හාඩ් එකේ ඉඩ නාස්තිවෙලාද බලමු!!!

EK Tiger

Junior member
  • Jun 9, 2013
    36
    5
    8
    හාඩ් එකේ ඉඩ නාස්තිවෙලාද බලමු!!!

    හාඩ් එකක ඉඩ නාස්තිවෙන එක සාමාන්‍යයෙන් මූනදෙන්න වෙන තත්වයක්, සමහර වෙලාවට සම්පූර්නයෙන් පාටිෂන් එකේ ෆයිල් මැකුවත් ඉඩ ලැබෙන්නෙ නැහැ, ඒකට හේතුව, හුඟක් ෆයිල් සම්පූර්නයෙන් ඩිලීට් කලද එය system volume information හෝ recycler ෆෝල්ඩර් තුල රැඳී තිබීමයි. .ඇත්තටම ෆිෆ්ට් එකයි ඩීලීට් එකයි ඔබලා ඩිලීට් කලාට ඩිලීට්වෙන්නෙ නෑ, විශේෂයෙන්ම .exe ෆයිල්වට මේ දේ වෙනව, මේ හේතුවෙන් තමන්ගෙ ෆයිල් වෙනත් අයගෙ අතට පත්වෙන්නත් පුලුවන්.සමහරවිට ජිගාබයිට් 10-15 මෙහෙම නාස්තිවෙලා තියෙනව වෙන්න පුලුවන්.ඒ වගේම අපිට අවශ්‍ය අනවශ්‍ය ෆයිල් තෝරන එක අතින් කරන්න අමාරුයි. අනික, මොන විදියෙ ෆයිල් තියෙනවද කියල හොයන්නත් අමාරුයි. සේරම ෆයිල් ඇනලයිස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තිබ්බනම් වටිනව නේද කියල හිතෙනවා ඇති.. ඔව් ඒකට සාර්ථක සොෆ්ට්වෙයා හුඟක් ඇති, ඒත් මේක තමයි මටනම් ගැලපෙන්නෙ, ඔයාටලත් ගැලපෙනවද බලමු.


    WinDirStat
    මේක බොහොම පොඩි ඕපන් සෝස් නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්

    මෙතනින් ගන්න :P


    ඉන්ස්ටෝල් කරගෙන ඇනලයිස් කරගන්න ඕන පාර්ටිශන් තෝරන්න, පෙන් ඩ්‍රයිවලත් හැන්ගුන ෆයිල් තියෙන්න පුලුවන්, ඒවත් මේකෙන් අහුවෙනව,




    5u4u29.jpg


    මෙන්න ප්‍රතිපලේ,,මේකෙ වම් පැත්තෙ උඩ තියෙන්නෙ ෆයිල් ලිස්ට් එක, ඒකෙ ෆෝල්ඩර් තියෙන්නෙ මෙගාබයිට් වැඩි එකේ ඉඳලා අඩු එකට.

    දකුණු පැත්තෙ කොටුවෙ තියෙන්නෙ ෆයිල් වර්ග ටික සහ ඒවට තියෙන පාට ටික, ඒකත් වැඩි එකේ ඉඳලා අඩුඑකට, ලේසියෙන්ම වැඩිපුර තියෙන ෆයිල් මොනවද කියල අඳුරගන්න පුලුවන්

    යට තියෙන පාට පෙට්ටිය තියෙන්නෙ ඒ ඒ දකුනෙ තියෙන පාට අනුව හැදිච්ච පොඩි ගැලීම් සටහනක් වගේ දෙයක්, ඒකෙ හැම ෆයිල් එකක්ම නිරූපනය වෙනවා, ලොකු මෙගාබයිට් ගානක් තියෙන ෆයිල් ලොකු කොටු වලිනුත් පොඩි සයිස් එකක් තියෙන ෆයිල් පොඩි කොටුවලිනුත් තියෙනව, ක්ලික් කරල, ෆයිල් එක තියෙන තැන හොයාගන්න පුලුවන්.


    2z4dcno.jpg


    හොඳයි, ඊලඟට ඉතින් තමන්ට වැඩක් නෑ කියලා හිතෙන ෆයිල් ඩිලීට් කරන්න තියෙන්නෙ, එතනදි රයිට් ක්ලික් කරලා Delete* no way to undelete කමාන්ඩ් එක දෙන්න ආය ෆයිල් එක සදහටම මැකිලා යනව, අනික රිකවරි සොෆ්ට්වෙයා එකකටවත් ආපහු ගන්න බෑ, ඒනිසා එපා දේවල් දෙපාරක් හිතලා ඩිලීට් කරන්න.:rolleyes:


    මම යනවා එහෙනම්, මොකුත් ඉල්ලන්නෙ නැති අයට සලකන්න කියලා කවුදෝ කියල තියෙනවලු.කමක් නෑ බම්ප් එකක්වත් දාන්න එහෙනම්.එලකිරි යාලුවන්ගෙ ප්‍රථිපලත් මෙතන දානවනම් වටිනවා;)
     
    Last edited: