මං මේ දෙවැනි පාර කොටන්නේ , පලවෙනි පාර කොටපු එක post කරපු ගමන්ම එළකිරි මේන්ටේන් මගුලක් ආව

මං මේක මේ ආයේ කොටන්නේ පොර ටෝක් දෙන්නවත් , ගැට්ට කහනවටවත් නෙවෙයි , ඔය ප්‍රශ්නේ හා සමාන ප්‍රශ්නයක් මටත් තිබ්බ එකෙක් හැටියට .. ඉතින් පිලිගන්නවා නං පිළිගන්න , කරනවා නං කරන්න ..
ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි ඔයා අනික් අයව විනිශ්චය කරන එක , පූර්ව නිගමන කියන දේ මිනිසා කියන සතාට අත්‍යවශ්‍ය දෙයක් ... පූර්ව නිගමන නැත්තන් මං හිතන්නේ අද විද්‍යාවත් නෑ .. හැබැයි මේ පූර්ව නිගමන කියන දේ හොඳට වගේම නරකටත් පාවිච්චි වෙනවා අපේ අතින් , සමහර වෙලාවට අපි නොදැනම අපේ ජීවිත වලට සීමා දා ගන්නවා මේ පූර්ව නිගමන නිසා ... ඉතින් මිනිහෙක්ව විනිශ්චය කරනවා කියන්නෙත් පූර්ව නිගමනයක් තමයි... ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි , ඔයා මේ අපිට වඩා පොඩ්ඩක් වැඩිපුර , මිනිස්සුන්ව විනිශ්චය කරනව. ඒ කොහොමද කියල මං කියන්නං ,
ගොවියෙක්ට තමන්ගෙ අස්වැන්න විදිහට ලබා ගන්න පුළුවන් තමන් වපුරන දේවල් පමණයි , වී ගොවිතැන කරන කෙනෙක් වී වැපිරුවට පස්සේ එයාට අන්තිමට ලැබෙන්නේ වී විතරයි .. නැතුව ඒයා වපුරපු වී වලින් තක්කාලි බලාපොරොත්තු වෙලා වැඩක් නෑ .. ඒ වගේම තමයි තක්කාලි බීජ වපුරපු කෙනෙක්ට ආපහු ලැබෙන්නේ තක්කාලිමයි .. ඉතින් තමන්ට අවසානයේ ඕනේ කරන අස්වැන්න ලබා ගන්න නං තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන බීජ වපුරන එක තමයි ගොවියා කරන්නේ ..
දැන් ඕක කොහොමද අපිට සම්බන්ද වෙන්නේ ? ඒ මෙහෙමයි ... අපේ ජීවිතෙත් අර බීජ වගේ අපිට වපුරන්න දෙයක් තියෙනවා .. ඒ තමයි අපේ සිතුවිලි .. අපි වපුරන සිතුවිලි වලට අනුව අපේ අවට පරිසරය හැඩගැහෙනවා,
දැන් එතකොට ඇයි මං කිව්වේ ඔයාගේ සිතුවිලි වල වැරද්දක් තියෙනවා කියල ? ඒ මේකයි , ඔයා හිතනවා ඔයාගේ අවට ඉන්න මිනිස්සු ඔයා ගැන හිතන්නේ මෙහෙමයි කියල .. ඊට පස්සේ ඔයා ඒ විදිහට හැඩගැහෙනවා .. ඔතනින් ඔය හැඩ ගැහෙන කෑල්ල අමතක කරමු , හේතු ඵලය අනුව බැලුවාම වැරැද්ද තියෙන්නේ ඔයාගේ ක්රියාවේ නෙවෙයි , ඒ කිව්වේ ඔයා හැඩගැහෙන එකේ නෙවෙයි .. ඔයාගේ සිතුවිල්ලෙයි ..
මං පොඩි උදාහරණයක් දෙන්නන් ,
හිතන්න ඔයාට දවසක ඔයාගේ ඔෆිස් එකේ ෆයිල් එකක් අත්සන් කරගන්න ඔයාගේ බොස් ගාවට යන්න වෙනවා , ඔයා බොස් ගාවට යනකොටම ඔයාට හිතෙනවා මෙහෙම දෙයක්, "ඔෆිස් එකේ අනික් උන් කියන කතා නිසා බොසා හිතන්නේ මං මෝඩයෙක් කියල , මං ඇතුලට යනකොටම බොසා මං ගැන වැරද්දක් කියයි, බොසා මාව මෝඩයෙක් ගානට දාල කතා කරයි දැන් , බොසා මං ගහපු බුල් ඔක්කොම දන්නව ඇති, බොසාට මාව පේන්න බැරිද කොහෙද" වගේ දේවල් ... සමහර විට මේ සිතුවිලි ඔයාට ඒ මොහොතේම පහල නොවුනත් ඔයා ගෙදර ගිය වෙලාවට , කල්පනා කරන වෙලාවක පහල විච්ච සිතුවිලි වෙන්න පුළුවන් ... ඉතින් කොහොම හරි අවසාන ප්‍රතිඵලේ වෙන්නේ ඔයා බොසා ගාවට ගිය ගමන් , ඔයා කලබල වෙනවා .. , ගොත ගැහෙනවා , මොනා කරන්න ගියත් වරදිනවා වගේ දේවල් ..
එහෙම වෙන්නේ මොකද , ඔයාගේ සිතුවිලි වලට ඔයාගේ ශරීරය දක්වන ප්‍රතිචාරය තමයි ඒක , මොකද මොලයට (මනසට) බෑ ඔයාගේ සිතුවිලි වලින් හොඳ ඒවා විතරක් තෝරලා බේරලා අරගන්න .. ඉතින් ඔයා අද මේ ඉන්න තත්ත්වෙත් ඔයාගේ අනවශ්‍ය සිතුවිලි නිසා ඔයාගේ ශරීරය ඒකට හැඩගැසීමක් විතරයි ..
ඉතින් අන්තිමට කියන්නේ තියෙන්නේ තමන්ගේ සිතුවිලි වල පාලනය තමන් අතට ගන්නවා මිසක් , ඒවා අනුන්ට පාලනය කරන්න දෙන්න ගියොත් නං කවදාවත් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අර MeGuesta කියල තියෙනවා වගේ ඔයා හිතනවා නං ඔයාගේ සිතුවිලි පාලනය කරන්න තරං ඔයා ශක්තිමත් නෑ , දුර්වලයි කියල .. ඔයාගේ විශ්වාසයන් මොනා හරි (යන්තර-මන්තර,ආගම් වගේ ) දේවල් වලින් සිතුවිලි පාලනය කරන්න යොමු වෙන්න ..
