හිතට වැදුනු පොත්..................................2

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හිතට වැදුනු පොත්..................................2


    "ජනවාරි මස අවසානයේදී හාපුරා කියා හිම දියවෙන කාලයෙන් පසු චෙරි වතුවලින් සුවඳ හමන්නට පටන් ගනියි. චෙරි ගස්වල පොත්තෙන් යන්තමින් නික්මෙන මළානික සුවඳ, දියවෙන හිමෙන් පිටවන තෙතමනය; හිම යට සිට හාපුරා කියා පෙනෙන්නට පටන්ගත් පොලොවෙන් නගින ප්‍රාණවත් පැරනි සුවඳ; පසුගිය සරත් සමයේ වියළුණු කොළවලින් නික්මුණු සුවඳත් සමඟ මිශ්‍ර වී, මහ දවල් [හිරු එළියෙහි උණුසුමක් තිබුනොත්] සුලං නැති විට දැනෙන්නට පටන් ගනියි.
    නිල් පැහැති සැඳෑ අඳුර පැමිණෙන තෙක්, කොල හැළුණු අතු අතරින් සඳ කැළුම් එබී බලන තෙක්, මහත් වුනු සාවුන් එළියට පැමිණ හිම මත හැම තැනම පා සටහන් තබා යනතෙක්, චෙරි වතුවල සිට ප්‍රණීත සියුම් සුවඳක් පැතිර යයි."


    මම කීපවාරයක්ම හරිම ආසාවෙන් කියවපු පොතක ආරම්භය තමයි ඔය දාල තියෙන්නෙ. කියවල තියෙන අයට ආයෙත් මතක් වෙයි ස්ටෙප්ස් තණ බිම, මකාර්, දවීදව්. ෂුකාර් සීයා ගැන එහෙම කිව්වම. ඔය ෂුකාර් සීයගෙ නම වැටිච්ච හැටි එහෙම තමයි නියමම කතා. සීය තමයි අපිව හිනස්සවන්න යොදාගෙන තියෙන චරිතෙ.

    ඉතින් තාම පොතේ නම කිව්වෙ නෑනෙ නේද? මේක ලියල තියෙන්නෙ මිහයිල් ෂෝලහොව් කියන රුසියානු කතුවරය. පොත "පෙරළුෑ නැවුම් පස". ආ මේක අනුවාදය ඒ කියන්නෙ පරිවර්තනය කරල තියෙන්නෙ සිරිල් සී. පෙරේරා කියන මහත්මයා.

    කාණ්ඩ දෙකක් ඒ කියන්නෙ පොත් දෙකක් මේකට ඈදිලා තීයනව. මේ කතාවෙන් කියවෙන්නෙ සෝවියට්දේශයේ සමූහාණ්ඩුකාලය පදනම් කරගත් සිදුවීම් පෙලක්. ඒ කියන්නෙ සමූහාණ්ඩුව යටතේ ගොවිපොළවල් ඇති කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම් හා ඇති වූ ප්‍රශ්ණත් වගේම රාජාන්ඩු පාලනයක් සඳහා වූ නැගිටීම් ගැනත් එහිදී සිදු වූ සේ සළකන සිදුවීම් මාලාවක් තමයි මේ.

    ෂුකාර් සීය ගත්තු අශ්වයා කෙට්ටු උනු සීන් එකේ කොටසක් දාන්නම්.

    "කොහෙන්ද මේ වෙළඹ ගත්තෙ? අහිකුන්ඨිකයකුගෙන්ද?"
    " ඔව්, අහිකුන්ඨිකයකුගෙන් තමයි ගත්තෙ. ගමෙන් පිට උන් වාඩි දමාගෙන ඉන්නවා."
    " කෙට්ටු වෙලා තියෙන බවනම් ඇත්තයි." අශ්වයින් හා අහිකුන්ඨිකයන් ගැන හොඳ දැනීමක් ඇති ඉග්නාති කීවේය.
    " උන් මේ වෙලඹ තමුසෙට විකුණන්න කලින් හුළන් ගහල පුම්බල තියෙනව.වයසට ගිහින් කෙට්ටු වෙච්ච අශ්වයෙක් හිටියොත් උන් පස්සා පැත්ත දිගේ හීන් බට දන්ඩක් යවල හොඳට බඩ පිම්ඹිලා මහතට පේනකන් කුප්පායමේ ඉන්න හැම එකාම බට දන්ඩට පිබිනව.ඉතින් හරකකුගේ හුළන් බොක්ක වගේ බඩ පිම්බුනාම බට දන්ඩ එළියට ඇදල දාල හුළන් නොයන්න පාන් කඩ ඔබනව. නැත්නම් බඩ ඉරිඟු කරලක් ගහනව. උන් ඒක තමයි මේ වෙළඹටත් කරල තියෙන්නෙ. මගදි එනකොට ඇබය ගැලවිලා හුළං බහින්න ඇති. ආපහු ගිහින් ඇබය හොයාගෙන එනව.ඊටපස්සෙ හුළං ගහමු."

    යාකව් ලූකිච්, කපිතාන් හා ලයිතන් සමඟ සමූහාණ්ඩුව පෙරලන්නට හැදු හැටිත් මකාර් දවීදව් නඟුල්නොව් හා රස්මියොත්නව් ඊට එරෙහිව සටන් කල ආකාරයත් මෙන්ම ෂුකාර් සීය මහත් කම්පනයට පත් කරමින් මකාර් හා දවීදව් ජීවිතයෙන් සමුගත් හැටිත් දෙවෙනි කොටසින් පෙළගස්වා ඇත්තේ කියවන්නා තුලද සියුම් සන්තාපයක් නංවමිනි.


    220px-Sholokhov-1938.jpg il_570xN.1011871051_rhvh.jpg
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඔය පොතේ පීඩීඑෆ් එකක් දාපන්කෝ තියේනම්.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මං ඕක කියවල තනියෙන් හිනා වෙල බැනුම් අහලත් තියෙනව.අවසානයෙ දුක් වෙලත් තියෙනව.ඒ කාලෙ පිස්සු හැදිල වගේ කියවපු පොත්.සෙංකොට්ටං සුවඳ වගේ ම ස්ටෙප්ස් තණ බිමට වැහි බිඳු වැටෙද්දි ,හදවත බර කරන ඒ සුවඳත් අපිට මතකයි!
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය පොතේ පීඩීඑෆ් එකක් දාපන්කෝ තියේනම්.
    pdf? balamu mcn..................................

    මං ඕක කියවල තනියෙන් හිනා වෙල බැනුම් අහලත් තියෙනව.අවසානයෙ දුක් වෙලත් තියෙනව.ඒ කාලෙ පිස්සු හැදිල වගේ කියවපු පොත්.සෙංකොට්ටං සුවඳ වගේ ම ස්ටෙප්ස් තණ බිමට වැහි බිඳු වැටෙද්දි ,හදවත බර කරන ඒ සුවඳත් අපිට මතකයි!
    :):):love:
    wow............................කියල වැඩක් නෑ බන්. හිනාකාල මැරෙනව කියවගෙන යද්දි. ෂුකාර්ගෙ චරිතෙ නියමෙට හිතේ ඇදෙනව. මකාර් දවීදව් හිතේම රැදිච්ච නිසා දුකක් එන එක නවත්තගන්න බෑ.

    B U M P
    :)

    :)

    :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම වැඩියෙන්ම කියෙවුවේ ශර්ලොක් හෝම්ස්ගේ පොතුයි ලෝරා ඉන්ග්ලන්ඩ් වයිල්ඩර්ගේ සිංහල පරිවර්ථන .තව මුහුදු මංකොල්ලකාරයිගේ කථා වගේ තියෙන පොත්.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    the novel that made me want to read more and more was the Sinhala translation by K G Karunathilaka of TARZAN OF THE APES by Edgar rice burrows. I was in like grade 5 and my brother took home that book from the library.at the end I was addicted to the story and read all the dozen of books.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නියම පොත
    aniwa mcn................................:cool:
    රුසියානු කතා වලට මාත් ගොඩක් ආසයි. එත් දැන් පොතක් කියවන්න තරම් වෙලාවක් නෑ බන්.
    :(
    :(:(

    පෙරලූ නැවුම් පස පොත අරන් අවුරුදු 02ක් වෙනවා.තාම කියෙවුවේ නෑ
    ammoh..............e mokada mcn? welawak na ne?...............................

    මම වැඩියෙන්ම කියෙවුවේ ශර්ලොක් හෝම්ස්ගේ පොතුයි ලෝරා ඉන්ග්ලන්ඩ් වයිල්ඩර්ගේ සිංහල පරිවර්ථන .තව මුහුදු මංකොල්ලකාරයිගේ කථා වගේ තියෙන පොත්.
    ela ela...................................ශර්ලොක් හෝම්ස්:yes::love:

    ඇත්තක අරැමය
    e kiwwe mcn?......................................

    the novel that made me want to read more and more was the Sinhala translation by K G Karunathilaka of TARZAN OF THE APES by Edgar rice burrows. I was in like grade 5 and my brother took home that book from the library.at the end I was addicted to the story and read all the dozen of books.
    :yes::yes::yes:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"


    මම කීපවාරයක්ම හරිම ආසාවෙන් කියවපු පොතක ආරම්භය තමයි ඔය දාල තියෙන්නෙ. කියවල තියෙන අයට ආයෙත් මතක් වෙයි ස්ටෙප්ස් තණ බිම, මකාර්, දවීදව්. ෂුකාර් සීයා ගැන එහෙම කිව්වම. ඔය ෂුකාර් සීයගෙ නම වැටිච්ච හැටි එහෙම තමයි නියමම කතා. සීය තමයි අපිව හිනස්සවන්න යොදාගෙන තියෙන චරිතෙ.

    View attachment 67776 View attachment 67777

    mongolian-steppe.jpg


    රු
    සියානු සාහිත්‍ය ගැන කතාකරනවම රැයක් එළිවෙනකම් කතාකරමු මචෝ ..."හුදකලාවූ මොහොතක මට තවමත් ස්ටෙප් තණබිමේ සිතිජයේ ඈතින් ක්ෂණිකව පෙනී නොපෙනී යන එලි පේනවා ...." මම දන්නවා මේ කිවදේ උබ අවබෝද කරගත්තා කියල :-) මගේ පුස්තකාලේත් රුසියන් පොත් පුරෝලා තියනවා ... ගොඩක් ඒවා මට අම්මගෙන් ලැබුණු ඒවා ...මේ රුසියන් සාහිතය ගැන ලංකාවේදී කතාකරනකොට අමතක කරන්න බැරිම චරිතයක් තමයි "දැදිගම වී. රුද්‍රිගු" කියන්නේ ...උබත් එකගයිනේ ... මම කාලෙකට කලින් ඔහුගැන එලකිරියට ලියපු ලිපියක් පහතින් තියනවා පුලුවන්නම් කියවල බලන්නකෝ ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1534388

    එකනෙමේ සහෝ නිදහසක් ලැබුණු වෙලාවක දුයින්ෂාන්ගේ ඉස්කෝලේ ලග තියන පොප්ලර් ගස්දෙක යටටවෙලා කලුපාන් කෑල්ලක් හපහපා පොඩි වොඩ්කා උගුරක් බොන්න සෙට්වෙමු දවසක :D
    :yes::D


    rep is given