.....හැබැයි ආණ්ඩුව නරකයි.

topkollek

Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...
    0 කරගන්න බැරිවුනා
    🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි....
    හැබැයි ආණ්ඩුව නරකයි...
    දේශපාලන පලිගැනීමක්
    🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    දේශපාලන පලිගැනීමක්
    🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    සීය කරපු දේවල්. මේ ආණ්ඩුව ආවේ IMF පන්නනවා කියල
    🚩 කොටස් වෙළඳපොළේ මිල ඉහළ යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    සූදු පොලක් - අහන්න හඳුනගෙන්
    🚩 විදේශීය සංචාරකයෝ රටට වැඩිපුර එන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    රටේ සංස්කෘතිය විනාස වෙනවා
    🚩 ඩොලර් එක 300 ට විතර පවත්වා ගෙන යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    ජෙප්පො කිව්වෙ 180ට බස්සනවා කියල
    🚩 සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    රජයේ පිංගුත්තර පඩි, පෙන්ෂන්, අස්වැසුම වැඩිකරේ නැද්ද? සෙවනගලට කෝටි 100ක් දෙන්නෙ නාස්තියක් නෙවෙයි ද?
    🚩 ප්‍රවාහනය දියුණු කරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....
    මොනවද කරේ?
    🚩 අපනයන ආදායම වැඩිවෙන එකනම් හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...
    මොනවද කරේ?
    🚩 ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....
    බුද්ධාගමට ඇමතිකෙනෙක් නැති කරා
    🚩 සංචිත ප්‍රමාණය වැඩිවෙන එක හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි.....
    හෙහ් හෙහ් තාම එනකොට තිබුන ගාණමයි
    🚩 එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    තාම පටන්ගත්තෙ නෑ. කස්ත්‍රෝ වගේ වෙයි
    🚩 කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    කොමිස් ගැහුවා කිව්වෙ පච. දැන් ගහන ඒවා ඉස්සරහට එළිවෙයි
    🚩 පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    ජනාධිපති ලේකම්ගේ වාහනේ හැප්පුන එකා හොස්පිටල් ඉන්නකොට ඇප දුන්නේ කෝල් නැතිවම
    අදහස - Chamara Guruge (FB)
     
    • Like
    Reactions: Tonto

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,822
    113
    tracing Geo-location.. ... ...
    අනේ නිකන් පලයන් බං යන්න.. එක එකාගෙ රෙවිච්ච අමුඩ හෝදන්නේ උඹලට වෙන ජීවිතයක් නැද්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    බොරු කියන එක තමා ඉවසන්න බැරි ආන්ඩුවේ . පාර්ලිමේන්තුවේ ඇවිත් පච කියනවනේ ඇමති නම් කමක් නෑ අගමැතිනී
     
    • Haha
    Reactions: Dr.Amdan