හරියටම කාර්බ් එක ටියුන් කරගන්න විදිහ

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
හරියටම කාර්බ් එක ටියුන් කරගන්න විදිහ

පෙට්ට්‍රල් නැති එකේ පෙට්ට්‍රල් ඉතුරු කරගන්න හරියටම කාර්බ් එක ටියුන් කරගන්න විදිහ තමා කියලා දෙන්න යන්නේ.
ඉන්දියන් බයික් වල කාර්බ් එක ටියුන් කරන විදිහ තමයි කියලා දෙන්නේ. ජපන් සිංගල් සිලින්ඩර් බයික් වලටත් මේ ක්‍රමය අදාලයි.

කාර්බ් එක ටියුන් කරන්න කලින් බයික් එක හොද තත්වේ තියෙන්න ඕන.
ඒ කියන්නේ එයාර් ෆිල්ටර් එක සුද්ද කරලා, ප්ලග් සුද්ද කරලා, කාර්බ් එක සුද්ද කරලා, ටැපට් ඇජස්ට් කරලා ( ටැපට් බුරැල් වෙලානම් විතරයි ) ඉවර වෙලා ටියුන් කරන්න පටන් ගන්නවනම් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන්.


ඔක්කෝටම කලින් කි.මී. 4-5 40 - 50 ස්පීඩ් එකෙන් රවුමක් දාලා එන්න. එතකොට තමයි එන්ජිම working temperature එකට එන්නේ. නැතුව කාර්බ් එක ටියුන් කරලා වැඩක් නෑ.

මුලින්ම AFR Screw ( පෙට්ට්‍රල් ඇනේ ) හදුනගන්න ඕන.

සාමාන්‍ය මතය තමයි කාර්බ් එකේ මැද ඉදලා එන්ජිම පැත්තේ තියන AFR Screw එක තියනවනම් ඒකෙන් ඇජස්ට් කරන්නේ පෙට්ට්‍රල්, එයාර් ෆිල්ටර් එක පැත්තේ AFR Screw එක තියනවනම් ඒකෙන් ඇජස්ට් කරන්නේ Air ( හුලං).

හැබැයි ඕක වෙනස් වෙන අවස්ථා ඕක තරම් තියනවා. ගොඩක් ඉන්දියන් ස්කූටර්, බයික් වල AFR Screw එක තියෙන්නේ එන්ජිම පැත්තේ හැබැයි ඒකෙන් ඇජස්ට් කරන්නේ Air ( හුලං).

හරි අපි කොහොමද ඕක හරියටම දැන ගන්නේ ? ඒකට නම් AFR Screw එක ගලවන්න ඕන. කෝකටත් කියලා AFR Screw එක තද වෙන පැත්තට කරකවලා AFR Screw එක තදවෙන්න කරකවන්න ඕක වට ගාන ලියලා තියාගන්න. දැන් AFR Screw එක අනික් පැත්තට කරකවලා ගලවලා එලියට ගන්න. ඒ ගන්නකොට පරිස්සමෙන්, මොකද AFR Screw එකත් එක්ක පොඩි ස්ප්‍රින් එකක්, වොශර් එකක්, රබර් O Ring එකක් තියනවා. මේ තියෙන්නේ එන පිලිවෙල...

PilotScrewAssy.png


AFR Screw වර්ග 2 තියනවා

මේකෙන් ඇජස්ට් කරන්නේ පෙට්ට්‍රල් (1)
pms-screws.jpg

................................

මේකෙන් ඇජස්ට් කරන්නේ Air ( හුලං) (2)

photo-466.jpg


ටයිප් කරන්න ලේසි වෙන්න 1 , 2 කියලා දාගන්නවා

(1) වර්ගයේ AFR Screw ඇතුලට කරනවද්දි පෙට්ට්‍රල් සැපයුම අඩු වෙලා හුලං සැපයුම වැඩි වෙලා LEAN MIXTURE එකක් හැදෙනවා. අනික් පැත්තට කරකවද්දි පෙට්ට්‍රල් සැපයුම වැඩි වෙලා හුලං සැපයුම අඩු වෙලා RICH MIXTURE එකක් හැදෙනවා.

(2) වර්ගයේ AFR Screw ඇතුලට කරනවද්දි පෙට්ට්‍රල් සැපයුම වැඩි වෙලා හුලං සැපයුම අඩු වෙලා RICH MIXTURE එකක් හැදෙනවා. අනික් පැත්තට කරකවද්දි පෙට්ට්‍රල් සැපයුම අඩු වෙලා හුලං සැපයුම වැඩි වෙලා LEAN MIXTURE එකක් හැදෙනවා.

මේ කාරණය හරිම වැදගත්, මොකද ඇනේ මාරුවුනොත් බයිත් එකට සොරි තමයි.

හරි දැන් AFR Screw එකෙන් වෙන්නේ මොකක්ද කියලා දැනගත්ත නිසා AFR Screw එක ආයිත් හරියට ඇතුලට දාලා සෙට් කරන්න. (පිටපොට යන්නේ නැතිවෙන්න දාගන්න.) මතක ඇතුව කලින් පිංතූරේ තියන පිලිවෙලට දාන්න.

වැදගත් දෙයක් කියන්න ඕන. දැන් එන ඉන්දියන් බයික් වල AFR Screw එකට එන රබර් O Ring එක LOW QUALITY එකක් එන්නේ. හොදම දේ තමයි ඒක මාරු කරලා අලුත් එකක් දාගන්න එක. SPARE PARTS කඩවල O Ring එක තියනවා. රු 20 / 30 වෙන්නේ. ( තියන පොඩිම O Ring එක තමයි AFR Screw එකට හරියන්නේ.)

දැන් ඔක්කොම හරියට සෙට් කරානම් AFR Screw එක ඇතුලට තද වෙන්න කරකවන්න ( බරදාල කරකවන්න එපා. ලාවට තද උනානම් ඇති ) දැන් වට 1 ආපස්සට කරකවන්න. ( අංශක 360 = වට 1)

දැන් බයික් එක ස්ටාර්ට් කරලා IDLE එක උපරිම අඩු කරන්න. හැබැයි බයික් එකේ එන්ජිම නවතින්නේ නැති වෙන්න ඕන.

දැන් බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දිම AFR Screw එක වට 1/2 (අංශක 180 = වට 1/2) ඇනේ තද වෙන පැත්තට කරකවන්න. එතකොට IDLE එක අඩු වෙනවානම් ආයිත් වට 1/2 ආපස්සට කරකවන්න. දැන් වට 1/2 AFR Screw එක බුරුල් වෙන පැත්තට කරකවන්න. IDLE එක අඩු වුනේ නැත්තම් තව වට 1/2 ඒ පැත්තටම කරකවන්න. IDLE එක අඩු වුනොත් ආපහු වට 1/2 අනිත් පැත්තට කරකවන්න ඕන. IDLE එක උපරිම තියන තැනදි තමයි හරියටම MIXTURE එක එන්ජිමට හම්බවෙන්නේ.

CV CARB වල ඔය වට ගාන 3.5 - 4.25 වගේ වෙනකන් යනවා
SLIDER CARB වල ඔය වට ගාන 1 - 1.75 වගේ වෙනකන් යනවා

දැන් රවුමක් දාලා බලන්න තියෙන්නේ.

පිකප් එක එහෙම හොදයි නම් වැඩේ ගොඩ...

දැනට ඇති. තව ට්‍රෙඩ් එකකින් LEAN MIXTURE එකකයි RICH MIXTURE එකකයි තියෙද්දි කොහොමද අදුරගන්නේ කියලා දාන්නම්.
එහෙනම් ජයෙන් ජය
අපි ගියා

Kiyanna amataka una
Tune karata passe idle eka 1000-1500 rpm ekata tiyanna
 
Last edited: