ඇයි හාමුදුරුවො ලිංගිකත්වය ගැන කතා කරන එක අකැප ද ? ඒ සබ්ජෙක්ට් එක හාමුදුරුවො දන්නෙ නෑ කියලද හිතන්නෙ. අනේ බන් මොනාද මේ කතා.
මචං ඩොක්ටර් කෙනෙක් කියන්නේ මෙඩිකල් නොලේජ් එකක් තියෙන කෙනෙක්, හාමුදුරු කෙනෙක් කියන්නේ රිලිජස් නොලේජ් එකක් තියෙන කෙනෙක්. ඉතින් බං උඹ කියන විදියට රිසර්ච් අනන් මනන් එහෙම කරන්නේ අපරාදෙනෙ ස්වයං වින්දනයට සම්බන්ධව. හාමුදුරුවන්ගෙන් ඇහුවම හරිනේ?
මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ බං ළමයින්ට ලිංගික අධ්‍යාපනය කියන එක දෙන්නේ කොහොමද කියලායි. ගිහි පැවිදි අයට නිති රිති වෙනම පනවලා තියෙන්නේ. මොකද ඔය පොතෙන් නැතත් කොල්ලො කෙල්ලෝ ඕවා කොහෙන් හරි හොයා ගන්නවා. නමුත් එහෙම හොයා ගනිද්දි ඒක නරක අතට යන්න ඉඩ කඩක් තියෙන නිසයි ඔය විදියට ඒක දෙන්නේ

හාමුදුරුවො මහ ලොකුවට සංස්කෘතිය ගැන කතා කරාට බලපන් අපේ රටේ කොච්චර ලිංගික අසහනේද? කොච්චර රේප් වෙනවාද? කොච්චර ස්පා යනවද කට්ටිය? ලිංගික අධ්‍යාපනය හරි විදියට පොතෙන් පතෙන් දුන්නම ඈත දුශ්කර පැත්තක පොඩි එකෙක්ට වුනත් කියවලා යම් අවබෝධයක් ගන්න පුලුවන්. ස්වාමින්වහන්සේලාගෙන් උපදෙස් අවශ්‍යයි. නමුත් යම්තාක් දුරකට ඒ දේ තිබ්බම ඇති. අනවශ්‍යය විදියට අතපෙවීම් කරන්න ඕනේ නෑ. ඒ දේවල් අවුරුදු ගණනක් තිස්සේ ප්‍රගුන කරලා ඔතනට ඇවිත් ඉන්න උදවිය ඒ දේවල් බලාගනියි. එයාලා මහන්සි වෙලා කාලය කැප කරලා ඉගෙන ගත්තේ යම් හේතුවක් නිසානේ






