හැරල්ඩ් බෝල්ඩර්

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    හැරල්ඩ් බෝල්ඩර්

    ජර්මනියේ ඉදන් ලංකාවට ආපු නිදහස් සංචාරකයෙක් වෙච්ච හැරල්ඩ් බෝල්ඩර් දැන් ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා. ලංකාවේ ටුවරිස්ට් බෝඩ් එකෙන්වත් නොකෙරෙන දේවල් හැරල්ඩ් බෝල්ඩර් එක වීඩියෝ එකෙන් ලංකාවට කරා. ලංකාවේ ඉපදිච්ච උන්වත් ලංකාව දිහා නොබලපු විදියට දැන් ලෝකෙම මිනිස්සු ලංකාව දිහා බලන්න පටන් අරන්. ලංකාවේ අයම ලංකාවේ අය කැඩි කැඩි වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරද්දි බක බක ගාලා හිනාවෙද්දි හැරල්ඩ් ඉංග්‍රීසි "බිංදුවක් වත් බැරි" ලංකාවේ අය එක්ක හරි හරියට ඉංග්‍රීසියෙන් කතා කරා. ටුවරිස්ට් කෙනෙක් වෙච්ච හැරල්ඩ් ට අවංක වෙච්ච හැමෝටම පොඩියට හරි උදව්වක් කරා.

    කැමරා කරන්න එපා මෙතන රූපගත කරන්න තහනම් කිව්ව හැමතැනදිම හැරල්ඩ් ඒවාට හිස නමලා තමන්ගේ කැමරාව වහලා දැම්මා, කුණු කෑල්ලත් මාකට් කරන ලංකාවේ ටීවී කාරයන්ට හොඳ ආදර්ශයක් දුන්නා. හෙළුවෙන් ගෑනු නටවලා, බොරු දේශප්‍රේමීත්වයක් ආරූඩ කරගෙන හාමුදුරු ගොල්ලන් එක්ක යූටියුබ් වීඩියෝ ගහ ගහ රටවල් හදන්න යන මැටි මෝල්ලුන්ට වඩා හැරල්ඩ් යූටියුබ් හරහා ලංකාව ලෝකෙට අරන් ගියා. ඩ්‍රෝන දාගෙන අහසෙන් යන වීඩියෝ පෙන්නපු ලංකාවේ ට්‍රැවල් වීඩියෝ කරපු "පොර අප්පුලාට" වඩා හැරල්ඩ් තමන්ගේ සෝනි ඇක්ෂන් කැමරාව පෝල් එකක අටවගෙන අපිවත් අරගෙන මිනිස්සු අතරේ හැම තැනම ඇවිද්දා. හැමදේම ගැන හොයලා බලලා ලංකාවට ආපු හැරල්ඩ් ව රවට්ටන් අාපු ලංකාවේ මෝඩයින් ගැන වීඩ්යෝ හදලා ඒවත් යූටියුබ් දැම්මා. ඒ වගේම බයක් සැකක් නැතුව ලංකාවට එන්න කියලා ලේකෙම මිනිස්සුන්ට ආරාධනා කළා.

    පේට්‍රිඔන් වෙබ් අඩවිය හරහා හැරල්ඩ් ට ලෝකේ පුරාම මිනිස්සු ලබාදෙන මුදල් ආධාර, ඒ වගේම යූටියුබ් හරහා තමන් උපයන මුදල් විවිධ රටවලදී ඒ මිනිස්සුන්ට ලබාදුන්නා වගේම ලංකාවේදීත් තමන්ට හිත ගියපු කීප දෙනෙක්ටත් ලබාදුන්නා. පහුගියදා ඇල්ල බලන්න මෝටර් සයිකලේ ගියපු හැරල්ඩ් පුංචි තේ කඩේක නැවතිලා රුපියල් පනහට තේ කෝප්පයක් බීලා ⁣ඩොලර් 1100කුත් දීලා ගියා. දැන් ඒ කඩේට ඕසෙට සෙනග එනවාලු. කඩේ කරගෙන ගියපු තරුණයා හැරල්ඩ්ට පින්තූරත් එක්ක විස්තරේ එවලා. දෙන්නටම සතුටුයි. අපිටත් සතුටුයි. හැරල්ඩ් හැම වෙලේම කිව්වේ තමන් වැඩ කරොත් තමන්ට උපයන එක මහ අමාරුවක් නෑ කියලා. රටවල් කීපයකම ගිය හැරල්ඩ් ගොඩක් වෙලාවට උදවු කළෙත් අමාරුවෙන් ඔලුව උස්සගන්න හදන කෙනෙක්ට. ඒ දුන්නු මුදල් ලොකු ගණන් නොවුනට අහම්බෙන් ලැබුණු ඒ දේ සමහර අයට ගොඩක් ලොකුවට දැනෙන්න ඇති.

    තව දවස් කීපයකින් හැරල්ඩ් තමන්ගේ ලංකා සංචාරය ඉවර කරලා වෙනත් රටකට යාවි. ඒ යන්න කලින් හැරල්ඩ් ලංකාව වෙනත්ම කෝණයකින් ලොකෙට අරන් ගිහින් තියේවි. හැරල්ඩ් බෝල්ඩ් මේ දවස් ටිකට කරපු එක අංශුවක දෙයක් ලංකාවේ දේශපාලුවෙක්ට කරන්න බැරිවේවි. ඒ සෑම විටම ලංකාවේ අපි හැරල්ඩ් බෝල්ඩර් ට ආදරය කරාවි.

    තවමත් සුද්දන්ගෙන් ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා!!

    (තේ කඩයේ තරුණයා හැරල්ඩ් ට එවපු පණිවුඩය පින්තූරයේ දැක්වේ. ඉන්ස්ටග්‍රෑමයේ thenorthmanhb යනු හැරල්ඩ් බෝල්ඩර් ය)

    ©හසිත හේරත්.



    67296941-1102091353322395-4005642819879305216-n.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    He is from Norway not Germany and yes he did something that most the Sri Lankan people couldn't do. Hopefully the tourism will revive after this
     
    Last edited:
    • Like
    Reactions: dj_risi

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    මම පොරගේ ඉන්දියාවේ කරපු ඔක්කොම වගේ බලල තියෙනවා
    පොර ලංකාවට ආවේ අපිට උදව් කරන්න ටුවරිසම් වලට පොර හැම තිස්සෙම progressive කියන වචනේ ලංකාවේදී පවිච්චිකරා නමුත් ඉන්දියාවේදී එහෙම කරේ නෑ
    මිනිහට පාස්කු බෝම්බෙට රිටන් එකක් දෙන්න හිතෙන්න ඇති.

    ඇත්තටම අපේ එවුන්ගේ ඩොරෝන් ට්‍රැවල් වීඩියෝ වලට වඩා මිනිහගේ ඒවා බලද්දී අපිත් ඒ කකම ට්‍රැවල් කරනවා කියල දැනෙනවා
     
    • Like
    Reactions: dj_risi

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Norway nam ara video eke kiyanne "I am from Deutschland" kiyala.:oo:

    Lankawe unta Norway kiayala kiyanawa first video eke, hamoma uda bima balanawa. Eka hinda miniha Norway kiyala kiyanawa. Habayi samahara than wala miniha kiyanawa I am from Norway but because people don't know Norway I say I am from Germany.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම පොරගේ ඉන්දියාවේ කරපු ඔක්කොම වගේ බලල තියෙනවා
    පොර ලංකාවට ආවේ අපිට උදව් කරන්න ටුවරිසම් වලට පොර හැම තිස්සෙම progressive කියන වචනේ ලංකාවේදී පවිච්චිකරා නමුත් ඉන්දියාවේදී එහෙම කරේ නෑ
    මිනිහට පාස්කු බෝම්බෙට රිටන් එකක් දෙන්න හිතෙන්න ඇති.

    ඇත්තටම අපේ එවුන්ගේ ඩොරෝන් ට්‍රැවල් වීඩියෝ වලට වඩා මිනිහගේ ඒවා බලද්දී අපිත් ඒ කකම ට්‍රැවල් කරනවා කියල දැනෙනවා

    ඔව් ඇත්තටම ඩ්‍රෝන්වලින් පෙන්න පෙන්නයි සිංදු දදායි ගෑණුන්ගෙ නාඩගන් එක්ක ට්‍රැවල් ප්‍රෝග්‍රැම් කරන උන්ට වඩා කොච්චර සුපිරිද:love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    තව දවස් කීපයකින් හැරල්ඩ් තමන්ගේ ලංකා සංචාරය ඉවර කරලා වෙනත් රටකට යාවි.

    පොර ලංකාවෙන් ගිහින් දැන් සතියක් වගේ වෙනවා බන්. :P
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    u giya uta epa wenna athi ban mehe loku fun ekak set une na uta blahn thailand wala u language ekak egena parana videos wala. mehe aula foreigner kenek tika kalayak tiyagnna ba.