොනවා.

    නම නොකියන මිනිසාගේ කතාව අවසානය. ඔහු කියන ආකාරයට මෙරට ගුවන්තොටෙන් සහ වරායෙන් ඕනෑම දෙයක්‌ හොරාට එළියට ගැනීමට හැකිය. එහි සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට අප ශ්‍රී ලංකා රේගු නිලධාරියකු සම්බන්ධ කර ගත්තෙමු. අපේ පැනයට ඔහුගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

    ˜‍හොර බඩු රේගුවෙන් එළියට යන අවස්‌ථා ඇති. නමුත් අපේ නිලධාරීන් ඉතාම සූක්‍ෂමව හොර බඩු අත්අඩංගුවට ගන්න අවස්‌ථා බොහෝයි. මේ මෑතක දවසක්‌ අම්මා කෙනෙකුයි පුංචි දරුවකුයි ඩුබායි ඉඳලා එයාර්පෝට්‌ එකට ආවා. අම්මා පුංචි දුවව ට්‍රොලියක තියලා තල්ලූ‍ කරගෙන යනවා. අපේ නිලධාරියකුට මේ අම්මා ගැන සැක හිතිලා අම්මව සහ ට්‍රොලිය පරීක්‍ෂා කරලා තියෙනවා. බලනකොට දරුවාව වඩි කරලා තියෙන්නේ සිගරට්‌ බෑග් එකක්‌ උඩ. එහෙම සුපරීක්‍ෂාකාරී නිලධාරීන් ඉන්නවා. මේ අවුරුද්දේ මාස නවයට රේගුවෙන් හොර සිගරට්‌ 18566176 (එක්‌කෝටි අසූ පන් ලක්‍ෂ හැට හය දහස්‌ එකසිය හැත්තෑ හයක්‌) අත්අඩංගුට අරගෙන විනාශ කරලා තියෙනවා. එළියට ගිය හොර සිගරට්‌ තව ඕනෑ තරම් ඇති. දෙපාර්ශවයේම කතාව පැහැදිළි ඇති. දැන් අපි මොහොතකට කතා කරන්නෙමු.

    දුම්වැටිය රටට විනාශයකි. හොර සිගරට්‌ ජාතියටම වින කටින මාෆියාවකි. සිගරට්‌ පානය නිසා වසරකට අපේ රටේ මිනිස්‌ ජීවිත විසි පන්දහසක්‌ පමණ අහිමි වන බව සෞඛ්‍ය ආයතන පෙන්වා දෙයි. ඊටත් වඩා ප්‍රමාණයක්‌ විවිධ රෝගවලට ගොදුරු වන බව ද සෞඛ්‍ය ආයතන පෙන්වා දෙයි. එවැනි වටපිටාවක හොර සිගරට්‌ නිසා රජයට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන විස්‌සකි. එසේ නම් දුම් බී පණ අදින රෝගීන්ට ඛෙහෙත් කිරීමට හොර සිගරට්‌වලින් රජයට තඹදොයිතුවක ආදායමක්‌ ද නොලැබේ.

    එහෙත් හොර සිගරට්‌ අලෙවියෙන් වසරකට බිලියන 15 ක්‌ විස්‌සක්‌ වැනි අති විශාල ධනස්‌කන්දයක්‌ නැගෙනහිර ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන පෝෂණය කිරීමට එහි zෆන්ඩ්z එකට එකතු වනු ඇත. එහෙත් මේ මාෆියාව රටින් අතුගා දැමීමට තවමත් සාර්ථක වැඩපිළිවෙළක්‌ රටට නැත. අප හමුවේ ඇත්තේ මහා අනාගත කේදවාචකයකි. එහෙයින් අප විශ්වාස කරන්නේ නියපොත්තෙන් කඩා දැමිය යුතු දේ පොරොවෙන් කපන්නටත් බැරි මොහොත වනතෙක්‌ බලා සිටිමේ මන්දබුද්ධික පිළිවෙත අත් හළ යුතු බවය.


    ලිපිය ලිව්වේ - තරංග රත්නවීර
    ගත්තේ මෙතනින්

    අනිත් අයටත් බලා ගන්න බම්පියක් දාලා යන්න....:):)
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    muslim ewunta salli thiyenne owa hinda thama,lankawe thiyena godak jara wada karala hamba karanne thambi,ekarala palli walata denawa.palli walin ewa minissunta bedanawa jathiya bo karanna
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    එහෙත් හොර සිගරට්‌ අලෙවියෙන් වසරකට බිලියන 15 ක්‌ විස්‌සක්‌ වැනි අති විශාල ධනස්‌කන්දයක්‌ නැගෙනහිර ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන පෝෂණය කිරීමට එහි zෆන්ඩ්z එකට එකතු වනු ඇත.