හැකින්ටොශ් (Mac OSX on Your PC)

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Zte mf100 is working in hacknitosh , no problem , dual core, core 2 are working but resolution changing and effects are not working with gma3100
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    හැකින්ටොශ් (Mac OSX on Your PC) Part - 2

    මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක, අද තමයි රෙජිස්ටර් වුනේ. පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුවා දාන්නෙ හැකින්ටොශ් එකක් හදා ගන්නේ කොහොමද කියන එක.මුලින්ම කියන්න එපාය හැකින්ටොශ් කියන්නේ මොකද්ද කියලා, හැකින්ටොශ් කියන්නේ සාමාන්‍ය PC එකකට මැක් OS එක දාලා හදා ගන්න පරිගනකයකට.
    දැනට ටික කාලෙකට කලින් ඇපල් පරිඝනක වල තිබුනේ IBM Power PC කියන පරොසෙසර් ඒ කාලෙ නම් මැක් OS එක Apple මැක් එකක හැර වෙන කිසිම පරිඝනකයක ඉන්ස්ටෝල් කරන්න හැකියාවක් තිබුනේ නැහැ නමුත් දැනට ටික කාලෙකට කලින් Apple MAC ඉන්ටෙල් ප්‍රොසෙසර වලට මාරු වුනා මේ හේතුව නිසා සාමාන්‍ය පරිඝනක සහ Apple පරිඝනක අතර තිබුන විශාලතම hardware diffrence එක අඩු වෙලා ගියා මේ කාලෙදි හැකර් ලා මැක් OS එකට පොඩි වෙනස්කම් කරලා සහ ඩ්‍රයිවර්ස් ලියලා සාමාන්‍ය pc වල ඉන්ස්ටෝල් කරන්න උත්සාහ කරා ඒක යම් තරමකට සාර්තක වුනා ඊට පස්සේ මේ හැකර්ස් ලා මේ වෙනස් කරපු MAC OS එක මොකක් හරි නමක් දාලා Installable Image එකක් විදියට හදලා ටොරන්ට් වලින් වගේ ක්‍රම වලින් බෙදාහැරියා මෙවාට කියන්නේ හැකින්ටොශ් ඩිස්ට්‍රිබයුශන් කියලා (උදාහරණ - HAZARD, iATKOS) හැබැයි මේවා ඉන්සටෝල් කරන්න පවා පුලුවන් වුනේ ඉතාම සීමිත hardware configurations තියන පරිඝනක ප්‍රමානයක විතරයි. හැබැයි කාලය ගතවෙනවත් එක්කම අනිත් හැම දේටම වගේ මේ හැකින්ටොශ් වලටත් communities හැදුනා මේවාට OSX86 Communities කියලා කියනවා මෙවායේ ඉදපු වැඩකාරයෝ MAC OS එක සාමාන්‍ය පරිඝනක වල ඉන්ස්ටෝල් කරන්න තියන ප්‍රශ්න විසදන්න ක්‍රම සහ අවශය වෙන ඩ්‍රයිවර්ස් වගේ දෙචල් වලට OpenSource පරොජෙක්ට්ස් නුත් පටන් ගත්තා අද වෙනකොට මේ හැකින්ටොශ් කියන එක ඒ තරම්ම අමාරු නැති තත්වයකට පත් වෙලා තියනවා මම අද හැකින්ටොශ් එකක් හදා ගන්න තියන ලේසිම ක්‍රම වලින් එකක් කියලා දෙන්න තමයි හදන්නේ හැබැය් මේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමත් අමාරු ක්‍රමත් තියනචා

    මම මේකෙදි කියලා දෙන්නේ http://www.tonymacx86.com/ කියන සයිට් එකෙන් දෙන ටූල් දෙකක් පාවිචිචි කරලා හැකින්ටොශ් එකක් හදා ගන්න විදිය පස්සෙ අමාරු ක්‍රමත් කියලා දෙන්නම්

    භාවිතා කරන ටූල් දෙක තමයි යුනිබීස්ට් සහ මල්ටිබීස්ට් (http://www.tonymacx86.com/ එකේ රෙජිස්ටර් වෙලා මේ දෙක බාගන්න පුලුවන්)


    Unibeast - මේක පාවිච්චි කරන්නේ මැක් OS එක Bootable USB Installer එකක් විදියට සකස් කර ගැනිම සදහා

    Multibeast - මේක පාවිච්චි කරන්නේ මැක් OS එක ඉනස්ටෝල් කරලා ඉවර වෙලා අවශ්‍ය ඩ්‍රයිවර්ස් ඉනස්ටෝල් කරගන්න.

    මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය සාර්තක වෙන්න නම් පහල තියන විදියේ කනෆිගරේශන් තියන PC එකක් වත් විය යුතුයි.( මේ දෙවල් තිබිලත් අසාර්තක විමට සහ මේ දෙවල් නොමැතිව සාර්තක විමේ සම්භාවිතාවක් ඇති බව සලකන්න එක BIOS Setting එකක් වැරදි වීම ඉනස්ටෝල් කරගත නොහැකි විමට හේතුවක් විය හැක )

    Processor : Intel 1st Gen i series,2nd Gen i series,3rd gen i series, 4th gen i series. (Duel core/Core 2 Duo ද ක්‍රියාත්මක වේවි නමුත් මවු පුවරුව ගැටලු සහගත වීමට බොහෝ ඉඩ ඇත)

    VGA : AMD Radeon HD 6850,AMD Radeon HD 6870, Nvidia 5xx,6xx,7xx series, Intel HD 3000, Intel HD 4000, Intel HD (AMD HD 5xxx හිද සමහර GPU කරියාත්මක වේ තවද AMD HD 79xx සමහර විට ක්‍රියාත්මක වියහැකි නමුත් ඉනස්ටෝල් කිරිමට Graphic card එක ගැලවිය යුතු වේ Nvidia 5xx ගැටලු සහගත විය හැක Intel HD 2000 සහ Intel HD 2500 ක්‍රියාත්මක වන අතර Hardware Acceleration නැත)

    Motherboard : Gigabyte or Asus Z67, Z77, B75, Z87 චිප් සෙට් ඉතා හොදින් ක්‍රියාත්මක වෙයි වෙනත් බ්‍රැන්ඩ් වල මවු පුවරුද ක්‍රියාත්මක වෙන(sure නැත) අතර Gigabyte සහ ASUS වඩාත්ම ගැලපෙන ඒවා වෙයි

    Audio : Realtek audio chipset 8xx බොහෝ විට වැඩ කරයි (VIA 2020/2021 ක්‍රියාත්මක කරගත හැකි අතර මල ඇණයක් වන බව සහතික වියහැක) USB Audio Card බොහොමයක් අවුලක් නැතිව වැඩ කරයි

    Network : Authors/Realtek ....

    Huawel USB 3G Dongle වැඩ කරන අතර අනික් වා ගැන දන්නේ නැත


    තවත් ගැලපෙන Hardware විස්තර ඕනේ නම් මෙතනින් බලා ගන්න
    http://wiki.osx86project.org/wiki/index.php/Main_Page

    අපිට මේ වඩේට 8 GB පෙන් එකක් ඕනෙ වෙනවා තව ඉන්ස්ටොල් කරන්න අමතර හාර්ඩ් ඩිස්ක් එකක් ඕන වෙනවා 20GB විතර එකක් තිබුනත් ඇති

    හරි දැන් තියෙන්නෙ පටාන් ගන්න

    මුලින්ම පොඩ්ඩක් අවුල් යන සීන් එකක් තියනවා කියන්න ඒ තමයි පෙන් එක බුටබල් කරගන්න මැක් එකක් ඔන වෙනවා මේක එකම එක සැරයයි ඔන වෙන්නේ මැක් වරචුවල් මැශින් එකක් වුනත් අවුලක්‍ නැහැ නැත්නම් මැක් එකක් තියන යාලුවෙක් හොයා ගන්න අමාරු වෙන එකක් නහැ

    පහල තියන ටික මැක් එකක (or osx virtual machine) කරගත යුතුයි
    මුලින්ම මැක් OS එක බාගන්න ඕන ඒකට මැක් එකකින් ඉන්ටනෙට් කනෙක්ට් වෙලා Appstore කියලා ඇප්ලිකේශන් එකට වැලිඩ් iTunes Account එකකින් ලොග වෙලා OSX Mavrics කියන අලුත්ම මැක් OS එක බාගන්න මේක සම්පුර්ණයන්ම නොමිලේ හැබැයි 4.7GB විතර තියනවා මේක /Applications/Install OS X Mavrics කියන පාත් එකට ඩවුන්ලෝඩ් වෙයි

    ඊට පස්සෙ
    8GB or Bigger පෙන් එක USB එකට ගහන්න.
    /Applications/Utilities/Disk Utility ඕපන් කරගන්න
    USB Pen එක සිලෙක්ට් කර ගන්න
    picture.php


    Partition ටැබ් එක ක්ලික් කරන්න

    Partition Layout එක Current > 1 Partition

    Options බට්න් එක ක්ලික් කරලා Master Boot Record සිලෙක්ට් කරගන්න

    තමන් කැමති නමක් Partiton Information වල Name එකට දෙන්න

    Format එකට Mac OSX Extended (Journaled) කියන එක දෙන්න

    ඊට පස්සේ Apply කරලා දාන්න

    picture.php


    (මේ කරේ පෙන් එක ෆෝමැට් කරන එක)

    දැන් අර ඩවුන්ලෝඩ් කරපු Unibeast ඕපන් කරගන්න

    Continue > Continue > Continue >Agree

    picture.php


    දැන් ඔයාගෙ USB එක සිලෙක්ට් කරගන්න, Coninue කරන්න

    picture.php


    මෙතනදි ඔයා Mac Appstore Mavericks 10.9 සිලෙක්ට් කරගන්න ලැප් එකක් නම් ඒක ටික් කරන්න ඔයාගෙ මදර් බෝඩ් එක LGA 1156 System Without Rate Matching Hub (RMH) USB නම් Legacy USB Support ටික් කරන්න(අන්තිමට කියපු එක මදර්බෝඩ් spec එක බලලා sure කරගන්න)

    Install ක්ලික් කරන්න මේක ඉනස්ටෝල් වෙන්න විනාඩි 20 ක් විතර යනවා මේකේ පෙන්නන වෙලාව නෙමයි යන්නේ කියලා sure එකටම කියන්න පුලුවන්

    picture.php


    ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාම multibeast එකත් පෙන් එකටම කොපි කරගන්න මොකද මේ පෙන් එකේ ෆයිල් ෆෝමැට් එක windows වලින් ඩිටෙක්ට් කරන්නෙ නැහැ මැක් එකකින් විතරයි කොපි කරන්න පුලුවන්

    දැන් වෙලාව 2.37 AM යි හෙට උදේ වැඩට යන්න ඕන නිසා හෙට තමයි ඉතුරු ටික ලියන්නේ


    මේ දවස් ටිකේ වැඩ නිසා ඉතුරැ ටික ලියන්න බැරි වුනා සොරි වෙන්න ඕන

    මෙතනින් පස්සෙ තියන වැඩ ටිකට මැක් එකක් ඕන වෙන්නේ නැහැ
    මුලින්ම කරන්න තියෙන්නේ BIOS සෙටින්ග්ස් ටික හදාගන්න එක සාමාන්‍යෙන් කරන්න තියෙන්නේ මේ ටික තමයි

    1 - BIOS(or UEFI) එකට යන්න
    2 - Optimised Defaults ලෝඩ් කරන්න
    3 - SATA MODE එක AHCI වලට මාරු කරන්න (බොහෝ විට Optimised Defaults ලොඩ් කල විට SATA MODE එක AHCI වේ).
    4 - Intel Virtualization (VT-d) තියන ප්‍රොසෙසර් එකක් නම් ඒක ඩිසේබල් කරන්න
    5 - Save and Exit

    දැන් ඉන්ස්ටෝල් කරන්න පටන් ගන්න පුලුවන් හැබැයි ඊට කලින් PC එකට ගහලා තියන සේරම USB Device අනම් මනම් ගලවලා දාන්න මොනිටරේ පුලුවන් නම් Digital Out (HDMI/DVI/Display Port) එකකට ගහන්න USB Keyboard/Mouse පාවිච්චි කරන්න(Motherboard එකේ Inbuilt USB HUB එකක් තියනවා නම් ඒකට ගහන්න එපා Native USB එකට KB/MOUSE ගහන්න Motherboard ස්පෙක් එකේ මේ විස්තර බලාගන්න පුලුවන් USB 3.0 සහ USB 2.0 තියනවා නම් USB 2.0 එකට ගහන්න බුටබල් පෙන් එක ගහද්දිත් මේ සියල්ල මෙලෙසම අදාල වේ)

    දැන් පෙන් එක USB එකට ගහන්න

    PC එක On කරලා බූට් මෙනු එකට ගිහින් පෙන් එක සිලෙක්ට් කරලා බූට් කරන්න
    කලින් වැඩ ටික හරියට කරා නම් මෙතනදි PC එක බූට් වෙන්න ඕන අනිවාර්යෙන්ම. මේ වගේ ස්ක්‍රීන් එකක් ඒවි
    picture.php

    හේතුව තමයි මෙතනදි බූට් වෙන්නෙ Chamleon/Chimera කියන බූට් ලෝඩර් එකකට මිසක් Mac OSX එක නෙමයි මෙතනින් පස්සෙ තමයි MAC OSX බූට් වෙන්නේ මෙතනට ආවෙ නැතිනම් තුන් හතර පාරක් බූට් කරන්න ට්‍රයි කරන්න සමහර විට දෙවනි තුන්වෙනි වතාවෙ හරියනවා එහෙම වුනේ නැතිනම්
    (පෙන් එක හරියට බූටබල් නොවීම වෙන්න පුලුවන් වෙනත් පෙන් එකක් ට්‍රයි කරලා බලන්න) මුල් ස්ටෙප් ටික ආපහු කරන්න වෙනවා.

    මෙතනදි ඔයාගෙ පෙන් එක සහ මැශින් එකේ තියන පාටිශන් පෙන්වනවා හරියට පෙන් එක සිලෙක්ට් කරලා(Using <- and -> Arrow keys ) Enter කරන්න

    මෙතනින් පස්සෙ නම් ඉතින් MAC OSX තමයි බූට් වෙන්නෙ මෙතනදි නම් පරශ්න වෙන්න පුලුවන් සම්භාවිතාව ගොඩක්ම වැඩියි මුලින්ම සුදු ස්ක්‍රීන් එකක් ඒවි ඊට පස්සෙ මැද ඇපල් ලෝගෝ එකක් තියන ස්ක්‍රීන් එකක් ඒවි ඊටත් පස්සෙ ලැනග්වෙජ් එක සිලෙක්ට් කරන වින්ඩෝ එකක් එනවා හැබැයි මෙකට එන්න කලින් එන ස්ක්‍රීන් වලදි හිරවෙලා වගේ ගොඩාක් වෙලා තියනවානම් කරන්න දේවල් ටිකක් තියනවා ඒවා තමයි මේ

    1 - PC එක රීස්ටාට් කරලා පෙන් එකෙන් බූට් කරලා පෙන් එක සිලෙක්ට් කරන බූට් ලෝඩර් එකට යන්න, පෙන් එක සිලෙක්ට් කරන්න (Enter කරන්න එපා)
    2 - UP or DOWN ඇරෝ කි දෙකෙන් එකක් එක පාරක් ප්‍රෙස් කරන්න මෙනු එකක් ඒවි එතනදි SPACE එකක් ටයිප් කරන්න එතකොට BOOT FLAGS ටයිප් කරන්න පුලුවන් විදියෙ ෆීල්ඩ් එකක් ඒවි මේ වගේ
    picture.php


    3 - මෙතනදි අපි සාමාන්‍යෙන් දෙන BOOT flags කිහිපයක්

    -x Safe Moode
    -v Verbose Boot
    GraphicsEnabler=Yes Grapic card hardware information injection enabled
    GraphicsEnabler=No Grapic card hardware information injection enabled
    සහ PCIRootUID=1, PCIRootUID=0, npci=0x3000

    මේ බූට් ෆ්ලැග්ස් එකකට වඩා වුනත් දෙන්න පුලුවන් මේ වගේ (Flags 2ක් අතර ස්පේස් එකක් තියන්න)
    One boot flag
    boot: -x

    Two flags
    boot: -x -v

    or More
    boot: -x -v GraphicsEnabler=Yes

    කලින් බූට් වුනේ නැතිනම් මුලින්ම -x -v ට්‍රයි කරලා බලන්න බොහෝ විට බූට් වෙවි එහෙමත් වුනේ නැතිනම් රීස්ටාට් කර කර අනිත් ෆ්ලැග්ස් කම්බිනේශනුත් ට්‍රයි කර කර බලන්න වෙනවා ඒ හැම වෙලාවෙදිම -v Flag එක අනිවාර්යෙන් දෙන්න එතකොට වෙන හැමදේම ඩිස්ප්ලේ වෙනවා එතකොට නෙට් එකේ සර්ච් කරලා හරි මොනවා හරි කරගන්න පුලුවන් ගොඩක්ම වෙලාවට වෙන්නේ ඩරයිවර්ස් Incompatible නිසා Kernel Panic වෙන එක

    කොහොම හරි හරියට බූට් වුනොතින් මේ වගේ ස්ක්‍රීන් එකක් ඒවි
    picture.php


    මෙතනින් දන්න භාශාවක් තෝරලා යට තියන ඊතල බටන් එක ක්ලික් කරන්න

    ඊට පස්සේ පොඩි වෙලාවකින මේ වගේ එකක් ඒවි

    picture.php


    මෙතනදි ඔයාගෙ HDD එක Partiton කරගන්න වෙනවා (MAC OSX එක by Default Install කරන්න පුලුවන් වෙන්නේ GUID Partiton Table එකක විතරයි පොඩි hack එකක් තියනවා ඒක කරාම MBR Partition Table එකකත් පුලුවන් ඒක පස්සෙ බලමු)
    මේ විදියට හාඩ් එක පාටිශන් කරගන්න (මෙන්න මේ හේතුව නිසා තමයි වෙන හාඩ් එකක ට්‍රයි කරන්න කියලා කියන්නේ හොදට වෙන්නෙ මොකද්ක කියලා තේරුම් ගත්තාට පස්සෙ තියන හාඩ් එකේම පාටිශන් එකකට වුනත් දාලා බලන්න පුලුවන්)

    1 - මුලින්ම උඩ තියන මෙනු බාර් එකේ Utilities > Disk Utility ඔපන් කර ගන්න

    2 - වම් පැත්තෙ තියන ලිස්ට් එකෙන් ඔයාගෙ හාඩ් එක සිලෙක්ට් කරගන්න
    3 - Partition ටැබ් එක කලික් කරන්න
    4 - Partition Layout එකෙන් Current සහ 1 Partition කියන එක තෝරන්න
    5 - Options... බටන් එක ක්ලික් කරන්න
    6 - GUID Partition Method තෝරන්න
    7 - Name: කැමති නමක් දෙන්න(ස්පේස් නැතිව තියනවා නම් හොදයි)
    8 - Format: එක Mac OS Extended (Journaled) තෝරන්න
    9 - Apply කලික් කරලා Partition කරගන්න
    10- Disk Utility එක Close කරලා දාන්න (in top menu Disk Utility > Quit Disk Utility)

    ඊට පස්සෙ continue කරන්න පාටිශන් එක සිලෙක්ට් කරන්න අහන කොට දැන හදපු පාටිශන් එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ Install කරගන්න.හැබැයි මේකට ටිකක් වෙලා යනවා මම ට්‍රයි කරපු සමහර ඒවා විනඩි 15 න් ඉවර වුනා සමහර ඒවා පැය 1ක් විතර ගියා (May be depend on USB speed/HDD Speed/ Processor Speed etc)

    ඉන්ස්ටෝල් කරලා ඉවර වුනාම රිස්ටාට් කරන්න හැබැයි ඉන්ස්ටෝල් වුනාට හාඩ් එකන් බූට් කරන්න බැහැ(බූට්ලෝඩරයක් ඉන්ස්ටෝල් වෙන්නේ නැති නිසා) එක නිසා කලින් වගේම පෙන් එකෙන් බුට් කරලා බූට් කරන්න ඔන පාටිශන් එක සිලෙක්ට් කරන තැනදී දැන් ඉනස්ටෝල් කරපු හාඩ් එක දෙන්න බුට් වෙන්නේ නැතිනම් කලින් කියපු Boot Flags ට්‍රයි කරලා බලන්න

    පලවෙනි සැරේ බූට් වුනාම ඔය අනම් මනම් අහනවා Country එක Time Zone එක User Account Name/ Password etc ඒවා ඉතින් කැමති විදියකට දෙන එකයි තියෙන්නේ අන්තිමට අහවි මේ මැක් එක Intenet Conect වෙන්නේ කොහොමද කියලා එතනදි Internet Connet වෙන්නේ නැහැ කියලා දෙන්න ඊට පස්සෙ අහනවා මොනවද ඩෙටා වගයක් Transfer කරන්නෙ කොහොමද කියලා Do not Transfer no වගේ ඔප්ශන් එකක් තියනවා ඒක දෙන්න

    ඊට පස්සෙ මුලින්ම කරන්න වැඩ ටිකක් තියනවා මේ ටික අනිවාර්යෙන්ම කරන්න ඕන ඒකට හේතුව තමයි අපි Install කරාට හාඩ් එකෙන් බූට් කරන්න බැහැ තාම බුට් ලෝඩරයක් නැහැ අපිට ඒක(Boot loader) සහ අවශය වෙන ඩ්‍රයිවර් අනිවාර්යෙන්ම දාන්න වෙනවා

    මෙක කරන්න මම කලින් දවසේ කියපු Mulitbeast කියන Software එක ඔනෙ වෙනවා එක පෙන් එකටම කොපි කරන්න කියලා එදා කිවුවේ ඒකයි ඒක(Downloaded zip file) Extract කරලා එක ඇතුලේ තියන Multibeast කියන රතුපාට App එක රන් කරන්න (මෙක රන් කරන්න කලින් Click Apple Menu[Top left corner] > System Preferences >Security & Privacy වලට ගිහින් පහල වම් කෙලවරේ තියන ලොක් බටන් එක ක්ලික් කරලා password එක දීලා අනලොක් කරලා Allow apps downloaded from: කියන එකට Anywhere කියලා දෙන්න වෙනවා)

    මේ සොෆ්ට්වෙයා එකේ උඩ ටැබ් 5 ක් තියනවා මෙවගේ

    picture.php


    මෙවායින් Quick Start ටැබ් එකෙන් DSDT Free(Preferable) හරි EasyBeast කියන එක හරි සිලෙක්ට් කරලා අනිත් ටැබ් වල මුකුත්ම වෙනස් කරන්නේ නැතිව Build tab එකට ගිහින් Install කරපු Hard Disk Partition එක සිලෙක්ට් කරලා ඉනස්ටෝල් කරගන්න ඉන්සටෝල් වුනාට පස්සේ Restart (Apple Menu > Restart) කරලා පෙන් එක නැතිව හාඩ් එකන් (Mac Installed partiton) බූට් කරන්න පුලුවන් වෙන්න ඔනේ එතනදිත් අර පෙන් එකෙන් බූට් කරා වගේ පාටිශන් එක සිලෙක්ට් කරලා බුට් කරන්න වෙනවා කිසිම අවුලක් නැතිව වින්ඩෝස් පාටිශන් එකත් පෙන්නාවි ඒකෙනුත් බූට් කරන්න පුලුවන් කිසිම අමතර මහන්සියක් නැතිව ඩුවල් බූට් වැඩ කරාවි (Windows වෙනත් HDD එකක Install කර තිබුනත් අවුලක් නැත)

    ආපහු Mac එකට බූට් කරගෙන Multibeast run කරන්න දැන් ඩ්‍රයිවර්ස් Install කරන්න වෙලාව හරි මේ ඩ්‍රයිවර්ස් install කරද්දි(hackintosh වලට අලුත් කෙනෙක් නම්) එක පාරකට එකකට වඩා Install කරන්න එපා එහෙම කියන්නෙ වැරදි ඩ්‍රයිවර් එකක් install වුනොත් Boot වෙන එකක් නැහැ එතකොට අවුල් වුනේ මොකද්ද කියල හොයාගන්න හරි ලෙසියි එකක් විතරක් Install karama.

    Drivers install කරද්දි multibeast එකේ Quick Start tab එකේ මොනවත් සිලෙක්ට් කරන්න එපා Drivers Tab එකේ තමන්ගෙ hardware වලට හරියන ඒවා හරියටම බලලා Install කරගන්න

    සාමාන්‍ය Common Drivers ගැන පොඩි විස්තරයක් පහලින් දාන්නම්
    Mac කියන්නේ Unix System එකක් ඒක නිසා Drivers තියෙන්නේ Kernel Extensions විදියට (.kext එක්ස්ටෙන්ශන් එක තියන ෆයිල්) මේවා සාමාන්‍යෙන් install වෙන්නේ /System/Library/Extensions කියන පාත් එකට මොකක් හරි Driver එකක් දාලා කෙලවුනොත් බය වෙන්න එපා -x Boot flag එක දීලා Boot කරන්න පුලුවන් වෙයි ඊට පස්සෙ Termeinal එකෙන් අර කෙලවෙච්ච kext එක රිමුව් කරන්න පුලුවන් command Eka තමයි "sudo rm -rf /System/Library/Extenstions/<KEXT NAME>.kext" මෙක කරලා ඉවරවෙලා කරන්න වැඩක් තියනවා Disk Utility එකට ගිහින් Mac Partiton එක තෝරලා Repair Permission කියලා එකක් තියනවා ඒක කරන්න(kext delete කිරිමෙදි මෙය අනිවාර්ය නැති වුවද kext, /S/L/E වෙත Copy කලේ නම් මෙය අනිවාර්ය වේ multibeast මෙය automatically සිදු කරයි).
    multibeast හි Driver එකක් සිලෙක්ට් කල විට එහි අමතර විස්තර දර්ශනය වන අතර ගැලපෙන Hardware ද පෙන්වයි

    Common Driver Details

    Realtek ALC XXX Audio සදහා
    Drivers > Audio > RealTek ALCxxx >Without DSDT > <YOUR MODEL>

    අනෙකුත් Audio Chipset(Intel HD Audio spec Compatible) සදහා
    Drivers > Audio > Universal >VoodooHDAxxxx (මෙය ඉතාම Unstable වන අතර බොහෝ විට Boot Problems ඇති කරයි මේක දානවට වඩා හොදයි සවුන්ඩ් නැතිව ඉන්න එක[අත්දැකිමෙන් කියන්නෙ] හෝ රුපියල් 500කට විතර USB සවුන්ඩ් කාඩ් එකක් ගන්න එක)

    Drivers > Disk මෙතන තියන Drivers තියෙන්නේ 3rd party SATA/eSATA වලට Drivers SSD එකක TRIM enable කරගන්න ඔනෙ නම් 10.9.0 Trim Patch එක දාගන්න

    Drivers > Graphics > Intel Graphics for Mixed Configurations - ඔයා Z67 mother board එකක් intel 3rd gen HD 4000 තියන පරොසෙසරයක් එක්ක හරි ඔයා Z77 mother board එකක් intel 2nd gen HD 3000 තියන පරොසෙසරයක් එක්ක Use කරනවා නම් දාගන්න

    Drivers > Misc - මෙතන තියන FakeSMC,FakeSMC plugins,FakeSMC HWMonitor Application දාගන්න මේකෙන් Utilities වලට HWMonitor කියලා App එකක් install වෙනවා ඒකෙන ඔයාගෙ PC එකේ Temp/CPU Speed ....etc මොනිටර කරන්න පුලුවන්
    Drivers > Misc > USB 3.0 - Universal by Zenith 432 - මෙක මගින් 3rd party USB 3.0 enable කරන්න පුලුවන්

    Drivers > Network - මෙතන Driver එක උඩ කලික් කරාම hardware එක පහල පෙන්නනවා බලලා ගැලපෙනවානම විතරක් Install කරන්න

    Drivers > System > PatchedAppleIntelCPUPowerManagement > OS X 10.9 - ඔයා intel 3rd gen හරි intel 2nd gen හරි පරොසෙසරයක් තියනවා නම් දාගන්න මතක ඇතුව ඒකත් එක්කම Customize Tab එකේ > Boot Options වල Generate Cpu states කියන එකත් දාගන්න

    තව කියන්න නම් අනන්ත දෙවල් තියනවා මෙවා ගැන ඒවා වෙලාව තියන විදියට බලමු

    අනතිමට කියන්න එපාය මගේ හැකින්ටොශ් එක ගැන මේ ඒකේ තියන Configurations

    Gigabyte Z77X-UD3H Motherbaord (price eka 30000LKR)
    Intel Core i7 3770K Processor (Price eka 50000LKR, ලංකාවට ආපු ගමන් ගත්තේ ඒකයි පොඩ්ඩක් ගනන් වැඩි)
    8GB Corsair Dominator 1600MHz
    Axel 500W PSU
    CoolerMaster Strom Enforcer Mid Tower Casing.
    1920X1080 මොනිටර් 3ක් තියනවා (AOC e2243fw2k x 1 and Samsung SM SA300 x2)
    Gigabyte GTX 670 ක් තිබුනා ඒක මාසෙකට විතර කලින් විකුනලා දැම්මා ලබන මාසෙ(Benchmarks සහ Non Refernce Models රිලීස් වුනට පස්සේ) R9 290X or Nvdia GTX 780Ti හරි ගන්න ඉන්නෙ
    Cheap USB Sound Card (Onboard VIA VT 2020/2021 VooDoo එක්ක පිස්සු කෙලිනවා)

    SCREEN SHOTS

    Primary Monitror
    picture.php



    With Dual Monitror

    picture.php


    PICS(FUP ඇපලයි වී ඇති නිසා size අඩුකර ඇත)
    picture.php

    picture.php


    මේ මොනිටර් දෙකක් විතරක් තියෙන්නේ අලුත් Graphic Card එක ගන්න කං එක මොනිටරයක් TV බලන්න අරගෙන නිසා ;)


    මේ මගේ Boot ස්ක්‍රීන් එක ඔතන වින්ඩෝස් එකයි මැක් එකයි විතරයි පෙන්නන්නේ(අනිත් පාටිශන් Bootloaded එකෙන් හයිඩ් කරලා තියෙන්නේ) photo එක ගන්න වෙලාවේ Mac Bootable Pen එක ගහලා තියනවා ඒකයි 3ක් තියෙන්නේ
    picture.php


    picture.php


     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට පට්ට. සැහෙන ගේමක් දීල තියෙන්නේ.. පොඩ්ඩක් ස්ටඩ් කරන්න වෙනවා මේක නම් මචෝ...

    තැන්ක්ස්..පට්ට thread එක..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    පට්ට පට්ට. සැහෙන ගේමක් දීල තියෙන්නේ.. පොඩ්ඩක් ස්ටඩ් කරන්න වෙනවා මේක නම් මචෝ...

    තැන්ක්ස්..පට්ට thread එක..

    Thanks for reply
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    VMWare එකට Mountain lion දැම්මා එකනම් කිසි අවුලක්
    නැතුව වැඩ, පට්ට speed
    but iphone එක ගන් නැ නේ.
    :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK



    මේ දවස් ටිකේ වැඩ නිසා ඉතුරැ ටික ලියන්න බැරි වුනා සොරි වෙන්න ඕන

    මෙතනින් පස්සෙ තියන වැඩ ටිකට මැක් එකක් ඕන වෙන්නේ නැහැ
    මුලින්ම කරන්න තියෙන්නේ BIOS සෙටින්ග්ස් ටික හදාගන්න එක සාමාන්‍යෙන් කරන්න තියෙන්නේ මේ ටික තමයි



    Menna machan mage eke pics ;)

    ImNYQed.jpg


    2csgzug.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    machan Niresh ge DVD eken Boot karama kalu apple gediyata wenakan ait load wenawa wenawa iwarayak na.winadi 20k witara tibbath wadak na.mekata wisadumak dannawada?