Questions හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱

dilann

Well-known member
  • Jul 6, 2018
    67,631
    167,241
    113
    එකමත් එක රටක
    රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි.
    :rofl: මේ ලංකාව බන් .
    මුලින්ම අර ජෙප්පෝ ටික ඉන්න රජයේ ආයතන වල cctv , ෆින්ග්ර් ප්‍රින්ට් සිස්ටම් කරන්න කියපන් .
    ඔය ඩිගිටල් මගුල සෑහෙන කාලකෙට ලංකාවේ කරන්න බෑ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,241
    113
    එකමත් එක රටක
    ජෙප්පො ටික ගොඩ ඉදන් පීනන හැටි ඉගැන්නුවා,
    බයියෝ ටික උන්ව වතුරට තල්ලු කරා..😄😄😄

    Despicable Me Lol GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,241
    113
    එකමත් එක රටක

    මුන් හිතන්නේ මේ වගේ අවුරුදු විසි තිස් ගානක් විපක්ෂේ ඉගෙන සමාජවාදී කතා කියා කියා කඩාකප්පල් වැඩ කරපු උන් ටිකක් රට ඩිජිටල් කරල අලුත් සිස්ටම් හදල මේ රට අමුතුම තැනක් කරනවා කියලා .
    :rofl: :lol:

    ලංකාවේ උන්ට ෆැන්ටසි වලින් එලියට එන්න බෑ නේ . ඕව හොදයි නිකන් ඉන්න වෙලාවට පැත්තක ඉදන් හිතන්න .


    පොල් ගෙඩිය රුපියල් 100ට තියෙද්දී අපෝ පොල් වල ගණන් කියලා පොල් දිහා බලන්නේ නැතුව ගිය උන් ,
    දැන් පෝලිමේ ගිහින් 130ට පොල් ගොඩෙන් ලොකුම පොල් තුනක් තෝරනව දැක්කම හිනා කාල මැරෙනවා

    ------ Post added on Dec 8, 2024 at 6:52 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    ඔය තියරිය පොන්නයගේ ආණ්ඩුව ගෙනාව නම් නාමල් කරුණාරත්න එදාම උද්ගෝෂණ පටන්ගන්නවා. 😅 ouch

    🫢

    හරි ඒක පැත්තකින් තියමු. දැන් තියෙන්නෙ නාමල් කරුණාරත්නගේ ආණ්ඩුවක්.

    🤌 ඉස්සර IMF එකෙන් කිව්වා ගොවියන්ට දෙන සහනාධාර අවභාවිතා වෙනවා කියල. පොහොර එකක් විතරයි. ඊට අමතරව ජල සම්පාදනයත් බදු ගෙවන්නන් ගොවියන්ට දෙන සහනාධාරයක්. ඒවාට ගොවියන්ට මිලක් නියම කරන්න ඕන. ඒ කාලෙ ජෙප්පො ඔලුවෙන් හිටගත්තෙ නැති ටික විතරයි ගොවියන්ට වතුර විකුණන්න යනවා කියල. 😅

    🤌 ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යංශයෙ බරත් කෘෂිකර්මය කරන එවුන් දරන්න ඕන.

    🤌 වගා හානි වලට වන්දි ගෙවන්න බදු ගෙවන එවුන් බැඳිලා නෑ. එහෙම ඕන නම් ගොවියො තමන්ගෙ වගකීම් ඉටු කරන්න ඕන.

    තව එකක් මතක් වුනා. වී ගොවිතැනට අදාළ නැති වුනත් ගොවිතැනට සම්බන්ධ නිසා එකත් කියන්නම්.

    අර සීනි කම්හලට අයිති ඉඩම් යාළුවොන්ට බෙදල දෙන්න යන එක. පට්ටම මෝඩ වැඩක්. ඒ අක්කර 11000ට වතුර පොහොර සපයන්න බදු ගෙවන එවුන්ට සිද්ධ වෙනවා. ඊට වඩා හොඳයි ව්‍යවසායකයෙකුට දෙන්න පුළුවන් නම්.
    ------ Post added on Dec 8, 2024 at 5:58 AM

    ඔව් ඕව හරි.
    ඒකට විසඳුම් තමයි මං මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ.

    ඒ කිව්වෙ සහනාධාර ලැබෙන්න ඕන ඇත්තටම ලැබිය යුතු අයට විතරයි, ඒකෙ ප්‍රමාණෙත් ඒ එක්ක වෙනස් විය යුතුයි. වැඩේ හරියට වෙනවද කියලා මොනිටර් විය යුතුයි. අවභාවිතා කරන අයට දඬුවම් ලැබිය යුතුයි.

    වී ගැන වෙනම කිව්වට ඒක රටේ තියෙන ප්‍රශ්න වලින් එකක් විතරයි කියලත් මං මුලින් කිව්වා. අනිත් ඒවටත් හරි විදිහට විසඳුම් දෙන්න ඕන.

    ඔය ටික තමයි ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ.

    මේ කියලා තියන දේවල් වලට මාත් එකඟ වෙනවා.

    😍😍

    නමුත් මේවා කරන්න කාලයක් ගතවනවා.

    ඔව්. මධ්‍යකාලීන, දීර්ඝකාලීන ඒව කරන්න කාලය යනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඉක්මනට කරන්න පුලුවන් කෙටිකාලීන ඒව විතරයි.

    එච්චර කාලයක් ඉවසන්න අපේ මිනිසුන්ට ඉවසීමක් නැතුවා වගේම, විපක්ෂයට බොර දියේ මාළු බාන්නත් ඉඩ ලැබෙනවා.

    ඒවට ඉඩ නොදිය යුතුයි. ඒ කිව්වෙ රට අස්ථාවර කරන්න බොරු කියන එක වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න ඕන. වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂෙ භාෂණයේ නිදහසට මුවා වෙලා ඕවට එන්නෙ. ඒවට ඉඩ දෙන්න හොඳ නෑ.

    මාලිමාවට විශාල චන්ද ප්‍රමාණයක් ලැබුනත්, එයින් විශාල ප්‍රතිශතයක් මාලිමා ප්‍රතිපත්ති වලට පැහැදිලා චන්දෙ දීපු අය නොවෙයි. UNP /SLFP දෙකම ගැන කලකිරිලා වෙනත් විකල්පයක් නැති නිසා දීපු චන්ද. මෙච්චර කාලයක් මෝඩ විදියට චන්දෙ දුන්නා කියන බයියෝ ටොයියෝ ම තමයි මේ චන්දෙදී JVP එකට චන්දෙ දුන්නේ. එහෙම නැතුව අපේ චන්දදායකයන්ට එකපාරටම ප්‍රඥාව පහල වෙලා JVP එකට චන්දෙ දුන්නා නොවෙයි.

    ඒකට ප්‍රශ්නයක් නෑ. අපිට ඕන රටට ඕන වැඩේ කරන්න බලය ඒක කරන්න පුලුවන් අදාළ පුද්ගලයන්ට ලැබෙන එක තමයි. ඒක ලැබුණා. ✌️😁

    මේ ඉතින් මං දේශපාලනේ ගැන කතා කරන අවසාන සෙට් එක වෙන්න පුලුවන්. මං මේ ආණ්ඩුවෙන් මේ අවුරුදු 5 ඇතුළත බලාපොරොත්තු වෙන අවම වැඩ ප්‍රමාණය නොලැබුණොත් ඊට එහා වෙන සෙට් එකක් ගේන්න කතා කරන්නෙ නැති වේවි. කෙිහොමත් රටට ඕන වැඩ ටික කරන්න අවම වශයෙන් තව ටර්ම් එකක් මේ ආණ්ඩුවම ඉන්නත් ඕන. ඒකත් නැති උනොත් ඒත් වැඩක් නෑ කතා කරලා.

    මට නං අවුලක් නෑ මං කොහොමත් වෙන රටක කකුල තියල තියෙන්නෙ. ඒක මගේ ප්ලෑනින් එක. අන්න ඒ වගේ ප්ලෑනින් එකක් හාල් ගැන ආණ්ඩුවටත් තියෙන්න ඕන කියලා මං මේකෙ කියන්නෙ.

    ඒ නිසා රජයට විරුද්ධව ඔවුන්ව පෙළ ගස්වන්න විපක්ෂයට ලොකු ව්‍යායාමයක් කරන්න ඕනෑ නැහැ.

    ඔව් ඒකයි මං කිව්වෙ ඒවට ඉඩ දෙන්න හොඳ නෑ කියලා. 👍

    මෙච්චර කාලෙකට තිබුන හැම ආණ්ඩුවකින්ම කලේ, වී/සහල් හිඟ වෙනකොට (කන්නයක අවසාන කාලය කිට්ටු වෙනකොට) පිටරටින් හාල් ගෙනල්ලා (අඩු) මිලට වෙළඳපොලේ විකුණන එකයි. ඊට පස්සේ ගොයම් කැපිලා වී විකුනන්න යනකොට ගොවියන්ට වී විකුනන්න වෙන්නේ අඩු මිලටයි. ඊට පස්සේ රජය වී වලට ඉහල මිලක් නියමකරනවා. ගොවියන්ට ඒ මිලට රජයට විකුනන්න හැකියාවක් නැහැ . ඊට හේතු වෙන කාරනා මේ පහත දක්වලා තියන අම්පාරේ හිටපු දිසාපතිතුමාගේ බ්ලොග් එකේ පැහැදිලිව කියවෙනවා.

    https://m.facebook.com/story.php?st...l&id=100003252563494&sfnsn=mo&mibextid=6aamW6

    දැන් තියන ආණ්ඩුවටත් මේ චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා මට කියන්න බැහැ. මුලින්ම පාරිභෝගිකයා ආරක්ෂා කරනවා මිසක් ගොවියා ආරක්ෂා කරලා ආණ්ඩුව ගෙනියන්න බැහැ . ඉතින් එළුවා බේරා ගන්නවාද, මුට්ටිය බේරා ගන්නවාද, දෙකම බේරා ගන්නවද වගේ උභතෝකෝටික ප්‍රශ්නයක් තමයි.

    දැනට ආණ්ඩුව කරන වැඩ ගැනත් මට නම් පැහැදීමක් නැහැ. දැන් තොග මිල සහ සිල්ලර මිල අතර වෙනස රුපියල් පහක් ලෙස ජනාධිපතිතුමා නියම කර තියනවා. සිල්ලරට විකුණන පොඩි කඩ කාරයෙක් කොළඹ තොග කඩේකින් හාල් කිලෝ පණහක ගෝනියක් ගෙනැල්ලා ලොරියෙන් බාන කොටත් අර කියූ රුපියල් 5 (5X 50) ට වඩා වැඩි වියදමක් යනවා. "පාත්තයින්ට හකුරු බැන්දා" වගේ වෙළඳාම් කරන්න බැරි බව වත් එක්කෝ ජනාධිපතිට තේරෙන්නේ නැහැ. එහෙම නැතිනම් නිලධාරීන් එයාව අන්දනවා. ගෝඨා ට උනෙත් මේකම තමයි.

    සම්පූර්ණයෙන් අවුල් වෙච්ච සිස්ටම් එකක් හදද්දි කොටසකට හරි පාඩු වෙන එක වලක්වන්න බෑ. ඒකට කරන්න දේකුත් නෑ. පරණ හිටපු උන් කරපු විනාසයේ කොස්ට් එක තමයි ඒ. ඒවට වගකියන්න ඕන ඒව කරපු උනුයි උන්ට බලේ දීපු අයයි.

    රටින් හාල් ගෙන්නන එක තමයි මේ වෙලාවෙ කරන්න පුලුවන් දේ.

    කාටත් පාඩු නොවී කරන්න පුලුවන් විදිය යෝජනා කරන්න බලන්න.
    ------ Post added on Dec 8, 2024 at 7:03 AM
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොහොර සහනාධාර හම්බුනා වී සහ ඒ හාල් රට පුරා ට්‍රැක් කරන්නේ කොහොමද? ඒක ප්‍රායෝගික නෑ නේද?

    ඔය කියන විදිහට පොහොර සහනාධාරය දෙන හාල් ආණ්ඩුව කියන ගානටයි, නැති ඒව හිතුනා හිතුනා හෝ තරඟකාරී මිලකටයි විකුණන්න වෙනවා කියන්නේ ගණන් අඩු හාල් වලට විශාල ඉල්ලුමක් එනවා නේද? ඒවා ගන්න පෝලිං ඇති වෙයි, එක්කෙනෙකුට දෙන කිලෝ ගාන සීමා කරන්න වෙයි, ඒ හාල් ඉක්මනට ඉවර වෙයි... එතකොට වෙන්නේ ආයේ වෙළඳපලේ ඉතුරු වෙන්නේ වැඩි මිල හාල්... මේ ඉන්න තැන වගේ තමයි... හිතුන හිතුන ගණන් කියයි ඉල්ලුම වැඩි හින්දා...

    අනිත් දේ පොහොර සහනාධාර දෙන එකේ අරමුණ ගොවියාගේ වියදම අඩු කරලා ආර්ථික පීඩනය අඩු කරන එක නේද? ඒ හාල් අඩු මිලට දෙන්න බලකලාම ගොවියාගේ ආර්ථික පීඩනය තිබ්බා තැනම නේද?

    ඔය කතාව ඡන්දෙට කලින් අනුර කිව්වේ කොහෙද? මට නම් ඇහිලා නෑ...

    මට ඇහුනා විදිහට කිව්වේ මේ දේවල්...

    දේශීය නිෂ්පාදනය රැක ගන්න හාල් ආනයනය කරන එක නවත්තනවා කිව්ව... (දැන් හාල් ගේනවා. කලින් කියපු ඒවා මොනවා උනත් දැන් හාල් ගේන එකට මම කැමතියි. මොකද මේ වෙලාවේ සහල් තොග තියෙන්නේ කීප දෙනෙක් අතර. එයාලා සාධාරණ හෝ අසාධාරණ ලෙස මිල ඉහළ දානවා. ඒ අධික මිල ඉහළ යෑම නවත්තන්න සැපයුම වැඩි කරන්න ඕන එකට රටින් ගෙනාවා ඇර වෙන කරන්න දෙයක් නෑ. ඊළග අස්වැන්න එන කාලේ වෙද්දී ගෙනපූ හාල් වෙළඳපොලේ අවම වෙන විදිහට plan කරලා ගෙන්නුවොත් ගොවියාට හානියක් නෑ. ලොකු මෝල් කාරයොත් කොහොම හරි අල්ලාගෙන ඉදීයි, පොඩි මෝල් වලට තමයි කෙල වෙන්නේ. රජය මේ වෙලාවේ උන් ට්කව බේරා ගන්න මොනවා හරි කරන්න ඕන)

    ආයේ කිව්ව රජයෙන් වී මිලදී ගැනීම වැඩි කරනවා කියලා... මේකත් කරන්න වෙනවා... මොකද හාල් වෙළඳපොලේ තියන කතිපේ අධිකාරිය බිඳින්න රජයට කේවල් කිරීමේ හැකියාවක් හදා ගන්න ඕන... අසාධාරණ විදිහට හාල් මිල ඉහළ යන වෙලාවට පොඩි මෝල් වලට අඩුවට වී නිකුත් කරලා සහල් මිල පාලනය කරන්න මැදිහත් වෙන්න පුළුවන් එතකොට... හර්ෂ කරපු ශක්ති සහල් වගේ සමුපකාර ක්‍රමයක් තිබ්බා නම් මරු...

    ඊළඟට කියපු වැදගත්ම එක තමයි වී වගාව කාර්යක්ෂම කරනවා කියන එක... මේක තමයි වැඩිම කාලයක් යන හැබැයි කරන්න ඕන වැදගත්ම එක... හාල් අපනයනය කරන රටවල් අපිට වඩා දෙගුණයක අස්වැන්න ගන්නවා ඉඩම් හෙක්ටයාර් එකකින්... ඒ වගේම අපේ ශ්‍රම බලකායෙන් 40% ඉන්නේ ගොවිතැනේ... ඉතින් මොන නීති සම්මත මොන මොන ව්‍යාපෘති ගෙනාවොත් ඉන්දියාවෙන් ගේන ගානට අඩුවෙන් අපේ හාල් විකුණන්න බෑ...

    කාර්යක්ෂමතාව වැඩි කරන්නම වෙනවා, එහෙම නැත්නම් ඕක පවත්වාගෙන යන එක ප්‍රායෝගික නෑ... තාක්ෂණය ගේන්න වෙනවා, ශ්‍රමය අඩු කරගන්න වෙනවා, සමුපකාර වගේ ඒවා ගෙනැල්ලා තනි තනියෙන් පොඩි පොඩි ඉඩම් වල වගා කරන්නේ නැතිව ලොකු ප්‍රදේශයක් එක ආයතනයකින් වගා කරනවා වගේ වෙනස් ක්‍රම වලට යන්න වෙනවා...

    වැඩිපුර යොදවා තියන ශ්‍රමය පිටතට ගන්න වෙනස් ජොබ් හදන්න වෙනවා ඒ ඒ පැතිවල... ඒක තමයි අනුර ආර්ථිකය ගමට තල්ලු කරන්න ඕන කියලා කියන්නේ...

    අනා ගන්නේ නැතිව කරන්න නම් කරන්න තියෙන්නේ මෙච්චර කල් කලබල නොවුන විදිහටම අනිත් උන් කියන ඒවට වේදනාවට පත් වෙන්නේ නැතිව ප්‍රායෝගික දේ කරන ඒක... අනුර, නලින්ද වගේ පොයින්ට් එකට කතාකරන්න පුළුවන් අය ඇවිල්ලා මිඩියා වලට කරන්න යන එකේ ලෝජීක් එක තේරුම් කරන්න ඕන...
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    :rofl: මේ ලංකාව බන් .
    මුලින්ම අර ජෙප්පෝ ටික ඉන්න රජයේ ආයතන වල cctv , ෆින්ග්ර් ප්‍රින්ට් සිස්ටම් කරන්න කියපන් .
    ඔය ඩිගිටල් මගුල සෑහෙන කාලකෙට ලංකාවේ කරන්න බෑ .

    උබ කියනව බෑ කියලා.
    මං කියනව පුලුවන් කියලා.

    වැඩේ උනාද නැද්ද කියල බලන්න ඕන අවුරුදු 5 ඉවර උනාම. එතකන් එහෙනං කෙඳිරි නොගා ඉඳපන්. 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,449
    113
    @shenat ඕකම මෙහෙම කිව්වොත් කොහොමද

    උගන්නන සල්ලි වියදම් කරේ ලංකාවේ රජය ඒ නිසා කාටවත් රට යන්න බෑ වෙන රටවල් වල වැඩ කරන්න, නැත්තං උගන්නපු සල්ලි ටික ආයේ දෙන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ඕකම මෙහෙම කිව්වොත් කොහොමද

    උගන්නන සල්ලි වියදම් කරේ ලංකාවේ රජය ඒ නිසා කාටවත් රට යන්න බෑ වෙන රටවල් වල වැඩ කරන්න, නැත්තං උගන්නපු සල්ලි ටික ආයේ දෙන්න.

    අන්න හරි. ඕකම මම කියන්න ගියේ.

    දැනටත් දොස්තරලට, නර්ස්ලට, ආරක්ෂක අංශෙ අයට වගේ ගොඩක් අයට රටේ සල්ලි වලින් ඉගැන්නුව නං රටට වැඩ කරන්න ඕන, යනව නං ගෙවල යන්න ඕන කියන නීතිය තියෙනවා. ඒකෙ වරදක් නෑ ඒක එහෙම වෙන්න ඕන.

    වී ගැනත් ඒ වගේම තමයි. රටේ සල්ලි වලින් සහනාධාර අරන් වගා කරා නං ඒ සල්ලි ආපු තැනට ඒකෙ ප්‍රතිලාබය යන්න ඕන. නැත්තං සහනාධාරෙ නොගෙන ඉන්න ඕන. එච්චරයි.
     
    • Like
    Reactions: AnGeLHuNteR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,449
    113
    අන්න හරි. ඕකම මම කියන්න ගියේ.

    දැනටත් දොස්තරලට, නර්ස්ලට, ආරක්ෂක අංශෙ අයට වගේ ගොඩක් අයට රටේ සල්ලි වලින් ඉගැන්නුව නං රටට වැඩ කරන්න ඕන, යනව නං ගෙවල යන්න ඕන කියන නීතිය තියෙනවා. ඒකෙ වරදක් නෑ ඒක එහෙම වෙන්න ඕන.
    ආරක්ෂක අංශය ඇරුනම අනික් අයට තියෙන්නේ මොන වගේ නීතියක්ද. මුළු ස්කෝලෙ කාලෙයි කැම්පස් කාලෙයි ඔක්කොම එකතු කරලා ගෙවන්න කියලද කියන්නේ.
    වී ගැනත් ඒ වගේම තමයි. රටේ සල්ලි වලින් සහනාධාර අරන් වගා කරා නං ඒ සල්ලි ආපු තැනට ඒකෙ ප්‍රතිලාබය යන්න ඕන. නැත්තං සහනාධාරෙ නොගෙන ඉන්න ඕන. එච්චරයි.
    සල්ලි ආපු තැනට තමා කොහොමත් ප්‍රතිලාබේ යන්නේ direct benifts සාමාන්‍යෙයන් රජයකට එන්නේ නෑ නෙ bussines වගේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,104
    1
    28,638
    113
    ජෙප්පො ටික ගොඩ ඉදන් පීනන හැටි ඉගැන්නුවා,
    බයියෝ ටික උන්ව වතුරට තල්ලු කරා..😄😄😄

    උට්ටෝ ඒක නම් පට්ට කට් එක 🤣🤣🤣

    ගිලිලා මැරිලා යයි යකෝ ඕකුන් ගොඩට ගනින්
    එක්කෝ වතුරේ දගල දගල අමාරුවෙන් හරි පීනන්න ඉගෙන ගනියි. නැත්නම් ගිලිලා මැරෙයි
     
    • Like
    Reactions: CohenLenstra

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මෙහෙම දෙයක් ආණ්ඩුවට කරන්න බෑ IMF program එක ඇතුලේ ඉන්නකන්.
    ඔව් ඇත්තෙන්ම බැ. මෝඩ නන්දසේන කාබනික පොහොර ගෙනල්ලා වගාවන් ටික ඉවර කලාට පස්සේ ආයෙත් ඔය පොහොර සහනාධාරය දුන්නේ රනිල්. පොරත් World Food Programme එකෙන් නිකන් අධාර විදිහට හම්බුන ඒවා උන්ගේ ආණ්ඩුවෙන් දෙන ඒවා වගේ මිනිස්සුන්ට බෙදුවා 🙄
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    :lol: :lol::lol::lol::lol::lol: මෙච්චර බුද්ධිමතුන් 159-160 ඉන්න පාර්ලිමේන්තුවේ ඇයි ඔයා මෙහෙම උපදෙසක් දෙන්න තීරණය කරේ... ආ තව සුපිරි උපදේශකල, ලේකම්ල ඔක්කොම ඉන්නවා නේද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,108
    113
    දෙහිවල
    :lol: :lol::lol::lol::lol::lol: මෙච්චර බුද්ධිමතුන් 159-160 ඉන්න පාර්ලිමේන්තුවේ ඇයි ඔයා මෙහෙම උපදෙසක් දෙන්න තීරණය කරේ... ආ තව සුපිරි උපදේශකල, ලේකම්ල ඔක්කොම ඉන්නවා නේද?
    උන් ටික දහම් පාසල් ගිහින්. එකෙක් නැහැනේ හොයාගන්න
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    කරන්න ඕනි වැඩක්, හැබැයි ඊට කලින් මිනිස්සුන්ට එදා වෙල අවුලක් නැතුව කන්න තියෙන්න ඕනි.. ගොඩක් මිනිස්සු සහනාධාර විදිහට නිකන් කන්න NPP චන්දෙ දුන්නේ නෑ... තමන්ගේ මහන්සියෙන් හොයාගන්න දෙකින් කන්න.

    ඒකට හාල් පිටරටින් ගෙන්නන එකනම් කරන්න ඕනි, එක කරන්න... හාල් මාෆියාවට ගේමක් දෙන්න ඕනිනම් උසාවියට රටේ තත්වේ වාර්තා කරලා ගබඩා වලින් හාල් එලියට ගන්න නියෝගයක් ගන්න.