හිටං අවුල්.

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    18.jpg

    35.jpg

    1549450_10202998126824334_5561411639024559269_n.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    85.jpg
    18.jpg

    35.jpg

    1549450_10202998126824334_5561411639024559269_n.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    85.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද?


    සමහරු කියන්නේ අප ඉදිරියේ ඇති ජනපතිවරණය නගන ප්‍රශ්නය සංවර්ධනය ද යහපාලනය ද යන්න බව ය.

    මට හිතෙන හැටියට නම් ප්‍රශ්නය ඊට වඩා වෙනස් ය. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ශක්තිමත් නායකයෙකු ද ශක්තිමත් යාන්ත්‍රණයක් ද යන්න ය. තවත් විදිහකට ප්‍රශ්නය නගන්නේ නම් ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කළ හැක්කේ ශක්තිමත් නායකයෙකුට ද ශක්තිමත් රාජ්‍ය යන්ත්‍රණයකට ද යන්න ය.

    මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ශක්තිමත් නායකයෙකු හැටියට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික දේශපාලන පොරොන්දුව මේ ශක්තිය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම ය. ඒ නිසාම ඔහු පෙනී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙනි.

    ලංකාවට ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ දෙකින් කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර අප දන්නේ නම් චන්දය දාන්නේ කාට දැයි පහසුවෙන් තීරණය කළ හැකි ය.

    කෙනෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා හැක්කේ එක් උත්තරයක් දීමෙනි. ඒ මේ දෙකම අවශ්‍ය යැයි කියා ය.

    එහෙත් තිබෙන ප්‍රශ්නය එකක් ගන්නා විට අනෙක මගහැරී යාම ය. ශක්තිමත් නායකයෙකු බිහි කළ හැක්කේ යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් නිසා ය. අනෙත් අතට බලය යාන්ත්‍රණයට පවරන්නේ නම් නායකයාට ඉතිරිවන්නේ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වේ දැයි බැලීම පමණක් නිසා ය.

    හැම දෙයක්ම වත්මන් ජනාධිපති තුමා විසින් කිරීමෙන් පෙනී යන්නේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු තුළ විශ්වාසයක් නැති බව ය.

    කලාකරුවන්ට පහර දුන් විට ජනාධිපතිතුමන් කරන්නේ ඒ ගැන පර්යේෂණයක් කරන්නැයි පොලීසියට නියෝග දීම ය. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් ජනාධිපතිතුමාට එහෙම නියෝගයක් දෙන්නට සිදුවන්නේ නැත. ඇත්තටම යාන්ත්‍රණය ශක්තිමත් කරන නායකයෙකු නම් කරන්නේ එසේ පරීක්ෂණයක් කිරීමට පොලීසිය අසමත් වූයේ කෙසේ දැයි සොයා බැලීම ය. ඊට හේතු සොයා ඒ හේතුවලට පිලියම් යෙදීම ය.

    වත්මන් ජනාධිපතිතුමන් එහෙම කරන බවක් පෙනෙන්නේ නැත.

    ශක්තිමත් නායයෙකු රටකට අවශ්‍ය අර්බුද කාලයක දී ය. යුද්ධයක දී ය. එයට හේතුව අවිනිශ්චිතතාවය හා හදිසියේ මතුවන අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ස්ථාප්තිත කර ඇති යාන්ත්‍රණයට හුරු නොවීම ය. එසේ ප්‍රතිචාර දැක්විය හැකි පරිදි යාන්ත්‍රණය වෙනස් කිරීමේ කාර්යයට කර ගසන්නට නායකයෙකුට එවිට සිදු වේ. ඒ කටයුත්ත අභියෝගාත්මක නිසා ශක්තිමත් නායයෙකු අවශ්‍ය ය.

    එහෙත් සාමය පවතින හදිසි අභියෝගයන්ගෙන් තොර යුගයක නායකයා පසුපසට වී යාන්ත්‍රණයට ඉඩ හල යුතු ය. මක්නිසා ද යත් තනි පුද්ගලයෙකුට සෑම දෙයක් ගැනම සොයා බැලිය නොහැකි බැවිනි. එවන් වකවානුවක නායකයාගේ කාර්යය භාරය ලඝු කළ යුතු වන්නේ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි බැලීමට ය. එහි අඩුපාඩු සැකසීමට ය.

    ඒ අනුව පෙනෙන්නේ අද අපට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගිය හැකි අයෙකුය යන්න ය.

    ඒ නිසා අප කළ යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ පිළිවෙළ තුළ ඒ කාරණය තිබේ දැයි සෙවීම ය. ඒ වැඩ පිළිවෙළ ඉටු කිරීමට තරම් ඔහු පරිචයක් ලබා ඇත් දැයි පිළිවිසීම ය. එයට ඔහුගේ ඇති කැපවීම මැන බැලීම ය.

    එය උරගා බැලිය හැකි එක් සිද්ධියක් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරය දරණ කාලයේ සිදු විය. ඒ තම දරුවා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුණු සිද්ධිය ය. එහි දී ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍ය ඔහු පිළිගන්නා බව ය. යාන්ත්‍රණයට ඔහු ගරු කරන බව ය. ඒ ඔහු නීතිමය කටයුතු අවසන් වනතුරු පාන්දර 1 වන තෙක් පොලීසියේ බංකුවේ වාඩි ගෙන සිටි නිසා ය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ චරිත සහතිකයක් දීමට අපට බැරි ය. එහෙත් ඔහු පෙනී සිටින්නේ නම් අද යුගයට ගැලපෙන අස්ථානය වෙනුවෙන් බව අපට කිව හැකි ය. ඔහු තමන් කියන දෙයට හැබෑවටම පෙනී සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට අපට ජනවාරි 8 දා පසුවන තෙක් සිටීමට සිදු වේ.

    ඒ නිසාම කිව යුත්තේ මේ ලිපියෙන් අප වඩාත් බලාපොරොත්තු වන්නේ අපේ කළමනාකරුවන්ට පණිවුඩයක් ගෙන ඒමට බව ය. ඔබට ශක්තිමත් නායකයෙකු හා ශක්තිමත් යාන්ත්‍රණයක් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වේ නම් ඔබ බැලිය යුත්තේ ඔබ ආයතනය පවතින්නේ අවිනිශ්චිත අර්බුදයක මුව විටක ද නැතිනම් සාමාන්‍ය තත්වයක ද යන්න ය.

    ඒ අනුව අවශ්‍ය කවරක් ද යන්න ඔබට තීරණය කළ හැකි ය. ජනපතිවරණ සටන ඇසුරෙන් අපට අවශ්‍ය වූයේ ඒ තෝරාගැනීමට ඔබට මග හෙලි කර දීමට ය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන්ට් චර්චිල්ගේ පහත ප්‍රකාශය ඔබට ගෙන එමින් අපි මේ සටහන අවසන් කරමු.

    යුද්ධයක් ජය ගත හැකි නායයෙකුට හොඳ සාමයක් ගෙනා හැක්කේ කලාතුරකිනි. හොඳ සාමයක් පවත්වාගෙන යා හැකි නායකයෙකුට ජයග්‍රාහී ලෙස යුද්ධයක් අවසන් කළ හැක්කේ ද කලාතුරකිනි.



    Source
    https://managementinsinhala.wordpress.com/2015/01/02/ජනවාරි-8-දා-තීරණය-ශක්තිමත්/
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    maithree baashawen kiyanwanam :

    me Gon naambo hitan wachanyak allagena marenna hadanwa..Munta rata mona wallakata giyath kamak naha hitan mun rata adare nathy *^*^(&)_))*)* tikak :rofl:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Eka eka minissunge tiyenawa ban podikale idan purudu wechcha dewal.. oya wikarada, harida wage dewal api kiyanne.. MS ge oya wage ekak thama oya hitan kiyana eka..

    eg: Yudde dinala iwarawela > Youdde dinala hitan

    සිරා... මන් ඇත්තටම දැනන් හිටියෙ නෑ මොකද්ද ඒකෙ තේරුම කියල. දැනි තමයි මීටර් උනේ. තෑන්ක්ස් වෙන්න ඕන.

    maithreepala sirisena katha karana kota anthimata iwara karanne hitan kiyala ekai oya kiyanne ( api dinala dushan wancha hoyala hitan ) oya wage :oo:

    මන් මෛත්‍රීපාල මහත්තය කතා කරන ඒව ඇහුවට ම‍ට ඕක තේරෙනේ නෑ නේ. :(

    hitan kyanne idan, idala wage ekak wenna ona.
    gam wala minissu kiyanawa ahala thynawa.
    "ehema kiyala hitan dan mehema kiyanawa"

    monawa unath manussayo katha karana widiha nondi karanna narakai.

    ඒක ඇත්ත. කතා කරන විලාශයේ කෑලි අහුලන් මඩ ගහන එක කැතැයි. කුනුහබ්බයකුත් නෙවේ නේ එ්ක. :rolleyes:

    ලන්කාවෙ එක එක ප්‍රදේශ ගත්තම ඒ පැතිවලට ආවේනික බාශාවන් තියනව.

    උදාහරණයක්-

    ගාල්ල රත්ගම,කරන්දෙනිය -වචන ඇදල කතා කිරීම ,වාහෙ ..

    කුලියාපිටිය - මොකෑ.

    මාතර - මක්කයි...

    නුවර - එන්ඩ,කන්ඩ ,බොන්ඩ

    එ වගේ මෛත්‍රීපාල මහත්තය පුරුදු වෙච්ච වචනයක්.ගමේ මනුස්සයෙක්නෙ.මේකෙ ඉන්නව වගේ කොලබ පොශ් මනුස්සයෙක් නෙවෙයි නෙ.ඉතින් ඒක මටනම් ලොකු අවුලක් පේන්නෙ ඒ.හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න හොද නෑ.

    ජයවේවා....

    තෑන්ක්ස්... වෙන්න ඕන example වලට. එල එල.. දැන් ඔය ටික මතක තියන් කට්ටිය කතා කරනකොට පලාත කියන්න පුලුවන් පොරවගේ. :cool:

    සිරිසේන කතා කරනකොට හිටං කියලා කැල්ලක් දාල කතා කරනවා .

    උදා .

    මන් කෑම කනකොට හිටං .....
    මන් ජනාදිපති උනොත් හිටං .....

    පොඩි ආතල් 1කුත් ඇත .


    ම්ම්ම්ම්.... පොඩි ආතල් එකකුත් තියනව තමයි වචනේ. try පාරක් දෙන්න ඕන. :D
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ලන්කාවෙ එක එක ප්‍රදේශ ගත්තම ඒ පැතිවලට ආවේනික බාශාවන් තියනව.

    උදාහරණයක්-

    ගාල්ල රත්ගම,කරන්දෙනිය -වචන ඇදල කතා කිරීම ,වාහෙ ..

    කුලියාපිටිය - මොකෑ.

    මාතර - මක්කයි...

    නුවර - එන්ඩ,කන්ඩ ,බොන්ඩ

    එ වගේ මෛත්‍රීපාල මහත්තය පුරුදු වෙච්ච වචනයක්.ගමේ මනුස්සයෙක්නෙ.මේකෙ ඉන්නව වගේ කොලබ පොශ් මනුස්සයෙක් නෙවෙයි නෙ.ඉතින් ඒක මටනම් ලොකු අවුලක් පේන්නෙ ඒ.හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න හොද නෑ.

    ජයවේවා....

    Eth ban ara maha loku game baiyama eka wihiluwakata aranne. Habai podi eka chichchiyata sinhalawath ba. :lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...

    ඔයි ඒ ආරක්ෂාව දුන්නේ රඡයෙන් හමුදාවෙන් .