හැරීගෙන් DCSL බියර් වෙළඳපොළට

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    මෙරට ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ බීර වෙළඳපොළට සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් DCSL සන්නාමය යටතේ නවතම බීර නිෂ්පාදිත පෙලක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

    DCSL ශ්‍රී ලංකා සමාගම සැර මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර ඔවුන් පසුගිය වසරේ දී Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගම අත්පත් කරගැනීමත් සමග මෙලෙස බීර වෙළඳපොළට පිවිසීමට කටයුතු කළේය.

    මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා DCSL සමාගමේ සභාපතිවරයා වන අතර පසුගිය වසරේ එලෙස HEINEKEN සමාගම අත්පත් කර ගැනීමත් සමඟම Heineken හි ජාත්‍යන්තර සන්නාම කළඹෙහි අන්තර්ගත Heineken@, Tiger සහ Anchor සන්නාමයෙන් එන නිෂ්පාදිතයන් හි මෙරට වෙළෙඳනාම බලපත්‍ර හිමිකාරීත්වය ද DCSL PLC සතු වී ඇත.

    Porata patta companies godak nee tynne
    ------ Post added on Oct 26, 2024 at 9:41 PM