හර්ෂ ද සිල්වා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    38864915_10217066552844304_5289140568759205888_n.jpg

    පිටකෝට්ට බංගලාහන්දියේ බස් ස්ටෑන්ඩ් එකේ බලා ගෙන හිටියේ 168 බසයක් එනතුරුය. හැමදාම පාසල් යන්නේ ඒ බසයෙනි.

    සැප ජීප් එකක් නවතා ෂටරය පහත් කලේය. දැක පුරුදු මුණකි. ගිය සතියේ සත්තු වත්තට ගිය විට දැකපු මුනක්දොයි එකවිටම සිතට ආවත් පසුව මතක් වුයේ ටිවී වැඩසටහන් සහ චන්දෙට කලින් තාප්ප වසාගෙන සිටි ඒ හුරුබුහිටි මුනයි.

    " පුතා මම හර්ෂ දි සිල්වා. අදුනනවද ? අද කෝච්චි ස්ට්‍රයික්නේ මම ෆ්‍රී සර්විස් එකක් දෙනවා. නගින්න මම ඉස්කෝලෙට ගිහින් දාන්නම්. "

    ඇතින් වාහන දෙකක් කැමරා අප දෙසට මානාගෙන සිටිනු පෙනේ. සිතන්නටවත් කලින් කෙනෙකු පැමින මා වාහනට නංවා ගත්තේය. අද ඇත්තේ ආර්ථික විද්‍යායවය. මට පෙර පිනක් කඩා වැටී ඇත. ආර්ථික විශෙෂඥ්ඥ නියෝජ්‍ය/රාජ්‍ය ඇමති මාගේ යාබද අසුනේය.

    " අනේ ඇමතිතුමා ආර්ථික විද්‍යා ප්‍රශ්ණ ටිකක් තියෙනවා අහන්නද "

    " අහන්න පුතා අහන්න " කියමින් ඔහු මගේ කකුල දෙස හොරැහින් බලනවා දුටිමි.

    " ඩොලරයේ අගය ඉහල යාම රටේ සංවර්ධනය ඉතා හොද මට්ටමක පවතින බවට සාධකයක්ද "

    ඔහු ඔරවා බලා " වෙන ප්‍රශ්නයක් අහන්න. සති දෙකකට කල් ඉල්ලමි."

    " රටේ සීනී මිල, ලුණු මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම න්‍යායට අනුවද දියවැඩියා, කොලොස්ට්‍රොල් වැනි ලෙඩ රෝග නිසාද ? "

    කන්ණාඩිය යටින් බලා " ඒක රාජිත ඇමතිතුමාට යොමු කරමි. මාසයකින් පිලිතුරු දෙමි "

    " රටේ ආර්ථික වර්ධන වේගය 7.9 සිට 3.5 ට බැස්සවීමට ඔබතුමන්ලා භාවිතා කල මුල්‍ය කලමණාකරන ප්‍රතිපත්තිය කුමක්ද "
    " අදාල නැත. මහ බැංකු වාර්තාවෙ 14.(1) ( ආ) ඇමුනුම බලන්න "

    ඔහු ඒ සී එක උපරිමයට වැඩි කරයි. මට සීතල දරා ගත නොහැක. ඔහුට දාඩිය බේරෙයි.

    " ලංකාවේ මුදල් නෝට්ටුවෙ රවී කරුණානායක සහ අර්ජුන මහේන්ද්‍රන් අත්සන් කර තිබීම නීත්‍යාණුකූලද "

    ඔහුගේ හුස්ම ගැනීමෙ වේගය වැඩි වනු මට ඇසේ. " ඕක ගිහින් අහපන් පුතා රනිල්ගෙන් "

    " පුතා පුටිපස්ස හැරිලා බලපන් අර TV ටීම් එක එනවද කියලා "

    " නැහැ ඇමතිතුමා පේන්න නෑ. එතකොට සිංගප්පුරු ගිවිසුම.... "

    මට ප්‍රශ්ණය අසා ඉවර කරන්නට නොලැබුනි.

    " මේ පුතා ඔයාට අද තියෙන්නෙ ආර්ථික විද්‍ය්යවද දේශපාලන විද්‍යාවද. මට පව් නොදී මෙතනින් බැහැලා බස් එකේ යනවද ? "

    පුංචි බොරැල්ලට යාමට සිටි මා ආයුර්වේද වට රවුමෙන් බස්සවා නොව තල්ලු කර දමා ජීපුව චම්පික රනවකටත් වඩා වේගයෙන් යන්නට විය. මට බය සිතුනේ විජිත හේරත් මෙන් ලයිට් කණුවකවත් හප්පා ගනීදෝයි කියාය.

    https://www.facebook.com/photo.php?fbid=10217066552764302&set=a.3088605182421.153993.1482707546&type=3&theater
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආචාර්ය හර්ෂ ද සිල්වා කිව්වම ඒ දවස් වල අම්මෝ මිනිහට තිබ්බ ගැම්මක්.. දැන් රටම දන්නව මිනිහ වැඩ බැරි ටාසන් කෙනෙක් කෙනෙක් කියල අනිත් දේශපාලන ආචාර්ය වරු වගේම
     
    • Like
    Reactions: Dr.Amdan

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ඇතුල්කෝට්ටේට කෝච්චි ස්ට්‍රයික් එක බලපාන විදිය කියපන්කෝ.පැහැදිලි නෑ පොඩ්ඩක්වත් :confused:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මිනිහට ඇත්තටම කෝච්චියෙන් යන මිනිස්සු ගැන දුක නම් ගම්පහට දෙහිවලට වේයන්ගොඩට වගේ පැත්තකට ගිහින් මනුස්සයෙක් වාහනේ දාගෙන එන්න පුලුවන්නේ.මහලොකු ඇමතිතුමා,තමන්ගේ චන්ද කොට්ටාශයේ කොච්චි දුවන්නේ නෑ කියල දන්නේ නෑ.
    මේ වගේ උන්ට ආචාර්ය පට්ටම් දුන්නේ කව්ද බොල
    පව් පොඩි එකා.බයවෙලා.මොන කෝච්චි ද ඇතුල්කෝට්ටේ
    :angry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇතුල් කෝට්ටේ පැත්තේ කෝච්චි පාරක් තියෙන තැනක් කියපන්කො ඇමටි තුමාට බෙල්ල තියන්න
    ...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    ඇතුල්කෝට්ටේට කෝච්චි ස්ට්‍රයික් එක බලපාන විදිය කියපන්කෝ.පැහැදිලි නෑ පොඩ්ඩක්වත් :confused:

    ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය​. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත​. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු තිබුනා කියා ලංකාවේ මහා මාර්ග අණතුරු ක්‍ෂයවී යන්නේ නැත​. එහෙත් ඒ බව ඇඟිලි හරකා නොදනියි.

    ඔබ ලංකාවේ පාතාලය හිස ඔසවන බව කිවහොත් ඊට ප්‍රති උත්තර ලෙස ඇඟිලි හරකා පවසන්නේ රුසියාවේත් පාතාලයක් තිබෙන බවය​. රුසියාවේ හෝ බලුකිස්තානයේ පාතාල තිබුනා කියා ලංකාවේ පාතාලය සාධාරණීකරනය කල නොහැකි බව ඇඟිලි හරකාට තේරුම් යන්නේ නැත​.

    ඔබ ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්‍රී දූෂණ සිදු වන බවය​. එහෙත් එංගලන්තයේ ස්ත්‍රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්‍රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත​. ඔහුගේ බුද්ධි පරාසයට එය ගෝචර වන්නේ නැත​.

    ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය​. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක​.

    ඇඟිලි හරක් යනු සට කපට දේශපාලකයන්ට රිසි අන්දමට මෙහෙයවිය හැකි අඥානයෙකි. යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය. ඔහුව රැවටීමට ලක් කිරීම ඉතා පහසුය​. එම නිසා අපගේ දේශපාලන තන්ත්‍රය වඩ වඩාත් උත්සහ ගන්නේ රටේ සිටින ඇඟිලි හරක් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටය​. ඇඟිලි හරක් ප්‍රමාණය වැඩි වන විට ඔවුන්ට රට පාලනය කිරීම පහසුය​.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇතුල්කෝට්ටේට කෝච්චි ස්ට්‍රයික් එක බලපාන විදිය කියපන්කෝ.පැහැදිලි නෑ පොඩ්ඩක්වත් :confused:

    අනේ දෙයියනේ නොදන්නා දේවල් කියන හැටි...කොහෙන්ද බන් කැලණිවැලි දුම් රිය මාර්ගය යන්නෙ???????????ඇතුල්කෝට්ටෙ ඉදින් පයින් යන දුරකින් නෙමේද තියෙන්නෙ???? :dull::dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇතුල් කෝට්ටේ පැත්තේ කෝච්චි පාරක් තියෙන තැනක් කියපන්කො ඇමටි තුමාට බෙල්ල තියන්න
    ...

    එක්කන් වරෙන් මම පෙන්නනම්.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය​. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත​. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු තිබුනා කියා ලංකාවේ මහා මාර්ග අණතුරු ක්‍ෂයවී යන්නේ නැත​. එහෙත් ඒ බව ඇඟිලි හරකා නොදනියි.

    ඔබ ලංකාවේ පාතාලය හිස ඔසවන බව කිවහොත් ඊට ප්‍රති උත්තර ලෙස ඇඟිලි හරකා පවසන්නේ රුසියාවේත් පාතාලයක් තිබෙන බවය​. රුසියාවේ හෝ බලුකිස්තානයේ පාතාල තිබුනා කියා ලංකාවේ පාතාලය සාධාරණීකරනය කල නොහැකි බව ඇඟිලි හරකාට තේරුම් යන්නේ නැත​.

    ඔබ ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්‍රී දූෂණ සිදු වන බවය​. එහෙත් එංගලන්තයේ ස්ත්‍රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්‍රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත​. ඔහුගේ බුද්ධි පරාසයට එය ගෝචර වන්නේ නැත​.

    ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය​. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක​.

    ඇඟිලි හරක් යනු සට කපට දේශපාලකයන්ට රිසි අන්දමට මෙහෙයවිය හැකි අඥානයෙකි. යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය. ඔහුව රැවටීමට ලක් කිරීම ඉතා පහසුය​. එම නිසා අපගේ දේශපාලන තන්ත්‍රය වඩ වඩාත් උත්සහ ගන්නේ රටේ සිටින ඇඟිලි හරක් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටය​. ඇඟිලි හරක් ප්‍රමාණය වැඩි වන විට ඔවුන්ට රට පාලනය කිරීම පහසුය​.

    :yes::yes:
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ආචාර්ය හර්ෂ ද සිල්වා කිව්වම ඒ දවස් වල අම්මෝ මිනිහට තිබ්බ ගැම්මක්.. දැන් රටම දන්නව මිනිහ වැඩ බැරි ටාසන් කෙනෙක් කෙනෙක් කියල අනිත් දේශපාලන ආචාර්ය වරු වගේම

    :yes::yes::yes:
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ආචාර්ය හර්ෂ ද සිල්වා කිව්වම ඒ දවස් වල අම්මෝ මිනිහට තිබ්බ ගැම්මක්.. දැන් රටම දන්නව මිනිහ වැඩ බැරි ටාසන් කෙනෙක් කෙනෙක් කියල අනිත් දේශපාලන ආචාර්ය වරු වගේම

    ai ara eran wickremarathna kiyala pakayek hitiye talks didi matakada uuwa?? dan uu ko????