doctor sunny එකත් යන්තමට පාගාගෙන යනකම් තෙල් කරනවා. එත් ගියර් දෙකක් පහලට මාරු කරලා වාහන දෙක තුනකට ඉස්සර කරපු ගමන් තෙල් කට්ට බලන් ඉද්දි බහින්නේ. කාබියුරේටර් එකේ තියනවා මචන් primary ආණ්ඩ secondary කියල තෙල් එන්ජිමට යන circuit දෙකක් . ගියර් 5 මාරු කරලා හෙමින් කකුල තියන් යනකොට primary circuit එක විතරයි වැඩ කරන්නේ. එක පාරට pickup කරනකොට secondary එකත් ඇරෙනවා. එතකොට තමයි තෙල් ටිකක් වදෙන් පිච්චෙන්නේ. එක එක කාබියුරේටර් වල secondary circuit ඇරෙන විදිහට තමයි තෙල් වැඩ කිරීම තීරණය කෙරෙන්නේ. හොඳට ටියුන් කරාම ඔය දෙක කලට වෙලාවට ඇරිලා වැහිලා තෙල් හොඳට වැඩ කරනවා. එත් ඉතින් තෙල් වැඩ කරන ගැන තීරණය වෙන්න ටයර් සයිස් එකේ ඉඳන්ම බලපාන නිසා අපේ රටේ එකම වාහන model එක උනත් තෙල් කරන්නේ දෙවිදියකට එකම රියදුරා පැදෙව්වත් .
මන් ගාවත් තියන්නේ FB13 එකක්. පිස්සෙක් වගේ පාගල එලෙව්වොත් 6-7 තමා උපරිම කරන්නේ. දුර යද්දී වුනත් එහෙමයි. හොඳට පාගල (RPM එක 2000ට වැඩියෙන්) ගියොත් 10-11 තමා. මගේ එකේ 2000RPM එක තියන් 70-80 යන්න පුළුවන්. ඒ නිසා දුර යද්දී(කොළඹ - බදුල්ල තමා වැඩිපුර) උපරිම 14-14.5 තමා කරන්නේ. තැන්න නම් උපරිම 16ක් ගන්න පුලුවන්. මේ ලඟදි අපි 5 දෙනෙක් මාතර ගියා. 350km වලට 14.3ක් කරලා තිබ්බ. යද්දී දිගටම 100ට ගියේ. එද්දී 120-130.
ළඟ පාත පදින්න නම් මේක හොඳ වාහනයක් නෙවෙයි. දවසට කි.මි 15ට අඩුවෙන් දුවනවානම් 6ක් තමා කරන්නේ.
දුරයනකොට නම් ඉතිං යක්සයා වගේ නේ. FB13 මාත් ආසම වාහනයක් තමයි. ඔනි තැනක බය නැතුව යන්න පුලුවන්. අව්ලක් ආවොත් ඕනි බාසෙක් හදන්න දන්නවා.

අනිත් hybrid vehicles නොර්මල් විදිහට යනව


