හිතට ආපු දේවල්
මේක ලියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින්
ඉස්සෙල්ලම කියන්නම් මම බෝර්ඩ් වෙලා ඉන්නේ කොළඹ මුඩුක්කු ජනාවාස පිහිටි ප්‍රදේශයක් ආසන්නේ, මම ඉතින් වැඩට යනකොට මේ ප්‍රදේශය පහු කරන් තමා උදේට යන්නේ. පහුගිය දවස් වල මට අසනීප උන හින්දා නිවාඩු දැම්මා. ඇතුලේ ඉන්න කම්මැලි නිසා පොඩ්ඩක් වටපිට ඇවිදින්න ගියා.
මේ පදිංචිවෙලා ඉන්න බාගයක්ම රාජ්‍ය ආයතන වල සේවය කරන අය. පඩි දවසට ඉතින් පාටි තමා. වටේ පිටේ තියෙන හැම රෙද්දම ගේනවා. ඉතින් මාසේ මැද වෙනකොට ආපහු විකුණනවා. අද දවස රජ කරන ජීවිත.
තරුණ ජීවිත නන්නත්තාරයි. ඔක්කොම ඇමරිකන් ස්ටයිල් වයස අවුරුදු 18, 20 වෙනකොට බැඳලා, නැත්තම් පැනලා ගිහින් ( ලිවින් ටු ගෙදර්) බඳින උන් දෙන්නටම හරි හමන් රස්සාවක් නෑ, රස්සාවක් කරන්න ඕන කමකුත් නෑ, හැබැයි හැමදාම පාටි, පළවෙනි ළමයා ලැබිච්ච ගමන් කොල්ලා කෙල්ලව අතහරිනවා. කෙල්ලත් ළමයා අරන් ගෙදර එනවා. ළමයා අම්මට බලා ගන්න දීලා මොකක් හරි රස්සාවකට යනවා.
ගොඩක් ම ඉතින් ඇතුලෙම තියෙන සැලුන් තමා. එක රස්සාවක් එක දිගට කරන්නේ නෑ. ඉගෙනගන්නෙත් නෑ. පාටි වලට සල්ලි හොයන්න හොරකං කරනවා, ගණිකා වුර්තියෙ යෙදෙනවා. එහෙමත් කීප දෙනෙක් තමා ත්‍රීවිල් එකක් හයර් දුවලා තත්වෙක ඉන්නේ. මෙහෙන් බිහි උන දොස්තරලා, ඉංජිනෙරුවොත් ඉන්නවා. නැත්තෙ නෑ.
ඒත් බහුතරය ඉන්නේ අද දවස රඟන්නේ කොහොමද කියන මානසිකත්වෙන්. ඉතින් මේ අනාගත ශ්‍රම බලකාය. උදාසීනයි, බුද්ධිමත් නෑ, ශක්තිමත් නෑ. රටක් දියුණු වෙයිද.. මේ සමාජෙන් බිහිවන නායකයොත් ඉතින් මේ වගේම තමා.
මේක මට ලියන්න හිතුනේ, මේකේ ත්‍රෙඩ් යනවා, ගොඩක් එවා ආණ්ඩුවට බනිනවා, තම්බින්ට බනිනවා.
මගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා එකෙක් තම්බියෙක්, අනිකා මගේ ජාතියේ සිංහල. උන් දෙන්න වැඩ කරන්නේ ඇසුරුම් වලට ගන්න රෙදි සකස් කරන ෆැක්ටරි එකක. උන් දෙන්නා, ඕකේ අහක දාන රෙදි ගේනවා. තව ලට්ට ලොට්ට එහෙමත් ගෙනෙල්ලා එක එක එව්වා හදනවා. පොඩි බෑග්, ෆෝන් කවර වගේ එව්වා. උන් ඒවා ඊබේ එකේ එහෙම දාලා විකුණනවා. මම ඉතින් කල්පනා කරේ. අරුන්ට මුන්ට බැන බැන හූල්ලනවට වඩා කරන්න දේවල් කොච්චර තියෙනවද..