හරක් මස් විරෝධය
හරක් මස් විරෝධය ගැන අපට ඇත්ම කතාව අසන්නට ලැබෙන්නේ මතුගමිනි. මතුගම හරක් මස් වෙළෙඳ සැල සඳහා වන ටෙන්ඩරය හිමිකරගෙන තිබෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකි. ටෙන්ඩරය ලබාගෙන තිබෙන්නේ ලක්ෂ 32කටය. මස් කඩය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා මස්කඩය සඳහා රුපියල් ලක්ෂ 27ක මිලක් ඉදිරිපත් කරන විට භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කර තිබෙන මිල ලක්ෂ 32කි. භික්ෂුන් වහන්සේ මස් කඩය එවැනි විශාල මිලක් ගෙවා ලබාගෙන තිබෙන්නේ මස් කඩය වඩා හොඳින් පවත්වාගෙන යන්නට නොව මතුගම නගරයට තිබෙන මස් කඩය වසා හරක් මස් වෙළෙඳාම මතුගමින් තුරන් කර දමන්නටය.
ලංකාව රජය මගින් පවත්වාගෙන යන ළමා නිවාස වල සිටින මාපියන් නැති එක් දරුවකු නඩත්තු කිරීම සඳහා දිනකට කරන වියදම රුපියල් 20කි. හරකුන්ට කරුණාව දක්වනවාට වඩා එවැනි අසරණ ළමුන්ට ආධාර කරන ප්රතිපත්තියක ඇති යහපත් බව උන්වහන්සේට නොපෙනීම අවාසනාවකි. එසේ නැතිනම් එම මුදල මතුගමට නවීන පොදු වැසිකිළි පද්ධතියක් ඇති කළේ නම් මතුගම ජනතාවට ඉන් ලොකු සේවයක් වන්නට ඉඩ තිබුණි. දානපතියන් පූජනීය ස්ථානවලට ගොඩනැගිලි තනා දෙනවාට වඩා පොදු වැසිකිළි පද්ධතියක් ඇති කරදීම වඩා යහපත් ක්‍රිරියාවක් බව කියා ඇත්තේ ඉන්දීය අගමැති මෝඩිය. ඔහුගේ නිර්දේශය දේශය ලංකාවටද හොඳින් ගැළපෙන්නේය.
මෙම හිමි නම කර තිබෙන ක්‍රියාව නීති විරෝධී වනවා සේ ම සමාජ විරෝධී ද වේ. මතුගම මිනිසුන් හරක් මස් කන්නට කැමති නම් මේ ආකාරයෙන් ඔවුන්ගේ මස් කෑම නවතන ප්‍රතිපත්තියක් නීතියට අනුකුල නැත. රජය මගින් හරක් මස් වෙළෙඳ පොළවල් ඇති කොට පවත්වාගෙන යන්නේ හරක් මස් කන අයට අවශ්‍ය හරක් මස් ලබාගැනීම සඳහාය. එමගින් එම භික්ෂූන් වහන්සේ පහර ගසා ඇත්තේ පාරිභෝගික අයිතියකටය. අනෙක් අතට දැන හෝ නොදැන ඒමගින් පහර වදින්නේ හරක් ඇති කරන ගොවියන්ට හා ලංකාවේ කිරිපට්ටි කර්මාන්තයටය. මස් පිණිස හරකුන් විකිණිය නොහැකි තත්ත්වයක් ඇති කළ විට හරකුන් ඇති කිරීම අනාර්ථික දෙයක් බවට පත්වන්නේය. ඒනිසා රටේ කිරි කර්මාන්තයද මුළුමනින් බිඳ වැටෙනු ඇත්තේය.
කිරි පට්ටි කර්මාන්තය දියුණු එය විධිමත් ආකාරයකට සිදුකරන්නේ නම් වී ගොවිතැනින් උපයාගත හැකි ආදායම මෙන් දහ ගුණයක පමණ ආදායමක් උපායගත හැකිය. එවිට අනාර්ථික කුඹුරු ඉඩම් තණබිම් බවට පත් කළ හැකිය. කිරි පිටි ආනයනය සඳහා දරන අතිවිශාල වියදම අඩු කරගත හැකිය.
ලංකාවේ ජනතාව අතර ප්‍රෝටීන් ඌනතාව ඉහළ මට්ටමක පවතී. හරක් මස් කර්මාන්තය දියුණු කිරීම ජාතික මට්ටමෙන් පවතින ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ ප්‍රශ්නයටද විසඳුමකි. එය රටේ ගොවි ජනතාව අතර පවතින දුප්පත්කමටද දිය හැකි හොඳ පිළිතුරකි.
ලංකාව පමණක් නොව ලෝකයේ වෙනත් බෞද්ධ රටවල්ද තිබෙන්නේය. ඒරටවල් ලංකාව මෙන් නොව හරක් මස් පමණක් නොව වෙනත් මස් වර්ගද ආහාරයට ගනිති. ඒරටවල භික්ෂූන් වහන්සේලා ඒ රටවල බෞද්ධයන්ගේ මස් පරිභෝජනය ප්‍රතිපත්තියට අවහිර කරන්නේ නැත.
මස් කෑම පාපයක් නම් බිත්තර කෑමද පාපයකි. හරක් පැටියන්ට තිබෙන කිරි බීමද පාපයකි. ඩෙංගු මදුරුවන් මැරීමද පාපයකි.
– වික්ටර් අයිවන්.

oya nakiyata wayar ban.kate dath wath nathuwa mona harak mas da okata.