[][] හිතට වදින එක [][]

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    feelings.gif


    rain,rain,raindrops,beautiful,arms,blue-70faeea020fcdc510048380f2be2965f_h.jpg


    3864725952_41e841ee35_z.jpg


    :love:සිතුවිලි වලට නිදහසේ ගලා යන්නට ඉඩ හරින්න:love:

    යාලුවනේ අපි මෙ ත්‍රෙඩ් එකෙන් අපේ හිත් වලට වැඩියෙන්ම වැදුන සින්දු හේතුවත් සමග ඛෙදාගමු. සින්දුවෙ වැඩියෙන්ම හිතට වැදුන පද කිහිපය වුවද ප්‍රමාණවත් වෙ...
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දසමසක් මා කුසයේ උන් පුතුනේ....දැන් ඉතින් අප වෙන්ව යායුතු වේ....
    වීසිකරමි වන ලැහැබට දෑස පියාගෙන...නයිපොලොඟුන්ගෙන් මවක ලබාවා....වගවලසුන්ගෙන් පියෙකු ලබාවා....ahana sarayak gane as walata kandulu ena sinduwak..හේතුව කිව්වොත් අම්මා කෙනෙක් හරිනන් අම්ම කෙනෙක් කියන්න වටින කෙනෙක් නෙමෙයි....කලුතර ගඟට ලමය විසිකරපු සිද්ධිය ස්වර්නවහිනි ලයිව් @8 එකෙ පෙන්නද්දි බැක්ග්‍රවුන්ඩ් එකේ ගියේ ඔය සින්දුව....ඒ රූප පෙලත් එක්ක සින්දුව යනකොට පුදුම දුකක් ඇති වුනේ....අදටත් ඔය සින්දුව අහද්දි එදා දැනුනු හැඟීමමයි දැනෙන්නේ.....:(
     
    Last edited:

    dream_sl

    Member
    Jun 28, 2013
    68
    14
    0
    රොබින් හුඩ්

    දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනැල්ලා
    ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
    මී පැනි පොවලා මුව ගෝන මස් හදාලා
    කෑමක් දීලා සංගීතයක් දමාලා
    වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා...ප්‍රීතියෙන්


    හේතුව:~ රොබින් හුඩ් මතක් වීම.
     
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    mama koi tharam awasanawanthada

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මෙ...
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මෙ...

    නුවර වීදි යට කරගෙන
    නින්දා වැහි වැගිරුණ දා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යොද ඇලේ නැම්මෙ...
    නුඹ සෙනෙහස සුවඳ දිදී
    දැනුනා මට අම්මෙ...

    කොළඹ අහස කලූ කරගෙන
    මුහුදු හුලග අඩලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මෙ...
    මං එනතුරු ඉඳිකඩ ලග
    ඉන්නවාද අම්මෙ...


    me sinduwa aheddi.. man monaaaaa tharam awasanawanthada kiyala hithenawa... eth ehema hithenna hethuwa mehema prakasha karanna ba..
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ....

    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ....

    ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නෑ....

    සිනහ වෙවී සිංහ වෙවී කල් ගෙවන්න බෑ....

    :):):):) සරලව පබැඳි ගැඹුරු දහමක්... අට ලෝ දහම... :)
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මගේ ආදර පවසට ඔබ
    නියං කලට හඩන අහස
    මගේ ආදර වරුසාවට
    යටිකුරු කල කලසකි ඔබ

    මගේ ආදර සිලිලාරට
    නෙළුම් පතකි ළඳුනේ ඔබ //
    ආදර උල්පත වියලන
    ගිම්හානේ සැඩහිරු ඔබ

    මගේ ආදර පවසට....

    ගිම්හානය වෙනුවට මම
    වස්සානය වී එන්නද //
    ඒ වැස්සෙන් පෙම්වත් වූ
    මිහිලිය වී මම එන්නද

    මගේ ආදර පවසට....


    මේ සින්දුවත් මගේ ජීවිතේට ගොඩක් සමීප සින්දුවක්... :) මොකද මං දැන් ආදරේ කරන එයා මුලින්ම මට එවපු සින්දුව සහ එයාගේ කටහඬින් මම අහපු මුල්ම සින්දුවත් මේක. එයා මේ සින්දුව එවපු දවසේ ඒක ගොඩක් හිතට දැනුණා. බොහෝ කාලයක් මම නොදැනුවත්ව මට ආදරේ කල එහෙත් මා ආදරය නොකල එයාව මගේ ම කරගන්න මට මේ සින්දුවේ අර්ථයත් හුඟක්ම බලපෑවා :):):)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Eda_Meda_Thura_Kadulata_Wiwara_Woo_Sanath.jpg


    හේතුව...

    මගෙ පලවෙනි ආදරයට අත් උන ඉරනම.... අදටත් මම බලන් ඉන්නව එයාව කවද හරි දකින්න ....ඒත් කවමදාකවත් එයා ආයෙ එන්නෙ නෑ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Eda_Meda_Thura_Kadulata_Wiwara_Woo_Sanath.jpg


    හේතුව...

    මගෙ පලවෙනි ආදරයට අත් උන ඉරනම.... අදටත් මම බලන් ඉන්නව එයාව කවද හරි දකින්න ....ඒත් කවමදාකවත් එයා ආයෙ එන්නෙ නෑ

    ohh ehemada machan... ubata wechcha de gana harima dukai macho