මචන් මේ පොස්ට් එක දාපු කෙනා කියලා තියෙන ගොඩක් දේවල් හරි හැබැයි වැරදි දේවලුත් තියෙනවා මගේ හොදම යාලුවෝ ගොඩක් යුධ, නාවික,ගුවන් හා බුද්ඩි අංශවල ඉන්නවා පැවති හැම ආණ්ඩුවක්ම යුද්ධ කරලා දිනන්න බැලුවා
JR යුද්ධය දිනන්න ලගටම ආවා හැබැයි ඉන්දියානු බලපෑම් හමුවේ අසරණ උනා(නිදහසින් පස්සේ තිබ්බ ආණ්ඩු වලින් දෙමල මිනිස්සු යුද්දයක් කෙරේ තල්ලු කරමින් පැවතුනත් ඒක හොදින්ම කලේ JR ගේ UNP ආණ්ඩුවයි)
ප්‍රේමදාස හැදුවේ ඉන්දියන් ආමි එකට කොටි ලව්වා ගස්සවලා කොටින්ව අඩපන උනාම කොටින්ට ගහලා දාන්න(සාම සාකච්චා වලට කොටි ගෙනාවට එකයි යටි අරමුණ උනේ) හැබැයි කොටි ඊට වඩා ඉස්සර උනා
DB නම් බොහෝ දුරට සාර්ථක යුද්දයක් ගෙනිච්චා නැගෙනහිර
ඊළගට චන්ද්‍රිකා මෙයාගේ නම් තනිකර මතය උනේ යුද්දයෙන් අපිට ජය ගන්න බැහැ දේශපාලන විසදුමකට අපි එන්න ඕන කියන එක සුදු නෙලුම තවලම කියන වැඩසටහන් වලින් එක ජනතාවට ඒත්තු ගන්වමින් හිටියේ මේ වෙලාවේ තමා සන්දිය රටක් කියන තේමාවට ආවේ(මම චන්ද්‍රිකාට චන්දෙ දීලා තියෙනවා හැබැයි ඒ දුන්න චන්දෙන් රටට වැඩක් උනේ නම් නෑ) යුද්ධය අසාර්ථකව මෙහෙයවීම සම්බන්දයෙන් මේ කාලේ ප්‍රසිද්දයි යාපනය නිදහස් කරගත්තා ඒක ඇය ලද ජයග්‍රහණයක් නමුත් හමුදාවේ වැඩිම ද්‍රව්‍ය හානි හා ජිවිත හානි(අපිට ජයග්‍රහණ නොලැබ සිදු උන) සිදු උනේ මේ කාලෙදියි සම සාකච්චා අසාර්ථක උනාට පස්සේ ඇයත් යුද්ධයෙන් ජය ගන්න බැලුවා නමුත් අසාර්ථකයි [මතක තියා ගන්න සරත් ෆොන්සේකා හමුදාපති දුරයට ගෙනෙන්නට ඇයට අවස්ථාව තිබුනත් උවමනාවෙන්ම එය මගහැරියා මොකද සරත් ෆොන්සේකා කියන්නේ නහට අහන්නේ නැති චරිතයක් බැවින් දේශපාලන නායකයෝ බයයි ඔහුට බලය දෙන්න {කොටින්ම SF තදබල UNP පාක්ෂිකයෙක් උනත් රනිල් පවා ඔහුව හමුදාපති කලේ නැත}]
රනිල්ගේ යුගය රනිලුත් යුද්දයට වඩා සාකච්චා මාර්ගයට බර උනා සටන් විරාම ගිවිසුම මගින් අවස්ථාවක් ආවා පිටත ලෝකය ගැන දැන ගන්න කොටි සාමාජිකයන්ට එක යම් දුරකට උදව් උනා සංවිදානය දෙදරන්න නමුත් මේ ගිවිසුම නිසාම රටද දෙකඩ වීමේ අවස්ථාවක් නිර්මාණය වෙමින් පැවතිනි.
මහින්ද යුගය වඩමාරච්චි මෙහෙයුමට සහබාගි උන කෙනෙක් හැටියට ගොටභය දැන සිටියා SF හැකියාවන් ඒ වගේම වසන්ත කරන්න්නාගොඩ, රොෂාන් ගුණතිලක යන අයගේද සේවය උපරිම ගන්න හැටි මහින්දගේ දේශපාලන එඩිතරකම(මම දකුණේ නෙවෙයි හැබැයි දකුණේ මිනිස්සු එඩිතරයි ඒ වගේම කපට්යි උපයශිලියි කොටින්ම ඒ පැත්තේ මිනිස්සු දක්ෂයි, වියපර අතිනුත් ඒ අය ඉදිරියෙන් ඉන්නවා)[අනිත් පති වලත් දක්ෂ මිනිස්සු ඇති මන් නෑ කියන්නේ නෑ හැබැයි සාපේක්ෂව දකුණේ අයගේ වැඩි සම්බවිතාවක් තිබේ] මහින්ද යුද්ධයක් සදහා දිරි ගන්වපු මිනිස්සු හිටියා හෙළ උරුමයේ සියලු දෙන JVP නායකයින් SL ගුණසේකර වැන්නවුන්. ඉතින් දේශපාලනයේ අවදානම් තීරණ මහින්ද ගත්තා SF හමුදාපති කරන්න මහින්ද අදිමදි කලත් ගොටගේ නිර්දේශය හරි බව මහින්ද දැනන්
හිටියා ඒ වගේම පසුකාලීනව SF ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියේවි කියන බය SFව සිරගත කරන්න බෙහෙවින් බලපෑවා(එක හරියි කියනවනම් නෙවේ අප තේරුම් ගත යුතු දෙයනම් සියලු දෙන සියල්ල කරනුයේ බලය සදහා බවයි)
වචනයේ පරිසමාප්තියෙන්ම යුද්ධය යනු නොවිය යුතු දෙයකි නමුත් මිනිසුන් මේ ලොව සිටින තාක් යුද්ධයන් පවතිනු ඇත. සිංහල දෙමල සටන රාජාවලිය දක්වා දිවෙන්නකි දැනට ලැබෙන බුද්දි තොරතුරු අනුව ඔව්න්ගේ වෙනම රටක් යන සංකල්පය නොනැවතී තව දුරටත් ගමන් කරයි දකුණේ සිටින දෙමල මිනිස්සුන්ගෙත් ඒ ගැන බලපොරෝතුවක් පවතී මම දෙමල මිනිස්සුන්ට ඒ ගැන දොස් නොපවරමි මන්ද මිනිසා තරම් කෑදර ජාතියක් තවත් නැත මිනිසුන් උපතින් එය රැගෙන එයි එය නැති කිරන්න නම් නිර්වාණය ලැබිය යුතු වේ මේ type කිරිල්ල තරම් එය ලේසි නොවේ.
මත කාලින යුද්ධය ගැන කතා කරනවානම් මහින්ද ගොටභය හා ෆොන්සේකා ගැන කතා නොකර යුද්ධය ගැන කතා කිරීම පලරහිත ක්‍රියාවකි චායාරුප දැමීමේදී ඔව්න්ගේ ඒවා නොදැමීමෙන් මේ පොස්ට් එක දේශපාලන අරමුණු වෙනුවෙන් දැමු බව පැහැදිලි වේ. like නොලැබෙන්නේ ඒ නිසාය.
දුටුගැමුණු හා එළාර ගැන බොහෝ කතිකා උවද වේළුසුමන හා නදිමිත්ර එසේ නැතහොත් [සමාවෙන්න එළාරගේ සේනාන්කදිපතිවරු මතක නැත] යනාදී සෙනවියන් ගැන කතා වෙනවා අඩුය, පෙරමුණු වල මැරුණ සොල්දාදුවන්ගේ,හේවායන්ගේ නම් තබා ගාන වත් හරියට මතක නැත. නම් මතක ඇත්තේ ඔව්න්ගේ පවුල්වල උදවියන්ට පමණි.
ඔන්න ඕකයි ඇත්ත තත්වේ................