දැන් තමයි ඔක්කොම කියෙව්වේ...
උඹෙ මේ කතාවට දාපු අතිශ්යෝක්තිය නිසා ටිකක් අපහදිලි වුනත් ඇත්ත කතාවක් නම් වෙන්න යන දේ පහදිලියි. මචන් දැන් වත් උඹේ ඔය බොලඳකම පැත්තකින් තියල මොලෙන් වැඩ කරපන්. ආදරය කොහොමත් බොලඳයි. ඒ බොලඳකම නිසාම තමයි ආදරෙ ලස්සන. ඒත් ජීවිතේ කියන්නෙ බොලඳ දෙයක් නෙමෙයි. උඹේ සීන් එක ටිකක් ඇදෙන සීන් එකක් වගෙයි. මොනවයෙන් මොනව වේද කියන්න කටවත් බෑ. ඒ නිසා ටිකක් පරිස්සම් වෙයන්. අර උඹ කියල තිබ්බේ උඹේම වල උඹේම අතින් වුනත් කපගන සූදානම් කියලා. දවස් දෙක තුනට. යකො උඹේ අම්ම ගැන හිතපන්.
උඹ ඉන්නෙ ගැඹුරු ලිඳක ගැට්ටේ. වැටෙන්න කලින් කියන්නෙ හදවතෙන් ආදරෙ කලාට මොලෙන් තීරන ගනින්. ලිඳට වැටුනොත් එහෙම ලිං කටින්මයි බොට ගොඩ එන්න වෙන්නේ. අමතක කරන්න එප ලිඳට වටෙනවට වඩ අමරු බව අත පයත් කඩගෙන බරි බරි ගාතේ ලිං කටින් ගොඩ එන එක.