හයිබ්‍රිඩ්_පාපැදියක්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හයිබ්‍රිඩ්_පාපැදියක්

    පාදිකය සහ මෝටරය යන ජව ප‍්‍රභව දෙකෙන්ම වෙන් වශයෙන් හෝ එකවර ක‍්‍රියාත්මක කළ හැකි දෙමුහුම් පාපැදියක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු සිසුන් දෙදෙනෙක් සමත්වී සිටිති.
    මෙහි මෝටරය බැටරි බලයෙන් ක‍්‍රියාත්මක වන අතර එම බැටරිය ගෘහ විද්‍යුත් සැපයුම මගින් පහසුවෙන් නැවත ආරෝපණය කර ගත හැකි වන පරිදි සකස් කොට ඇත. මීට අමතරව මෙම පාපැදිය වේග අටකින් යුත් විශේෂ හබ් ගියර් පද්ධතියකින් ද සමන්විත වේ.
    මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන රිසිර කන්නන්ගර සහ වෙනුර දිසානායක යන සිසුන් මෙම දෙමුහුම් පාපැදිය නිපදවූ අතර ඉංජිනේරු පීඨයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිරෝෂ් ජයවීර සහ අසිත කුලසේකර යන කථිකාචාර්යවරුන්ගේ මඟ පෙන්වීම ඊට ලැබී ඇත.
    ‘ලෝකයේ බොහෝ රටවල නාගරික ප‍්‍රදේශවල ප‍්‍රවාහනය සඳහා විශාල වශයෙන් පාපැදිය භාවිත කරන අතර එය අධික මාර්ග තදබදය, ඉහළ යන ඉන්ධන පිරිවැය හා වායුගෝලයට අහිතකර විමෝචන යන මේ සියළුම ගැටලූවලට සරල විසඳුමක් ලෙස පාපැදිය හඳුනාගෙන තියෙනවා. ශීත රටවල් මෙන් නොව, ඝර්ම කලාපීය රටක් වන ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රජාව පාපැදි භාවිතයට මැලිකමක් දක්වන්නේ ඒ සඳහා යෙදිය යුතු අධික ආයාසය, දහදිය ගැලීම හා එමගින් සිරුරට දැනෙන අපහසුව නිසයි.‘
    මෙම පාපැදියෙහි විදුලි මෝටරය පැඩලය අසල පහළින් සවි කොට ඇති අතර විශේෂ දම්වැල් යාන්ත‍්‍රණයක් ආධාරයෙන් මෝටරය සහ පැඩලයෙන් ඇති කෙරෙන ඇඹරුම (ව්‍යාවර්තය) පසුපස රෝදය වෙත සම්පේ‍්‍රෂණය කෙරෙනවා. යතුරු පැදියකට සමාන ඇක්සලරේටරයක් මගින් මෝටරයේ වේගය පාලනය කළ හැකි පරිදි සකසා ඇති අතර මෙහි මෝටරය ක‍්‍රියාත්මක වන විට පාදිකය නිශ්චලව තබා ගැනීමද කළ හැකියි.
    මෝටරය ක‍්‍රියාත්මක වන අතරතුර පැඩලය ක‍්‍රියාත්මක කරවීමෙන් පදින්නාගේ කැමැත්ත මත පාපැදියේ වේගය ඉහළ නංවා ගැනීමේ හැකියාවද පැවතීම මෙහි තවත් එක් විශේෂත්වයක්. එසේම පදින්නාගේ ආරක්ෂාව තහවුරු කරමින් මෝටරය පමණක් උපයෝගී කරගෙන ගමන් කළ හැකි උපරිම වේගය පැ.කි. 24 ට සීමා කර ඇති අතර තිරිංග යෙදීමේදී මෝටරය ක‍්‍රියා විරහිත වන පරිදි පාපැදිය සකස් කර තිබෙනවා.
    IMG_0192.jpg

    මෙම පාපැදියට තවත් විශේෂාංගයක් ලෙස ස්වයංක‍්‍රීය ධාවන විධියක් හඳුන්වාදී තියෙනවා. ඇක්සලරේටරය මගින් මෝටරයේ වේගය පාලනය කරනවා වෙනුවට මෙහිදී සිදුවන්නේ සංවේදක කිහිපයක් මගින් මෝටරයේ වේගය පාලනය කිරීමයි. පැඩලයේ භ‍්‍රමණ සංඛ්‍යාතය, මාර්ගයේ බෑවුම සහ පදින්නාගේ හෘද ස්පන්දන වේගය මෙලෙස සංවේදක මඟින් ප‍්‍රතිග‍්‍රහණය කරනවා. ඒ වගේම එම එක් එක් ප‍්‍රධාන පරාමිතින්ගේ වෙනස්වීම්වලට අනුකූලව මෝටරයේ වේගය පාලනය වන්නේ පදින්නාගේ ආයාසයකින් තොරව ය. මෙම ධාවන විධිය මඟින් අපේක්ෂා කෙරෙනුයේ පදින්නා සහ මෝටරය මඟින් ලබාදෙන ශක්තිය ප‍්‍රශස්ත ලෙස උපයෝගී කොට එමඟින් වැඩි ධාවන පරාසයක් ලබා ගැනීමයි. මෙය හයිබි‍්‍රඩ් මෝටර් රථවල ‘එකෝ මොඩ්’යන විශේෂාංගයට යම්තාක් දුරකට සමාන වෙනවා.
    IMG_0198.jpg

    මෙම පාපැදිය සඳහා යොදා ඇති බැටරි ඇසුරුම නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි වලින් සමන්විත වෙනවා. කිලෝග‍්‍රෑම් 28 ක බරකින් යුක්ත පාපැදිය කිලෝග‍්‍රෑම් 120 දක්වා බරක් අපහසුවකින් තොරව ප‍්‍රවාහනය කළ හැකිය. මෙහි දැනට යොදා ඇති බැටරි ඇසුරුම වරක් ආරෝපණය කළ පසු මෝටරයේ සහාය උපයෝගී කරගෙන කිලෝමීටර 10 ක දුර ප‍්‍රමාණයක් ධාවනය කළ හැකි වෙනවා.

    IMG_0194.jpg

    මේන් අයියා පදිනවා...

    Risira-and-Wenura.jpg

    Source:Lankadeepa
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මොකද බන් ලංකාවේ හදන මේවගේ නිර්මාණ පළවැනි එකට පමණක් සිමා වෙන්නේ ? දැන් කීයක් නම් හැදුවද ? කෝ එකක් වත් ගන්න නෑනේ ? (වතුරෙන් දුවන කාර්, හයිඩ්‍රජන් වලින් දුවන කාර්, 100% සුර්ය ශක්තියෙන් දුවන වී මෝල, නියමුවන් රහිත යානය) කෙසේ වෙතත් කොල්ලෝ දෙන්නට සුබ පතනවා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹලා කිව්වට විස්වාස කරයිද දන්නෙ නෑ 10 වසරේ දී අපේ පන්තියේ හිටපු කොල්ලෙක් මව්න්ටන් බයිසිකල් එකකට මෝටර් එකක් සෙට් කරලා බැට්‍රි එකක් ලැගේජ් එකේ හයි කරගෙන ඉස්කෝලෙත් එනවා. උපෙල කරයින් පස්සේ ඒ යාලුවව දැක්කෙ නෑ. නමුත් ඌ 10 දි ඔය වගේ දෙයක් කරා කියන්නේ හිතපංකෝ. ඔය තරම් දියුනු නෑ. නමුත් ඔය සිද්ධාන්තයම තිබුනා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210

    කැම්පස් වල සහ උගන්නන විදියෙ අවුලක් මචන් ඕක.

    කැම්පස් වල ප්‍රොජෙක්ට් එකට ඕක කරනව ඊට පස්සෙ ඉන්වෙස්ටර්ස්ල නැති නිසා වැඩේ අල වෙනව.
    ලංකාවෙ පොඩි උන්ට කියන්නෙම නැති දේ සෙක්ස් ගැන නෙවෙයි ඒක අඩුම ගානෙ ඉස්කොලෙ පාඩමකට හරි තියෙනව.
    නමුත් නොකියනම දේ තමා උබට කවදා හරි සල්ලි හොයන්න වෙනව කියන එක.

    දැන් ඔය බයික් එක ගත්තොත් මචන් ටාර්ගට් මාර්කට් එක වෙන්නෙ දවසකට 1000~2000 ත් අතර හෝ ඊට වඩා අඩුවෙන් හම්බ කරන කුලී වැඩ මේසන් වැඩ වගේ වැඩ කරන පිරිස.ඒ ගොල්ලන් බොහෝ දුරට ඉතුරු කරන පිරිසක් නෙවෙයි. ඕය වගේ එකකට 20000ක් එක පාර ඒ ගොල්ලන් ගොඩක් වෙලාවට වියදම් කරන්නෙ නෑ.ඒක ලබා ගන්න වැඩ පිළිවක් හිතන්න ඕනි. මාර්කට් කරන විදිය හිතන්න ඕනි. ඔය ටිකත් එක්ක ප්‍රඩක්ට් එක එළියට එනව නන් ඔව්ව මගින් නවතින්නෙ නෑ.

    මුලින්ම ඕකට කොච්චර මාර්කට් එකක් තියෙනවද කියල බලන්න ඕනි. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ගෙවීම් ලැබෙන විදිය බලන්න ඕනි. ඔය ටික බලන්න නිර්මාණ කරුවන්ට දැනුම නෑ. ඕව අපේ අධ්‍යාපන රටාවෙ නෑ.

    ඔය ටිකත් කියල දීල ආව දවසට ෆෝර්ඩ්, ටෙස්ලා වගේ ආයතන ලංකාවෙනුත් එයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ඉස්සර ගම් වල තියන ලොකු පාගන බයික් වලට සෙට් කරන්ඩ අවා මෝටර් එකකුයි බැටරි එකකුයි
    බැටරි එකනම් නිකම්ම කාර් බැටරි එකක්. ලොකු සීන් නම් නැ චාර්ජ් කරලා දුවන්ඩ පුළුවන්
    NGO වලින් මේවා සමහර ගම් වලට දීලා තිබ්බ ඉස්සර.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර ගම් වල තියන ලොකු පාගන බයික් වලට සෙට් කරන්ඩ අවා මෝටර් එකකුයි බැටරි එකකුයි
    බැටරි එකනම් නිකම්ම කාර් බැටරි එකක්. ලොකු සීන් නම් නැ චාර්ජ් කරලා දුවන්ඩ පුළුවන්
    NGO වලින් මේවා සමහර ගම් වලට දීලා තිබ්බ ඉස්සර.

    අරක මචං ඌම හදපු එකක්. ඌ තව තව ගැජට් හැදුවා. මිනිහා හෙන වැඩ්ඩා 10 දී එන්ජිමක් ගලවලා හයි කරන්නත් පුලුවන්
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    හෙළයෙක්;18404652 said:
    කැම්පස් වල සහ උගන්නන විදියෙ අවුලක් මචන් ඕක.

    කැම්පස් වල ප්‍රොජෙක්ට් එකට ඕක කරනව ඊට පස්සෙ ඉන්වෙස්ටර්ස්ල නැති නිසා වැඩේ අල වෙනව.
    ලංකාවෙ පොඩි උන්ට කියන්නෙම නැති දේ සෙක්ස් ගැන නෙවෙයි ඒක අඩුම ගානෙ ඉස්කොලෙ පාඩමකට හරි තියෙනව.
    නමුත් නොකියනම දේ තමා උබට කවදා හරි සල්ලි හොයන්න වෙනව කියන එක.

    දැන් ඔය බයික් එක ගත්තොත් මචන් ටාර්ගට් මාර්කට් එක වෙන්නෙ දවසකට 1000~2000 ත් අතර හෝ ඊට වඩා අඩුවෙන් හම්බ කරන කුලී වැඩ මේසන් වැඩ වගේ වැඩ කරන පිරිස.ඒ ගොල්ලන් බොහෝ දුරට ඉතුරු කරන පිරිසක් නෙවෙයි. ඕය වගේ එකකට 20000ක් එක පාර ඒ ගොල්ලන් ගොඩක් වෙලාවට වියදම් කරන්නෙ නෑ.ඒක ලබා ගන්න වැඩ පිළිවක් හිතන්න ඕනි. මාර්කට් කරන විදිය හිතන්න ඕනි. ඔය ටිකත් එක්ක ප්‍රඩක්ට් එක එළියට එනව නන් ඔව්ව මගින් නවතින්නෙ නෑ.

    මුලින්ම ඕකට කොච්චර මාර්කට් එකක් තියෙනවද කියල බලන්න ඕනි. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ගෙවීම් ලැබෙන විදිය බලන්න ඕනි. ඔය ටික බලන්න නිර්මාණ කරුවන්ට දැනුම නෑ. ඕව අපේ අධ්‍යාපන රටාවෙ නෑ.

    ඔය ටිකත් කියල දීල ආව දවසට ෆෝර්ඩ්, ටෙස්ලා වගේ ආයතන ලංකාවෙනුත් එයි.
    :yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    අරක මචං ඌම හදපු එකක්. ඌ තව තව ගැජට් හැදුවා. මිනිහා හෙන වැඩ්ඩා 10 දී එන්ජිමක් ගලවලා හයි කරන්නත් පුලුවන්
    හෆ්ෆා
    :baffled::baffled: