‘ගුරු ගීතය’
‘ගුරු ගීතය’ නමින් දැදිගම වී. රුද්‍රිගු විසින් සිංහලට පරිවර්තනය කොට ඇති චිංගීස් තුරේකුවොලිච් අයිත්මාතෝෆ් ගේ (Чинги́з Тореку́лович Айтма́тов -
‘පෙර්වි උචිතේල්’ (Первый учитель) හෙවත් ‘පළමු ගුරුවරයා’ නවකථාවට දේශපාලන ඉතිහාසයක් ඇත්තේය. එය කෘතිය රස විඳීමේදී ප්‍රයෝජනවත් වේය සිතමි.
කෘතියේ ආරම්භය 1924ය. මේ සුවිශේෂී වසරෙකි. ලෙනින් මිය යන්නේද ස්ටාලින් බලය තහවුරු කර ගන්නේද 1924දීය. එසේම රුසියාව, කොකේසියාව, යුක්රේනය හා බයිලොරුසියාව 1922දී එකතු වීම තුළින් බිහිවන සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පළමුවරට විදේශයක් විසින් නිල වශයෙන් පිළි ගැනෙන්නේ 1924දීය. සෝවියට් දේශයේ ව්‍යවස්ථාව බිහි වන්නේද මේ වසරෙහිය.
කිර්ගීස් ලේඛකයකු වන චිංගීස් අයිත්මාතෝෆ්ට මේ වකවානුව වැදගත් වන්නේ එනිසාම නොවේ. (කිර්ගීසය රුසියාවේ ‘යටත් විජිතයක්’ වන්නේ ‘ඔක්තෝබර් විප්ලවයට’ පෙරය.) මේ වකවානුව සෝවියට් මධ්‍යම ආණ්ඩුව විසින් එවක ඉතාම නොදියුණු ප්‍රදේශයක් වූ කිර්ගීසය නතු කර ගන්ට උත්සාහ දරණ යුගයයි. (තවමත් එය සාපේක්ෂව නොදියුණුය.) ඔවුන් ඒ සඳහා යොදා ගන්නා මෙවලම අධ්‍යාපනයයි. මෙහි එන ‘පළමු ගුරුවරයා’ මේ සෝවියට් උත්සාහයේ නියෝජනයෙකි. එනයින් ‘පෙර්වි උචිතේල්’ ඉතාම සියුම් ප්රචාරක කෘතියක් වේ.
කෘතිය ගැනද රචකයා ගැනය කිව යුතු තවත් දේ.........
1. චිංගීස් අයිත්මාතෝෆ් කමියුනිස්ට් ලේඛකයකි. නමුත් ඔහුගේ පියා ‘දේශ ද්‍රෝහී’ හංවඩුව මත ඝාතනයට ලක්වන්නේද කමියුනිස්ට් ආණ්ඩුව අතිනි. කමියුනිස්ට් රටවල ඉතිහාසය දන්නා පිරිසට මෙය පුදුමයක් විය නොහැකිය.
2. චිංගීස් අයිත්මාතෝෆ් මේ කෘතිය රචනා කරන්නේ 1962දීය. එය සිතුවම් පටයකට නැඟෙන්නේ 1965දීය. මේ සිතුවම් පටයේ ප්‍රධාන නිළිය සම්පූර්ණයෙන්ම නිරුවත් වන ජවනිකාවක් තිබේ. (with frontal nudity) කමියුනිස්ට් රටවල ඉතිහාසය දන්නා පිරිසට මෙය පුදුමයක් විය හැකිය.
‘ගුරු ගීතය’ නරඹමු!
ඉංගිරිසි උප සිරැසි නැත.
http://www.youtube.com/watch?feature=player_embedded&v=xYZ1otLbj8c

Last edited: