හාවාගල/ හාගල කන්ද
හාවාගල/ හාගල කන්ද තියෙන්නේ පබහින්නට කිලෝමීටර් 3ක් කලින් පහන්තුඩාව ඇල්ලට යන පාරේ. මේක සබරගමු සරසවි සිසුසිසුවියන්ගේ ප්රියටහ්ම වගේම නගින්න අනිවාර්ය කන්දක්.මේක නගින්න නම් ඒ පාරේ ලදුයාය වත්තට යන්න ඕනා.කිලෝමීටර් 3ක විතර බොහොම දුෂ්කර ගමනක්, කැලෙන්,පයිනස් කන්ද තරණය කරන් උඩට යන්න ඕනා, පස්සේ Camping area එකකට අවට පස්සේ පාර කාලෙට සෙට් වෙනවා එත් එතන ඉදන් පාර රතු පාට කොඩි දාල තියෙන්නේ අන්තිම කිලෝමිටරය ලේසියෙන්ම දැනගන්න.ඒ වැඩේ කරලා තියෙන්නේ Campas ළමයි. අපි යන්න ඕන කන්ද මුදුනේත් එයාල ලොකු කොඩියක් හිටවල තියෙන්නේ, අපි යද්දී මහා හුළගට එක වැටිලා, අපි ආපහු එක හිටවල ආවා. කන්ද උඩටම ගියහම ආදර කන්ද,නන් පේරියල් පැත්ත,ගලගම ඇල්ල, හෝර්ටන් තනන කඳු පන්තිය,සමනල වැව,විශ්වවිද්‍යාලය අවට,ඉහල ගලගම සහ ලදුයාය ගම්මාන හොදට පේනවා.වැසි කාලෙට කන්දෙන් එන වතුර පාරවල් තියෙනවා.තේ වත්ත කොටස පහු වෙලා කැලේට ඇතුල් වෙද්දීම හොද වතුර පාරක් තියෙනවා,ඒවා බොන්න පුළුවන්. එත් ඒවා ෂුවර් නැහැ හැමදාම,මේ ටිකෙනම් හොදටම පායලා,අව්ව ගස් කෝලන් මැලවිලා ඉඩොරේ වගේ. පයිනස් කොළ කන්ද පුරාවටම වැටිලා හොදටම ලිස්සනවා, මේ ටිකේ කුඩල්ලෝ නැති නිසා හොදයි.ලාවට අඩි පාර කැලේ පටන් ගන්න තැන ඉදන් තියෙනවා උනාට පයිනස් යාය මැදින් වැටිලා තියෙන අඩි පාර මේ ටිකේ හොයාගන්න අමාරුයි,එත් කන්ද නගින්න එක බාදාවක් නෙවයි.