එහෙම එකක් නෑ බං. ඕක ඩිපෙන්ඩ් වෙන්නේ පාවිච්චි කරන එක අනුව. මගේ යාලුවෙක්ගේ Aqua එකක් (2015 Manufacture, 2015 Registered) බැටරි එක මාරු කරා 192000km වලට පස්සේ. හදපු තැන පොර කිව්වෙත් මාසෙට 4000,5000k දිව්ව නිසා තමා ඕක ඔච්චර දුවන්න පුලුවන් වුනේ කියලා. නැත්තම් ඔච්චර දුවන්න කලින් ඕක මාරු කරන්න වෙනවා කියලා. හිතපන්කෝ අවුරුදු 8ක් පරණයි බැටරි එක ( වාහනේ 2015 වුනාට Cell වල Manufacture Date බැලුවම 2014 අග හදලා තිබ්බේ) කිලෝමීටර් 192000කුත් දුවලා තමා අවුල් වුනේ. ටොයොටා හයිබ්‍රිඩ් නම් දුවන්නම ඕනේ බැටරි සවුත්තු නොවෙන්න. දවසට 10km 15km දුවන ඒවා එහෙම 70000km, 80000km වෙද්දි සොරි වෙනවා කිව්වා. මගෙත් තියෙන්නේ ඇක්වා එකක්. ගාණ කඩාගන්න ට්‍රයි කරන්න ඇත්තේ බාසා බොරු බේගල් ටිකක් දෙසාබාලා. ටෙක්නිකන් සයිඩ් එක දන්නේ නැති අය සෙනික අහු වෙනවා. රස්නේ තැන් වල පාර්ක් නොකරනවා නම්, හයිබ්‍රිඩ් බැටරි බ්ලෝවර් එක බ්ලොක් නොවී හරියට තියාගන්නවා නම්, මාසෙට 1500km, 2000km වත් ශේප් එකේ දුවනවා නම් සෑහෙන්න කාලයක් ගේමක් ගැහුවැකි.