හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අවිද්‍යාව කියන යමක් පවතින ආකාරයට/ ඇති සැටියට දැකීමට ඇති නොහැකියාව.සියලුම පෘතක්ජනයින් අවිද්‍යාව තුලයි ජීවත්වෙන්නෙ.අරිහත් ඵලයට පත්වන තුරුම අවිද්‍යාව කියන දේ සම්පූර්නයෙන්ම දුරුවෙන්නෙ නෑ.විද්‍යාව කියන්නෙ ඉහත කී අවිද්‍යාවෙන් වෙන්වීම හේවත් යතාභූත ඥාණ දර්ශනය ඇතිකරගැනීම.

    අද සයන්ස් කියන ඉන්ග්‍රීසි වචනෙට දීල තියෙන සිංහල වචනය තමයි විද්‍යාව.සයන්ස් කියන දේ නව සොයාගැනීම් අනුව නිරතුරුව වෙනස් වෙවී යන විශයක් මිසක් යතාභූත ඥාණ දර්ශනය ඇති කර ගත හැකි ආකාරයේ දෙයක් නෙවෙයි.
    :)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විද්‍යාව හා බුදුදහම දෙකකි. විද්‍යාවෙන් භෞතික ලෝකය පිළිබඳ ව අධ්‍යනය කරන අතර බුදුදහම ලෝකයේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ ව අධ්‍යනය කරයි.අවසාන වශයෙන් එච්චරයි...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රාළ තනිකර බොරුව කරන්නෙ :growl: :growl:
    මූත් විද්‍යාව අදහන එකෙක් :growl: :growl:
    ව්‍යංගයෙන් ගේම දෙනව :growl: :growl:
    බොරුවට බුද්ධාගම වෙනුවෙන් කතා කරනව කියල පෙන්නල, ගොං තර්ක ඉදිරිපත් කල්ල, බුද්ධාගම අදහන අය මෝඩයො කියල පෙන්නන එකයි රාළගෙ අරමුණ :dull: :dull:
    මූ සිංහල වෙදකමටත් කරන්නෙ ඕකමයි :growl: :growl:
    බොරුවට සිංහල වෙදකම වෙනුවෙන් පෙනී ඉන්නව වගේ පෙන්නල ගොං තර්ක ඉදිරිපත් කරනව, එතකොට ඒක කියවන අය හිතන්නෙ සිංහල වෙදකම වෙනුවෙන් කතා කරන්නෙ මෝඩයො කියල :dull: :dull:
     
    විද්‍යාව කියන වචනෙ යෙදුන කියල ඒක හැමතැනම එකම අර්ථයෙන් යෙදෙන්නේ නෑ.
    නමුත් වචනෙකට තේරුම් දෙකක් තියෙන්න බෑනේ. එහෙම වෙන්න නම් විශේෂණ පදයක් එන්න ඕනා.
    ඒක භාෂාව අනුව එක පාවිච්චි කරන මනුස්සය අනුව එයාගෙ වටපිටාව අනුව වෙනස් වෙනවනෙ.
    ඒත් වචන වල තේරුම් කාටත් පොදුයි.
    කොහෙවත් කියල නෑ විද්යාව == Science කියල. එක අපි භාවිතා කරන වචනයක් විතරයි. ඔයා සත්‍ය කියල හිතන දෙයි මම සත්‍ය කියල හිතන දෙයි වෙනස්.
    නමුත් අම්මා කියන වචනේ සිංහල කතා කරන කාටත් එකයි, කවුරුත් අම්මා කියල තාත්තට කතා කරන්නෙ නෑනේ. අන්න ඒ වගේ තමා
    මුස්ලිම් මනුස්සය මිත්‍යා දෘෂ්ටිකය කියල හඳුන්වන කෙනයි බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිකය කියල හඳුන්න්වන කෙනයි වෙනස්. ඒ වගේ තමා. එකම වචනයක් පාවිච්චි කරා කියල එකම අදහස එන්නේ නෑ.
    ඒත් ශබ්ද අර්ථ එහෙම වෙනස් වෙන්න බෑ. ඒවා අදාළ භාෂාව පාවිච්චි කරන කාටත් පොදුයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාළ තනිකර බොරුව කරන්නෙ :growl: :growl:
    මූත් විද්‍යාව අදහන එකෙක් :growl: :growl:
    ව්‍යංගයෙන් ගේම දෙනව :growl: :growl:
    බොරුවට බුද්ධාගම වෙනුවෙන් කතා කරනව කියල පෙන්නල, ගොං තර්ක ඉදිරිපත් කල්ල, බුද්ධාගම අදහන අය මෝඩයො කියල පෙන්නන එකයි රාළගෙ අරමුණ :dull: :dull:
    මූ සිංහල වෙදකමටත් කරන්නෙ ඕකමයි :growl: :growl:
    බොරුවට සිංහල වෙදකම වෙනුවෙන් පෙනී ඉන්නව වගේ පෙන්නල ගොං තර්ක ඉදිරිපත් කරනව, එතකොට ඒක කියවන අය හිතන්නෙ සිංහල වෙදකම වෙනුවෙන් කතා කරන්නෙ මෝඩයො කියල :dull: :dull:
    :yes::yes: ඔව් එහෙම වෙන්ඩත් පුලුවන් බුදු දහම විකෘති කරන එකනම් අඩුවක් නැතුව කරනව ගො කතා කිය කිය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20672623 said:
    නමුත් වචනෙකට තේරුම් දෙකක් තියෙන්න බෑනේ. එහෙම වෙන්න නම් විශේෂණ පදයක් එන්න ඕනා. ඒත් වචන වල තේරුම් කාටත් පොදුයි. නමුත් අම්මා කියන වචනේ සිංහල කතා කරන කාටත් එකයි, කවුරුත් අම්මා කියල තාත්තට කතා කරන්නෙ නෑනේ. අන්න ඒ වගේ තමා ඒත් ශබ්ද අර්ථ එහෙම වෙනස් වෙන්න බෑ. ඒවා අදාළ භාෂාව පාවිච්චි කරන කාටත් පොදුයි.


    :dull: මේ මනුස්සයට කියල බෑ අප්පා.

    ඔක්කොටම කලින් කියන්නකෝ බුදුහාමුදුරුවෝ බන කිවේ සිංහලෙන්ද ? නෑ නෙ. එක සිංහලට පරිවර්තනය කරපු කෙනා විද්‍යාව කියන වචනෙ සිංහලෙන් අරන් අර අර්තෙට ලඟින්ම යන්නේ මේක කියල හිතල පරිවර්තනය කරා. Science කියල එකක් හැදීගෙන එනකොට එකටත් සිංහල වචනයක් ඕනේ උනා සිංහලෙන්. එකටත් විද්‍යාව කියල දාමු කියල ඒ වචනෙම පාවිච්චි කරා. එතකොට සිංහල නොවන වෙනම භාෂා දෙකක දේවල් දෙකක් හඳුන්වන්න එකම වචනෙ හරි හෝ වැරදි භාවිතා වෙනව. එකෙන් කියන්න පුලුවන්ද දෙකෙන්ම එකම දේ කියන්නේ කියල.


    අර වොකරය කියනව වගේ අපි නිකන් වටේ යවනවද මන්ද, මෙච්චර පොඩි දේවල් අල්ලන් වාද කරන්නෙ. :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :dull: මේ මනුස්සයට කියල බෑ අප්පා.

    ඔක්කොටම කලින් කියන්නකෝ බුදුහාමුදුරුවෝ බන කිවේ සිංහලෙන්ද ? නෑ නෙ. එක සිංහලට පරිවර්තනය කරපු කෙනා විද්‍යාව කියන වචනෙ සිංහලෙන් අරන් අර අර්තෙට ලඟින්ම යන්නේ මේක කියල හිතල පරිවර්තනය කරා. Science කියල එකක් හැදීගෙන එනකොට එකටත් සිංහල වචනයක් ඕනේ උනා සිංහලෙන්. එකටත් විද්‍යාව කියල දාමු කියල ඒ වචනෙම පාවිච්චි කරා. එතකොට සිංහල නොවන වෙනම භාෂා දෙකක දේවල් දෙකක් හඳුන්වන්න එකම වචනෙ හරි හෝ වැරදි භාවිතා වෙනව. එකෙන් කියන්න පුලුවන්ද දෙකෙන්ම එකම දේ කියන්නේ කියල.


    අර වොකරය කියනව වගේ අපි නිකන් වටේ යවනවද මන්ද, මෙච්චර පොඩි දේවල් අල්ලන් වාද කරන්නෙ. :dull:
    ඔකට පිස්සු බන්, එකම කියවයි රැයක් එලිවෙනකන්, කියුවොත් කියන්නෙ ගො කතාවක් කිසිම තර්කයක් නැ ඔහෙ කියවනව..ඔක නිල් පාටට රතු පාට කියුවෙත් අපි කොච්චර කියුවත් ඔය නිල් කියල පිලිගන් නැ කවදාවත්.:lol:
     
    :dull: මේ මනුස්සයට කියල බෑ අප්පා.

    ඔක්කොටම කලින් කියන්නකෝ බුදුහාමුදුරුවෝ බන කිවේ සිංහලෙන්ද ? නෑ නෙ. එක සිංහලට පරිවර්තනය කරපු කෙනා විද්‍යාව කියන වචනෙ සිංහලෙන් අරන් අර අර්තෙට ලඟින්ම යන්නේ මේක කියල හිතල පරිවර්තනය කරා. Science කියල එකක් හැදීගෙන එනකොට එකටත් සිංහල වචනයක් ඕනේ උනා සිංහලෙන්. එකටත් විද්‍යාව කියල දාමු කියල ඒ වචනෙම පාවිච්චි කරා.
    ඉතිං ඒක හරිද වැරදිද ?
    :dull:එතකොට සිංහල නොවන වෙනම භාෂා දෙකක දේවල් දෙකක් හඳුන්වන්න එකම වචනෙ හරි හෝ වැරදි භාවිතා වෙනව. එකෙන් කියන්න පුලුවන්ද දෙකෙන්ම එකම දේ කියන්නේ කියල.
    මම කිව්වෙ නෑ කොහෙදිවත් දෙකකින් එකම දේ කියන්නේ කියලා. ඔයාම තමා ඒක අතින් දාල තියෙන්නේ
    LazyLizard;[SIZE=4 said:
    අර වොකරය කියනව වගේ අපි නිකන් වටේ යවනවද මන්ද, මෙච්චර පොඩි දේවල් අල්ලන් වාද කරන්නෙ. :dull:
    සරලව කිව්වොත් මම ඇහුවේ විද්‍යාව කියන ශබ්දයට නැත්තම් වචනයට කාලයත් එක්ක තේරුම් දෙකක් ආරෝපණය වෙලා තියෙනවා. මේ දෙකෙන් හරි එක කොයිකද කියලයි ඇහුවේ.

    ඕක තෝර බේර ගන්න මෙච්චර නහින්න ඕනෙද ?
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    විද්‍යව ගැන හරවත් සංවාදයක් කරන්න ආපු උබල දැන් මෙතන මරාගන්නවනෙ:shocked::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20672720 said:
    ඉතිං ඒක හරිද වැරදිද ? මම කිව්වෙ නෑ කොහෙදිවත් දෙකකින් එකම දේ කියන්නේ කියලා. ඔයාම තමා ඒක අතින් දාල තියෙන්නේ සරලව කිව්වොත් මම ඇහුවේ විද්‍යාව කියන ශබ්දයට නැත්තම් වචනයට කාලයත් එක්ක තේරුම් දෙකක් ආරෝපණය වෙලා තියෙනවා. මේ දෙකෙන් හරි එක කොයිකද කියලයි ඇහුවේ.

    ඕක තෝර බේර ගන්න මෙච්චර නහින්න ඕනෙද ?

    ඉතින් මේ කතාව වැරදි, තියෙන්නෙ තේරුම් දෙකක් කියලනෙ මෙච්චරවෙලා කියන්නේ අපි. :dull: නෑ නෑ මේ දෙක එක සමාන වෙන්න ඕනේ කියල රාලනේ මෙතන නහින්න හදන්නෙ.

    වචනෙකට තියෙන්නේ මේ තේරුම තමා ආය එක වෙනස් කරන්න බෑ ස්ථිරයි කියල ගලක කොටන්න බෑ. ඒවා කාලෙන් කාලෙට, ඒ වචනෙ පාවිච්චි කරන මාතෘකාව අනුව, කියන කෙනා අනුව, එයාලගේ පරිසරේ අනුව, අත්දැකීම් අනුව වෙනස් වෙනව. බුදුහාමුදුරුවෝ කියපු විද්‍යාව ගැන නං මම කියන්න දන්නේ නෑ. හැබැයි නවීන විද්‍යාව කියන එක හැමදාම වෙනස්වෙන දෙයක්, එකේ පරම සත්‍ය කියල ඉරක් ගහල ආය මේ ගැන හොයන්න දෙයක් නෑ කියල නවත්තන්න බෑ. විද්‍යාවේ සත්‍ය කියන එක අපි දන්න, දකින, දැනෙන දේට සාපේක්ෂයි. අපි දන්න දේ, දකින දේ, දැනෙන දේ අලුත් වෙනකොට අර සත්‍ය කියල හිතන් ඉන්න ඒවත් වෙනස් වෙනව.
     
    Last edited:
    ඉතින් මේ කතාව වැරදි, තියෙන්නෙ තේරුම් දෙකක් කියලනෙ මෙච්චරවෙලා කියන්නේ අපි. :dull: නෑ නෑ මේ දෙක එක සමාන වෙන්න ඕනේ කියල රාලනේ මෙතන නහින්න හදන්නෙ.
    මේක ඔයාගෙ හිතළුවක් නේ, මම මේ විදියෙ අදහස් වෙන දෙයක් මේ නූලේ කොතනකවත් ලියල නෑ. පුළුවන් නම් පෙන්නන්න.
    වචනෙකට තියෙන්නේ මේ තේරුම තමා ආය එක වෙනස් කරන්න බෑ ස්ථිරයි කියල ගලක කොටන්න බෑ. ඒවා කාලෙන් කාලෙට, ඒ වචනෙ පාවිච්චි කරන මාතෘකාව අනුව, කියන කෙනා අනුව, එයාලගේ පරිසරේ අනුව, අත්දැකීම් අනුව වෙනස් වෙනව.
    මොකෝ බැරි, එහෙම කොටල තියෙන ඒවගෙන් තුනක් තමා "ඔව්", "නෑ" , "බෑ" කියන්නේ
    බුදුහාමුදුරුවෝ කියපු විද්‍යාව ගැන නං මම කියන්න දන්නේ නෑ. හැබැයි නවීන විද්‍යාව කියන එක හැමදාම වෙනස්වෙන දෙයක්, එකේ පරම සත්‍ය කියල ඉරක් ගහල ආය මේ ගැන හොයන්න දෙයක් නෑ කියල නවත්තන්න බෑ.
    ඒක තමා මම ඇහුවේ නිවැරදි මොකක්ද කියල, දැනගන්න තවත් දෙයක් ඉතුරු වෙලා නැතිය කියන විද්‍යාවද, අළුත් වෙන වෙනස් වෙන දියුණු වෙනවයි කියන විද්‍යාව කියන දෙකෙන් කොයිකද හරි ?
    විද්‍යාවේ සත්‍ය කියන එක අපි දන්න, දකින, දැනෙන දේට සාපේක්ෂයි. අපි දන්න දේ, දකින දේ, දැනෙන දේ අලුත් වෙනකොට අර සත්‍ය කියල හිතන් ඉන්න ඒවත් වෙනස් වෙනව.
    එතකොට වඩා නිවැරදි සාපේක්ෂ දේද නිරපේක්ෂ දේද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20673008 said:
    මේක ඔයාගෙ හිතළුවක් නේ, මම මේ විදියෙ අදහස් වෙන දෙයක් මේ නූලේ කොතනකවත් ලියල නෑ. පුළුවන් නම් පෙන්නන්න.

    ඉදිරියේ රාළ;20672623 said:
    නමුත් වචනෙකට තේරුම් දෙකක් තියෙන්න බෑනේ. එහෙම වෙන්න නම් විශේෂණ පදයක් එන්න ඕනා. ඒත් වචන වල තේරුම් කාටත් පොදුයි. නමුත් අම්මා කියන වචනේ සිංහල කතා කරන කාටත් එකයි, කවුරුත් අම්මා කියල තාත්තට කතා කරන්නෙ නෑනේ. අන්න ඒ වගේ තමා ඒත් ශබ්ද අර්ථ එහෙම වෙනස් වෙන්න බෑ. ඒවා අදාළ භාෂාව පාවිච්චි කරන කාටත් පොදුයි.


    ඉදිරියේ රාළ;20673008 said:
    මොකෝ බැරි, එහෙම කොටල තියෙන ඒවගෙන් තුනක් තමා "ඔව්", "නෑ" , "බෑ" කියන්නේ

    භාෂාවක ස්ථිර තේරුම් තියෙන වචන තියෙනව, එකෙන් කියවෙන්නේ නෑ හැම වචනේටම ස්ථිර තේරුමක් තියෙනවා කියල. විහිළුවක් කරද්දි/බොරුවක් කරද්දී කට්ටිය නැති දේට ඔව් කියනව නෙ, සමහරවිට හිනාවෙවී කපටි හිනාවක් දාල ඔව් ඔව් කියල ඔලුව වැනුවට මුණෙන් පේනව මු මේ නෑ කියලයි කියන්නේ කියල. හැම වචනෙම අදාළ අවස්ථාව අනුව වෙනස් අදහසක් ගන්න පුළුවන්. දැන් කොල්ලෝ පලයන් බන් යන්න කීවට අපි දමල ගහල යන්නේ නෑ නෙ. එකේ තේරුම වෙනස් වෙලා. ඔව් නෑ බෑ කියන ඒවටත් අනාගතේ මොකක් වෙයිද කියන්න බෑ.
    ඉදිරියේ රාළ;20673008 said:
    ඒක තමා මම ඇහුවේ නිවැරදි මොකක්ද කියල, දැනගන්න තවත් දෙයක් ඉතුරු වෙලා නැතිය කියන විද්‍යාවද, අළුත් වෙන වෙනස් වෙන දියුණු වෙනවයි කියන විද්‍යාව කියන දෙකෙන් කොයිකද හරි ? එතකොට වඩා නිවැරදි සාපේක්ෂ දේද නිරපේක්ෂ දේද ?
    බුදුහාමුදුරුවෝ කියපු විද්‍යාව වෙන එකක්, නවීන විද්‍යාව කියන්නේ තවත් එකක් නං ඒ දෙක සන්සන්දනය කරන්න බෑනෙ හරි මොකද්ද වැරදි මොකද්ද කියල. දෙකම කියන්නේ එකම දෙයක් ගැන නං ඔන්න පුළුවන්. දෙකේ කතාකරන්නේ දෙකක් ගැන, ඉතින් කොහොමද හරි වැරදි කියන්නේ. විද්‍යාවේ පරාසය පුළුල්, එක මාතෘකාවක් කියල නෑ හැම දේම ගැන කියනව. බුදුහාමුදුරුවෝ එක විශේෂ මාතෘකාවක් ගැන වැඩියෙන් කියල තියෙන්නේ. ඒ විශේෂ මාතෘකාව ගැන විද්‍යාවෙන් තාම අදහසක් කියල නෑ. ඉතින් කොහොමද හරි වැරදි කියන්නේ.
     
    Last edited:
    භාෂාවක ස්ථිර තේරුම් තියෙන වචන තියෙනව, එකෙන් කියවෙන්නේ නෑ හැම වචනේටම ස්ථිර තේරුමක් තියෙනවා කියල. විහිළුවක් කරද්දි/බොරුවක් කරද්දී කට්ටිය නැති දේට ඔව් කියනව නෙ, සමහරවිට හිනාවෙවී කපටි හිනාවක් දාල ඔව් ඔව් කියල ඔලුව වැනුවට මුණෙන් පේනව මු මේ නෑ කියලයි කියන්නේ කියල.
    එතකොට කපටි කමින් විද්‍යාව කියල සිංහල වචනේ මුල් අර්ථය උවමනාවෙන් පසුකාලීනව විකෘති කෙරුවා වෙන්න බැරිද ? හරියට අතුරුදහන් වුණාම "රහත් වෙලා", එපා වුණාම "මට ඕක අරහං" , කම්මැළියට කැඳයා වගේ - ඕවා සිංහල භාෂාවේ මුලින් තිබුණ ඒවා නෙවෙයි නේ.
    හැම වචනෙම අදාළ අවස්ථාව අනුව වෙනස් අදහසක් ගන්න පුළුවන්. දැන් කොල්ලෝ පලයන් බන් යන්න කීවට අපි දමල ගහල යන්නේ නෑ නෙ. එකේ තේරුම වෙනස් වෙලා. ඔව් නෑ බෑ කියන ඒවටත් අනාගතේ මොකක් වෙයිද කියන්න බෑ.
    ඔයා කියන්නෙ නෑ කියන එක ඔව් වෙන්නත් ඔව් කියන එක බෑ වෙන්නත් බෑ කියන එක නෑ වෙන්නත් වෙන්න පුළුවන් කියලද ?
    බුදුහාමුදුරුවෝ කියපු විද්‍යාව වෙන එකක්, නවීන විද්‍යාව කියන්නේ තවත් එකක් නං ඒ දෙක සන්සන්දනය කරන්න බෑනෙ හරි මොකද්ද වැරදි මොකද්ද කියල. දෙකම කියන්නේ එකම දෙයක් ගැන නං ඔන්න පුළුවන්. දෙකේ කතාකරන්නේ දෙකක් ගැන, ඉතින් කොහොමද හරි වැරදි කියන්නේ.
    ඔන්න ආයෙත් සෙක්කුවෙ බැඳපු ගොනා වගේ එකම තැන කැරකෙනවා. "දැනගන්න දෙයක් තවත් අළුතෙන් ඉතුරු නැතුව ඇතිවෙන දැනුම් පද්ධතිය" යන අර්ථය තියෙන වචනය වෙන විද්‍යාව කිව්වාම අනික් දැනුම් පද්ධති ඔක්කෝම ඒකෙ උපකුලක. එතකොට බුදු හාමුදුරුවො කොහෙද වෙනින්ම විද්‍යාවක් වදාරළා තියෙන්නේ ?
    විද්‍යාවේ පරාසය පුළුල්, එක මාතෘකාවක් කියල නෑ හැම දේම ගැන කියනව.
    කොහෙද කර්ම විපාක ගැන විද්‍යාවෙ කියල තියෙන්නේ ? එහෙම නැත්තම් කොහොමද පුළුල් වෙන්නේ ?
    බුදුහාමුදුරුවෝ එක විශේෂ මාතෘකාවක් ගැන වැඩියෙන් කියල තියෙන්නේ. ඒ විශේෂ මාතෘකාව ගැන විද්‍යාවෙන් තාම අදහසක් කියල නෑ.
    එහෙනම් ඔය කියන විද්‍යාව පුළුල් වෙන්න බෑනේ
    ඉතින් කොහොමද හරි වැරදි කියන්නේ.
    එතකොට විද්‍යාව කියන වචනෙට බුදු හාමුදුරුවො ඉදිරිපත් කළ නිරපේක්ෂ පුළුල් අර්ථයද හරි නැත්තම් පසුකාලීනව ආපු සාපේක්ෂ පටු අර්ථයද (නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු වෙන) හරි ?
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උත්තරේ හම්බවෙලානේ තියෙන්නේ, තව බොරුවට වචනේ වචනේ අල්ලාගෙන තර්ක කරලා වැඩක් නැහැ රාලේ.
    ;);)
     
    උත්තරේ හම්බවෙලානේ තියෙන්නේ, තව බොරුවට වචනේ වචනේ අල්ලාගෙන තර්ක කරලා වැඩක් නැහැ රාලේ.
    ;);)
    කෝ කොහෙද බං දීලා තියෙන්නේ උත්තරයක් ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20673401 said:
    එතකොට කපටි කමින් විද්‍යාව කියල සිංහල වචනේ මුල් අර්ථය උවමනාවෙන් පසුකාලීනව විකෘති කෙරුවා වෙන්න බැරිද ? හරියට අතුරුදහන් වුණාම "රහත් වෙලා", එපා වුණාම "මට ඕක අරහං" , කම්මැළියට කැඳයා වගේ - ඕවා සිංහල භාෂාවේ මුලින් තිබුණ ඒවා නෙවෙයි නේ. ඔයා කියන්නෙ නෑ කියන එක ඔව් වෙන්නත් ඔව් කියන එක බෑ වෙන්නත් බෑ කියන එක නෑ වෙන්නත් වෙන්න පුළුවන් කියලද ?
    ඔව් ඉස්සර කාලේ විද්‍යාව කියන වචනෙ භාවිතා උනේ වෙන දේකට වෙන්න පුළුවන්, අද එක වෙනස් වෙලා භාවිතා වෙන්නේ වෙන අර්ථයකින් වෙන්න පුළුවන්. උවමනාවෙන්ම විකෘති කරා කියනවට වඩා ස්වභාවිකවම කාලෙත් එක්ක වෙනස් උනා කියන්න පුළුවන්. ඔය වචනෙ හැදුනේ කොහොමද එකේ තේරුම මේකද අරකද පස්සේ වෙනස් උනාද කියන්න ඉතිහාසේ මම නං දන්නේ නෑ. මම දන්න එකම දේ අද අපි නවීන විද්‍යාව කියන විද්‍යාවේ සියල්ල හොයාගෙන ඉවර උන පරිපුර්ණ පරම සත්‍යයක් ගැන නොකියන බව විතරයි. එක දිගටම අලුත් වේවි වෙනස් වෙවී යන දෙයක්. එච්චරයි.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඉදිරියේ රාළ;20673533 said:
    කෝ කොහෙද බං දීලා තියෙන්නේ උත්තරයක් ?

    ඔය සදහන් කරලා තියෙන්නේ විද්‍යාව කියන එකට අර්ථ ගණනාවක් තියෙන්න පුළුවන් කියල. හරි අර්ථය හරි විදියට භාවිත කරන්න තමන් ප්‍රඥා වන්ත වෙන්න ඕනි.

    එත් මට හිතෙන්නේ ඔබතුමන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාව කියන වචනය නිවැරදි, එම නිසා බුදුදහමේ එන විද්‍යාව කියන සංකල්පය වැරදි දෙයක් ය කියල අදහසක් ඉදිරි පත් කරන්න වගේ.

    ඔබතුමන්ට පහත ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න පුළුවන් නම් ඔබගේ අදහස දැනගැනීමට රුකුලක්,
    1. ඔබ බුදුදහම පරම සත්‍ය ලෙස දකිනවද? පිලිගන්නවද ? එහෙත් නැතිනම් එහි තවත් බිලද හෝ සංයෝජනය කරලා ඊට වඩා සියුම් දෙයක් පෙන්වන්න පුළුවන් ද?

    2. ඔබ බටහිර විද්‍යාව කියන දැනුම පද්ධතිය පරම සත්‍ය ලෙස දකිනවද? පිලිගන්නවද ? එහෙත් නැතිනම් එහි තවත් බිලද හෝ සංයෝජනය කරලා ඊට වඩා සියුම් දෙයක් පෙන්වන්න පුළුවන් ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20673401 said:
    ඔන්න ආයෙත් සෙක්කුවෙ බැඳපු ගොනා වගේ එකම තැන කැරකෙනවා. "දැනගන්න දෙයක් තවත් අළුතෙන් ඉතුරු නැතුව ඇතිවෙන දැනුම් පද්ධතිය" යන අර්ථය තියෙන වචනය වෙන විද්‍යාව කිව්වාම අනික් දැනුම් පද්ධති ඔක්කෝම ඒකෙ උපකුලක. එතකොට බුදු හාමුදුරුවො කොහෙද වෙනින්ම විද්‍යාවක් වදාරළා තියෙන්නේ ?

    "දැනගන්න දෙයක් තවත් අළුතෙන් ඉතුරු නැතුව ඇතිවෙන දැනුම් පද්ධතිය" කියල එකක් තියෙනවනං, එකෙන් මේ ලෝකේ තියෙන හැමදේම විස්තර වෙනවනං, අද අපි කියන නවීන විද්‍යාව එකේ උපකුලකයක් කියල ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියපු දේවලුත් එකේ උපකුලකයක් කියල ගන්න පුළුවන්.:oo:

    ඉදිරියේ රාළ;20673401 said:
    කොහෙද කර්ම විපාක ගැන විද්‍යාවෙ කියල තියෙන්නේ ? එහෙම නැත්තම් කොහොමද පුළුල් වෙන්නේ ? එහෙනම් ඔය කියන විද්‍යාව පුළුල් වෙන්න බෑනේ

    පුළුල් කියන එකෙන් අදහස් වෙන්නේ සාපේක්ෂව වැඩි පරාසයක් ආවරණය කරනව කියන එක. ලෝකේ තියෙන හැමදේම ආවරණය කරන්න බෑනෙ කිසිම දේකට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20673401 said:
    එතකොට විද්‍යාව කියන වචනෙට බුදු හාමුදුරුවො ඉදිරිපත් කළ නිරපේක්ෂ පුළුල් අර්ථයද හරි නැත්තම් පසුකාලීනව ආපු සාපේක්ෂ පටු අර්ථයද (නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු වෙන) හරි ?

    වචනෙක අර්ථය හරියටම මොකද්ද කියල කොහෙවත් ස්ථිරව ලියල නෑ කියල මම කලින් කිවනේ. විද්‍යාව කියන වචනෙ නියම අර්ථය මේක කියල ගන්න වෙන්නේ එක වර්තමානේ පාවිච්චි වෙන විදිහ අනුව. මිට අවුරුදු දාහකට කලින් මේකේ තේරුම මේකය ඒ හින්ද අද මෙහෙම කියන එක වැරදි කියන්න බෑ මොකෝ භාෂාවක වචන එහෙම වැඩකරන්නේ නෑ, භාවිතාවක් නැතිනං ඒ තේරුම් අභාවයට යනව. අද කාලේ නං විද්‍යාව කියන වචනෙ වැඩිපුර භාවිතා වෙන්නේ නවීන විද්‍යාව හඳුන්වන්න. අනික් අය දන්නේ නෑ මම නං විද්‍යාව කිවම science තමා අදහස් කරන්නේ.