හැමිනුන දිවියා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හැමිනුන දිවියා

    ඉත්තෑවකු ගොදුරු කර ගැනීමට ගොස් දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ කොටියකු තම සිරුරේ ඇනී ඇති ඉත්තෑකූරු අසීරුවෙන් ඉවත්කරගන්නා ආකාරය කැමරාවේ සටහන් කරගැනීමට ඡායාරූප ශිල්පියෙක් සමත්ව සිටියි.
    හෙල්ගාඩ් විලියිර්ස් නමැති ඔහු මේ ඡායාරූප ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ දී ය.
    ඉවසීමට නොහැකි අධික කුස ගින්න හේතුවෙන් ම මේ දරුණු කොටියා වැරදි සතකු ගොදුර කර ගැනීමට යන්න ඇතැයි ඔහු පවසයි. තමන් කොටියා දකින අවස්ථාවේ ඔහුගේ මුහුණ පුරාත් සිරුරේ ස්ථාන රැසකත් ඉත්තෑ කූරු ඇතුලට කිඳා බැස තිබූ බව ද ඡායාරූප ගත් විලියර්ස් පවසයි.
    ‘‘ මම එය දැක පුදුම වුණා. කොටියා දරුණු තුවාල වලින් දීර්ඝ කාලයක් පීඩා විදිනු ඇතැයි සිතුවා. නමුත් ඌ තම ඉදිරි ගාත්‍රා, පිටුපස ගාත්‍රා හා කටත් දිවත් උඵයෝගී කරගනිමින් මේ ඉත්තෑකූරු එකිනෙක ගලවා ගත්තා. බිම පෙරළෙමින්. තණ කොළ හා වෙනත් ගස්වල ඉත්තෑ කූරු පටලවමින් ඌ ඒවා ගලවාගත්තේ පුදුම ආකාරයෙන්. ඇතැම්විට කොටියා තම වලිගය පවා උපයෝගී කරගන්නා ආකාරය මා දුටුවා. “
    තම සිරුරේ ඇනී තිබූ සියලු ඉත්තෑකූරු මහත් වෙහෙසකින් ඉවත් කර ගත් කොටියා වනයට වැදී නොපෙනී ගිය බව ඡායාරූප ශිල්පියා පවසයි.

    20jll36.jpg

    2hp616r.jpg

    2howghc.jpg

    nlc20n.jpg

    21o92q9.jpg

    2ebu52t.jpg

    104s492.jpg

    උපුටාගැනීම

    ලන්කාදීප වෙබ් අඩවිය
     

    blue_in_rio

    Well-known member
  • මොනවා උනත් පොර වැඩ්ඩා.වෙන සතෙක් නම්, ඕකෙන්ම මැරෙනවා.අපේ පැත්තේ බල්ලෙක්, ඉත්තෑ කූරක් කටේ ඇනගෙන, දවස් දෙකක් විතර කන්නෙ නැතුව ඉඳලා, පස්සේ බොහොම අමාරුවෙන් කට්ටිය එකතුවෙලා ගලවලා දැම්මේ. :dull::dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉස්සර අපේ යාලුවෝ රෑට නයිට් කඩෙ යනවා සිගරට් එකක් බිලා එලවලුරොටියක් උණු උණුවේ කලා ප්ලෙන්ටියක් ගහන්න මවත් එක්කන්යන්වා ඉතින් එක මිස් කොල් එලයි කොල්ලා සෙට් හෙක් එක නෙවෙයි සීන් එක මන් විශාව කරේ නැහැ මුන් මිනිස්සු එන තැන්වල ඒන්වා කියල මගේ යාලුව කිව්ව බඩු ඉන්න තැන බැලින්නම් බොක්කුවේ මෙනන් තඩි ඉත්තැවෝ දෙන්නෙක් මම විශ්වස කරේ නැහැ පස්සෙ දවසක බලද්දි පරේ හිටිය වල් බල්ලෙක් ට ගහලා ඔයවගේ මැරිලා මම එහෙම දැක්කේ දෙවෙනි වතාව එල !

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    blue_in_rio

    Well-known member
  • ඇයි දැන් උබේ බුම්ප් කරන්ඩ මචං /බුම්ප් කරන්ඩ එපා මචං නැද්ද :rolleyes::rolleyes:

    මේකේ ඉන්න එවුන්, මම තියා, ඇඩ්මින් කියන දෙයක්වත් අහන එවුන්ද බන්.මට කියලම ඇති උනා, ඔව්. :dull::dull: