ඒ කොහොම උනත් මුං ඉන්න ලෙවල් එකෙන් පොඩ්ඩක් හරි උඩට ඇවිල්ල ඉන්නව නම් ඒ ඇවිල්ල ඉන්නෙ මුංගෙ තියෙන හොඳ කමක් නිසා නෙමෙයි අනිත් අයගෙ අවුලක් නිසා. මුං කොහොමත් අවුල් නිසා තමයි ඇමති ධූර 40 ගානක් තිබ්බ එක 3ටම බස්සගත්තෙ. දශක ගානක් පුරා කිසිම ඡන්දයක් ගන්න බැරුව 3%කවත් ජන වරමක් නැතුව පැත්තකට වෙලා හිටියෙ මුං ෆේල් නිසා. නැත්නම් එහෙම ඉන්න ඕන කමක් නෑ නේ. මිනිස්සු මුංට කළින්ම ඡන්දය දෙනව නේ. ඇත්තටම මිනිස්සුන්ට වෙන කිසිම ඔප්ෂන් එකක් නෑ ඒ නිසා මෙතැනට යන්න හදනව නැතුව මුංගෙ අමුතුම පිබිදීමක්වත්, වෙන දක්ෂකමක්වත් මුකුත් නෙමෙයි.මෙහෙමයි මචන්, රටක් පාලනය කරනවනම් වැදගත්ම දෙයක් තමා judgement එක. ජෙප්පො 3න් පාරක් විතර අපිට මේ අය විශ්වාසයි කියලා ඡන්දේ ගන්න උදව් කරලා ඊට පස්සෙ හැරිලා කියනවා "අනේ එයාල නරකයි, අපි දැනන් හිටියෙ නෑ" කියලා. ඒකම ඇති එයාලට හරි තීරන ගන්න බෑ කියලා කියන්න.
නිකන් හිතපන්කො උඹේ යාලුවෙක් ඉන්නවා. ඌ උඹව මොකක්හරි වැඩකට convince කරනවා. උඹත් ඒකට සෙට් වෙලා වැඩේ චොර වෙනවා. මූ ආයි තව වැඩකට convince කරනවා. ඒකත් නානවා.
ඔන්න 3න්වෙනි පාරත් එකම තමා සීන් එක. දැන් හිතපන්කො මූ ඔන්න 4වෙනි පාරත් කියන්වා "මේ පාරනම් ශුවර්" කියලා. උඹ ඌව විස්වාස කරනවද කියපන්? ඔව් කියන්න නම් ඉතින් අම්ඹ ගොනෙක් වෙන්න ඕනා.
මට අවුල තියෙන්නෙ ඒ අතරෙ තව සෙට් එකක් ඉන්නව මුංට වහල්කම් කරන. පට්ටම හොඳයි කියල පෙන්නගෙන, ඌට තමයි ලංකාවම ගොඩ දාන්න පුලුවන් වගේ ගොං හෝප්ස් තියාගෙන, මිනිස්සු එක්ක ගහ මරාගන්න අන්ධ භක්තිකයො ටිකක් ඉන්නව. මේ කිරියෙම බලන්න තාම වහල්කම් කර කර මරා ගන්නව. උන්ගෙ නම් ඇත්තටම මොලේ කොහෙද දන්නෙ නෑ. ලංකාවෙ මොලේ කළඳක් හරි තියෙන මනුස්සයෙක් නම් 2020න් පස්සෙ ඔය උන කේස් වලින් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියෙන්නෙ ඕන. ඇත්තටම මිනිස්සුන්ට පක්ෂ දේශපාලනය, පක්ෂ වලට වහල්කම් කරනව කියන එක එපාම උනා ඔය සිද්දි වලින් පස්සෙ.
අනිත් මම පුද්ගලිකව දැකල තියෙන දෙයක් තියෙනව, දැන් බයියො, ටොයියෝ බහුතරයක් හොඳට පාඩම් ඉගෙනගෙන වහල්කමෙන් මිදිල ඇත්ත තේරුම් අරගෙන ඉන්නව, ඒත් පක්ෂ බදාගෙන තාම වහල්කම් කරන්නෙ ඔය ජෙප්පො විතරයි.
තව දෙයක් මම දැකල තියෙනව, ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP, පුදුම Toxic fan base එකක් ඉන්නෙ. පොඩ්ඩ ඇත්නම් කෙලින්ම Personally ගන්නෙ. මාත් එක්ක පොඩි දේවල් වලට තරහ වෙලා තියෙනව කිහිප දෙනෙක්ම, ඒ වගේ පට්ටම Toxic base එකක් උන්ගෙ තියෙන්නෙ. දැන් බයියො නම් 2019 ඔය ගෝඨ ගෙනාවයින් පස්සෙ උන් ෆේල් උනාම පැත්තකට වෙලා හිටිය නේ, ඌ වැරදියි කියන එක පිළිගත්ත නේ(මාත් ඇතුලුව), ඒ මේ පක්ෂෙ අදහන එකෙක් ඔය ගෝඨ කෑව වගේ රට කෑවත් මම හිතන්නෙ නෑ උන් ඇත්ත තේරුම් ගනියි කියල. ඒ තරම් පක්ෂෙට වහල්.
සංෂිප්තයක් විදියට කියන්න තියෙන්නෙ, ඔය පහුගිය ටිකේ රටේ වුණ දේවල් හොඳටම ඇති මොලේ පණ තියෙන මනුස්සයෙකුට මේ ඔක්කොම එක වල්ලෙ පොල් කියන එක තේරුම් ගන්න. මුං ඔක්කොම එකයි. දෙනව නම් වෙනසක් කරන්න ඕන කෙනෙකුට දෙන්න ඒත් මේ රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, මූ පට්ටයි දැන් ගැලපෙන්නෙම මූ කියල කියන්න තරම් හොඳ එකෙක්වත් ඔය ගොඩේ නෑ. එච්චරයි!
