හිටං_ගැස්සුණා

nikidw

Member
Apr 16, 2014
749
67
0
අධිරාජ්‍යවාදී, අශ්ලීල රටවල නායකයො මහින්දට කැමති නැතිවෙන්න හේතුව සහ පුලතිසි පඹයට ඔච්චර කැමති වෙන්නෙ හේතුවත් දැම්මොත් නරකද?
maithree narakai kiyala mahinda hodai kiyama logic eka mokada ban. mata nam mahindata wade maitre tama hoade mahinda kiyanne loka kapatiyekne hina muna penna ratin gindara adina minustna wada moda pab:yes:aya hodai
 

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ඔබාමා ඇදල ගත්ත පාරට ගැස්සුණා හිටං.



    පව් මහින්ද ලොක්ක. ඌ දැන් හොදටම ගැස්සිලා ඇති. උට අතට ඇත දෙන්නවත් හිටියේ රෙදි වත් අදින්නේ නැති උන්නේ aiyo ඇහේ කටු අනිනවා වගේ ඇති. photoshop පාරක්වත් දලා ලොක්ක photo එකක් වත් ගනිද දැන් නැ. ඇඩෙනවා ඔයි. ඔකේ බලන්න ඕනේ අතට අත දීපු ලබක් නෙමෙය්. කොචර දුරට අපිට වාසි දේවල් හම්බවේවිද කියල. japan අගමැති ආයෝජනය කරන කැමති කියල. දැන් අපේ ගොන් බයියන්ට ඇඩෙනවා ඇති China බඩු නැතුව පව් අප්පා.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    yes yes yes.... no no no... yes no yes... ok.. yes no......

    අනේ පල යකො යන්න තොපිල වගේ හිගන ජාතියක් සිංහල බාෂාව මව් bashawanan. තොපි English දන්නවා ඇති නොදන්නා මිනිසුන්ට ගරහන්න එපා. Japan අගමැති translator කෙනෙක් දාල කතා කරන්නේ කොචර ලොකු රටක් වෙලත්. තොපිල ඇහුවොත් සිංහල පන දෙන්න අපේ රටේ ඉපදිලා අපේ නොවන bashawak බැරි උනාම හිනාවෙලා තොපිලගේ සිංහල කම රෙද්ද පහලින් වැටෙනවා.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,533
    113
    පව් මහින්ද ලොක්ක. ඌ දැන් හොදටම ගැස්සිලා ඇති. උට අතට ඇත දෙන්නවත් හිටියේ රෙදි වත් අදින්නේ නැති උන්නේ aiyo ඇහේ කටු අනිනවා වගේ ඇති. photoshop පාරක්වත් දලා ලොක්ක photo එකක් වත් ගනිද දැන් නැ. ඇඩෙනවා ඔයි. ඔකේ බලන්න ඕනේ අතට අත දීපු ලබක් නෙමෙය්. කොචර දුරට අපිට වාසි දේවල් හම්බවේවිද කියල. japan අගමැති ආයෝජනය කරන කැමති කියල. දැන් අපේ ගොන් බයියන්ට ඇඩෙනවා ඇති China බඩු නැතුව පව් අප්පා.

    හම්ම යකෝ ටොයියටනේ අමාරුව.හැමදාම චන්දෙන් පැරදුණ ටොයියෝ ආප්ප සිරාට මුකුත් කියනවට කැමති නැත්තේ පැරදිලා පැරදිලා අනාථ වෙලා ඉදලා මේ පාර වැඩේ හරි ගිය හින්දා වෙන්න ඇති..දැන් ටොයියොන්ට රජ මගුල්.:lol::lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,533
    113
    අනේ පල යකො යන්න තොපිල වගේ හිගන ජාතියක් සිංහල බාෂාව මව් bashawanan. තොපි English දන්නවා ඇති නොදන්නා මිනිසුන්ට ගරහන්න එපා. Japan අගමැති translator කෙනෙක් දාල කතා කරන්නේ කොචර ලොකු රටක් වෙලත්. තොපිල ඇහුවොත් සිංහල පන දෙන්න අපේ රටේ ඉපදිලා අපේ නොවන bashawak බැරි උනාම හිනාවෙලා තොපිලගේ සිංහල කම රෙද්ද පහලින් වැටෙනවා.

    ටොයියෝ සිරා ආදර කතාව..:rofl:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    කිසි මගුලක් නන් නැ. මෙ ආණ්ඩුවට අවූ. 5 ක් තියෙනවනේ බලමුකෝ මුකුත් කරෙඅ නැතන් මුනුත් ගෙදර තමා. පාට කන්නාඩි දාන එක දැන් නවතාපන්. MR හොරා කෑවා අපි වෙන ආණ්ඩුවක් පත් කරා දැන් හොරු අල්ලන උණුත් තම හොරු අල්ලන පාටක් නෑ. උන් හොර කෑව ඒවාට අපි ගෙවන්න ඕනේ නෑ උන්ගේ දෙපල රාජසන්තක කරනන්. බලමු මුන් කරෙ නාතන් ලබන පර මුන්ටත් නෑ තමා. අපිත් හරක් වගේ හැමදාම පක්ෂ දෙක මාරු කර කර උන්ට හොරකන්න දෙනවා. එත් තම MR ට වඩා MY3 75% ක් හොදයි.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    යකෝ ඔෆිස් මීටින්ග් එකක් මැද්දට පියන් ඇවිත් වගේ :lol::lol::lol:

    ඔව් පියන්ට chairmen සෙට් එක ඇත දීල ගෙදර අරන් යන්න කියල ආඩාර දීලා. පව් බයියන්ට රෙදිලා.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    my3 පිළිගන්න my3 මොනාද රටට කරේ?my3 ව ඔහොම පිළිගන්නේ my3 උන්ට ඕන විදිහට හැමදේම කරන නිවට පබයෙක් නිසා..

    ඉතින් බං මහින්දයා ට තිබ්බනේ UN එකෙන් අයින් වෙලා තනි රටක් විදියට පෙණි ඉන්න, ඇයි බන් ඇහෙම කරේ නැතේ. අවු. 10 ක් ම තිබණේ. ඇගලුම් ඔක්කම නවතලා GSP+ නවතලා, මාළු රට යවන එක නවතලා, තේ නවතලා, හුදකළා රටක් විදියට උගන්ඩාව ස්වසලාන්ත වගේ රටවල් වලට මෙ ඔක්කම යවල සතුටින් ඉන්න තිබණේ. අනේ දැන් නැති p වල් කියන් නැතුව ඉදපන්.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    ඔව් බන් කාඩ්බෝර්ඩ් වීරයා තමා අවුරුදු 30ක යුද්දේ ඉවරකරේ..හිටන් උබේ සුපර්මෑන් නේ..:rofl::rofl:

    අනේ පලයන් බන් යන්න. උ යුද්ධය අන්තිම කලේ හිටියේ රටින් පිට බයට. උ තනියම යුද්දේ කලේ නෑ. උබලට ඔචර කකුමක් තියෙනවනන් ඊ SF යුද්දේ කරපු පති වල ඉදල යුද්දේ මෙහෙයවල අයි උ ගැන කියන නැත්තේ චන්දේ ඉල්ලපු නිසද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,533
    113
    ඉතින් බං මහින්දයා ට තිබ්බනේ UN එකෙන් අයින් වෙලා තනි රටක් විදියට පෙණි ඉන්න, ඇයි බන් ඇහෙම කරේ නැතේ. අවු. 10 ක් ම තිබණේ. ඇගලුම් ඔක්කම නවතලා GSP+ නවතලා, මාළු රට යවන එක නවතලා, තේ නවතලා, හුදකළා රටක් විදියට උගන්ඩාව ස්වසලාන්ත වගේ රටවල් වලට මෙ ඔක්කම යවල සතුටින් ඉන්න තිබණේ. අනේ දැන් නැති p වල් කියන් නැතුව ඉදපන්.

    ආ බලමු බලමු හිටන් කරන හැටි..හිටපු ටිකේ කරපු හැටි දැක්කනේ..දන්න pa තමා ඕයි කිව්වේ..:rofl:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉතින් බං මහින්දයා ට තිබ්බනේ UN එකෙන් අයින් වෙලා තනි රටක් විදියට පෙණි ඉන්න, ඇයි බන් ඇහෙම කරේ නැතේ. අවු. 10 ක් ම තිබණේ. ඇගලුම් ඔක්කම නවතලා GSP+ නවතලා, මාළු රට යවන එක නවතලා, තේ නවතලා, හුදකළා රටක් විදියට උගන්ඩාව ස්වසලාන්ත වගේ රටවල් වලට මෙ ඔක්කම යවල සතුටින් ඉන්න තිබණේ. අනේ දැන් නැති p වල් කියන් නැතුව ඉදපන්.

    Ai bn umbela paksha valata bedeenne hama velema ? MR kiyana horath ekai MY3,Ranil kiyana ponnoyoth ekai... Poddak hithapan, MY3 kiyapu vidiyata thama ekekvath hire damme nane ?

    Hamoma ekai bn,balaya lambunama unta okkoma amathakai..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,533
    113
    අනේ පලයන් බන් යන්න. උ යුද්ධය අන්තිම කලේ හිටියේ රටින් පිට බයට. උ තනියම යුද්දේ කලේ නෑ. උබලට ඔචර කකුමක් තියෙනවනන් ඊ SF යුද්දේ කරපු පති වල ඉදල යුද්දේ මෙහෙයවල අයි උ ගැන කියන නැත්තේ චන්දේ ඉල්ලපු නිසද?

    සරත් ෆොන්සේකා මහින්ද බලයට එන්න කලිනුත් හිටියා..කෝ යුද්දේ ඉවර කරාද?:rofl::rofl:ඇයි ඒ කාලේ එයාගේ යුද ඥාණය මොට වෙලාද තිබ්බේ?:rofl:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ආ unp කාරයා අඩුවට වාහනයක් අරන් ඉවරයි වගේ..:lol::lol::lol:

    ඇයි උබ UNP ආණ්ඩුවක් එනකන් හිටියද වහනයක් ගන්න. හොරා අපිට කිවෙවත් නැනේ. පොඩි වහනයක් ගනින් 1500 cc අඩුයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,533
    113
    අනේ පලයන් බන් යන්න. උ යුද්ධය අන්තිම කලේ හිටියේ රටින් පිට බයට. උ තනියම යුද්දේ කලේ නෑ. උබලට ඔචර කකුමක් තියෙනවනන් ඊ SF යුද්දේ කරපු පති වල ඉදල යුද්දේ මෙහෙයවල අයි උ ගැන කියන නැත්තේ චන්දේ ඉල්ලපු නිසද?

    බලාපිය මේවා..ගොනා වගේ තප්පුලන්නේ නැතුව.:rofl:


    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමෙන්තුවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළේය.දැන් මෛතී‍්‍ර - රනිල් රජයේ කැබිනට් අමාත්‍යවරයකුද වන ඔහු කියා සිටියේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය සැළසුම් කර එල්ල කෙරුණක් බවය.එහි අරමුණ වූයේ ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගැනීම බව ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේය.එදා ගෝඨාභය ගමන් කරමින් සිටි රිය හා බෝම්බ ඇටවූ තී‍්‍රරෝද රථයක් හප්පා එය පුපුරුවා හැර ඔහුව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයෝ උත්සාහ කළෝය.

    ෆොන්සේකා පාර්ලිමෙන්තුවේ පලකළ අදහස් ඬේලි නිව්ස් පුවත්පත වාර්තා කර තිබුණේ මේ අයුරිනි.
    ‘මිීට වසර 10 කට පෙර ගෝඨාභය රාජපක්ෂ ගමන් කරමින් සිටි රථය ඉලක්ක කර එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාරය පෙර සැළසුමකට අනුව සිදුවූවක් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය අගහරුවාදා පාර්ලිමෙන්තුවේදී පැවසුවේය.ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගනු වස් මෙවැනි ගෝඨාභය මෙවැනි සැළසුමක් කි‍්‍රයාවට නැංවූ බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.වත්මන් රජයේ ඇමැතිවරයකු වන සරත් ෆොන්සේකා මහතා අනතුරුව කියා සිටියේ ප‍්‍රහාරයේ වගකීම එල්.ටී.ටී.ඊ ය මත පැටවීමට රාජපක්ෂවරුන් කටයුතු කළ බවය.මේ සමයේ රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. මොන ත‍්‍රස්තවාදියෙක්වත් තමන්ගේ ඉලක්කයට මිීටර 25 ක් එහායින් ඉදන් බෝම්බය පුපුරුවන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වුණු පාර්ලිමෙන්තු විවාදයේදී අදහස් දැක්වූ ෆොන්සේකා පැවසුවේය.‘

    රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක අංශයෙන් හමුදා සාමාජිකයින් ඉවත් කරන බවත් ඒ වෙනුවට පොලිස් කොමාන්ඩෝ සාමාජිකයින් යොදවන බවත් රජය කියා තිබේ. මෙසේ සිදුකෙරෙනුයේ සිවිල් වැසියන්ටද වෙනම ආරක්ෂාව සැපයීමට සිදුව තිබීමේ අමතර බරින් හමුදාව නිදහස් කිරීමට බව සදහන්ය.

    2006 බෝම්බ ප‍්‍රහාරයෙන් ගෝඨාභය දිවි ගලවාගත් නමුත් ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකු මිය ගියහ.ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු වහාම නෝර්වේ රජය හා සම්බන්ධ වූ ශී‍්‍ර ලංකා රජය දෙමළ ඊළාම් විමුක්තිකාමිී කොටි සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. සටන් විරාමයෙන් රජය ඉවත්වූ අතර 2009 මැයි මාසය වන විට එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම පරාජය කැරිණ.

    ව්‍යාජ ඝාතන තැතක් සම්බන්ධව සරත් ෆොන්සේකා පලකළ අදහස් සහ හිටපු ජනපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට රජය පියවර ගනිමින් සිටීම හමුවේ ඒකාබද්ධ විපක්ෂය යැයි තමන්ව හදුන්වාගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායම කලබල කිරීමට ගත්හ. රජයේ පාර්ශවය නියෝජනය කළ මන්තී‍්‍ර පිරිස් සමග ඔවුන් ඉතාම දරුණු වාග් සංග‍්‍රාමයකද පැටලූනෝය. එය ක‍්‍රමයෙන් ගැටුමක් දක්වාම වර්ධනය විය. ගැටුමේ අවසානය සනිටුහන් වූයේ පහර කෑමට ලක්වූ මන්තී‍්‍රවරයකු රෝහල් ගතකිරීමට රැුගෙන යෑමට සිදුවීමෙන් පසුවය.ගුටිබැට හුවමාරු කරගත් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනකුට කතානායකවරයාගේ නියමයෙන් සතියක් යන තෙක් පාර්ලිමෙන්තු යනු තහනම් කලාපයකි.

    ෆොන්සේකාගේ හෙළිදරව්වෙන් දින කිහිපයකට පසු ගෝඨාභය රාජපක්ෂ බරපතල මූළ්‍ය වංචා හා අපරාධ පිළිබද ජනපති කොමිසම හමුවට පැමිණ සිටිනු දැකගත හැකිවිය. ඔහු එසේ පැමිණ සිටියේ රක්නා ආරක්ෂක ලංකා සමාගම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු වලට අවැසි ප‍්‍රකාශයක් ලබාදීම සදහාය.එය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් සිටි ගෝඨාභය වටකරගත් මාධ්‍යවේදීහු ෆොන්සේකාගේ ප‍්‍රකාශය පිිළිබද ඔහුගේ අදහස් විමසූහ.ඊට සිනාසී පිළිතුරු දුන් ගෝඨාභය “එයා යුදහමුදාපති කළාට මටයි ගහන්න ඕනේ” යැයි පැවසුවේය.
    හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉලක්කකර එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය ගැන මෙම ලිපිය ලියැවෙන්නේ එම ප‍්‍රහාරය ගැන රටේ නැවත වරක් කතාබහක් ඇතිව තිබෙන වාතාවරණයකය. මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයකු, නොඑසේනම් කලූ කොටියකු එල්ල කළ එම ප‍්‍රහාරය රටවැසි සියලූම ජනතාව තැතිගැන්මට පත් කළේය.දේශීයව මෙන්ම විදේශීයවද මාධ්‍ය වල අවධානය එයට යොමුවිය.ගෝඨාභයට එල්ල වූ ප‍්‍රහාරය ගැන ඒ අතීත මතකය අවදි කරන්නට මේ සැරසෙන්නේ වසර දහයකට පසුවය.

    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

    2005 වසරේදී මහින්ද රාජපක්ෂ ප‍්‍රථම වතාවට ජනපති ලෙස තේරීපත්විය.ඇමරිකාවේ සිට මෙරට බලා පැමිණි ගෝඨාභය තම සොහොයුරාගේ මැතිවරණ ව්‍යාපාරයේ සැළකිය යුතු මෙහෙයක් ඉටුකළේය.වසර විස්සක පමණ කාලයක් හමුදා සේවයේ නියුතුව සිටි ගෝඨාභය සියල්ල අතහැර 1991 වසරේදී විදෙස්ගත විය.ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයෝ එතැන් සිට ජීවත්වූයේ ඇමරිකාවේය.එරට පුරවැසිභාවය ඔවුනට හිමිය.ශී‍්‍ර ලංකා යුද හමුදාවට බදවාගත් සිව්වැනි කැඩෙට් භට කණ්ඩායමේ සාමාජිකයකුවූ ගෝඨාභය යුද පුහුණුව ලැබූයේ මෙරටදීමය.1949 දී උපත ලැබූ ඔහු හමුදාවට බැදුණේ 1971 දීය.1991 දී හමුදාවෙන් සමුගන්නා විට ලූතිනන් කර්නල්වරයකු ලෙස සේවය කරමින් සිටි ගෝඨාභය පළමු ගජබා රෙජිමෙන්තුවේ අණදෙන නිලධාරියාද විය.
    ජනපති ලෙස පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ තම බාල සොයුරු ගෝඨාභයව මහජන ආරක්ෂාව,නීතිය හා සාමය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත්කළේය.තම පාසල් සගයකුවූ සරත් ෆොන්සේකා හමුදාපති ලෙස පත්කරගැනීමට කටයුතු කළේද ගෝඨාභයයි.මේ සදහා අවස්ථාව ලබාගැනීමට, ඒ වන විට හිටපු හමුදාපති ශාන්ත කොටගොඩ මහතා බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත්කර යැවුණේද ගෝඨාභයගේ නියමයෙන්ය.මෙම සමයේ ඔස්ලෝ කපුකම යටතේ සටන් විරාමයක් කි‍්‍රයාත්මක වෙමින් පැවතියද එල්.ටී.ටී.ඊ ය හා යුද හමුදාව යන දෙපාර්ශවයේම කටයුතු නිසා රට ක‍්‍රමයෙන් යුද්දයක් කරා තල්ලූ වෙමින් පැවතිණ.එල්.ටී.ටී.ඊ යට එරෙහිව දියත් කෙරුණු යුද යාන්ත‍්‍රණයේ සකී‍්‍රය කි‍්‍රයාකාරීත්වයට අවැසි වූ දේශපාලන,පරිපාලන සහ යුදමය නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන තිදෙනාය.

    කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මේ තිදෙන ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීමට සැළසුම් සකස් කළේය.එහි ප‍්‍රතිඵලයක් ලෙස 2006 අපේ‍්‍රල් මාසයේ මරාගෙන මැරෙන බෝම්බකාරිනියක යුද හමුදාපති සරත් ෆොන්සේකා ගමන් කරමින් සිටි රථය ඉලක්ක කර බෝම්බයක් පුපුරුවා හැරියාය.අතිශය බරපතල ලෙස තුවාළ ලැබූවද ෆොන්සේකා දිවි ගලවාගැනීමට සමත්විය.ප‍්‍රතිකාර සදහා යොමුවීමට සිදුවූ හෙයින් මාස කිහිපයක් ගතවන තෙක් යුද සැළසුම් කටයුතු වලින් ඉවත්වීමට ඔහුට සිදුවිය.ෆොන්සේකා සුවය ලැබූයේ පුදුමාකාර වේගයකිනි.මෙම කාලයේ යුද සැළසුම් සකස් කිරීම,කි‍්‍රයාකාරකම් අධීක්ෂණය කිරීම ආදි සියල්ල සිදුවූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය යටතේය.සරත් ෆොන්සේකාගේ අඩුව පිරැවූයේ ඔහුය.ආරක්ෂක ලේකම් ලෙස හිමිව තිබූ බලතලත්, සොහොයුරා රටේ ජනපතිවරයා වීමත් නිසා ඉතාම කාර්යක්ෂම ලෙස යුද මෙහෙයුම් දියත් කිරීමට ගෝඨාභයට හැකිවිය.මේ නිසාම ඔහුව ඉක්මනින්ම අවසන් කර දැමීමේ අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ යට වැඩි වැඩියෙන් දැනිණ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ගෝඨාභය ඝාතනය කිරීමේ මෙහෙයුම තම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්ට භාර දුන්නේය.අනතුරුව සැළසුම් කිහිපයක් සකස් කැරිණ.

    අවසානයේ එක් සැළසුමක් තෝරා ගැනිණ.එය කි‍්‍රයාත්මක කිරීමට නියමිතවූයේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදාය.ඔත්තු බැලීම් වලින් තම නිල නිවසේ සිට කාර්යාලය දක්වා ගෝඨාභය ගමන් කරන්නේ කිසියම් නිශ්චිත රටාවකට අනුව බව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෝ සොයාගෙන තිබිණ.නිල නිවසේ සිට කාර්යාලය බලා යෑමට ගෝඨාභය මාර්ග දෙකක් භාවිතා කළේය.කාර්යාලයට යෑම සදහා එම මාර්ග දෙක මාරුවෙන් මාරුවට යොදාගැනීම ඔහුගේ පුරුද්ද විය.ගෝඨාභය කාර්යාලයට යන සෑම අවස්ථාවකම මාර්ගයේ මංසන්ධි අසළ ආරක්ෂක අංශ ස්ථාන ගතවිය.රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටැවිණ.මේ සියල්ල සිදුකෙරුණේ සුමට සහ ආරක්ෂාකාරීව කාර්යාලය බලා යෑමට ගෝඨාභයට අවකාශ සැළසීමටය.ලහිලහියේ ආරක්ෂක අංශ මාර්ගයේ ස්ථානගත වන දකින ඕනෑම කෙනෙකුට අති සුවිශේෂී පුද්ගලයකු නොබෝ වේලාවකින්ම එම ස්ථානයෙන් ගමන් කරන බව වටහාගැනීමට අපහසු නොවීය.එය ගෝඨාභයගේ ආරක්ෂක සැළසුමෙහි දුර්වලතාවයක් විය.නමුත් මෙම ආරක්ෂක විධිවිධානයේ බරපතලම දුර්වලතාවය වූයේ එය නොවේ.ගෝඨාභයගේ රථ පෙළට ගමන් කිරීම සදහා රථවාහන ගමනාගමනය අත්හිටැවුණද එසේ කෙරුණේ මාර්ගයේ එක් පසෙක පමණකි.ඔහුගේ රථ පෙළ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනයට අවස්ථාව සළසාදී තිබිණ.එහි ඇති අවදානම ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව නොතිබිණ.

    මෙම දුර්වලතාව හදුනාගත් එල්.ටී.ටී.ඊ ය ඒ අනුව සකස් කළ සැළසුම 2006 දෙසැම්බර් පළමුවැනිදා කි‍්‍රයාත්මක කළේය.කිලෝග්?ම් 25 කට ආසන්න බෝම්බයක් තී‍්‍රරෝද රථයකට සවිකෙරුණු අතර එහි රියදුරු වූ කලූ කොටි සාමාජිකයා ගෝඨාභය පැමිණීමට නියමිතවූ මාර්ගයේ අනෙක් පස තී‍්‍රරෝද රථය ස්ථානගත කළේය.

    අනගාරික ධර්මපාල මාවත

    එදින උදෑසන ගෝඨාභයගේ ගමනාන්තය වූයේ අරලියගහ මන්දිරයයි.ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකට සහභාගීවීම සදහා ඔහු යමින් සිටියේය.ගෝඨාභයගේ සොයුරු මහින්ද ඊට පෙර දින ඉන්දියාවේ සිට නැවත ශී‍්‍ර ලංකාව බලා පැමිණ තිබුණේය.ඩිෆෙන්ඩර් රථ,යතුරුපැදි ඇතුලූ නවයකින් සමන්විත ගෝඨාභයගේ ආරක්ෂක පිරිවර ගාලූ පාරට පිවිසීමට අනගාරික ධර්මපාල මාවත ඔස්සේ පැමිණෙමින් සිටියහ. ගාලූ පාරට පිවසීම සදහා යා යුතුවූ ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මාවතේ පිත්තල හන්දියට ආරක්ෂක රථපෙළ ළගාවිය. පිත්තල වලින් තැනූ නොයෙක් අරුමෝසම් භාණ්ඩ පදික වේදිකාවේ තබාගෙන අලෙවි කරන වෙළදුන් මෙම ස්ථානයේ සුලභ දසුනකි.ගෝඨාභයගේ ආරක්ෂාව හා සම්බන්ධ විශේෂ කාර්යබලකා භටයෝ මාර්ගයේ ගමන් කරමින් තිබූ රථවාහන තාවකාලිකව නවතා ගත්හ. ඩබ්ලියු පී - ජීඑච් 0617 අංක දැරූ රතුපැහැති තී‍්‍රරෝද රථයක් මාර්ගයේ අනෙක් පස සිට ආරක්ෂක රථපෙල ඉදිරියට එන්නට ගත්තේ මේ අවස්ථාවේදීය.නමුත් අධික රථවාහන තදබදය නිසා ත‍්‍රී‍්‍රරෝද රථයේ රියදුරුට ආරක්ෂක රථපෙල ආසන්නයටම පැමිණීම දුෂ්කර විය.

    කෙලින්ම රථ පෙල ඉදිරියට පැමිණීමට නොහැකි බව වටහාගත් ඔහු සිවිල් මෝටර් රථ දෙකක් අතරින් තී‍්‍රරෝද රථය ධාවනය කරමින් ආරක්ෂක රථපෙල සමිීපයටම පැමිණියේය.ගෝඨාභය ගමන් කරමින් සිටි වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් රැගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථය ඉදිරියට පැමිණෙමින් තිබූ තී‍්‍රරෝද රථයේ ගැටුණේය.මහා හඩ නගමින් බෝම්බය පුපුරා ගියේය.වේලාව පෙරවරු 10.39 විය.ඩිෆෙන්ඩර් රියේ ගැටීම නිසා බෝම්බය පුපුරා ගියේද යන්න හෝ කලූ කොටි සාමාජිකයා එය පුපුරුවා හැරියේද යන්න පැහැදිලි නැත.ප‍්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේම පාසලක්ද පිහිටා තිබිණ.එමෙන්ම මෙම ස්ථානය ප‍්‍රභූන්ගේ ගමන් බිමන් සදහා නිතර භාවිතයට ගැනුනු මංසන්ධියක්ද විය.

    ගෝඨාභයගේ මෝටර් රථය පසෙකින් ගමන් කරමින් තිබූ ටේ‍්‍රල් වර්ගයට අයත් යතුරුපැදිය මිීටර 20ක් පමණ ඈතට විසිවිය.එය පැදවූ ලාන්ස් කෝප‍්‍රල් විජේරත්න සහ ඩිෆෙන්ඩර් රිය පැදවූ ලාන්ස් කෝප‍්‍රල් පියසිරි යන දෙදෙනාම බෝම්බයට හසුව මියගියහ.බෝම්බයේ සම්පූර්ණ බලය එල්ලවූයේ ඩිෆෙන්ඩර් රියට සහ මෙම යතුරුපැදියටය.එය දේව බැල්මකට හා සමවිය.ගෝඨාභයගේ රථයට එල්ල වීමට තිබූ බලය මේ නිසා යම්තාක් දුරට අඩුවිය.

    මෝටර් රථයේ බොනට්ටුවට, ඉදිරි පස විදුලි පහන් වලට සහ ඉදිරිපස වීදුරුවට ප‍්‍රහාරයෙන් හානි සිදුව තිබිණ.රථයේ රියදුරා සුලූ තුවාළ ලබා සිටියේය.නමුත් ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි ගෝඨාභයගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට සහ පසුපස වම් අසුනේ ගමන් කරමින් සිටි ගෝඨාභයට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත.ප‍්‍රහාරයේ බලයට හසුව මෝටර් රථය විසිවීමේදී හිස වැදීමෙන් ඇතිව තිබූ බමන ගතියක් සහ වීදුරු කැබැල්ලක් වැදීමෙන් ඇතිව තිබූ කැපුමක් හැරෙන්නට ගෝඨාභය නිරුපද්‍රිතව සිටියේය.ඔහුගේ වම් ඇසිබැමේ ඇතිව තිබූ කැපුමෙන් ගලා ආ ලේ බිදු කිහිපයක් කමිස අතේ සහ කොලරයේ ගැවී තිබිණ.
    මෝටර් රථය මාර්ගයේ ඇදීගෙන ගොස් නතර වෙද්දී ගෝඨාභය “මොකද වුනේ” යැයි ඇසුවේය.ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ එච්.ඩී.කපුහේන මහතා “අපිට පහර දෙනවා” කියමින් ගෝඨාභය සිටි පසුපස ආසනයට පැන්නේය.වහාම තම වෙඩි නොවදින කබායෙන් ආරක්ෂක ලේකම්වරයාව ආවරණය කළ කපුහේන, ගෝඨාභයගේ හිසට ගෑස් හිස්වැසුමක්ද පැළදවූයේය.පිපිරීම නිසා මෝටර් රථයේ දොරවල් අගුලූ වැටී තිබිණ.දොරවල් විවෘත කරන්නැයි කපුහේන කෑගසා කීවේය.ආරක්ෂක රථ පෙළහි සිටි අනෙක් නිලධරයෝ වහ වහා ගෝඨාභයගේ මෝටර් රථය වෙත දිව ආහ.

    යකඩ පටියක් ආධාරයෙන් දොරවල් විවෘත කැරිණ.ආරක්ෂක ලේකම්වරයා වත්තන් කරගෙන පිටතට පැමිණි කපුහේන වෙනත් ජීප් රථයකට ඔහුව දමාගෙන ගාලූ පාර ඔස්සේ ඉගිලූනේය.ගමනාන්තය අරලියගහ මන්දිරය විය.ගමනේදී මාර්ගය නිදහස් කරගනු වස් අහසට වෙඩි තැබීමට කපුහේන ඇතුලූ ආරක්ෂක නිලධරයෝ කටයුතු කළහ.ආරක්ෂක අංශ සහ කොටි ත‍්‍රස්තයින් අතර ඇතිවන වෙඩි හුවමාරුවකැයි වේගයෙන් යන ජීප් රිය සහ එහි සිට වෙඩි තබන පුද්ගලයෝ දුටු බියපත් සාමාන්‍ය ජනතාව වැරදි වැටහීමක් ඇති කරගත්හ.ඇතැම් දෙමව්පියෝ තම දරුවන්ව පාසලේ සිට නිවෙස් බලා වහාම රැගෙන ගියහ.
    [/QUOTE]