හාමුදුරුනමක්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගිහි අපිට කියන්න බෑ තමයි ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලාද නැද්ද කියලා. ඒ වුනාට කතා විලාසයෙන්, කතා කරන වචන වලින්, හැසිරීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද සිල්වන්තද නැද්ද කියන එක.
    බැහැ.
    ධර්මයේ පුද්ගල ආකාර 4ක් ගැන කියනවා.

    1. නොගැඹුරු වගේ පේන, ඇත්තට ම නොගැඹුරු පුද්ගලයින්.
    2. නොගැඹුරු වගේ පේන, ඒත් ඇත්තට ම ගැඹුරු පුද්ගලයින්.
    3. ගැඹුරු වගේ පේන, ඇත්තට ම නොගැඹුරු පුද්ගලයින්.
    4. ගැඹුරු වගේ පේන, ඇත්තට ම ගැඹුරු පුද්ගලයින්.

    මිනිස්සුන්ගෙ භාහිර පෙනුමින් හිතේ ස්වභාවය මනින්න යන එක හරියට ජලාශයක වතුර දිහා බලල ගැඹුර මනිනව වගේ දෙයක් කියලයි කියන්නෙ.

    උදාහරණ විදියට උඩ කමෙන්ට් එහෙක තියෙන "එව වසලය, යව වසලය" කියල කථා කරපු රහතන්වහන්සේගේ කථාව තියෙනවා.
    තව කථාවක තියෙනවා එක දායකයෙක් දවසක් ගෙදර දානයකට හාමුදුරුනමකට ආරාධනා කරන්න පන්සලට ගියාලු. ආරාධනාව භාර අරන් තියෙන්නෙ රහතන්වහන්සේ නමක්. පන්සලේ ඉඳන් ගෙදර යනකොට පාරෙ මඩ වලවල් තිබිලා තියෙනවා. එහෙම ලොකු මඩවලක් ගාවට ආපුහම හාමුදුරුවෝ සිවුර පොඩ්ඩක් උස්සන් වලෙන් එහා පැත්තට පැනලා. මේක දැක්ක වෙලේ ඉඳන් දායකයගෙ මූණ හොඳ නෑ ලු. රහතන්වහන්සේට සිත් කියවන ඥාණය තිබිලා තියෙනවා. දායකයගෙ හිත බලද්දි දායකයා හිතනව ලු 'මේ හාමුදුරුවෝ මඩ වල උඩින් පැන්න හැටි විතරක්. කිසිම සංවර කමක් නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ, ආරාධනා කරපු හින්ද දානෙ විතරක් දීල යවනවා, පිරිකර දෙන්න ඕනෙ නෑ.' කියලා.
    තව ටිකක් ඉස්සරහට යද්දි තව ලොකු මඩ වලක් තිබිලා තියෙනවා. මේක ලඟට ආපුහම හාමුදුරුවෝ සංවරව මඩ වලට බැහැලා මඩ වලෙන් ගිහින් මඩ ගාගෙන එගොඩ උනාලු. මේක දැකපු දායකයා එහෙම කළේ ඇයි කියලා ඇහුවලු.
    "මේ වලෙනුත් පැන්නා නම් මට දානෙත් නැතිව යනවා. ඒකයි එහෙම කළේ" කියලා හාමුදුරුවෝ උත්තර දුන්නාලු. ඒක අහපුහම දායකයා දැනගෙන මේ ස්වාමීන්වහන්සේ සිත් දැනගැනීමට හැකියාව තියෙන හිත දියුණු කරපු හිමිනමක් කියලා. ඊට පස්සෙ දායකයා ස්වාමින්වහන්සේගෙන් සමාව අරන්.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Eekai math kiynne, Dane handak beduwath loku pinak

    ඒ හාමුදුරුවරුන්ට දානෙ දුන්නම පිං සිද්ද වෙනවා කියන්න හේතු ගොඩක් තියෙනවා.
    එකක් ඒ ගොල්ලො ගොඩක් සැප සම්පත් අත හැරලා දාල විශාල අභියෝග මැද මහා වනන්තරේ ඉන්නෙ. සාමාන්යෙන් මේ අය දේවල් ඉල්ලන්නේ නැහැ. අනික හැම මොහොතකම හිත ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්නේ. ඉතින් අපි දෙයක් දුන්නොත් ඒක ඒ අයට කරන ලොකු උපකාරයක්.

    ඕස්ට්‍රේලියාවේ තායි භාවනා සම්ප්‍රදාය තියෙන පන්සල්වලත් කට්ටිය පෝලිමට ඉඳලා බත් හැන්ද ගානේ බෙදනවා. ඒත් ව්‍යංජන වෙනම පූජා කරන්න පුළුවන්. ඉතින් මේ දුප්පත් පවුලට සිද්ද වෙන පින අනන්තයි.
    මමත් මේවගේ ස්වාමීන් වහන්සේලා කීප නමකට ආහාර, බෙහෙත්, ගිලන් පස සහ බොන්න වතුර දන් දුන්නා. ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ. කැමති නං අනුමෝදන් වෙන්න.

    (එකක්- මේ හාමුදුරුවරු තමයි නියම කියලා, පන්සලේ හාමුදුරුවරුන්ට අපහාස කරන්න එපා. මම හිතන්නේ ඒගොල්ලෝ ධර්මය අනාගතයට ගෙනියන්න යම් දායකත්වයක් දෙනවා කියල. ඒ අය පවු කරනවා නම් ඒවා ඒ ගොල්ලෝ ගෙනියයි)