~හිතට වදින අමුතු දෙවල්~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ~හිතට වදින අමුතු දෙවල්~

    63.jpg


    තමන්ගේ රැකියාවේ ඉතා ඉහලට ගිය පුද්ගලයෙකුට තම මව, තමාට කළ දේවල් වලට යුතුකම් සැලකිය යුතුයි සිතුනා.

    "අම්මේ... ඔබට මොනවද අවශ්‍ය? ඔබ මට කල සියළු දේට මට ඔබට ණය ගෙවන්න ඕන.
    " ඔහු තම මවට පැවසුවා. "ඇයි ඔබ එහෙම සිතන්නේ.. එහෙම අවශ්‍යතාවයක් නෑ.." මව පුදුමයෙන් පැවසුවා..

    නමුත් පුතා දැඩි ලෙස ඉල්ලීම් කලා. අවසානයේ ඇය මෙසේ පැවසුවා..
    "හරි.. ඔයා පුංචි කාලේ වගේ මාත් එක්ක මගේ ඇඳේ නිදා ගන්න"

    පුතා ඉල්ලීමට එකඟ වුණා. ඉතා ඉක්මනින් ඔවුන් නින්දට වැටුනා. නමුත් මව නැගිට ගොස්, වතුර භාජනයක් ගෙනවිත් පුතා සිටින කොටසේ ඇඳට හෙළුවා. තෙත ගතිය තේරුන පුතා, ඇඳේ අනෙත් පසට ගොස් නිදා ගත්තා. ඇය ඒ පැත්තත් තෙමුවා. එවිට ඇහැරුණ පුතා කෝපයෙන් කෑ ගැසුවා.

    "ඔයා පුංචි කාලේ ඇඳ තෙමුවම මම ඔයාගෙ ඇඳුම් මාරු කරලා අනිත් පැත්තෙන් තියල මම ඔයා තෙමුව පැත්තේ නිදා ගත්තා. ඔයාට පුළුවන්ද එක දවසක් මේ තෙත ඇඳේ මාත් එක්ක නිදාගන්න. ඔයා එහෙම කළොත් ඔයා මට ණය ගෙව්වා කියාලා මම පිළිගන්නම්"

    ලෝකයේ ගෙවන්න බැරි එකම ණය ඔබේ මවට ඇති ණයයි. ඔබේ මවට ඇති ඒ ණය කිසි කෙලක ගෙවීමට නොහැකිය ඔබේ මවට ඔබ සලකන්න. මන්ද ඔබ සැදී ඇත්තේ ඇගේ ලේ වලිනි..

    (උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරෙනි)
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    61.jpg


    ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්‍ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්.

    සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය.1916 පමණ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති වරයාවූ වුඩිරෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. ලෙව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දා ලෝක පියවරුන්ගේ දිනය සමරන බවද සිහිපත් කළ යුතුයි.බටහිර රටවල් දරුවන් තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශී‍්‍ර ලංකාවේ අපි දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු යෙහෙන් සමරනවා. මතු බුදුවන අම්මාට නියත විවරන දෙන දයාබර අප්පච්චී සමරන්නට වෙනම දිනයක් වේලාවක් අවශ්‍ය නැතිබව සත්‍යයක්. එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇත.
    ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්‍ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්.

    "ඒ අනුව ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා"

    සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය.

    1916 පමණ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති වරයාවූ වුඩිරෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා. ලෙව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දා ලෝක පියවරුන්ගේ දිනය සමරන බවද සිහිපත් කළ යුතුයි.

    බටහිර රටවල් දරුවන් තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

    හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශී‍්‍ර ලංකාවේ අපි දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු යෙහෙන් සමරනවා. මතු බුදුවන අම්මාට නියත විවරන දෙන දයාබර අප්පච්චී සමරන්නට වෙනම දිනයක් වේලාවක් අවශ්‍ය නැතිබව සත්‍යයක්.

    එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇත.



    "තාත්තා ගැන මට හිතුන හැටි"

    මට අවුරුදු 05 දී - තාත්තා ඕන දෙයක් දන්නවා
    මට අවුරුදු 06 දී - තාත්තා දන්නවා
    මට අවුරුදු 08 දී - තාත්තා දන්නෙ නැද්ද කොහේද
    මට අවුරුදු 10 දී - තාත්තා දන්නේ නැහැ
    මට අවුරුදු 12 දී - අපේ තාත්තට බාගෙට පිස්සු
    මට අවුරුදු 14 දී - තාත්තා කියන දේවල් ගනන් ගන්න බැහැ
    මට අවුරුදු 18 දී - තාත්තා දන්නේ මොනවද මන්ද
    මට අවුරුදු 21 දී - තාත්ත පිස්සු දෙඩවන්නෙ
    මට අවුරුදු 23 දී - තාත්තට වඩා මම දන්නවා
    මට අවුරුදු 25 දී - තාත්තා ටිකක් දන්නවා වගෙයි
    මට අවුරුදු 30 දී - මේ ගැන තාත්තගෙන් ඇහුවොත් හොඳයි
    මට අවුරුදු 40 දී - මට පුදුමයි තාත්තා මේවට මුහුණ දුන්නෙ කොහොම ද කියල
    මට අවුරුදු 45 දී - තාත්ත කියල තියෙන්නෙ ඇත්ත තමයි
    මට අවුරුදු 50 දී - තාත්ත හිටියා නම් ගොඩක් දේ මට දැනගන්න තිබුණා
    මට අවුරුදු 55 දී - ඒත් දැන් තාත්ත නැහැ


    01_1.jpg
     
    Last edited:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    56.jpg



    එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා.
    නමුත් ඔහු කියාසිටියේ ඔවුන් මගේ හොඳම මිතුරන් බැවින් ඔවුන් සතුටෙන් සිටිනු දැකීම ඔහුට සතුටක් බවයි. එවිට, "ඔවුන් ඔබේ හොඳම මිතුරන්දැයි සොයා බලමු" යැයි මව යෝජනා කළා.
    ඔවුන් පිටි වලින් මිනිස් රුවට සමාන රුවක් නිර්මාණය කොට ඇඳුම් අන්දවා කාමරයක තැබුවා. ඉන්පසු එක එක මිත්‍රයා වෙන වෙනම පැමිණෙන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් පැමිණි විට තරුණයා මෙසේ කිවුවා. "මගේ අතින් මිනිසෙකු ඝාතණය වුණා හැකි ඉක්මනින් මොහුව වල දැමිය යුතුයි. ඔබට මට උදව් කළ හැකිද ?" එවිට මිතුරන්, ඔබ මගේ යහළුවා තමයි. මට ඔබ ගැන ඇත්තටම දුකයි.. ඒත් මට බෑ මේකට උදවු කරන්න. මෙසේ මිතුරන් 999 දෙනෙක්ම ඔහුව මග ඇරීය.
    අවසන් මිතුරත් පැමිණියා. කාරණය ඔහුට සැල කළ විට ඔහු මෙසේ කිව්වා. "මෙය නීති විරෝධී වැඩක්. එවැනි වැඩ වලට සහභාගි වෙන එක මගේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධයි. නමුත් ඔබ මගේ හොඳම මිතුරා. ඔබ මේ අවස්ථාවේ ඉන්නේ කරදරේක වැටිලා. ඔබව ඉන් මුදාගන්න එක අන් සියළු දේට වඩා මට වැදගත්. අපි මේ මිනිය ඈත කොහේට හරි ගෙන ගොස් වල දමමු. මම එයට, ඔබට උදවු වෙන්නම්. මින් පසුව මෙවැනි වැරදි නොවෙන්න මම උදව් වෙන්නම්."
    ඒ වදන් ඇසීමෙන් . තරුණයාගේ මව ඉතාමත් සතුතට පත්වුණා.
    ඇය මෙසේ කිව්වා... "පුතා... මේ ඉන්නේ ඔබේ සැබෑම මිතුරා.. දුකේදී විවිධ හේතු දක්වා මග හරින මිතුරන්ගෙන් පලක් නෑ ඔවුන්ව අමතක කොට ඔබ සතු දේ මොහුත් සමග බෙදාගන්න.."
    දුකේදී ඔබේ පිහිටට පැමිණෙන්නේ සැබෑ මිතුරන්ය. අන් අය විවිධ හේතූන් දක්වා ඔබව මග හරිනු ඇත..
    උපුටාගැනීම අන්තර්ජාලයෙන්
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    55.jpg



    නියමිත කාලයට සති 12 කට කලින් නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ඉපදුනා. එම නිසා ඔවුන්ව දැඩිසත්කාර ඒකකයේ වෙන් වෙන්ව තැබීමට සිදුවුනා. ඉන් වැඩිමහල් සොයුරියගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙමින් තිබුනත් බාල සොයුරිය හුස්ම ගැනීමට අපහසුවෙන් සිටියේය. ඇය බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරයා පැවසුවා.

    ඔවුන් බලා ගැනීමට භාර වූ සාත්තු සේවිකාව, බාල සොයුරියගේ ජීවිතය රැක ගැනීමට හැකි සෑම දෙයක්ම කලා. නමුත් ප්‍රතිඵලයක් පෙනුනේ නෑ. අවසානයේ ඇය රෝහලේ නීතිවලට පිටින් යමින්, බාල සොයුරියට අවසන් මොහොතේ හෝ යම් උණුසුමක් දැනෙන්නට දැරියන් දෙදෙනා එකම ස්ථානයේ තැබුවා.

    යම් කිසි කාලයකට පසුව, ඇය නැවත පැමිණෙන විට දුටු දෙයින් ඇය මවිත වුණා. ඇය වෛද්‍යවරු සහ අනෙකුත් සේවිකාවන් කැඳවූවා. වැඩිමහල් සොයුරිය බාල සොයුරිය වටා අතක් දමාගෙන සිටියා. බාල සොයුරිය ඉතා හොඳින් හුස්ම ගනිමින් සිටියා. ඇයගේ සෞඛ්‍ය තත්වය එතැන් පටන් යහපත් වුණා. කිසිවෙකුට සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට හැකියාවක් තිබුනේ නෑ.

    (පුංචි ආදරය, කරුණාව දිගු දුරක් ගමන් කරනවා. අන් අය හට ආදරය කරුණාව දක්වන්න. ඔවුන්ගේ ජීවිත වෙනස් වේවි.)
     
    • Like
    Reactions: RePost බුවා

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    54.jpg


    දිනක් කුඩා පුතෙක්, තම මහන්සිවී පැමිණි පියාගෙන් මෙසේ ඇසුවාය. තාත්තේ තාත්තට කීයක් පැයකට ගෙවනවද ? "රුපියල් 200 ක්." ඇයි හැමදාම අහන්නේ ? පියා කේන්තියෙන් ඇසුවා

    මට රුපියල් 50 ක් දෙනවද ?

    ඒ මොකට ද ? ඒ සල්ලි අරන් ගිහින් කඩචෝරු කන්නද? නැත්කං මොනවා හරි තේරුමක් නැති සෙල්ලම් බඩුවක් උසස්න් ඇවිත් කාමරේට වෙලා ඒකත් එක්ක නටන්නද ? ඇයි මේ විදියට සල්ලි නාස්ති තරන්නේ ? මම කොචිචර මහන්සි වෙනවද ඔයාලා වෙනුවෙන්... කවද්ද වගකීමෙන් වැඩ කරන්නේ ?
    පියා කෙන්තියෙන් පැවසුවා.
    පුතා හෙමීට කාමරේ ගිහින් දොර වහගත්තා. ටික වෙලාවක් ගතවුණා. පියා සන්සුන්ව හිඳගෙන ඉන්න අතරෙ මේ ගැන හිතුවා, ඇත්තටම ඕන කමකට ඉල්ලූවද දන්නෙ නෑ. මම නිකන් ඇඟට කඩාගෙන පැන්නා එහෙම හිතල ඔහු ගොස් දොරට තට්ටු කලා.

    පුතා නිදිද ? නෑ තාත්තේ... ඇයි ?

    ඔයාට ඕන රුපියල් 50 මෙන්න.. පුතා සතුටින් ඇවිත් එය ගත්තා. අරගෙන තමන්ගේ කොට්ටේ යට තිබුන තව සල්ලි ටිකක් එළියට ගත්තා. පියාට නැවතත් කේන්ති ගියා.. "මොකටද මේ සල්ලි එකතු කරන්නේ ?"

    මට රුපියල් 200 ක් එකතු කර ගන්න, රුපියල් 50 ක නැතුව හිටියේ. දැන් හරි. 200 ක් තියෙනවා. මට බැරිද තාත්තගෙන් පැයක් ඉල්ල ගන්න. මේ රුපියල් 200 අරගෙන හෙට පැයක් කලින් ගෙදර එනවද ? මට තාත්ත එක්ක කෑම කන්න ඕනේ

    (රැකියාව යනු ජීවිතය නොවේ. ඔබේ කාලය ඔබට ආදරය කරන අය සමග බෙදාගන්න.මන්ද ඔවුන්ට ඔබව අවශ්‍ය බැවිනි)

    උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    30.jpg


    ගොඩක් අය එක එක විදියෙ ආභරණ පළඳිනවා. ඒ අතරින් ඔබේ අතැඟිලි ලස්සන කරගන්න අපි හැමෝම මුදුදක් පළඳිනව.ගොඩක් අය දන්නෙ නෑ මුද්දක් පැළඳීමේ අරුත.. එහෙනම් අද දැනගන්නකෝ ඔබත් මුද්දක් පැළඳීමට පෙර එහි අරුත..
     
    • Like
    Reactions: too_little

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mekanam atte :( dan too late :'(

    "තාත්තා ගැන මට හිතුන හැටි"

    මට අවුරුදු 05 දී - තාත්තා ඕන දෙයක් දන්නවා
    මට අවුරුදු 06 දී - තාත්තා දන්නවා
    මට අවුරුදු 08 දී - තාත්තා දන්නෙ නැද්ද කොහේද
    මට අවුරුදු 10 දී - තාත්තා දන්නේ නැහැ
    මට අවුරුදු 12 දී - අපේ තාත්තට බාගෙට පිස්සු
    මට අවුරුදු 14 දී - තාත්තා කියන දේවල් ගනන් ගන්න බැහැ
    මට අවුරුදු 18 දී - තාත්තා දන්නේ මොනවද මන්ද
    මට අවුරුදු 21 දී - තාත්ත පිස්සු දෙඩවන්නෙ
    මට අවුරුදු 23 දී - තාත්තට වඩා මම දන්නවා
    මට අවුරුදු 25 දී - තාත්තා ටිකක් දන්නවා වගෙයි
    මට අවුරුදු 30 දී - මේ ගැන තාත්තගෙන් ඇහුවොත් හොඳයි
    මට අවුරුදු 40 දී - මට පුදුමයි තාත්තා මේවට මුහුණ දුන්නෙ කොහොම ද කියල
    මට අවුරුදු 45 දී - තාත්ත කියල තියෙන්නෙ ඇත්ත තමයි
    මට අවුරුදු 50 දී - තාත්ත හිටියා නම් ගොඩක් දේ මට දැනගන්න තිබුණා
    මට අවුරුදු 25 දී - ඒත් දැන් තාත්ත නැහැ
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    mekanam atte :( dan too late :'(

    "තාත්තා ගැන මට හිතුන හැටි"

    මට අවුරුදු 05 දී - තාත්තා ඕන දෙයක් දන්නවා
    මට අවුරුදු 06 දී - තාත්තා දන්නවා
    මට අවුරුදු 08 දී - තාත්තා දන්නෙ නැද්ද කොහේද
    මට අවුරුදු 10 දී - තාත්තා දන්නේ නැහැ
    මට අවුරුදු 12 දී - අපේ තාත්තට බාගෙට පිස්සු
    මට අවුරුදු 14 දී - තාත්තා කියන දේවල් ගනන් ගන්න බැහැ
    මට අවුරුදු 18 දී - තාත්තා දන්නේ මොනවද මන්ද
    මට අවුරුදු 21 දී - තාත්ත පිස්සු දෙඩවන්නෙ
    මට අවුරුදු 23 දී - තාත්තට වඩා මම දන්නවා
    මට අවුරුදු 25 දී - තාත්තා ටිකක් දන්නවා වගෙයි
    මට අවුරුදු 30 දී - මේ ගැන තාත්තගෙන් ඇහුවොත් හොඳයි
    මට අවුරුදු 40 දී - මට පුදුමයි තාත්තා මේවට මුහුණ දුන්නෙ කොහොම ද කියල
    මට අවුරුදු 45 දී - තාත්ත කියල තියෙන්නෙ ඇත්ත තමයි
    මට අවුරුදු 50 දී - තාත්ත හිටියා නම් ගොඩක් දේ මට දැනගන්න තිබුණා
    මට අවුරුදු 25 දී - ඒත් දැන් තාත්ත නැහැ

    :sorry::sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අම්මෙකුට තාත්තෙකුට අපි කොච්චර නයද කියනවා නම් කවදාවත් එක ගෙවල ඉවර කරන්න බැ,
    කරන්න පුළුවන් ලොකුම දෙ තමා එයාලගේ මහලු වයසේදී ආදරෙන් බලා ගන්න එක,,,