හැමෝම කියවලා බලන්න ලස්සන කතාවක්...

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
හැමෝම කියවලා බලන්න ලස්සන කතාවක්...

මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.

ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා. කාලය ගෙවී ගියා.

මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා. "මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."

:(:(:(:(:(:(:(:(

කවදාවත් හිතේ ආදරේ හන්ගගෙන ඉන්න එපා ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දාන්න ඕනේ :):):):):)

ඇත්තම කතාවක්!! රීපෝස්ටද දන්නේ නෑ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් හිතේ හන්ගන් ඉන්නෙ නැතිව කෙල්ලන්ට කියල දානව. කෙල්ලො 'තමුසෙට පිස්සුද ඔයි' කියනව.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    උඹ ආදරේ නොකිව නිසා අද දවසේ වේදනාව දරාගන්න පුලුවන් නේද? අපි ලං කරගන්න දේයින් දුකම විතරයි ඉතිරි වෙන්නේ....
     
    • Like
    Reactions: king_pandukabaya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් හිතේ හන්ගන් ඉන්නෙ නැතිව කෙල්ලන්ට කියල දානව. කෙල්ලො 'තමුසෙට පිස්සුද ඔයි' කියනව.

    lol dapan machan pahak

    danna hamotama kiyala athi bun... :lol:

    me seen eka nisamai ehema kale
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මම නම් හිතේ හන්ගන් ඉන්නෙ නැතිව කෙල්ලන්ට කියල දානව. කෙල්ලො 'තමුසෙට පිස්සුද ඔයි' කියනව.

    අවාසනාවට උනත් ඇත්ත කතාවක්
    මම පොඩි කාලේ හිතින් ලවු කරපු කෙල්ල
    දැන් ඩිග්‍රි අරන් ලොකු රස්සාවක් කරන ගමන් ලස්සන ලස්සන ෆොටො FB එකේ දානවා
    මම ඉතින් ලයික් දදා ඉන්නවා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එපා එපා. අහන්න එපා!!!

    කියන්න නම් එපා. අනිවා යාලු කම ඉවරයි. මොකද ආදරේ කරලා ආයේ යාලුවෝ විදිහට එයා ගැන හිතන්න කවදාවත් බෑ.
    එහෙම හැඟීමක් ඇතිවුනොත් කොහොම හරි හිතෙන් අයින් කරලා දාන්න. නැත්තන් එයාට ඒක අඟවලා අන්තිමට බෑ කිව්වොත් ඒක ලොකු දුකක්.
    මම ඒ වගේ දෙයක් හින්දා තාම විඳවනවා. මට අනන්ත වාරයක් දැන් හිතෙනවා කිව්වේ නැත්තන් හොඳයි කියලා.
    සමහර දේවල් තීයන්වා එකක් risk ගන්න එක වාසිදායක වෙන වෙලාවල්. හැබැයි තමගේ ගෑනු යාලුවෙක් ගැන හැඟීමක් ඇතිවුනොත් නම් නොකියා ඒක එහෙමම අමතක කරන එක ඇඟට ගුනයි. (අත්දැකීමෙන් කියන්නේ)
     
    • Like
    Reactions: nrjayasinghe

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    (මගේ යහළුවකුගේ ජීවිතයේ සත්‍ය සිදුවීමක් මේ විදියට පද අතරෙ ගොනු කරන්න හිතුණා)


    දොඩමළු කතා පවසපු නෙතු සඟළ තුළ
    දහසක් හීන පොදි බැන්දා හිතක් මැද
    පියවර තබපු අඩි සද්දෙට තාල බැඳ
    පෙම් කෙරුවේ නුඹ නොදැනී නුඹේ ළඟ
    හිත පුරාම කවි ලිවුවා දිනෙන් දින
    නුඹට වඩා මම දන්නවා නුඹේ ගැන

    ගෙවෙන යොවුන් විය එක්කම නුඹේ රුව
    හොරු ගෙනිහින් මම හෙවුවා නිතර ඔබ
    දෛවය සරදමක් වෙලා නෙතක් ළඟ
    දෙමංසලේ හමුවෙනවා යළිත් ඔබ
    අපි වෙනතක සරණ වෙලා ඉතිං අද
    නිහඬකමට දුක්විඳිනවා හිතින් මම...
    .......සමන්මලී..................
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කියන්න නම් එපා. අනිවා යාලු කම ඉවරයි. මොකද ආදරේ කරලා ආයේ යාලුවෝ විදිහට එයා ගැන හිතන්න කවදාවත් බෑ.
    එහෙම හැඟීමක් ඇතිවුනොත් කොහොම හරි හිතෙන් අයින් කරලා දාන්න. නැත්තන් එයාට ඒක අඟවලා අන්තිමට බෑ කිව්වොත් ඒක ලොකු දුකක්.
    මම ඒ වගේ දෙයක් හින්දා තාම විඳවනවා. මට අනන්ත වාරයක් දැන් හිතෙනවා කිව්වේ නැත්තන් හොඳයි කියලා.
    සමහර දේවල් තීයන්වා එකක් risk ගන්න එක වාසිදායක වෙන වෙලාවල්. හැබැයි තමගේ ගෑනු යාලුවෙක් ගැන හැඟීමක් ඇතිවුනොත් නම් නොකියා ඒක එහෙමම අමතක කරන එක ඇඟට ගුනයි. (අත්දැකීමෙන් කියන්නේ)

    සිරාවටම ඇත්ත බන්... මටත් ලගදි උනා.විදවනවා ඉතින්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අවාසනාවට උනත් ඇත්ත කතාවක්
    මම පොඩි කාලේ හිතින් ලවු කරපු කෙල්ල
    දැන් ඩිග්‍රි අරන් ලොකු රස්සාවක් කරන ගමන් ලස්සන ලස්සන ෆොටො FB එකේ දානවා
    මම ඉතින් ලයික් දදා ඉන්නවා

    :lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    12107978_1054145414616451_5414882884613013219_n.jpg