හරක් විජේසූරිය නම් මහාචාර්ය බූරුවා වෙත.

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හරක් විජේසූරිය නම් මහාචාර්ය බූරුවා වෙත.

    maxresdefault.jpg

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ සල්පිල අදින් නිමාවේ. එයට සහභාගී වන ජනතාව පොත් පිලිබඳව ඔවුන්ගේ ඇති ඇල්ම කියාපායි. ආරම්භක වර්ෂයේ සිට මේ දක්වා ඒ සෙනග වැඩිවූවා මිස අඩුවූ බවක් පෙනෙන්නට නැතුවා සේම වාර්තාවන්නේද නැත.
    මම ද ගතවූ සෑම වසරකම මගේ වත්කමේ සාපේක්ෂතාවයට අනුව පොත් පත් මිලදී ගත්තෙමි. එසේ මිලදී ගත නුහුනු පත පොත ගත්තවුන් හා හුවමාරු කරගෙන කියවූවෙමි. රස වින්දෙමි. එසේම, ඒ සෑම වසරකම ඔබ තුමාගේ පොත් එකකට වඩා මිලදී ගත්තෙමි. ඔබගේ හෝ පිටස්තරයෙකුගේ අත්දැකීම් ඔබගේ වචන වලින් ලියැවී ඇති ලස්සන රසවින්දෙමි. අන්‍යයන් හා බෙදා ගත්තෙමි. ඒ හැම අවස්ථාවකම මා සිතුවේ මා කියවීමට රුචියෙකු යැයි කියාය.
    එහෙත්, මා ඇතුලු බොහෝ ශ්‍රී ලාංකිකයන් "පොතක කවරය බලා මිස එහි අන්තර්ගතය බලා පොතක් මිලදී ගැනීමට තරම් බුද්ධිය මුහුකුරා නොගියවුන්" බව උගත්තේ ඊයේ පෙරේදාය. ඒ ද ඔබතුමාට පින් සිද්ධ වෙන්නටය. එදා සිට මේ දක්වා මා ඔබ විසින් ප්‍රකාශිත ඔබගේ සහ අන්‍යයන්ගේ අත්දැකීම් ඇතුලත් පොත් මිලදී ගත්තේ හුදෙක්ම කවරය පමණක් බලාය. 2005 දී මුද්‍රණය කෙරුණු "තාත්තා" කෙටිකතා එකතුව මා මිලදී ගත්තේ එහි කවරයෙහි වූ ඔබගේ තාත්තා ගේ ලිපිය දැකීම නිසාය.
    එහෙයින්, මම ඔබේ ආධාරයෙන් මා පිලිබඳ උගත්තෙමි. මින් පසු කිසිදිනක ඔබගේ ප්‍රකාශණවල අන්තර්ගතය කියවීමෙන් පසුව මිස ඒවා මිලදී නොගන්නා බවට පොරොන්දු වෙමි.
    අනුන්ගේ අත්දැකීම් කියවා සමාජ යථාර්ත වටහාගැනීම වෙනුවට මට මාගේ අඩුපාඩු නිවැරදි කරගැනීමට කාලය පැමිණ ඇතැයි සිතේ.
    ලංකාව තුල ඔබගේ දේශණ විස්සකට වඩා අසා ඇත්තෙමි. ඒ සමහර දේශණ අවසානයේ එහි වූ ඔබ ආයතනයේ ජංගම රථයෙන් හෝ පොත් අලෙවිකළ මේසයෙන් පොතක් මිලදී ගැනීමටද "බුද්ධියෙන් මුහුකුරා නොගිය" නිසා ක්‍රියා කලෙමි.
    ඉහත කිසිම අවස්ථාවකදී (ඔබගේ දේශණයක හෝ පොත් අලෙවි කුටියේ) මා නියෝජනය කරන "බුද්ධියෙන් මුහුකුරා නොගිය" උන් හැර අන් කිසිවෙක් නොදැකීම මාගේ අවාසනාව'කැයි සිතේ. එහෙත්, එය ඔබේ වාසනාව වූවා නොවේ දැයි නැවත සිතේ. නො එසේනම්, කැබිතිගොල්ලෑවේ හයිබ්‍රිඩ් කාර් විකුණුම් සැලක් පටන් ගත්තා වගේ වන්නට තිබුණි.
    ඊලඟට තමිළිනි ජෙයක්කුමාරන් ගේ "තියුණු අසිපතක සෙවණ යට" පොතද මිලදී ගත්තෙමි. එය පුරාම ඇත්තේ කොටි සංවිධානයේ ක්‍රියකාරකම් පිලිබඳව ඇයතුල වූ කළකිරීම හා අපේක්ෂාභංගත්වයයි යනුවෙන් පසු කවරයේ සඳහන් වේ. තමිළිනී කළකිරීමට පත්වූයේ ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තවාදීන් විනාශවීමෙන් අනතුරුව බව ඒ පොත හොඳින් පෙන්වාදෙයි. ඒ කළකිරීම ඇයතුල ඇතිවූයේ වසර තිහක් තිස්සේ තම රටේ අහිංසක ජනතාව කුරිරු අයුරින් මරාදමමින්, තමන් සමග උරෙ'නුර ගැටෙමින් මවුබිමේ නිදහස උදෙසා සටන් වැදි සහෝදරයින් මරාදමමින්, අවසාන මොහොත දක්වාම අත දැරූ අවියෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකල මිනිසත්කමට නිගාදුන් ත්‍රස්තවාදීන් මරණබියෙන් මුදවාගෙන තම කරමතින් ගෙනගොස්, තමා කුසගින්නේ සිටිමින් තම බත්පතින් ඒ ත්‍රස්තයන්ගේ කුසගිනි නිවා, ප්‍රතිකාර ලබාදී සෙබළ ඇඳුම ලාගත් දුප්පත් අම්මාප්පච්චිලාගේ දූ පුතුන් පෙන්වු අතිශයින් මානුෂීය ගුණාංග ද, දිවයිනේ නන් දෙසින් තමන්ට කොටින්ගෙන් සිදුවූ කරදර උපේක්ෂාවෙන් අමතක කොට හාල් මිටක්, පොල් ගෙඩියක්, ඇඳුම් කෑල්ලක් දෙන්නට තරම් සත්පුරුශ වූ අම්මාප්පච්චිලා පෙන්වූ බෝසත් ගුණාංග ද, යහපත් සිතුම් පැතුම් සමග නැවත සමාජ ගතවීමට පුහුණු කරවූ පුණරුත්ථාපන කණ්ඩායමේ සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් ගේ මනුස්සකම් හා කොටින්ගේ ඉගැන්නුම් බහට අවනතව තමන් දශක දෙකක් පමන තිස්සේ කරන ලද්දාවූ අසමජ්ජාතිකම් අවබෝධවීම නිසා නොවන්නේ නම් අන් කවර හේතුවක් නිසාද යන්න "බුද්ධිය මුහුකුරා නොගිය" නිසාදෝ මා නොවැටහේ.
    අවසානයට මම "රණමඟ ඔස්සේ නන්දිකඩාල්" හෙවත් (Road to Nanthikadal) පොතද මෙයට එක්කර ගනිමි. මගේ අත්දැකීම් වල හැටියට නම් කොළඹ පොත් ප්‍රදර්ශණ ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක් සහිත වූ පොත මෙය බව සිතමි. තවද, විජිත යාපා කුටිය වටා වට කිහිපයක් පෙළ ගැසී සිටි "බුද්ධිය මුහුකුරා නොගිය" ජනතාව මාගේ ඉහත සිතිවිල්ල තහවුරු කිරීමක් යැයි වැඩි දුරටත් සිතමි. කමල් ගුනරත්නයන් යනු පලපුරුදු ගත් කතුවරයෙකු නොවේ. මා දන්නා පරිදි ඔහු කලපුරුදු සොල්දාදුවෙකි. වීරත්වය අධ්‍යනය කල ඔහු ඒ පිලිබඳව අන්‍යයන්ට කියා දුන්නේ හිතට වදින ස්වරූපයකිනි. මා ඇතුලු බොහෝ කණිටු නිලධාරීන් බොහෝ විට ඔහු හැඳින්වූයේ "ජෙන්ගීස් ඛාන්" යන අන්වර්ථ නාමයෙනි. "ජෙන්ගීස් ඛාන්" කමල් ගුනරතුන්ගේ වීරයාය. මහාචාර්ය තුමාලා පමණක් නොව ලංකාවේ වැඩිදෙනෙක් අයත් වන බුද්ධියෙන් පරිණත නොවූවන් ප්‍රභාකරන් ගේ වියරුවෙන් මුදවා ගැනීමට අදටත් දුප්පතුන් වන ගම්වල අම්ම අප්පච්චිලාගේ දුවා දරුවන් මෙහෙයවා එහි අවසානය සියැසින්ම දුටු කමල් ගුනරතුන් බුද්ධියෙන් පරිණත නොවූ අපගේ "ජෙන්ගීස් ඛාන්" වීම වරදක් නොවනු ඇත.
    "මමත් යුද්ධය කලානම් මීට වැඩිය විකිණෙන පොතක් ලියන්නට තිබ්බා" යැයි ඔබ තුමා කියා තිබුණු බව දුටුවෙමි. අදටත් එය එසේම යැයි පිලිගන්නා ලෙස මගේ සිතට මමම මහා දරුණු බලපෑමක් කරමින් සිටිමි. ඔබතුමා සෙබලෙකු වීනම් එක පොතට ලක්ෂයක් ලියනු නොඅනුමානය. එසේ වුවද, ඉන් තවත් ප්‍රභාකරන්ලා ලක්ෂයක් බිහිනොවෙන බවක් මට නොපෙනේ. යුද්ධයද නිමා නොවනු ඇත. එයට හේතුව නම් නොදන්නා නොඇසූ නූපන් පිරිසකගේ ජීවිත නිදහස් කර ගැනීමට තම ජීවිතය නොතකා සතුරු අවි ආයුධ ඉදිරියට ‍යෑම කුහකයන් හට කිසිදාක කල නොහැක්කක් බව මා දන්නා නිසාය.
    එහෙයින්, බුද්ධියෙන් පරිණත ඔබතුමා ගෙන් කමල් ගුනරතුන් නොඇසූ පැණයක් දෙකක් අසමි. කමලුන් වසර තිස්පහක් හමුදාවේ සිටියේය. ඔහු ඒ කලාවේ සමතෙකු බව ඔබ අප හැම අද අත්විඳින නිදහස උදාකිරීමෙන් පෙන්වාදුනි. ඔබතුමා අති ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකි. කමලුන් යුදබිමේ ගතකලාටත් වඩා කාලයක් ලිවීමේ කලාවේ යෙදී සිටින්නෙකි. එසේ වූ කල කමලුන්ගේ පලමු පොත ඔබතුමා මෙතෙක් කල් ලියූ විකිනූ පොත් සියල්ලටම වඩා අලෙවි වූයේ එය මිලදී ගත් පාඨකයන් "බුද්ධියෙන් පරිණත නොවූ" නිසාමද? නැතහොත් වසර තිස් ගනණක් ලියු විකිණූ ඔබ තුමාට වඩා ඔහු ග්‍රන්ථ කාර්යයෙහි ද ශූරයෙකු නිසාද?
    අප රටේ බුද්ධියෙන් පරිණත නොවූ පාඨකයන් කවර දෙස බලා පොත් තෝරන්නේ නම්, මෙතෙක් ඔබතුමාගේ පොත් මිලදී ගත්තෝ මහාචාර්ය වරුන්මද? ඒසේ වී නම් ඔවුන් හට කෘතගුණ පිණිසවත් එවැන්නෙක් ගැන කතාවක් නොලීවේ මන්ද?
    යුද්ධයේ භීතිය මුලු රටම වෙලාගෙන තිබූ කාලයක ඒ වෙනුවෙන් පොතක් තබා වචනයක් වත් නොලියූ ඔබ, ප්‍රභාකරන් ගේ අමානුෂිකකම් ගැන අද ද වචනයක් හෝ නොකියන නොලියන ඔබ විනාශයෙන් රට මුදවාගත් සෙබලුන් පිලිබඳව ඔය තරම් අසතුටකින් කතා කරන්නේ ඇයි?
    අවසාන වශයෙන් මෙසේ ද කියමි.....
    මළලසේකර ශබ්දකෝශය අපි භාවිතා කලේ ඉන් වචනයක තෙරුම ඉගෙන ගැනීම සඳහාය. ඔබ කමල් ගුනරතුන්ගේ පොත එය සමග සැසඳූයේ කුමක් නිසාදැයි දන්නේ ඔබම පමණි. මළලසේකර ශබ්දකෝශයෙන් අපි තවම වචන ඉගෙනගනිමින් සිටිමු. කමලුන්ගේ පොතෙන් ඉගෙනීමට කිසිදු අලුත් වචනයක් මම නොදුටුවෙමි. එහෙත් ඔබට නම් ඉන් ඉගෙනීමට මහා න්‍යායක් ඇත. ඒ, ලිවීමෙහි සහ ලියූදේ විකිණීමේ න්‍යායයි. එය ඉගෙනගෙන ලබන වසරේවත් ඔබට පොත් ලිවීමට මෙන්ම විකිනීමට ද හැකිබව පෙන්වීමට ශක්තිය ලැබේවායි, ඔබේ පොත් වැඩියෙන්ම මිලදී ගන්නා "බුද්ධියෙන් පරිණත නොවූවන්" වෙනුවෙන් පතමි.
    Nilantha J.......
     
    • Like
    Reactions: jsandun

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    "මමත් යුද්ධය කලානම් මීට වැඩිය විකිණෙන පොතක් ලියන්නට තිබ්බා" යැයි ඔබ තුමා කියා තිබුණු බව දුටුවෙමි.

    ඔය කතාව කොහෙදිද මචං කියලා තිබුනේ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "මමත් යුද්ධය කලානම් මීට වැඩිය විකිණෙන පොතක් ලියන්නට තිබ්බා" යැයි ඔබ තුමා කියා තිබුණු බව දුටුවෙමි.

    ඔය කතාව කොහෙදිද මචං කියලා තිබුනේ ?
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඉරිසියාව... වෙන මොකද්ද? වැදි බණ කියන්නේ මෙවාට... සරත්ලා දෙන්නටම් උනේ අනිත් උන්ගෙ දේ ට ඉරිසියා හිතිලා ගූ නාගත්තු එක...

    ෆොන්සෙකා ගිය මග ඔස්සේ කියලා පොතක් ලිව්වනම් හරි.. මොකද මූ යන්නේත් ඒ පාරේ...
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    ඉරිසියාව... වෙන මොකද්ද? වැදි බණ කියන්නේ මෙවාට... සරත්ලා දෙන්නටම් උනේ අනිත් උන්ගෙ දේ ට ඉරිසියා හිතිලා ගූ නාගත්තු එක...

    ෆොන්සෙකා ගිය මග ඔස්සේ කියලා පොතක් ලිව්වනම් හරි.. මොකද මූ යන්නේත් ඒ පාරේ...
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඔය යුද්ධෙ මාකට කරන එක ගැන මම විරුද්ධයි. සමහරක් විට මෙ පොත ලියපු කෙනා ඉස්සරහට පොලිටික්ස් කරාවි. හැබැයි මෙ පොත මෙච්චර හිට් උනෙ මිනිස්සුන්ට යුද්ධෙ ගැන කුතුහලයක් තාම තියෙනවා. ඒ කිව්වෙ ඒක ඉවර කරපු විදිය ගැන එහෙම .ඒක මටත් තියෙනවා. ඒක නිසා තමා ඔය පොත ඔච්චර හිට් උනෙ. නැතුව මෙක ලියපු කෙනාගෙ ලිවිමෙ ෂූරත්වය නිසා නම් නෙමෙ. හැබැයි මෙ මහාචාර්‍ය වරයා කියන එක්කෙනා ගැන මට කියන්න තියෙන්නෙ මිනිහාට තියෙන්නෙ ඉරිසියාව. මුන් මහාචාර්‍ය වරු කිව්වාට කරන්නෙ බටහිර පොත්පත් වල තියෙන එව්වා ගෙඩිපිටින් කොපි කරලා මිනිස්සුන්ට කියන එක.
    නැත්තම් අළුත් දෙවල් කරපු එවුන් නැහැ ලංකාවෙ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරිසියාව... වෙන මොකද්ද? වැදි බණ කියන්නේ මෙවාට... සරත්ලා දෙන්නටම් උනේ අනිත් උන්ගෙ දේ ට ඉරිසියා හිතිලා ගූ නාගත්තු එක...

    ෆොන්සෙකා ගිය මග ඔස්සේ කියලා පොතක් ලිව්වනම් හරි.. මොකද මූ යන්නේත් ඒ පාරේ...
    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    "මමත් යුද්ධය කලානම් මීට වැඩිය විකිණෙන පොතක් ලියන්නට තිබ්බා" යැයි ඔබ තුමා කියා තිබුණු බව දුටුවෙමි.

    ඔය කතාව කොහෙදිද මචං කියලා තිබුනේ ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඉරිසියාව... වෙන මොකද්ද? වැදි බණ කියන්නේ මෙවාට... සරත්ලා දෙන්නටම් උනේ අනිත් උන්ගෙ දේ ට ඉරිසියා හිතිලා ගූ නාගත්තු එක...

    ෆොන්සෙකා ගිය මග ඔස්සේ කියලා පොතක් ලිව්වනම් හරි.. මොකද මූ යන්නේත් ඒ පාරේ...

    :yes::yes::yes::yes::yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    "මමත් යුද්ධය කලානම් මීට වැඩිය විකිණෙන පොතක් ලියන්නට තිබ්බා" යැයි ඔබ තුමා කියා තිබුණු බව දුටුවෙමි.

    ඔය කතාව කොහෙදිද මචං කියලා තිබුනේ ?

    ow machan sirawata prof. koheda ehema ekak kiyala tibbe???
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    ඔය යුද්ධෙ මාකට කරන එක ගැන මම විරුද්ධයි. සමහරක් විට මෙ පොත ලියපු කෙනා ඉස්සරහට පොලිටික්ස් කරාවි. හැබැයි මෙ පොත මෙච්චර හිට් උනෙ මිනිස්සුන්ට යුද්ධෙ ගැන කුතුහලයක් තාම තියෙනවා. ඒ කිව්වෙ ඒක ඉවර කරපු විදිය ගැන එහෙම .ඒක මටත් තියෙනවා. ඒක නිසා තමා ඔය පොත ඔච්චර හිට් උනෙ. නැතුව මෙක ලියපු කෙනාගෙ ලිවිමෙ ෂූරත්වය නිසා නම් නෙමෙ. හැබැයි මෙ මහාචාර්‍ය වරයා කියන එක්කෙනා ගැන මට කියන්න තියෙන්නෙ මිනිහාට තියෙන්නෙ ඉරිසියාව. මුන් මහාචාර්‍ය වරු කිව්වාට කරන්නෙ බටහිර පොත්පත් වල තියෙන එව්වා ගෙඩිපිටින් කොපි කරලා මිනිස්සුන්ට කියන එක.
    නැත්තම් අළුත් දෙවල් කරපු එවුන් නැහැ ලංකාවෙ.

    Ai pons uba aluth dewala karanne
    lankaawe ipadila Quatar wala humbayange eka katata gannawa
    masterbate kaloth aga bahinawa kiyanawa
    ubath liyapan potak oya alut dewal daala :lol::lol::lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ඉරිසියාව... වෙන මොකද්ද? වැදි බණ කියන්නේ මෙවාට... සරත්ලා දෙන්නටම් උනේ අනිත් උන්ගෙ දේ ට ඉරිසියා හිතිලා ගූ නාගත්තු එක...

    ෆොන්සෙකා ගිය මග ඔස්සේ කියලා පොතක් ලිව්වනම් හරි.. මොකද මූ යන්නේත් ඒ පාරේ...

    පැහැදිලි ඉරිසියාව..

    f98ea70f84ed9cbb4213daa66f9e0b8beda0cbce0b39aee88c9811f3ebd21148.jpg
     
    hiruclassic

    Active member
  • Dec 25, 2008
    107
    25
    28
    "නොදන්නා නොඇසූ නූපන් පිරිසකගේ ජීවිත නිදහස් කර ගැනීමට තම ජීවිතය නොතකා සතුරු අවි ආයුධ ඉදිරියට ‍යෑම කුහකයන් හට කිසිදාක කල නොහැක්කක් බව මා දන්නා නිසාය"...